දත් දෙක අතරෙ හිඩැසක් තියෙන එක හොඳද නරකද?

ඉස්සරහා දත් දෙක අතරත් හිඩැසක් තියෙනවද ? එකෙන් කියවෙන්නේ මොකක්ද ඒක වාසනවන්තයිද අවාසනාවන්තයි ද දැනගන්න මේ ලිපිය කියවන්න.මේකයි කාරණේ ඔයාගේ ඉස්සරහ උඩ දත් අතර පොඩි හිඩැසක් තියෙනවා ඒකෙන් කියවෙන්නේ ඔයා වාසනාවන්තයි කියලා.ගොඩක් කට්ටිය මේ හිදැස් වහගන්න ඩෙන්ටල් වලට සෑහෙන මුදලක් වියදම් කරනවා.පළහ තියෙන කරුණු ටික බලන්න. ඒවා බැලුවට පස්සේ නම් ඔයා අය හිඩැස වහන්න හදන එකක් නැහැ.

ගොඩක් බුද්ධිමත්

ඔයාගේ දත් අතර හිඩැසක් තියෙනවා නම් එකෙන් කියවෙනවා ඔයා ගොඩක් බුද්ධිමත් කියලා.ඒ වගේම ඔයා නිර්මාණශීලි හැකියාවන්ගෙන් යුක්ත පුදගලයෙක් කියලා කියන්න පුළුවන්.

ගොඩක් කතා කරන කෙනෙක්

සමහරු කියන විදිහට මේ විදිහට දත් වල පොඩි ගැප් එකක් එහෙමත් නැත්නම් හිඩැසක් තියෙන පුද්ගලයින් කතා කරන්න ගොඩක් කැමති කට්ටියක්ලු. එයාලට ඕන නම් දවසම උනත් කතා කර කර පුළුවන්ලු,හිතල බලන්නකෝ ඔයත් එහෙම කෙනෙක්ද කියලා.

මුදල් ගනුදෙනු තිතට

දත් අටහර හිදැස් තියෙන පුද්ගලයෝ මුදල් සම්බන්ධ වැඩ කටයුතු වලදී ඉතාම හොඳින් කටයුතු කරන්න පුළුවන් පිරිසක් කියලා කියවෙනවා.ඒ කියන්නේ මුදල් කටයුතු හැසිරවෙමේදී නුලට තිතට වැඩ කරන විස්වාසයි කෙනෙක් කියන්න පුළුවන් දත් ද්තර හිඩැසක් තියෙනවා නම් ඔන්න.

හොඳට කන්න පුළුවන් උදවිය

ඔන්න මරුම වැඩේ දත් අතර හිදැස් අය කතා කරන්න වගේම කන්නත් ඒ වගේම රුසියෝලු. කාල මැරෙමු ටයිප් එකේ කට්ටිය තමයි ඒ කියන්නේ.

රස්සාව

දත් අතර හිදැස් තියෙන අය රැකියාව පැත්තෙන් ගත්තොත් ගොඩක් වෙලාව හොඳ ස්ථිර රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන් කියලා කියනව.ඒ කියන්නේ එයාල කොහොම හරි තමන්ට ගැලපෙන හරියන රස්සාව තෝරාගන්න දක්ෂයි ලු.ඒ වගේම ඔවුන් ඉක්මනින් දියුණු වෙන බවත් කියවෙනවා.

කොහොම හරි කමක් නෑ දත් මැද හිඩැසක් තියෙන එකෙත් පොඩි ගතියක් තියෙනවා කියලා මේ ටිකෙන් පෙනෙයි.

