සෝමවංශ අමරසිංහගේ පක්‍ෂය පොහොට්ටුව සමග සන්ධාගත වේ

සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් බිහි වූ ජනතා සේවක පක්ෂය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධාන ගතවීමට කැමැත්ත පල කර ඇත. Continue reading “සෝමවංශ අමරසිංහගේ පක්‍ෂය පොහොට්ටුව සමග සන්ධාගත වේ”

ගුවන් තොටේදී ගෝටා රදවා ගනී.. පොලීසියෙන් ප‍්‍රශ්න කරයි

ගෝටාභය රාජපක්‍ෂ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කටුනායක ගුවන්තොටුපලේදී පැය කිහිපයක් තිස්සේ පොලීසිය විසින් ප‍්‍රශ්ණ කිරීමට ලක් කර තිබේ. Continue reading “ගුවන් තොටේදී ගෝටා රදවා ගනී.. පොලීසියෙන් ප‍්‍රශ්න කරයි”

අඹ ගෙඩි තුනකට හිරේ ගිය මව දැක ජනපති DIGට දෙහි කපයි. පොලිස් ස්ථානධිපතිටත් දඩුවමක්

පසුගිය 09 වැනිදා උදෑසන අසල්වැසි නිවසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් මා කඩා ගැනීම සදහා පැමිණි මවක් එම ගෙදර නිවැසියන්ගේ පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබුවා. Continue reading “අඹ ගෙඩි තුනකට හිරේ ගිය මව දැක ජනපති DIGට දෙහි කපයි. පොලිස් ස්ථානධිපතිටත් දඩුවමක්”

හිරුණිකාට රත්මලාන නිල වශයෙන් ලැබේ

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක තනතුරකට අද (18) පත්කරනු ලැබුවා.

ඒ,රත්මලාන ආසන සංවිධායකවරිය ලෙසයි. Continue reading “හිරුණිකාට රත්මලාන නිල වශයෙන් ලැබේ”

මා ගැන බොරු ප්‍රකාශ කළ රන්ජන් ඇතුළු පිරිසට අපහාස නඩු දමනවා – ශෂී වීරවංශ

තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක ඇතුළු කීපදෙනකුට එරෙහිව ඉදිරියේදී අපහාස නඩු පවරන බව ශෂී වීරවංශ මහත්මිය ඊයේ (17 දා) පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ කොළඹ පුස්‌තකාල සේවා මණ්‌ඩලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේ සිටියදී 2016 ඔක්‌තෝබර් 25 වැනිදා අභිරහස්‌ ලෙස මියගිය 28 හැවිරිදි ලහිරු ජනිත් නමැති තරුණයාගේ මරණය ස්‌වාභාවිකව හෘදයේ ඇති වූ රෝගී තත්ත්වයක්‌ මත සිදුවුවක්‌ බවත් එය මිනීමැරුමක්‌ නොවන බවට කඩුවෙල මහෙස්‌ත්‍රාත් ප්‍රසන්න අල්විස්‌ මහතා පසුගියදා තීන්දුවක්‌ ලබාදුන් බවත් සත්‍ය ගවේෂණ සංගමයේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා එහිදී පැවසීය. Continue reading “මා ගැන බොරු ප්‍රකාශ කළ රන්ජන් ඇතුළු පිරිසට අපහාස නඩු දමනවා – ශෂී වීරවංශ”

මරණ තර්ජන නිසා බැඳුම්කරයේ සාක්‍ෂිකාරිය රට හැර යයි

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාට කොල්ලුපිටියේ මොනාක්‌ සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක්‌ බදු දීම සම්බන්ධයෙන් තොරතුරු රැසක්‌ බැඳුම්කර ජනාධිපති කොමිසමට හෙළි කරමින් සාක්‍ෂි දුන් එම නිවසේ හිමිකාරිය වූ අනිකා විඡේසූරිය මෙනෙවියට සහ ඇයගේ පවුලේ අයට හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ පවුලේ සමීප හිතවතකුගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බවත් මේ හේතුවෙන් අනිකා විඡේසූරිය මෙනෙවිය රට හැර ගොස්‌ ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඊයේ (17 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය. Continue reading “මරණ තර්ජන නිසා බැඳුම්කරයේ සාක්‍ෂිකාරිය රට හැර යයි”