ඔබේ ස්‌වාමි පුරුෂයාට හොඳම මිතුරියක්‌ සිටී නම්? මොනව වෙයිද ?

විවාහ වී වසර විසි එකක්‌ වන බිරිඳක්‌ ඇගේ අත්දැකීම් මෙලෙස පළ කරයි. ගැහැණුන් හා පිරිමින් හොඳම යහළුවන් ලෙස පමණක්‌ ඇසුරු කළ හැකිද? සහතිකෙන්ම, කිසිම ගැහැණියක්‌ තම ස්‌වාමියාට හොඳම යෙහෙළියක්‌ සිටිනවාට කැමති නැත. එවැනි මිතුරියක්‌ ඇසුරු කිරීම පසු කලෙක මිතුරිය බිරිඳ වී බිරිඳ තනිකඩ වීමෙන් කෙලවර විය හැකිය. නමුත් මයික්‌ ගේල් (Mike Gayle), ඔහුගේ බිරිඳ ක්‌ලෙයා (Claire) සහ දාහත්වැනි වියේ පටන් මයික්‌ගේ ලඟම හිතවතිය ජැකී (Jackie) එය සැබෑවක්‌ නොවන බව පවසයි. මේ තුන්කොන් සහ – සම්බන්ධතාවයේ කතාව ඔවුන්ගේ වචන වලින්ම ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණි. මයික්‌ ගේල් හතලිස්‌ හත් වියෑති වන අතර ක්‌ලෙයා හතලිස්‌ පස්‌ හැවිරිදිය. ඔවුන් විවාහ වී මේවන විට විසි එක්‌ වසරක්‌ ගෙවී අවසන්ය. ඔවුන් බර්මිංහැම් (Birmingham) වල දිවි ගෙවන අතර පහළොස්‌ හැවිරිදි දුවක්‌ හා එකොලොස්‌ හැවිරිදි දුවක්‌ද සිටිති. මයික්‌ගේ බිරිඳ ක්‌ලෙයා මෙසේ පවන්නීය.
Continue reading “ඔබේ ස්‌වාමි පුරුෂයාට හොඳම මිතුරියක්‌ සිටී නම්? මොනව වෙයිද ?”

ලංකාවේ bitcoin තහනම්ද? Virtual Currencies මිථ්‍යාවට පිළිතුරක්.

පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව අතථ්‍ය මුදල් හෙවත් Virtual Currencies අවදානම් බව‍ට සිදුකර ඇති අනතුරු ඇඟවීම පිළිබඳව පැතිර යන ප්‍රකාශ මෙන්ම පුවත් වාර්තා පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒ තුළ යම් යම් මිථ්‍යාවන් ගැබ්ව ඇති බව පෙනෙයි.

අතථ්‍ය මුදල් (Virtual Currencies) යනු මොනවා ද?

අතථ්‍ය මුදල් හෙවත් Virtual Currencies සම්පුර්ණයෙන් ම අන්තර්ජාලය මාධ්‍ය කරගෙන ගනුදෙනු කළ හැකි මුදල් විශේෂයකි. ලොව කිසිදු රටක් මෙම මුදල් ඒකක පිළිගත් මුදල් ඒකකයන් ලෙස පිළිගෙන නැති නිසාම මෙම මුදල්වලට අන්තර්ජාලයෙන් පිටත සංසරණය වීමේ හැකියාවක් නැත.

ජනප්‍රිය අතථ්‍ය මුදල් (Virtual Currencies) ඒකක

ජනප්‍රියම සහ ප්‍රධාන වශයෙන් භාවිතා වන අතථ්‍ය මුදල් ඒකකයන් වන්නේ බිට්කොයින් (Bitcoin), ලයිට්කොයින් (Litecoin), රිප්ල් (Ripple) සහ එතීරියම් (Ethereum) ය. Continue reading “ලංකාවේ bitcoin තහනම්ද? Virtual Currencies මිථ්‍යාවට පිළිතුරක්.”

ලෝකය දුර්ලභ ඩයිනෝසර් පා සලකුණු ස්කොට්ලන්තයෙන් හමුවේ (ඡ‍ායාරූප)

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.

