ජංගම දුරකතනවලට ඇතුළුවෙන අලුත් ‘වෛරසයෙන්’ ආරක්ෂා වෙන හැටි මෙන්න

ඇන්ඩ්‍රොයිඩ් වර්ගයේ ජංගම දුරකතනවලට හානිකර වෛරසයක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් ඇතැයි පෙන්වා දෙන ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉන් ජංගම දුරකතනයේ ඇති තොරතුරු විකෘති කිරීමට හැකියාවක් ඇති බවයි.

ශී‍්‍ර ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ මෙහිදී යම් අවස්ථාවකදී ඔබගේ දුරකතනය අප්ඩේට් කිරීමට ඉල්ලා සිටින අතර එය ලබා දීමෙන් අදාළ වෛරසය ඇතුළුවී දුරකතනයේ ඇති දත්ත කියවා ගැනීමට නොහැකි වන අයුරින් වෙනස් වනු ඇති බවයි. Continue reading “ජංගම දුරකතනවලට ඇතුළුවෙන අලුත් ‘වෛරසයෙන්’ ආරක්ෂා වෙන හැටි මෙන්න”

පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති – ඇඳිරිනීතිය පනවයි

ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී  කාලයේ  කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.

⁣මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ . හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සඳහා විශේෂ කාර්ය බලකාය සහ විශේෂ රාජකාරී යටතේ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයි ලංකාදීපය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීවේය.

අවශ්‍ය වුවහොත් සාධාරණ බලය ක්‍රියාත්මක කරන්නැයි ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

අනවශ්‍ය ලෙස කලබල ඇති නොකරන්නැයි අසත්‍ය ප්‍රචාරවල හසු නොවන්නැයි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ද දැඩි නීතිමය පියවර ගන්නා බව ද ගුණසේකර මහතා තවදුරටත් කීවේය.

බ්‍රහස්පතින්දා (16) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පසු ප්‍රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද  කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බව ද ගැමියෝ කියති.

පොලිසිය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. මින් සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බල ඇණි ගිංතොට ප්‍රදේශයට කැඳවූ බව ද දැනගන්නට ඇත.

තම බාල දියණිය ගැබිනියක කළ සැකකාර පියා රිමාන්ඩ්

තම බාල දියණිය බලහත්කාරයෙන් දූෂණය කොට ගැබිනියක බවට පත්කළේ යෑයි යන චෝදනාව යටතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 16 දා වව්නියාව දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කරන ලද වව්නියාව, නොච්චිකුලම ප්‍රදේශයේ තිදරු පියකු නොවැම්බර් මස 31 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කොට තිබේ. Continue reading “තම බාල දියණිය ගැබිනියක කළ සැකකාර පියා රිමාන්ඩ්”

ගලේවෙල ගුරුවරුන්ට පාටි දාන්න ළමයිගෙන් 2000 අරන්

ගලේවෙල කලාපයේ පාසල්වලට ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබීමත් සමඟම ඇතැම් ප්‍රාථමික පාසල්වල විවිධ උත්සව සඳහා යැයි කියමින් සිසුන්ගෙන් මුදල් එකතු කිරීමට පටන් ගෙන ඇති බව පාසල් ආරංචිමාර්ග පවසයි.