 

වෛද්‍ය සභාව සයිටම් සිසුන් පිළිගන්න තීරණය කළා – ලක්ෂ්මන් කිරිඇල්ල

සති 5ක සායනික පුහුණුව සහිත සයිටම් සිසුන් පිළිගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වූ බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද කොළඹ පැවති උත්සවයකදී ය. Continue reading “වෛද්‍ය සභාව සයිටම් සිසුන් පිළිගන්න තීරණය කළා – ලක්ෂ්මන් කිරිඇල්ල”

ආණ්ඩුව හදන්න කැපවුණත් මටත් කැපිලි ආවා

වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට කැපකිරීම් කල ද විවිධ අසාධාරණකම්වලට මුහුණදීමට තමාට සිදුවූ බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් ලබාගැනීමෙන් මෙම තත්ත්වය වෙනස් කරගැනීමට බලාපොරොත්තු වන බවයි. Continue reading “ආණ්ඩුව හදන්න කැපවුණත් මටත් කැපිලි ආවා”

උපන් මාසය අනුව ඔබගේ ස්වභාවය හා සෞඛ්‍ය තත්වය මෙන්න

ඔව්,මේක සම්පූර්ණ ඇත්ත. මිනිස්සු හිතුවෙ යම් කෙනෙක් උපන් මාසය තාරකා විද්‍යාත්මක දෙයක් විතරයි කියලා. නමුත් විද්‍යාඥයින් විසින් මෑතකදී කළ පර්යේෂණයකින් එය ඇත්තක් බව ඔප්පු කළා. අපේ ශාරීරික සෞඛ්‍ය තත්වය හා චරිතය අපගේ උපත් මාසය සමඟ හොඳින් සම්බන්ධ වෙන බවට එම පර්යේෂණ හරහා ඔප්පු වුණා. කෙනෙකු උපදින මාසය ඔහුගේ ශරීරයේ ඩොපීනයින් මට්ටමට බලපෑම් කරන අතරම හොඳ මනෝභාවයන් හා නරක මනෝභාවයන් ක්‍රියාත්මක වීමට උපාකාරී වන සෙරෝටෙනින් සහ හෝමෝන ක්‍රියාකාරිත්වයේ බලපෑම ද උපත් මාසය මත රදා පවතිනවා. දැන් කාලය නාස්ති නොකර අපි අනුපිළිවෙලට එක් එක් මාසයක් ගෙන එය පුද්ගලයා කෙරෙහි බලපාන ආකාරය විමසා බලමු. Continue reading “උපන් මාසය අනුව ඔබගේ ස්වභාවය හා සෞඛ්‍ය තත්වය මෙන්න”

පොලු පහරයි බිරිඳ ඉවරයි මීගමුවේ කපිතාන්ගේ නරුම වැඩ මෙන්න

පසුගියදා (19 දා) මීගමුව දුන්ගල්පිටිය වෙරළ ප්‍රදේශයේදී හමුවූ කාන්තා මළ සිරුරක්‌ පිළිබඳ තොරතුරු පැතිර යාමත් සමඟම යුහුසුළුව ක්‍රියාත්මක වූ පොලිසිය හෝරා කීපයක්‌ ඇතුළත එම කාන්තාව ඝාතනය කළ ඇගේ සැමියා වන හිටපු යුද හමුදා කපිතාන්වරයකු වූද, වර්තමානයේ ක¹න ප්‍රදේශයේ රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කළ තිස්‌ස හේරත් බණ්‌ඩාර නමැති සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