එඩිම්බරෝ සරසවියේ සහ චීන විද්‍යාත්මක ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම තොරතුරු ස්කොට්ලන්ත භූ විද්‍යා ජර්නලයේ නවතම වාර්තාවක එළිදක්වා ඇත.

ස්කේයි දූපතේ තිබී මීට අවුරුදු මිලියන 170කට එපිට යුගයට අයත් යැයි සැලකෙන ඩයිනෝසර් පා සළකුණු 50 ක් පමණ සොයා ගත් බව ඔවුහු පවසති.

දූපතේ බ්‍රදර්ස් පොයින්ට් ලෙස හැදින්වෙන ස්ථානයේ කලපුවක තිබී මෙම පා සළකුණු සොයාගෙන ඇති අතර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා ඩයිනෝසරයින් දෙදෙනකු විසින් තැබූ සළකුණු බවයි.

ඩයිනෝසරයින් සහයෝගයෙන් වාසය කළ ආකාරය සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් මවාගැනීමට මෙම සොයාගැනීම උපකාර වන බවද ඔවුහු තවදුරටත් පවසති.

එක් පා සළකුණක් කාර් රෝදයක් තරම් විශාල වන අතර මෙම සතුන් ටොන් 10ක් පමණ බරින් හා මීටර් 15ක් පමණ දිගින් යුතු වන්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙම මාංෂභක්ෂක සතුන් දඩයම් නොකරන වේලාවන් හිදී කලපුව අසලට පැමිණ නිදහසේ කාලය ගත කරන්නට ඇති බව පැවසේ.

පර්යේෂණ වාර්තාවේ සමකතෘ ස්ටීව් බෘසෙට් පවසන්නේ 2016 වර්ෂයේදී දූපතේ චාරිකා කළ පාසල් සිසුවකු විසින් මෙම පා සළකුණු මුල්වරට සොයාගත් බවයි.

සීඑන්එන් ඇසුරිණි

 

හෝමාගම සපත්තු කඩේට ගිය ගොලු හිගන්නෙකුට වෙච්ච දේ

කෙනෙකුගේ හිතකට සතුටක් දෙන්න, එහෙමත් නැත්නම් අසරණ කෙනෙකුට සරණක් වෙන්න පුළුවන්නම් ඒක කියලා නිම කරන්න බැරි දෙයක් වගේම මිල කරන්නත් බැහැ.
ඒ විදිහට කෙනෙකුගේ කැමැත්ත වෙනුවෙන් පුංචි කැපකිරීමක් කරපු තරුණයෙක් ගැන අපිට අහන්න ලැබුණේ හෝමාගම පැත්තෙන්.
නමින් ඔහු නදුන්. Continue reading “හෝමාගම සපත්තු කඩේට ගිය ගොලු හිගන්නෙකුට වෙච්ච දේ”

දත් දෙක අතරෙ හිඩැසක් තියෙන එක හොඳද නරකද?

ඉස්සරහා දත් දෙක අතරත් හිඩැසක් තියෙනවද ? එකෙන් කියවෙන්නේ මොකක්ද ඒක වාසනවන්තයිද අවාසනාවන්තයි ද දැනගන්න මේ ලිපිය කියවන්න.මේකයි කාරණේ ඔයාගේ ඉස්සරහ උඩ දත් අතර පොඩි හිඩැසක් තියෙනවා ඒකෙන් කියවෙන්නේ ඔයා වාසනාවන්තයි කියලා.ගොඩක් කට්ටිය මේ හිදැස් වහගන්න ඩෙන්ටල් වලට සෑහෙන මුදලක් වියදම් කරනවා.පළහ තියෙන කරුණු ටික බලන්න. ඒවා බැලුවට පස්සේ නම් ඔයා අය හිඩැස වහන්න හදන එකක් නැහැ.

ගොඩක් බුද්ධිමත්

ඔයාගේ දත් අතර හිඩැසක් තියෙනවා නම් එකෙන් කියවෙනවා ඔයා ගොඩක් බුද්ධිමත් කියලා.ඒ වගේම ඔයා නිර්මාණශීලි හැකියාවන්ගෙන් යුක්ත පුදගලයෙක් කියලා කියන්න පුළුවන්.

