දෝෂයක් හේතුවෙන් අයිෆෝන්, අයිපෑඩ් සහ මැක් පරිගණකවලට බලපෑම්

පරිගණක චිප්වල (Chips) මතුව ඇති ප්‍රධාන දෝෂ දෙකක් අයි ෆෝන් (iPhones), අයි පෑඩ් (iPads) සහ මැක් (Mac) පරිගණක කෙරෙහි බලපෑම් එල්ල කර ඇතැයි ඇපල් සමාගම පවසයි.

පරිගණක පද්ධති තුළට රහසින් ඇතුළු වී දත්ත සොරා ගැනීමට ඉඩ සැලසෙන ඉහත කී දෝෂවලට විසඳුම් සෙවීම සඳහා තාක්ෂණික සමාගම් කටයුතු කරමින් සිටින බව මේ සතියේ දී වාර්තා විය. Continue reading “දෝෂයක් හේතුවෙන් අයිෆෝන්, අයිපෑඩ් සහ මැක් පරිගණකවලට බලපෑම්”

නව නිර්මාණ සඳහා රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ පුංචි නිර්මාණකරුවා

“සහසක් නිමැවුම්” 2017 හා “ශ්‍රී ලංකා ඉන්ජිනේරු නව නිපැයුම්” 2017 සමස්ත ලංකා තරගාවලියේ දෙවැනි විශිෂ්ට නිර්මාණය සඳහා රජත සම්මාන දෙකකින් පිදුම් ලබා විදුහලට ගෞරවයක් හා අභිමානයක් ගෙන දුන් ඒ පුංචි නිර්මාණකරුවා අපට හමුවූයේ නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේදීය.

ඒ කුණු සහ වැලි වෙන් කරන කුණු අදිනය (Ralish and Sand Separable Dustpan) නම් පරිසර හිතකාමී නිර්මාණය කළ මයුරපාදයේ 8 ජී ශේ‍ර්ණියේ ශිල්ප හදාරන 13 හැවිරිදි එච්. ඒ. චාලිත්‍ය නිම්න ගගන හෙට්ටිආරච්චි සිසුවාය. Continue reading “නව නිර්මාණ සඳහා රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ පුංචි නිර්මාණකරුවා”

නාවල්අඩි මුහුදෙන් මතු වුණේ විසකුරු සර්පයෝද? විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙන්න

සාමාන්‍යයෙන් සර්පයෙක් දැක්කම බයවෙන්නේ උෟ දැක්ක කෙනා විතරයි. නමුත් පහුගිය දවසක මකඩළපුව මුහුදේ මතු වූ සර්පයන් ගැන අහලා රටෙන් බාගයකට වඩා වැඩි කොටසක් කලබල වුණා. හේතුව සුනාමි බිය. 2004 වර්ෂයේ ආ සුනාමියට පෙරත් මඩකළපුව මුහුදෙන් මේ විදියටම සර්පයෝ මතු වුණා කියලා ඇතැමුන් කියන කතාව නිසයි ඒ භීතිය ඇති වුණේ.

මෙවර සිද්ධිය වාර්තා වුණේ මඩකළපුව නාවල්අඩියෙන්. නාවල්අඩි ධීවර රැකියාවේ යෙදුණු සියලුම ධීවරයන්ගේ දැල්වල එම සර්පයන් පැටලී තිබූ බවයි පැවැසුණේ. මුහුදු සර්පයන් (Sea Snakes) ලෙස මෙම ජීවීන් හැඳින්වුවත් මේ මුහුදු සර්පයන් නොව ගංගා, ඇළ ‍ෙදාළ හා කළපු ආශි්‍රතව වෙසෙන ආදා (Anguilla) මත්ස්‍ය විශේෂයක් ලෙස නාරා ආයතනය පෙන්වා දෙනවා. මෙම ජීවීන් පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණයක් සිදු කිරීමට ධීවර අමාත්‍යවරයා විසින් නාරා ආයතනයට උපදෙස් දෙනු ලැබූයේ ජනතාවගේ සැකය දුරලන්නයි. Continue reading “නාවල්අඩි මුහුදෙන් මතු වුණේ විසකුරු සර්පයෝද? විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙන්න”

මාර්ක්, FB නිවුස් ෆීඩ් එක යළි වෙනස් කරයි

ෆේස්බුක් සමාගම විසින් සිය නිවුස් ෆීඩ් පිටුවේ වෙනස්කම් කිහිපයක් කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අනුව, ව්‍යාපාර, සන්නාම නාම හා මාධ්‍ය ආයතන විසින් එකතු කර ඇති සටහන් (post) වලට වඩා පවුලේ හා මිතුරන් අතර කතාබහක් ඇති කරන සටහන් වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමට එම සමාගම තීරණය කර ඇත.

මේ අනුව, එවැනි සංවිධාන හා සමාගම් හට සිය ෆේස්බුක් සටහන් වල ජනප්‍රියත්වයේ අඩුවක් දක්නට හැකි වනු ඇතැයි ද ෆේස්බුක් සමාගම සඳහන් කරයි. Continue reading “මාර්ක්, FB නිවුස් ෆීඩ් එක යළි වෙනස් කරයි”

