කිට්ටුවෙන් සිටියානම් ඇය මට ගහන්නත් තිබුණා

මියන්මාරයේ නිලනොලත් නායිකාව වන අවුන් සාං සුචි සදාචාරාත්මක ගුණයෙන් පිරිහුණ නායිකාවක් යයි ඇයගේ දිගුකාලීන මිතුරකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන බිල් රිචඩ්සන් පවසයි.

රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා අවුන් සාං සුචි විසින් පත් කරන ලද ජාත්‍යන්තර කමිටුව තුළ නියෝජනය වූ බිල් රිචඩ්සන් ඉහත කී ප්‍රකාශය කරමින් එම පදවියෙන් ද ඉවත්වී ඇත.
Continue reading “කිට්ටුවෙන් සිටියානම් ඇය මට ගහන්නත් තිබුණා”

හැරී – මෙගාන් රාජකීය විවාහයට ට්‍රම්ප්ට ඇරයුමක් නැද්ද?

මැයි 19දා පැවැත්වීමට නියමිත හැරී කුමරුගේ සහ හොලිවුඩ් නිළි මෙගාන් මර්කෙල් අතර විවාහයට තමාට ඇරැයුම් කර ඇති බවක් දැනගන්නට ලැබී නැතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනි සාකච්ඡාවකදී කියා ඇත.
Continue reading “හැරී – මෙගාන් රාජකීය විවාහයට ට්‍රම්ප්ට ඇරයුමක් නැද්ද?”

ඔස්ට්ට්‍රේලියාව අමෙරිකාවෙන් ඈත් විය යුතුයි

ඔස්ට්ට්‍රේලියානු රජය අමෙරිකාවෙන් ඈත්ව සිටිය යුතු බවට උතුරු කොරියානු නායකයා පවසයි.
උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් විසින් ඔස්ට්‍රේලියාව වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම්දී අති බව වාර්තා වෙයි.

Continue reading “ඔස්ට්ට්‍රේලියාව අමෙරිකාවෙන් ඈත් විය යුතුයි”

කැටලෝනියා අර්බුදයට මැදිහත් නොවන බව යුරෝපා කවුන්සලය කියයි

ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශය සම්බන්ධ අර්බුදයේදී කිසිදු මැදිහත්විමක් සිදු නොකරන බව යුරෝපා කවුන්සිලය පවසයි.
යුරෝපා කොමිසමේ සභාපති ජින් ක්ලෝඩ් සමඟ පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මේ බව ප්‍රකාශ කර තිබේ.

Continue reading “කැටලෝනියා අර්බුදයට මැදිහත් නොවන බව යුරෝපා කවුන්සලය කියයි”

ඊජිප්තු ආරක්ෂක අංශ සාමාජිකයින් 50ක් මරුට

අන්තවාදී කැරලිකාර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයකින් ඊජිප්තු ආරක්ෂක අංශ සාමාජිකයින් 50 දෙනෙකු පමණ මියගොස් තිබේ.
කයිරෝ නුවර නිරත දිග ප්‍රදේශයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue reading “ඊජිප්තු ආරක්ෂක අංශ සාමාජිකයින් 50ක් මරුට”

ගල් අගුරු පතලක් කඩා වැටෙයි – සිරුරු 7ක් හමුවෙයි

පකිස්ථානයේ ක්වෙටා ප්‍රදේශයේ ගල් අගුරු පතලක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් හත් දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
එම පතලේ සේවය කළ තවත් කම්කරුවන් දෙදෙනෙකු සොයා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Continue reading “ගල් අගුරු පතලක් කඩා වැටෙයි – සිරුරු 7ක් හමුවෙයි”

රුසියානු ජනාධිපති පුටින්ට සුරූපිනියකගෙන් අභියෝගයක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

ඒ එළැඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට විපක්ෂයෙන් සුරූපිනියක් ඉදිරිපත්වීම හේතුවෙනි.

35 හැවිරිදි සේනියා සොබ්චැක් නමැති ඇයට 2018 වසරේ පැවැත්වෙන ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් කළ අයැදුම්පතට ක්‍රෙම්ලීනයේ පූර්ව අනුමැතිය හිමි ව තිබේ. Continue reading “රුසියානු ජනාධිපති පුටින්ට සුරූපිනියකගෙන් අභියෝගයක්”

රඛා නගරය යළි සිරියා හමුදා යටතට

අයි.එස්. ත්‍රස්තයන් ග්‍රහණයේ පැවති සිරියාවේ රඛා නගරය වසර 03කට පසු මුදා ගැනීමට අමෙරිකාව සහය දක්වනු ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා සමත් ව තිබේ. Continue reading “රඛා නගරය යළි සිරියා හමුදා යටතට”

සෝමාලියාවේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 230 දක්වා ඉහළ යයි

සෝමාලියාවේ සිදු වූ දැවැන්ත බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 230 දක්වා ඉහළ ගොස් තිබේ.

පිපිරීමෙන් පුද්ගලයන් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. Continue reading “සෝමාලියාවේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 230 දක්වා ඉහළ යයි”