ගොඩක් කතා කරන කෙනෙක්

සමහරු කියන විදිහට මේ විදිහට දත් වල පොඩි ගැප් එකක් එහෙමත් නැත්නම් හිඩැසක් තියෙන පුද්ගලයින් කතා කරන්න ගොඩක් කැමති කට්ටියක්ලු. එයාලට ඕන නම් දවසම උනත් කතා කර කර පුළුවන්ලු,හිතල බලන්නකෝ ඔයත් එහෙම කෙනෙක්ද කියලා.

මුදල් ගනුදෙනු තිතට

දත් අටහර හිදැස් තියෙන පුද්ගලයෝ මුදල් සම්බන්ධ වැඩ කටයුතු වලදී ඉතාම හොඳින් කටයුතු කරන්න පුළුවන් පිරිසක් කියලා කියවෙනවා.ඒ කියන්නේ මුදල් කටයුතු හැසිරවෙමේදී නුලට තිතට වැඩ කරන විස්වාසයි කෙනෙක් කියන්න පුළුවන් දත් ද්තර හිඩැසක් තියෙනවා නම් ඔන්න.

හොඳට කන්න පුළුවන් උදවිය

ඔන්න මරුම වැඩේ දත් අතර හිදැස් අය කතා කරන්න වගේම කන්නත් ඒ වගේම රුසියෝලු. කාල මැරෙමු ටයිප් එකේ කට්ටිය තමයි ඒ කියන්නේ.

රස්සාව

දත් අතර හිදැස් තියෙන අය රැකියාව පැත්තෙන් ගත්තොත් ගොඩක් වෙලාව හොඳ ස්ථිර රැකියාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන් කියලා කියනව.ඒ කියන්නේ එයාල කොහොම හරි තමන්ට ගැලපෙන හරියන රස්සාව තෝරාගන්න දක්ෂයි ලු.ඒ වගේම ඔවුන් ඉක්මනින් දියුණු වෙන බවත් කියවෙනවා.

කොහොම හරි කමක් නෑ දත් මැද හිඩැසක් තියෙන එකෙත් පොඩි ගතියක් තියෙනවා කියලා මේ ටිකෙන් පෙනෙයි.

 

ගෘහය ආශ්‍රිත වාස්‌තු නොවන මිථ්‍යා මත

බොහෝ අය වාස්‌තුවලට අයත් යෑයි සලකා පහත සඳහන් කරුණු කෙරෙහි නොම`ග යන අවස්‌ථා දැකිය හැක. සුලභව මෙම කරුණු අප රටේ ව්‍යාප්ත වීම කනගාටුදායක දෙයකි. කුස්‌සිය උඩින් මුළුතැන්ගෙය පිහිටීම ශුභදායකය. මෙය මිථ්‍යා මතයකි. එසේවූ කල නුවරඑළිය, ගම්පල ආදී ප්‍රදේශ වල ජනයාට තම ගෘහය ඉදිකර ගැනීමට කිසිසේත්ම හැකියාවක්‌ නොලැබෙනු ඇත. ප්‍රධාන දොර ගිනිකොණ පිහිටුවීම. මෙය මිථ්‍යා මතයකි. කිසිවිටෙක දොරවල් අතුරු දිශාවල්වලින් හඳුන්වනු නොලැබේ. ඊසාන දොර පිහිටීම, නිරිත දොර පිහිටීම, ගිනිකොණ දොර පිහිටීම සහ වයඹට දොර හසුවීම ආදී වශයෙන් පැවසීම වැරදි සහගතය. ගිනිකොණ දොර බොහෝවිට දකුණ හෝ නැගෙනහිර යන දෙදිශාවෙන් එක්‌ දිශාවකට අයත් වනු ඇත. දකුණ, ගිනිකොණ, නිරිත ළිඳ අශූභය. මෙය මිථ්‍යා මතයකි. ප්‍රධාන දොරට නොපෙනෙන්නේ නම් කිසිවිටෙක මෙම දිශාවන්ගේ ළිඳ පිහිටුවීම අශුභදායක නැත. මධ්‍ය ලක්ෂ්‍යය හෙවත් බ්‍රහ්මපාදය පෑගීම මෙය පුහු මතයකි. බ්‍රහ්මපාදය බරෙන් සැහැල්ලුව තිබිය යුතු ස්‌ථානයක්‌ වේ. පෑගුණාට කිසිදු වරදක්‌ නැත. එහෙත් පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. වහළයේ කුරුපා පිළිබඳවද මිථ්‍යා මත රාශියක්‌ පවතී. බ්‍රහ්මපාදය ඉහළින් කුරුපා තැබීම අශුභ යෑයි සම්මතයක්‌ ඇතත් එය වැරදිය. නිවසේ මැද සහ ඉඩමේ මැද එකම ස්‌ථානයක පැමිණ කුරුපාවක්‌ තැබීම පමණක්‌ අශුභ දායකවනු ඇත. දොරෙන් හෝ ජනේලයෙන් එකඑල්ලේ තවත් දොරකින් හෝ ජනේලයකින් එළිය පෙනීම මෙය මිථ්‍යා මතයකි. නිවසක අභ්‍යන්තර පීඩනය නැති කිරීම සඳහා මෙම ක්‍රමවේදය ඉතාම යහපත්ය. ඒ නිසා දොරකින් හෝ ජනේලයකින් පිටත පෙනීම කිsසිදු වරදක්‌ නැත. මේසන් බාස්‌ උළුවහු පැනීම මෙය මිථ්‍යා මතයකි. උළුවහු පැනීමට කිසියම් වූ වැඩිපුර මුදලක්‌ අත තබන බැවින් මේ කාර්යය ඔවුන් විසින් කරනු ලැබීම දක්‌නට පුළුවන. උළුවහු පැනීම සිදුකළ යුත්තේ ප්‍රධාන වඩුවා පමණි.

