කුසල් හිතාමතාම ෆිට්නස් ටෙස්ට් එක ෆේල් උනා ද ?සත්‍යය හෙළි වෙයි

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත අවසන් T20 තරගය හේතුවෙන් මේ වන විට ශ‍්‍රි ලංකාවේ ක‍්‍රිකට් සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් හටගෙන තිබේ.

මේ වන විට එක්දින සංචාරයේ නිරතව සිටින ක‍්‍රිඩකයින් විශාල ප‍්‍රමාණයක් එම තරගය ප‍්‍රතික්ෂේප කිරීම නිසා ක‍්‍රිකට් ආයතනය පවසා සිටියේ විස්සයි විස්ස තරග සදහා ආදේශ කණ්ඩායමක් පිටත් කර හරින බව ය
. Continue reading “කුසල් හිතාමතාම ෆිට්නස් ටෙස්ට් එක ෆේල් උනා ද ?සත්‍යය හෙළි වෙයි”

පුෂ්පකුමාර කඩුලු 06යි – ලංකාව නැවත සටනට ප්‍රවිශ්ට වෙයි

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සිව් දින තරඟයේ දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සත්කාරක කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 370ක් ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තවත් කඩුලු හතරක් ද අතැතිව ඇත.

දෙවන දිනය සඳහා තරඟය ආරම්භ වන විට තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් ලකුණු 14/2 ලෙස සිටි අතර මාලින්ද පුෂ්පකුමාරගේ පන්දු හමුවේ ගරා වැටුන කොදෙව් ඉනිම ලකුණු 137 කට සීමා වුනේ මාලින්ද පුෂ්පකුමාරගේ දක්ෂ පන්දු යැවීම හමුවේය. Continue reading “පුෂ්පකුමාර කඩුලු 06යි – ලංකාව නැවත සටනට ප්‍රවිශ්ට වෙයි”

විස්සයි විස්සේ ගැටලුවට සංගා උත්තර දෙයි

ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පවසන පරිදි මේ මස 29 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිත තුන්වැනි විස්සයි-20 තරගයට සහභාගිවීමේ තීරණය ක්‍රීඩකයන් විසින්ම ගනු ලැබිය යුතු එකකි. ඒ සඳහා යන ලෙස ක්‍රීඩකයන්ට බල නොකළ යුතු බව සංගක්කාර මහතාගේ අදහසයි.

ඉන්දියාවේ ‘ස්පෝට්ස්ටාර්’ සඟරාව හා සම්බන්ධවෙමින් සංගක්කාර මහතා එසේ කියා තිබිණ. වසර 2009 මාර්තු 3 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායම ගමන්ගත් බස්රියට ලාහෝරයේදී ත්‍රස්තවාදීන් වෙඩිතබන විට කුමාර් සංගක්කාරද එම බසයේ සිටියේය. Continue reading “විස්සයි විස්සේ ගැටලුවට සංගා උත්තර දෙයි”

ලසිත් මාලිංග සහ උපුත් තරංග ඉවත්වෙයි

ලබන 29 වෙනි දින පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නායක උපුල් තරංග හෝ හිටපු නායක ලසිත් මාලිංග සහභාගි නොවන බව අනාවරණය වේ.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද පාකිස්තාන සංචාරයට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි කණ්ඩායමේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

2009 මාර්තු මාසයේ දී ගඩාෆි ක්‍රීඩාංගණය ආසන්නයේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක යෙදෙන ප්‍රථම වතාව මෙයය.
Continue reading “ලසිත් මාලිංග සහ උපුත් තරංග ඉවත්වෙයි”