ඇතැම් විදුහල්පතිවරුන් මව්පියන් ඉදිරියට දමා මෙම ක්‍රියාවලියේ යෙදෙන බව පවසයි. ගුරුවරුන් සඳහා සාද පවත්වා ඔවුන්ට තෑගිබෝග ලබාදීම හා සමූහ ඡායාරූප ලබාදීමටත් යැයි පවසමින් ශිෂ්‍යත්ව සමත් සිසුන්ගෙන් මෙම මුදල් එකතු කරන බව වාර්තාවේ.ගලේවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ප්‍රාථමික පාසලක එක් සිසුවෙකුගෙන් රුපියල් 2,000 බැගින් මේ සඳහා අයකර පසුගිය 11 වැනිදා මෙවැනි සාදයක් පැවැත්වූ බව වාර්තාවේ. මෙම මුදල් එකතු කිරීම පසුපස විවිධ අක්‍රමිකතා සිදුවෙන බව මවිපියෝ චෝදනා කරති. ඇතැම් මවුපියෝ එ් සඳහා අකමැත්තෙන් හෝ ණය තුරුසුවී මුදල් ලබා දී ඇත්තේ තම දරුවන්ට අනාගතයේදී කෙනෙහෙලිකම් සිදු වේ යැයි උපකල්පනය කිරිම නිසා බව මේ පිළිබඳව අදහස් දැක්වූ මව්පියෝ කිහිපදෙනෙක් පැවසූහ. Continue reading “ගලේවෙල ගුරුවරුන්ට පාටි දාන්න ළමයිගෙන් 2000 අරන්”

මා ගැන බොරු ප්‍රකාශ කළ රන්ජන් ඇතුළු පිරිසට අපහාස නඩු දමනවා – ශෂී වීරවංශ

තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ඇතුළු කීපදෙනකුට එරෙහිව ඉදිරියේදී අපහාස නඩු පවරන බව ශෂී වීරවංශ මහත්මිය ඊයේ (17 දා) පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ කොළඹ පුස්‌තකාල සේවා මණ්‌ඩලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදී 2016 ඔක්‌තෝබර් 25 වැනිදා අභිරහස්‌ ලෙස මියගිය 28 හැවිරිදි ලහිරු ජනිත් නමැති තරුණයාගේ මරණය ස්‌වාභාවිකව හෘදයේ ඇති වූ රෝගී තත්ත්වයක්‌ මත සිදුවුවක්‌ බවත් එය මිනීමැරුමක්‌ නොවන බවට කඩුවෙල මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා පසුගියදා තීන්දුවක්‌ ලබාදුන් බවත් සත්‍ය ගවේෂණ සංගමයේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා එහිදී පැවසීය. Continue reading “මා ගැන බොරු ප්‍රකාශ කළ රන්ජන් ඇතුළු පිරිසට අපහාස නඩු දමනවා – ශෂී වීරවංශ”

මරණ තර්ජන නිසා බැඳුම්කරයේ සාක්‍ෂිකාරිය රට හැර යයි

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට කොල්ලුපිටියේ මොනාක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක්‌ බදු දීම සම්බන්ධයෙන් තොරතුරු රැසක්‌ බැඳුම්කර ජනාධිපති කොමිසමට හෙළි කරමින් සාක්‍ෂි දුන් එම නිවසේ හිමිකාරිය වූ අනිකා විඡේසූරිය මෙනෙවියට සහ ඇයගේ පවුලේ අයට හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ පවුලේ සමීප හිතවතකුගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බවත් මේ හේතුවෙන් අනිකා විඡේසූරිය මෙනෙවිය රට හැර ගොස්‌ ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (17 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය. Continue reading “මරණ තර්ජන නිසා බැඳුම්කරයේ සාක්‍ෂිකාරිය රට හැර යයි”

මංගල උත්සවයකට සහභාගී වීමට යෑයි පවසා 15 වියෑති දැරියක්‌ සමාජ ශාලාවක නැටවූ සැක පිරිස්‌ අත්අඩංගුවට

වයඹ පළාතේ ප්‍රදේශයක 15 හැවිරිදි දැරියක්‌ කොළඹ ප්‍රදේශයේ සමාජ ශාලාවකට රැගෙන විත් එහි නර්තනයේ යෙදවීම සම්බන්ධයෙන් අදාළ පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන කටයුතු ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ බලතලවලට අනුව යමින් නියාමනය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