ප්‍රේත පාදය

මෙයද වැරදි සහගත යොදා ගැනීමකි. පුණ්‍යස්‌ථාන සඳහා වන සැලසුම්කරණයේදී භූමි චක්‍රය යොදා ගත්තේ වුවද නිවාස සඳහා කිසිවිටෙක ප්‍රේත පාදය, මනුෂ්‍ය පාදය, දේවපාදය සහ බ්‍රහ්මපාදය වශයෙන් ඉඩම් පාද බෙදීම නොකරනු ඇත.

ගිනි කතුර

නිවසේ මධ්‍ය ලක්ෂ්‍යය සෙවීම සඳහා විකර්ණ රේඛාවන්හි ඡේනයවන ලක්ෂ්‍යය මධ්‍යය ලක්‍ෂය ලෙස සැලකෙන අතර මෙම රේඛාවන් කතුරක ස්‌වරූපයෙන් දැක්‌වෙන නිසා ගිනිකතුර ලෙසින් සැලකීමට බොහෝ අය පෙළඹේ. ගිනිකතුර හරහා දොරවල් තැබීම අශුභදායක ලෙස සලකන මුත් එය නිවැරදි නොවන බව සැලකිය යුතුය.

සුලභ ලෙස නිවාස වල දක්‌නට හැකි වැරදි හා දෝෂ

බොහෝ නිවාස වල හිමිකරුවන් එය වැරැද්දක්‌ බවත් එහි දෝෂයක්‌ ඇති බවත් දන්නේ වී නමුදු ඒ කෙරෙහි අවධානය යොමු නොකිරීම නිසා ඒවාහි ආදිනව විඳිමින් කාලය ගතකරන බව පෙනේ. ඊසාන දිශාවේ සහ නිරිත දිශාවන්හි පාර නැතහොත් ගේට්‌ටුව යොදා ගැනීම අද බහුලව දක්‌නට ලැබෙන ලක්‍ෂණයකි. කිසිවිටෙක මෙම දිශාවන්හි ගේට්‌ටුව යෙදීම සුදුසු නැත. නිවාසයෙහි උතුර සහ ගිනිකොන, ඊසාන ඉතාම වැදගත් පරාසයන් වන අතර එම කොටස්‌ ඒ තමා පදිංචි නොවී පිටස්‌තර කෙනෙකුට බදු දීම හෝ කුලියට දීම නිසා තම පවුල් සංස්‌ථාව බිඳ දමා ගන්නා අය බොහෝ සේ දැකිය හැකිය. නිවසේ ඇඳන් යට, අල්මාරි උඩ, කාමරවල, නිවසේ නොපෙනෙන බිත්ති අතර ලට්‌ට ලොට්‌ට ගොඩ ගසා තිබීම බොහෝ නිවාසවල දක්‌නට ඇති දෝෂ සහිත ලක්‍ෂණයක්‌ වේ. මේවා ශුද්ධ පවිත්‍ර කිරීම, පිළිවෙළට තැබීම අනිවාර්යයෙන්ම කළ යුතුය. බෞද්ධ නිවාසයන්හි බුදුන්වහන්සේ සම`ග දේවරූප තැබීම සුලභව දක්‌නට හැකිය. වැසි වතුර කාණුවකින් බැසීමට නොසලස්‌වා නිවසේ ඉදිරිපිට බිත්තිය අසළට එක්‌රොක්‌ වෙන්න දෙන අවස්‌ථා බහුලව දක්‌නට හැකිය. අනවශ්‍ය ලෙස කොටස්‌ එකතු කිරීමෙන් නිවසට අන්ධකාරය