තිස්‌ස හේරත් බණ්‌ඩාර අධ්‍යාපනයේ ඉහළ දැනුම් සම්භාරයක්‌ හිමිකරගෙන කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වුවද ඔහුගේ යුග දිවිය සාමකාමීව සහජීවනයෙන් යුතුව පවත්වා ගෙන යැමට අසමත්වීම දෛවයේ සරදමකි. ඔහු මහනුවර විද්‍යාලයකින් අධ්‍යාපනය ලබා කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු ලෙස සමාජයට පැමිණ 1992 වර්ෂයේදී රජයේ ඉංග්‍රීසි ගුරු පත්වීමක්‌ ලබා තම රැකියාව ගුරු සේවාව ලෙස ආරම්භ කර ඇත. ගුරු වෘත්තියේ නියෑළෙමින් සිටින අතරතුර රට තුළ පැවැති යුද වාතාවරණය හේතුවෙන් සේවා අවශ්‍යතා මත ශ්‍රී ලංකා යුද හමුදාවේ 7 වන සන්නාහ සන්නද්ධ බළකායේ දෙවන ලුතිනන්වරයකු ලෙස එක්‌වී දියතලාව පුහුණු කඳවුරේදී යුද පුහුණුව ලබා පසුව දිවයිනේ ප්‍රදේශ ගණනාවක සේවය කළ රණවිරුවෙකි. යුද හමුදා සක්‍රීය ක්‍රියාන්විත රාජකාරියේදී සතුරු පාර්ශ්වයේ වෙඩි උණ්‌ඩයට පවා මුහුණ දුන් හේරත් බණ්‌ඩාර නාරාහේන්පිට යුද හමුදා පාසලේ ඉංග්‍රීසි ගුරු උපදේශකයකු ලෙස පත්වන්නේ තම නිලය කපිතාන් දක්‌වා උසස්‌ කරගෙනය. තම අනාගත සැලසුම සකස්‌ කරගනු පිණිස පුවත්පත් දැන්වීමකට අනුව සෞම්‍යා දිල්රක්‌ෂි සමඟ විවාහ වී ජාඇල ප්‍රදේශයට ස්‌ථිර පදිංචියට පැමිණෙන්නේ සෞම්‍යයාගේ ගම් පියස ජාඇල ප්‍රදේශය වූ බැවිණි. විවාහවී ටික කලක්‌ යනවිට දෙන්නා අතර ගැටුම් ඇති වන්නේ යුග දිවියේ නීරස පැත්තක්‌ ද දෙදෙනා අතර මතුවීම නිසාවෙනි. මෙම පවුල් ආරවුල අවස්‌ථා කීපයකදී පොලිස්‌ පොතේ ලියෑවෙන්නේ තම ගැටලුව තමන්ට බේරා ගැනීමට දෙපාර්ශ්වය අපොහොසත් වූ නිසා විය හැකිය. මෙම අරගල මධ්‍යයේ දයාබර පුතෙකු උපදින්නේ සෙනෙහවන්ත මවුපිය සම්බන්ධය වැඩිකිරීමට වුවද දෛවයේ සරදමක්‌ ලෙස මෙම ගැටුම නොනැවතී ඉදිරියට ගොස්‌ ඇත්තේ දරුවාට ද යම් පීඩනයක්‌ එල්ල කරමිනි. 16 හැවිරිදි පුතණුවන් හේරත් බණ්‌ඩාරට විශේෂ ලැදියාවක්‌ තිබූ බව ද පැවසේ. මෙම ආරවුල දිගින් දිගටම පවතින අතරතුර හේරත් බණ්‌ඩාරගේ තීරණය වුයේ යුද හමුදා සේවයෙන් නැවත ගෞරවණීය ගුරු සේවයට අනුයුක්‌තවී කටයුතු කිරීමටයි. ඒ අනුව නැවත මීගමුව අධ්‍යාපන කලාපයේ ජාඇල අධ්‍යාපන කොට්‌ඨාසයේ පිහිටි ක¹න රජයේ පාසලක ඉංගී්‍රසි විෂයභාර ගුරුවරයකු ලෙස 2013 දී නැවත සේවාව ආරම්භ කළේය.

