Hello world!

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!

සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ.

ජාත්‍යන්තර කටයුතු හා සබඳතා පිළිබඳ තිස් වසරකට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඉකුත් වසර දෙකේදී ( 2016 – 2018 දක්වා) රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වරයා වශයෙන් කටයුතු කළේය.
Continue reading “සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !”

කංසා නිදහස් නැත්තෙ ඇයි?

කංසා නීතිගත කිරීම ගැන මට තියෙන්නෙ පුරවැසියෙක් හැටියට මගේ නිදහස, අයිතිය සහ ගෞරවය සම්බන්ධ අදහසක්. මම කැමැත්තෙන් පරිභෝජනය කරන මොනම භාන්ඩයක් හෝ සේවාවක් සමාජයට හානිදායක නොවේ නම් ඒක තහනම් කරන්න, පරිභෝජනය සීමා කරන්න ජනතා කැමැත්තෙන් පත්වුණු රජයකට සදාචාර සම්පන්න අවසරයක් නෑ කියලයි මගේ පිළිගැනීම. පුරවැසියෙක් විදිහට මගේ කැමැත්තට එරෙහිවීම, ඒ වෙනුවෙන් දඬුවම් පැමිණවීම, එය වරදක් කරගනිමින් පීඩා පැමිණවීම කියන්නෙ වැඩිහිටියෙක් ලෙස මගේ ගෞරවය, නිදහස අයිතිය කියන කාරණා ගැන ප්‍රශ්න ඇති කරන තත්වයක්. රජයක් කියන්නෙ මට ජීවත්විය යුතු ආකාරය කියල දෙන්න ආපු ආයතනයක් නෙමෙයි. ආණ්ඩුවකින් හෝ පොලිසියකින් මගේ විනය හදන්න ඕන කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා කංසා හෝ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයක් විසින් සමාජයේ අනෙකාට හිරිහැරයක්, පීඩාවක් ඇති කරනවා කියල ප්‍රමාණවත් සාක්ෂි නැතුව එය පාවිච්චිය වරදක් කිරීම රජයක් විසින් කරන බලහත්කාරකමක්. පුරවැසියෙක් හැටියට මට කරන අවමානයක්.

මම ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරනවා වෙන්න පුළුවන්. ඒත් මට හෝ වෙනත් කිසිම කෙනෙකුට එය පාවිච්චි කිරීමට කෙනෙකුට ඇති අයිතිය උදුරාගන්න බෑ. සියලූ මත්ද්‍රව්‍යයන් කියන්නෙ මනසේ විවිධ තලයන්වල සැරිසැරීමට තියෙන ප්‍රවේශපත්‍ර. රොකට්ටුව, ගුවන් යානය, සබ්මැරීනය වගේම මනස ඇතුළෙ එහේ මෙහේ යාත්‍රා කරන්න තියෙන මාර්ග. ඒ ගැන පැනවෙන හැම තහංචියක්ම විවිධ රටවල දේශයන්වල සැරිසැරීමට අපිට ඇති අයිතිය පැහැර ගැනීමක් හා සමානයි.
Continue reading “කංසා නිදහස් නැත්තෙ ඇයි?”

රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු මහතා සිය 32 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (30) විශ්‍රාම යන ලදී. එතුමාගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කිරීමට ද කටයුතු කළහ. Continue reading “රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි”

බැංකුවේ‍ උකස් අංශයේ සිටියදී හෂිනි රන් බඩුවලට ඉමිටේෂන් බඩු සේප්පුවේ – හෂිනි රත්නායක 17 දක්වා බන්ධනාගාරයට

තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රවීන ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන 31 වියැති හෂිණි අමේන්ද්‍ර රත්නායක මහත්මිය තංගල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව අප ඊයේ සදහන් කලා. ඒ තංගල්ල මහජන බැංකුවේ සේවය කරමින් සිටියදී සිදු කළ වංචාවක් සම්බන්ධයෙනි.

හෂිණි අමේන්ද්‍ර රත්නායක බැංකුවේ සේවය කළ කාලයේ උකස් බඩු බාර ගන්නා අංශයේ සේවය කරමින් සිට ඇති හෂිනි කුවේට්හි සේවය කරන බැංකු පාරිභෝගික කාන්තාවක බැංකුවට උකස් කළ රුපියල් 6,80,000ක් පමණ වටිනා රන් භාණ්ඩද තංගල්ලේ පදිංචි තවත් බැංකු පාරිභෝගික පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා රන් භාණ්ඩ ද සොරාගෙන ඇති බව පැමිණිල්ලෙන් දැක්වේ. බැංකු සේප්පුව පරීක්ෂා කිරීමේදී කුවේට් කාන්තාවගේ රන් භාණ්ඩ එහෙම පිටින්ම අස්ථාන ගත කර තිබෙන අතර තංගල්ල පුද්ගලයාගේරන් භාණ්ඩ වෙනුවට ඒහා සමාන ඉමිටේෂන් බඩු බැංකු සේප්පුවේ තැන්පත් කර ඇති බවද හෙළිව ඇත.
Continue reading “බැංකුවේ‍ උකස් අංශයේ සිටියදී හෂිනි රන් බඩුවලට ඉමිටේෂන් බඩු සේප්පුවේ – හෂිනි රත්නායක 17 දක්වා බන්ධනාගාරයට”