වැඩිකරලීමටත් සුළ`ග නැති කිරීමටත් හේතුවන ඉදිකිරීම් අද බහුලව දක්‌නට පුළුවන. වැරැන්ඩාව විශාල ලෙස පළල්ව සකස්‌ කර ගන්නා නිවාස ම`ගින් ද මෙම අවස්‌ථාව නිවාසවලට සැපයීම තුළින් කාමරවලට නිසි අනුපාතයන්ට යටත්ව ජනෙල් නැතිකම හා ප්‍රමාණාත්මක නොවීම අද සුලභව දක්‌නට ලැබෙන දෝෂ කාරක අවස්‌ථාවක්‌ ලෙස හැදින්විය හැකිය. ටොයිලට්‌වලට ජනෙල් නැතිකම සහ තිබෙන වාකවුළු ඉතා කුඩාවට සකස්‌ කිරීම ද බොහෝ වශයෙන් දක්‌නට පුළුවන. ප්‍රධාන දොරට ගමන් කිරීමේදී ටොයිලට්‌ පිට්‌ස්‌ උඩින් යැමට හා ඒමට සිදුවන අවස්‌ථා බහුල ලෙස දක්‌නට පුළුවන. ඊසාණ දිශාවේ ටොයිලට්‌ස්‌ නූතන නිවාසවල බහුලව තැන්පත්වීම දක්‌නට පුළුවන. ද්වාර සටහන නිසිs පරිදි තබා නොගැනීම ලංකාවේ බහුල ලෙස දක්‌නට ලැබෙන ලක්‍ෂණයකි. වහළට යටින් තවත් වහළක්‌ ඉදිකිරීම විශාල වාස්‌තු වරදක්‌ වන නිසා ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුය. වැසි වතුර බිත්තිය අසළට වැටීම නිසා සෙවෙල කෑම නිසා වන පාළු ගතිය දක්‌නට ඇත නිවාස වැඩි බව පෙනේ. අනවශ්‍ය ලෙස කැටයම් කැපීම, දොරවල් තැබීම අද බහුල ලෙස දක්‌නට පුළුවන. තම ඉඩමෙන් මාර්ගය දමා නොගෙන වෙනත් ඉඩම්වලින් යැමට සහ ඒමට මාර්ගය සකස්‌ කර ගැනීම අද දක්‌නට හැකි තවත් ලක්‍ෂණයක්‌වේ.

ගෘහය ආශ්‍රිතව පැන න`ගින ගැටලු හා වාස්‌තු හා සම්බන්ධතාවය

දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඇනහිටීම.

බොහෝවිට ඊසාන දිශාවේ ටොයිලට්‌පිට්‌ස්‌,ටොයිලට්‌ සහ පාරයුක්‌ත වූ කල මෙවැනි ලක්‍ෂණ දැකිය හැක.

කොපමණ අස්‌කළද අස්‌ නොවූ සේ පෙනෙන අවස්‌ථා.

බ්‍රහ්මපාදය උඩ බැමි තිබෙන, අඩු ජනෙල් ප්‍රමාණයක්‌ තිබෙන, මිටිවූ වහළ සහිත නිවාස වල මෙම ලක්‍ෂණය දැකිය හැක. සිහින් දිගැටි නිවාසත්, ද්වාරයන් දෙකක්‌ තිබෙන නිවාසත් මේ ගනයට වැටේ.