ආරවුල් මැද යුගදිවිය ගෙවූ මෙම යුවළගේ අමිහිරි දිනය උදාවූයේ ඉකුත් 16 දාය. ගණේමුල්ල බොල්ලත මෝල හන්දිය ප්‍රදේශයේ තිබූ නිවසේ අලුත්වැඩියා කටයුත්තක්‌ සඳහා භාණ්‌ඩ රැගෙන ඒමට කැබ් රථයකින් පැමිණෙන හේරත් බණ්‌ඩාර නැවත පෙ.ව. 10.30 ට පමණ නිවසට පැමිණියේ නිවස අලුත්වැඩියා කිරීමේ අපේක්‌ෂාවෙනි. හේරත් බණ්‌ඩාර කටඋත්තර ලබාදී ඇති පරිදි එම අවස්‌ථාවේ නිවසේ සිටි පුද්ගලයකු ජංගම දුරකථයක්‌ හසුරවමින් සිට ඇත. ඔහු කවුරුන්දැයි හේරත් බණ්‌ඩාර විමසූ විට ඔහු නිවසින් පිටව ගොස්‌ ඇත්තේ නිහඬවයි. මේ සිද්ධිය හරහා හටගන්නා අඩදබරය නිසා සෞම්‍යා බණ්‌ඩාරට පහරදීමට පොල්ලක්‌ ගන්නා විට එම පොල්ල උදුරා ගන්නා බණ්‌ඩාර පෙරළා වැරෙන් එල්ල කළ පොලු පහර සෞම්‍යයාගේ හිසට වැදී ඇත්තේ සියල්ල හමාර කරමිනි. පසුව නිවසේ ඉහළ මහලට ගමන් කරන බණ්‌ඩාර නැවත පැය 1/2 කට පසු පහලට විත් විපරම් කිරීමේදී ලේ විලක්‌ මැද මියගොස්‌ සිටි සිය බිරිඳ දැක හේරත් බණ්‌ඩාර තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට මෘත දේහය ඉහළ මාලයට ගෙන ගොස්‌ එහි තිබූ ඇඳුම් පෙට්‌ටියකට දමා සඟවා තබයි. එදින පාසල නිමවී පැමිණෙන තම පුතා තම මව ගැන විමසූවිට බණ්‌ඩාර තම පුතාට පවසන්නේ මව මාමලාගේ ගෙදර ගිය බවය. දින දෙකක්‌ උඩු මහලේ තබා තිබූ දේහය බණ්‌ඩාර මුහුදු වෙරළට ගෙනගොස්‌ දැමීමට තීරණය කරයි. පසුව මහනුවර සිටි තම සහෝදරයකුව ද ගෙන්වා ගෙන 18 දා රාත්‍රී මළ සිරුර මීගමුව දුන්ගල්පිටිය මුහුදු තීරයට කැබ් රථයෙන් ගෙන ගොස්‌ දමා අතහැර නැවත පැමිණෙන්නේ අපරාධය සදහටම වැළලෙනු ඇතැයි සිතමිනි. 19 දා උදෑසන කැබ් රථයෙන් ජාඇලට පැමිණි බණ්‌ඩාර බස්‌ නැවතුම්පළෙන් තම සහෝදරයාව නැවත නුවරට පිටත්කර හරිනු ලබයි.

පසුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ මුහුදු වෙරළෙන් හමුවූ මෙම මළ සිරුර පිළිබඳ තොරතුරු පැතිර යැමත් සමඟ යුහුසුළුව බණ්‌ඩාරව සොයා පොලිසිය පැමිණෙන්නේ ලද තොරතුරු ඔස්‌සේය. පසුව අපරාධයේ සුලමුල පොලිසිය සොයා ගන්නේ ඔවුන්ගේ තීක්‍ෂණ බුද්ධිය නිසාය.

ඝාතනයට ලක්‌වූ සෞම්‍ය, දිල්රුක්‌ෂි හෙට්‌ටිආරච්චි (36) එක්‌දරු මවගේ සීල් තබනලද මෘත දේහය ජාඇල කපුවත්ත පොදු සුසාන භූමියේදී ක්‍රිස්‌තියානි ආගමික කටයුතු මධ්‍යයේ සවස භූමිදාන කරන ලදී.