රවි කරුණානායකගේ බ්ලූමැන්ඩල් පාතාලයෙන් කැබිනට් ඇමතිවරුන්ට මරණ තර්ජන

හිටපු ඇමති රවි කරුණානායක සමග හිතවත්කම් පවත්වන පාතාල මැරයන්ගෙන් තමනට ජීවත තර්ජන ඇති බවට ඇමති මනෝ ගනේෂන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇත. Continue reading “රවි කරුණානායකගේ බ්ලූමැන්ඩල් පාතාලයෙන් කැබිනට් ඇමතිවරුන්ට මරණ තර්ජන”

අගමැති රනිල් නැන්ද එක්ක තාලෙට නටන හැටි මෙන්න

මේ දිනවල වැඩිපුර කතාවෙන චරිතයක් තමයි ගමැති රනිල් වික්‍රමසිංහ කියන්නේ. රනිල් ගැන විවිධ කාලවල විවිධ ලෙස කාතා මැවෙනව. මෙහෙම කතා හැදිච්ච අගමැතිවරයෙක්නම් ලොව කොහෙවත් නැතු ඇති කියල සමහරු කියනව.

ඒත් මේ දිනවල අගමැතිතුමාගෙ අපූරු නර්තනයක් අන්තර්ජාලයේ සැරිසරනව. ඒ තමාන්ගේ නැන්දනියක් වන නිලිරැජින අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග උත්සව අවස්තාවක සිදුකරන නර්තනයකි. එ නිසාම කෙතරම් ගැරහුම් ආවද මෙතුමා සතුටින් ඉන්න ආකාරය ගැන බුකිය පුරාවට පැසසුම් ලැබිල තියෙනව. 

වීඩියෝව පහතින්

උපුටා ගැනීමකි

ගොඩගිය එරන්දට 2017 වසරේ ජාතික තරුණ ව්‍යව­සා­ය­කයා සම්මානය ලැබුණු හැටි

නව්‍යකරණය, කැපවීම, උනන්දුව සහ ව්‍යවාසය කුසලතා තුළින් හල්පේ තේ සමාගම මෙරට සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කිරීම සඳහා U.H.E. Exports සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එරන්ද අබේරත්න මහතා දැක්වූ සමත්කම ඇගයුමට ලක්කරමින්, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් ‘2017 වසරේ ජාතික තරුණ ව්‍යවසායකයා’ සහ ‘2017 වසරේ ඌව පළාතේ ජාතික තරුණ ව්‍යවසායකයා’ ලෙස ඔහු සම්මානයට පාත්‍ර කළේය.

තමන්ට අමතරව තවත් එක් උපාධිධාරී කාර්යමණ්ඩල සාමාජිකාවකගෙන් මීට වසර තුනහමාරකට පෙර ආරම්භ කෙරුණු හල්පේ තේ සන්නාමය යටතේ මේවන විට කාර්යමණ්ඩල සාමාජිකයෝ 30 දෙනෙකුට අධික පිරිසක් සේවය කරති. Continue reading “ගොඩගිය එරන්දට 2017 වසරේ ජාතික තරුණ ව්‍යව­සා­ය­කයා සම්මානය ලැබුණු හැටි”

එජාප කැලණියේ ප්‍රබලයින් පිරිසක් ශ්‍රීලනිපයට

කැළණිය ආසනය නියෝජනය කළ ප‍්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී, එතුමා ගෙනයන වැඩපිළිවෙළට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්විය.
Continue reading “එජාප කැලණියේ ප්‍රබලයින් පිරිසක් ශ්‍රීලනිපයට”

කමල් ගුණරත්නගේ ‘මිනීමරු’ කතාවෙන් ඒකාබද්ධයත් අවුලක.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත් මග‘ නමැති සංවිධානයේ ප්‍රධානියකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් කල බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ ද විරෝධය එල්ල වී ඇත.

නව ව්‍යවස්ථාව විසින් රට බෙදන බවත් ඊට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බවත් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතු බවටත් කමල් ගුණරත්න මහතා කළ ප්‍රකාශයට ඒකාබද්ධය නියෝජනය කරන සමාජවාදී ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා ප්‍රසිද්ධියේම විරෝධය පළකර ඇතයි පැවසේ. Continue reading “කමල් ගුණරත්නගේ ‘මිනීමරු’ කතාවෙන් ඒකාබද්ධයත් අවුලක.”