අපිළිවෙල

නිවස ඇතුළත වාතාශ්‍රය මඳවීම, කාමර කුඩාවීම. කාමර මදිවීම, නිවාස ඇතුළත අපිළිවෙල ඇතිවීමට ප්‍රධාන හේතුවක්‌ වේ.

ඉවසීමක්‌ නොමැතිකම

මෙම ලක්‍ෂණය බොහෝදුරට වයඹ දිශාව හිස්‌වන නිවාසයන්හි දැකිය හැකි ලක්‍ෂණයකි.

බැඳීමකින් තොරවීම

නිරිත දිශාවේ ටොයිලට්‌ස්‌, කිචන්, කාර්පෝච් ඇති නිවාස වල මෙම ලක්‍ෂණය සුලභ ලෙස දක්‌නට පුළුවන. සාම්ප්‍රදායික සිතුවිලි නිසා ඔහුගෙ aඉදිරි ගමන මන්දගාමී ස්‌වරූපයක්‌ දක්‌නට හැක.

මුදල් නැතිකම සහ අගහිගකම

බොහෝදුරට ගිනිකොන දිශාවේ ඌණතාවයන් ගරාජය හෝ මුළුතැන්ගෙය නොවන ගෘහයන් මේ ගනයට වැටේ. ධාර්මික නොවීම ඊසාන දිශාව අඩුපාඩුකම් සහිත වීම. බ්‍රහ්මපාදය අපවිත්‍රව තබා ගන්නා නිවාස මේ ගනයට යටත් වේ.

දරුවන් නැතිකම

නිරිත දිශාවේ කුස්‌සිය, නිරි§ත දිශාවේ කාර්පෝචය, බ්‍රහ්මපාදය උඩබැම්මක්‌ තිබීම වැනි නිවාස වල දරුවන් නැති ලක්‍ෂණ ලෙස දැකිය හැක.

විවාහ ජීවිතය අසාර්ථක වීම

නිරිත දිශාවේ කාර්පෝචය සහ මුළුතැන්ගෙය පිහිටන නිවාස මේ ගනයට වැටේ.

උපන් මාසය අනුව ඔබගේ ස්වභාවය හා සෞඛ්‍ය තත්වය මෙන්න

ඔව්,මේක සම්පූර්ණ ඇත්ත. මිනිස්සු හිතුවෙ යම් කෙනෙක් උපන් මාසය තාරකා විද්‍යාත්මක දෙයක් විතරයි කියලා. නමුත් විද්‍යාඥයින් විසින් මෑතකදී කළ පර්යේෂණයකින් එය ඇත්තක් බව ඔප්පු කළා. අපේ ශාරීරික සෞඛ්‍ය තත්වය හා චරිතය අපගේ උපත් මාසය සමඟ හොඳින් සම්බන්ධ වෙන බවට එම පර්යේෂණ හරහා ඔප්පු වුණා. කෙනෙකු උපදින මාසය ඔහුගේ ශරීරයේ ඩොපීනයින් මට්ටමට බලපෑම් කරන අතරම හොඳ මනෝභාවයන් හා නරක මනෝභාවයන් ක්‍රියාත්මක වීමට උපාකාරී වන සෙරෝටෙනින් සහ හෝමෝන ක්‍රියාකාරිත්වයේ බලපෑම ද උපත් මාසය මත රදා පවතිනවා. දැන් කාලය නාස්ති නොකර අපි අනුපිළිවෙලට එක් එක් මාසයක් ගෙන එය පුද්ගලයා කෙරෙහි බලපාන ආකාරය විමසා බලමු. Continue reading “උපන් මාසය අනුව ඔබගේ ස්වභාවය හා සෞඛ්‍ය තත්වය මෙන්න”

තරුණියන් ඇන්දූ රුවන්වැලි සෑ පුදබිමේ දරුවන් පතා භාවනා කරන තරුණියන්ට දරුඵල ලබාදෙන අමුතු විදියේ කපුමහත්තයෙක්

අනුරාධපුර රුවන්වැලි මහ සෑ පුදබිම අප කාගේත් වන්දනාවට ලක්වන උතුම් පුදබිමක්. බොහෝ බෞද්ධයින් තමන්ගේ ඉල්ලීම් ඉටුකරගන්නට රුවන්වැලි සෑ සමිඳුන්ට විවිධ පුද පූජාද පවත්වනවා. එලෙස රුවන්වැලි සෑ පුදබිබේ දරුවන් ප්‍රාර්ථනා කරමින් භාවනාවේ යෙදුනු විවාහක තරුණියන්ට දරුඵල ලබා දෙන බව පවසා අමුතු විදියේ ප්‍රතිකාරයක් කල නොච්චියාගම ප්‍රදේශයේ කපුමහතෙකු ගැන තොරතුරු නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.