රුක්‌මන් පින්තු

ලෝකයේ ධනවත්ම තරුණ තරුණියෝ මෙන්න

ධනවතෙක්‌ වීම හැමෝගෙම සිහිනයක්‌. බිලියන 7.5 ක්‌ වන ලෝක ජනගහනයෙන් බිලියනපතියන් ගණයට වැටෙන්නේ 1815 දෙනෙක්‌ විතරයි. ලෝකයේ ම සුපිරි ධනවතුන් 1815 දෙනා වන මේ පිරිස සතු ධනය ලොව බොහෝ රටවල දල දේශීය ආදායමටත් වඩා වැඩියි.
මේ අය අතරින් සියයට විස්‌සක්‌ම තරුණ තරුණියන් වීම විශේෂත්වයක්‌.
Continue reading “ලෝකයේ ධනවත්ම තරුණ තරුණියෝ මෙන්න”

ඩිල්ෂාන් ඉල්ලනවා බබාව නාවන්න, ඇඟ සෝදන්න එහෙම. ඒත් මම දෙන්නේ නෑ – Manjula Thilini

තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ අපේ රටේ ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් පෑ සුපිරි ක්‍රීඩකයෙක්.

 පසුගිය දවසක උපන්දිනයට ලැබුණු අපූරු තෑග්ගක් ගැන ඩිල්ෂාන් කියලා තිබුණා.

ඒ ඩිල්ෂාන්ගේ කැඳැල්ලට ආපු අමුත්තා ගැන.

කොහොම වුණත් කවුරුත් ආදරය කරන ඩිල්ෂාන්ගේ ආදරණීය බිරිඳ මංජුලා ඔවුන්ගේ අලුත්ම විස්තර ගැන මාධ්‍යයට මේ විදිහට කියලා තිබුණා.

දැන් දරුවෝ හතරදෙනෙක්ගේ අම්මා කෙනෙක්. කොහොමද දැනෙන හැඟිම….?

Continue reading “ඩිල්ෂාන් ඉල්ලනවා බබාව නාවන්න, ඇඟ සෝදන්න එහෙම. ඒත් මම දෙන්නේ නෑ – Manjula Thilini”

වාරියපොලින් අතුරුදන්ව කොළඹ කොටුවෙන් හමු වූ පිරිමි දරුවා පොලිසියට ඇවිත් කියපු කතාව

මීට දින 7 කට පෙර අතුරුදන් වූ වාරියපොල – පාදෙණිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පිරිමි දරුවා කොළඹ – කොටුව ගුණසිංහපුර බස්නැවතුම් පොළේ සිටියදී පසුගියදා (21) හමුවී තිබුණා.

ඒ, වේල්ලවීථිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකු හටයි. 

පසුගිය සෙනසුරාදා සිට මෙලෙස අතුරුදන්ව තිබුණේ අතුල සේනාරත්න නම් පාදෙණිය ශ්‍රී සුනන්ද මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.  Continue reading “වාරියපොලින් අතුරුදන්ව කොළඹ කොටුවෙන් හමු වූ පිරිමි දරුවා පොලිසියට ඇවිත් කියපු කතාව”

ඔස්ට්ට්‍රේලියාව අමෙරිකාවෙන් ඈත් විය යුතුයි

ඔස්ට්ට්‍රේලියානු රජය අමෙරිකාවෙන් ඈත්ව සිටිය යුතු බවට උතුරු කොරියානු නායකයා පවසයි.
උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් විසින් ඔස්ට්‍රේලියාව වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම්දී අති බව වාර්තා වෙයි.

Continue reading “ඔස්ට්ට්‍රේලියාව අමෙරිකාවෙන් ඈත් විය යුතුයි”

කැටලෝනියා අර්බුදයට මැදිහත් නොවන බව යුරෝපා කවුන්සලය කියයි

ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශය සම්බන්ධ අර්බුදයේදී කිසිදු මැදිහත්විමක් සිදු නොකරන බව යුරෝපා කවුන්සිලය පවසයි.
යුරෝපා කොමිසමේ සභාපති ජින් ක්ලෝඩ් සමඟ පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මේ බව ප්‍රකාශ කර තිබේ.

Continue reading “කැටලෝනියා අර්බුදයට මැදිහත් නොවන බව යුරෝපා කවුන්සලය කියයි”