චීන අහස් ලබ්බ කඩා වැටෙයි

ඇත්ත පත්‍රය මේ රටේ පුවත්පත් කලාවේ අමුතු නිර්මාණ ඉදිරිපත් කළ පුරෝගාමී මාධ්‍යයකි. එහි කර්තෘ බී.ඒ. සිරිවර්ධන උපහාසය කැටිකොටගත් වෙඩි බඳු හෙඩිම් කලාවේ නිපුණයෙකි. 1979 ජූලි මාසයේ ඇත්තේ අමුතු හෙඩිමක් පලවිය. අහස් ලබ්බ කඩා වැටෙයි! යනුවෙනි. අමෙරිකානු නාසා ආයතනය 1973 දී උඩු ගුවනට යවා තිබූ ඔවුන්ගේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන Sky lab යානය නැවත මහ පොළොව වෙත ඇතුළුවීම ඒ කාලයේ මාධ්‍යවලට ලොකු ආන්දෝලනාත්මක වාර්තාවක් සැපැයීය. කලින් කියා තිබූ වේලාවට වඩා පැය බාගයක් ප්‍රමාද වී ඇදවැටුණු අමෙරිකන් අහස් ලබ්බ කලින් කියා තිබූ ආකාරයට පැසිෆික් සාගරය වෙත ඇදවැටෙනු වෙනුවට ඕස්ට්‍රේලියාවේ නගර දෙකක් වන එස්පෙරාන්ස් සහ රොවිලිනා වෙත එහි ලොකු කොටස් කිහිපයක් ඇද වැටුණි. Continue reading “චීන අහස් ලබ්බ කඩා වැටෙයි”

දලයි ලාමාගෙන් අයිෆෝන් ‘ඇප්’ එකක්

අනුගාමිකයන්ට තම සංචාර මෙන්ම ඉගැන්වීම් හා යාවත්කාලීනවිම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (App) දලයි ලාමා හිමියන් හඳුන්වා දුන්හ.

ටිබෙට් දේශයෙන් පිටුවහල් කරනලද 82 හැවිරිදි අධ්‍යාත්මික නායකයා සතුව මිලියන 16 ඉක්මවූ ට්විටර් අනුගාමිකයෝ සිටිති.
Continue reading “දලයි ලාමාගෙන් අයිෆෝන් ‘ඇප්’ එකක්”

නව නිර්මාණ සඳහා රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ පුංචි නිර්මාණකරුවා

“සහසක් නිමැවුම්” 2017 හා “ශ්‍රී ලංකා ඉන්ජිනේරු නව නිපැයුම්” 2017 සමස්ත ලංකා තරගාවලියේ දෙවැනි විශිෂ්ට නිර්මාණය සඳහා රජත සම්මාන දෙකකින් පිදුම් ලබා විදුහලට ගෞරවයක් හා අභිමානයක් ගෙන දුන් ඒ පුංචි නිර්මාණකරුවා අපට හමුවූයේ නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේදීය.

ඒ කුණු සහ වැලි වෙන් කරන කුණු අදිනය (Ralish and Sand Separable Dustpan) නම් පරිසර හිතකාමී නිර්මාණය කළ මයුරපාදයේ 8 ජී ශේ‍ර්ණියේ ශිල්ප හදාරන 13 හැවිරිදි එච්. ඒ. චාලිත්‍ය නිම්න ගගන හෙට්ටිආරච්චි සිසුවාය.

ගගන හෙට්ටිආරච්චි නම් විශිෂ්ට නිර්මාණකරුවා 2015දී ආරම්භ කළ මයුරපාද විදුහලේ “නව නිපැයුම්” සංගමයේ උදේ‍යා්ගිමත් ආරම්භක සාමාජිකයෙකි.
Continue reading “නව නිර්මාණ සඳහා රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ පුංචි නිර්මාණකරුවා”

ලංකාවට එන අලුත්ම විදුලි කාර් එක

ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථයක් ලොවට හඳුන්වා දෙමින් මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විප්ලවයකට මුල පුරන ලද්දේ ජපානයේ නිසාන් සමාගමයි.

කාබන්වලින් තොර හරිත ලෝකයක් පිළිබඳව මුළු ලොවම කතා බහ කරන යුගයක ඔවුන් හඳුන්වා දුන් “නිසාන් ලීෆ්” මෝටර් රථය ඉතා අනගි සොයා ගැනීමක් වුණා. මෙම මෝටර් රථය ලංකාවට ප්‍රවේශ වූයේ 2014 වසරේදීයි. ඉන්ධන භාවිත නොකිරීම, නඩත්තු අනවශ්‍ය වීම ආදිය හේතුවෙන් මෙය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් අතර ජනප්‍රියත්වයට පත්වුවද 2015 වසරේ විදුලි මෝටර් රථ සඳහා පනවන ලද 50%ක බදු හේතුවෙන් ඉල්ලුම අඩුවන්නට පටන් ගත්තා.
Continue reading “ලංකාවට එන අලුත්ම විදුලි කාර් එක”

අධික ශබ්දයකින් දකුණ කැළඹූ හේතුව මෙයද? මාතර අහසේ දීප්තිමත් ආකාශ වස්තුවක් කුමත්ද?

ඊයේ (18) රාත්‍රියේ ශ්‍රී ලංකාවේ දකුණුදිග ප්‍රදේශයට ඇසුණු විශාල ශබ්දයක් පිළිබඳ මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් ශබ්දය ඇති වී ඇත්තේ උල්කාශ්මියක් හේතුවෙන් බවට මේ වනවිට මත පළ වෙමින් පවතී. අදාළ ශබ්දය පිළිබඳ විද්යාඥයන් මෙන්ම ආරක්ෂක අංශද විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර මාතර ප්‍රදේශ රැසක ජනතාව පවසන්නේ ඊයේ (18) රාත්‍රී අහසේ දීප්තිමත් ආකාශ වස්තුවක් බටහිර දෙස සිට නැගෙනහිර දෙසට මහා හඩක් සමග ගමන් කළ බවයි.

Continue reading “අධික ශබ්දයකින් දකුණ කැළඹූ හේතුව මෙයද? මාතර අහසේ දීප්තිමත් ආකාශ වස්තුවක් කුමත්ද?”