මහා බලසම්පන්න දේවාලයක් තිඛෙන බව පවසමින් විවාහක තරුණ කාන්තාවන් රවටා ‍නොචියාගම ‍පොලිස් වසමේ සිටින කාමාතුර කපුවෙකුගේ කාමාශාව සංසිඳුවා ගැනීමට රැගෙනයන සංවිධානාත්මක කාන්තාවන් පිරිසක් සිටින බව පසුගියදා අනාවරණය වී තිබුණා.

ඒ අනුව ඉතාමත් බලගතුයැයි කියන මෙම කපුවා සිටින දේවාලයට රුවන්වැලි සෑ සමිඳුන් අභියස දරුඵල පතා භාවනා කරන තරුණියන් සංවිධානාත්මක පිරිසක් විසින් රැගෙන ගොස් තිඛෙනවා.ඒ දරුඵල ලබාදෙන බවට පොරොන්දු වෙමින්. ඉන් අනතුරුවයි මෙම රැගෙන යන පිරිස විසින් මෙම තරුණියන් කපුවාගේ කාමාශාව සංසිඳුවා ගැනීම සඳහා ලබාදෙන්නේ.

මීට දින කිහිපයකට පෙරද දරුඵල අපේක්ෂාවෙන් සිටින තරුණියක් එම සිද්ධියට මුහුණ පා තිඛෙනවා. එසේම මෙම දේවාලය පවත්වාගෙන යන මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ක්‍රියාව සිදුකරගෙන ගොස් ඇති බවද වාර්තා වෙනවා.

මෙහි ආසන්නම සිදුවීම පසුගියදා වාර්තාවුනා. ඒ දරුවෙකු අපේක්ෂාවෙන් සිටි තරුණියක් තවත් කාන්තාවක් විසින් මෙම දේවාලය පිළිබඳව බවසා ඇයව එම දේවාලයට රැගෙන ගොස් තිඛෙනවා. එහිදී මෙම දේවාලයේ සිටින වංචනික කපුවා විසින් ඇයට සුළු වේලාවක් භාවනා කරන ලෙස පවසා තිඛෙනවා.

ඇය භාවනා කරන අතරතුරේ මෙම වංචනික කපුවා විසින් මෙම තරුණියගේ තෙල් වැනි යමක් ආලේප කර තිඛෙනවා. සුළු මොහොතකට පසු ඇයව සිහිසුන් වී තිඛෙනවා. ඉන් අනතුරුව මෙම කපුවෙක්යැයි කියාගන්නා කාමාතුරයා විසින් ඇයව තමන්ගේ ගොදුරක් බවට පත්කරගෙන සිටිනවා.

මෙලෙස මෙම කාමාතුර කපුවාගේ ගොදුරට ලක්වන තරුණියන් ලජ්ජාව නිසා මේ පිළිබඳව කිසිවෙකුට නොකියන නිසා මොහු බොහෝ කාලයක් තිස්සේ මෙම ක්‍රියාව ජයටම කරගෙන ගොස් තිබුනා. කෙසේ වෙතත් මෙවැනි වංචනික මිනිසුන් නිසා ඉතා කල්පනාකාරීව සහ විමසිලිවත්ව වත්මන් සමාජයතුල ජීවත් වීයයුතු වෙනවා.

පින්බර ඉල් පොහොය දිනය අදයි

ප්‍රථම ධර්ම දූත පිරිස ගමන් ආරම්භ කිරීම
තුන්බෑ ජටිලයන් දමනය කිරීම.
මෛත්‍රීය බෝසතුන් නියත විවරණ ලැබීම.
සැරියුත් හිමියන් පිරිනිවන් පෑම.
කඨින චීවර මාසයේ අවසන් දිනයයි.