පවුලේ හිතවතියක්‌ විසින් මෙම දැරිය මංගල උත්සවයකට සහභාගී වීමට යෑයි පවසා 2017/09/16 වැනිදා කොළඹ ප්‍රදේශයට රැගෙන විත් තිබේ. දැරිය නැවත නිවසට නොපැමිණීම පිළිබඳව ඇගේ මව විසින් 2017/09/19 වැනිදා පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පොලිසිය විමර්ශන කටයුතු අරඹා දැරිය කොළඹ ප්‍රදේශයේ සමාජ ශාලාවක සිටියදී පොලිසිය භාරයට ගෙන තිබිණි. Continue reading “මංගල උත්සවයකට සහභාගී වීමට යෑයි පවසා 15 වියෑති දැරියක්‌ සමාජ ශාලාවක නැටවූ සැක පිරිස්‌ අත්අඩංගුවට”

ලසිත් මාලිංග සහ උපුත් තරංග ඉවත්වෙයි

ලබන 29 වෙනි දින පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නායක උපුල් තරංග හෝ හිටපු නායක ලසිත් මාලිංග සහභාගි නොවන බව අනාවරණය වේ.

එමෙන්ම දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද පාකිස්තාන සංචාරයට සහභාගි නොවීමට තීරණය කර ඇතැයි කණ්ඩායමේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

2009 මාර්තු මාසයේ දී ගඩාෆි ක්‍රීඩාංගණය ආසන්නයේ දී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක යෙදෙන ප්‍රථම වතාව මෙයය.
Continue reading “ලසිත් මාලිංග සහ උපුත් තරංග ඉවත්වෙයි”

ප්ලේන් එකේ සිගරට් බීලා මහින්ද පැය හයක් අත්අඩංගුවේ

මේ දිනවල රුසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ සමුලුවට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසෙන් එක් අයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබදව වාර්තා වේ.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රුසියාව බලා යමින් සිටි ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සිටි ස්ව‍යං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහදගමගේ ගුවන් යානයේ දුම් පානය කරමින් සිටියදි ගුවන් යානා බලධාරීන්ට හසුව තිබේ. ඉන් පසුව ගුවන් යානය දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නැවතු අවස්තාවේ මහින්ද කහදගමගේ ගුවන් යානයෙන් නෙරපා , ගුවන් තොටුපලේ පැය හයක කාළයක් රදවා ගැනීමට එරට බලධාරීන් ක්‍රියාකර තිබෙන බවද වාර්තා වේ. Continue reading “ප්ලේන් එකේ සිගරට් බීලා මහින්ද පැය හයක් අත්අඩංගුවේ”

අහක යන අඹ ගෙඩියක් කැඩූ වරදට වයසක මවක් වතුර උගුරක්වත් නොදී පැය 24 ක් පොලිස් කූඩුවේ සිර කරලා

තනිවම නිවසක ජීවත්වන තමන් අඹ මාලුවක් කෑම සඳහා අසල නිවසක පාරට බර වූ අත්තකින් අඹ ගෙඩි තුනක් කඩාගත් වරදටතමන් පොලීසියට කැඳවා පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව බීමට වතුර පොදක් හෝ නොදීපැය 24 ක් පොලීසියේ සිර කර තැබූ බවට අනුරාධපුර පදිංචි වයෝවෘද්ධ කාන්තාවක් චෝදනා කරයි.

64 හැවිරිදි ඒ.ලලිතා නමැති එම කාන්තාව තමන්ට මුහුණදීමට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින්,

“පසුගිය 09 වැනිදා උදෑසන අසල්වැසි නිවසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් මා කඩා ගත්තා අඹ මාලුවක් කන්න හිතාගෙන. එම අවස්ථාවේදී එම නිවසේ බල්ලන් බුරන ශබ්දය ඇසී එළියට පැමිණි එම ගෙදර නෝනා හා මහත්තයා පොල්ලක් අරගෙන මට ගහන්න පැන්නුවා. ඔවුන් මා පදිංචිව සිටින නිවසේ මිදුලටම දිව ආවා.ඉන්පසුව ඔවුන් අනුරාධපුර පොලීසියට පැමිණිලි කර තිබෙනවා. Continue reading “අහක යන අඹ ගෙඩියක් කැඩූ වරදට වයසක මවක් වතුර උගුරක්වත් නොදී පැය 24 ක් පොලිස් කූඩුවේ සිර කරලා”