ඓතිහාසික වාග් විද්‍යාවේ මූලධර්මයන්ට අනුව සිහිල් යන වචනයේ මුල් ‘ස’ කාරයත් පිහිල් යන වචනයේ මුල් ‘ල’ කාරයත් ලොප් වී නොහොත් භාවිතයේ උච්ඡාරණය සදහා හැලී ගොස් ඉහිල් වී පසු කාලයේදී හි කාරයද හැලී ගොස් ඉල් බවට පත්වූ බව සිතිය හැකි බව විද්වතුන්ගේ අදහසයි. උතුරු දඹදිව සරත් සමය අවසානයත් හේමන්තය ආරම්භයත් යන දෙකම සිදුවන වකවානුව බැවින් ඉතාම සෞම්‍ය දේශගුණයක් ඇති වකවානුවක් ලෙස හැදින්විය හැකිය.
ඉල් පොහොය ඉතාම වැදගත් වන්නේ ප්‍රථම ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරන කටයුතු සදහා පිටත්ව යෑමයි.
ප්‍රථම රහත් සැට නම ඇමතූ බුදුපියාණන් වහන්සේ ර්‍ණචරත භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය…” ආදී වශයෙන් ර්‍ණ පින්වත් මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස බොහෝ දෙනාට සැප පිණිස, පොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, චාරිකාවේ හැසිරෙව්…” යනාදී වශයෙන් අනුදැන වදාල සේක. එතැන් පටන් ලොව්තුරු සදහම් ගග බොහෝ දන හිතසුව පිණිස ලෝ පුරා ගලා බසින්නට පටන් ගැනිනි. එවන් මහා සුවයක් සැදූ පින්බර දිනය ඉල් පෝ දිනය වන්නේය.

මිසදිටු උරුවෙල් කාශ්‍යප ශිෂ්‍යන් පන්සියයක් පිරිවරා උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ ආරාමයක් තනවාගෙන සිටියේය. ඔහුගේ මලනුවන් වන නදී කාශ්‍යප හා ගයා කාෂ්‍යපයන්ද පිලිවෙලින් තුන්සියයක් හා දෙසීයක් අනුගාමිකයන් සමග ජීවත් විය. උරුවෙල් කාශ්‍යපයන් සිතාගෙන සිටියේ තමන් රහතන් වහන්සේ නමක් ලෙසයි. කෙතරම් මිසදිටු සිත් ඇත්තේ වී නමුත් පෙර භවයන්හි සිදුකල මහ පින්කම් නිසා ලොව්තුරු සුව ලැබීමට තරම් වාසනාවක් ඇත්තකු බව ලොව්තුරා බුදුහිමියන් දුටු සේක. බුදුපියාණන් වහන්සේ නොයෙක් අයුරින් ප්‍රාතිහාර්යයන් පාමින් ක්‍රමයෙන් උරුවෙල් කාශ්‍යපයන්ට සත්‍යයේ මග විවර කල සේක. ඒමග යමින් ඔහුගේ අනුගාමිකයන්ද ලොව්තුරු මගට පිලිපන්නාහ. ඒබ ව ඇසූ නදී හා ගයා කාශ්‍යපයෝද සිය අනුගාමිකයන් සමග පැමිණ ලොව්තුරු දම් සුවෙන් සැනසුනාහුය. එවන් මහා පිරිසක් ලොව්තුරු දහමින් සැනසුන පින්බර ඉල්පෝ දිනය අදයි. Continue reading “පින්බර ඉල් පොහොය දිනය අදයි”

උල්කාෂ්මයක කොටසක් දික්වැල්ලෙන් හමු වෙයි

දකුණේ ප්‍රදේශ ගණනාවකට විශාල ශබ්දයක් නංවමින් පුපුරාගිය උල්කාශ්මියේ කොටසක් පිළිබඳව දික්වැල්ල පොලිස්වසමෙන් වාර්තාවෙයි.  

එම උල්කාශ්මයේ කොටසක් වලස්ගල ප්‍රදේශයේ නිවසක වහලය මත ඇතැයි යන තොරතුරු මත ආගන්තුක පාෂාණ කොටසක් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට ආතර් සි. ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් මේ වනවිට එම ප්‍රදේශයට ලඟාවෙමින් සිටින බවද වාර්තාවේ. Continue reading “උල්කාෂ්මයක කොටසක් දික්වැල්ලෙන් හමු වෙයි”