අගමැති හොරු රකිනවාට විශ්වාසභංගයක්‌ ගෙනාවොත් ජවිපෙ සහාය දෙනවා – අනුර කුමාර දිසානායක

වංචා දූෂණ සහ හොරු ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාට චෝදනා එල්ල කරමින් ඔහු අගමැතිධුරයේ නිසියාකාරව කටයුතු නොකිරීම පිළිබඳව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එනවා නම් ජනතා විමුක්‌ති පෙරමුණ එයට සහාය දීමට සූදානම් යෑයි අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28දා) ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද ප්‍රකාශ කළේය.
Continue reading “අගමැති හොරු රකිනවාට විශ්වාසභංගයක්‌ ගෙනාවොත් ජවිපෙ සහාය දෙනවා – අනුර කුමාර දිසානායක”

තාරුණ්‍යයට නව මාවතක් – යොවුන් පුරය මෙවර කුරණෑගලදී – පුරපති ලෙස නිල් බලකායේ රුවන් සුදේශ්

ජාතිත තරුණ සේවාව සභාව මගින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැන්වෙන ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් ට නායකත්ව පුහුණුව, කණ්ඩායම් ක්‍රියාකාරකම්, නිපුනත්වය, විශ්වසනීයත්ව ය ලබා දෙන විශාලතම කඳවුරු අද්දැකීම වූ යොවුන් පුරය මෙවරද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ජාතිත තරුණ සේවා සභාව පවසයි.

මෙවර නැවුම් අත්දැකීම් කිහිපයක් ද මේ සදහා එක්කිරීමට අද (03) ජාතිත තරුණ සේවා සභා පරික්ෂයේදී පැවති තරුණ නායක හමුවේදී යෝජනා වූ බවද පැවසේ . මෙවර යොවුන් පුරයේ පුරපති ලෙස රුවන් සුදේශ් නැමති තරුණ නායකයා ජාතිත තරුණ සේවා සභාවේ සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ විසින් නිර්දේශකොට ඇත. නමුත් සම්ප්‍රධාය වනුයේ යොවුන් පුර නගර සභිකයන්ගේ ජන්දයෙන් මෙම පුරපති පත්කල යුතුව තිබීමයි. Continue reading “තාරුණ්‍යයට නව මාවතක් – යොවුන් පුරය මෙවර කුරණෑගලදී – පුරපති ලෙස නිල් බලකායේ රුවන් සුදේශ්”

එජාපය සමග ආණ්ඩු කරන හා විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප ඇමති ලයිස්තුව මෙන්න

පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල සමඟ ආණ්ඩුවේ පැවැති ඇති අර්බුදය ක්‍රමයෙන් පහ වී නැවත වරක් සියල්ලම අගමැති රනිල් වික්‍රමසිංහ සහ සිරිසේන ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි අවසන් වෙමින් පවති.

ඒ අනුව බොහෝ දුරට එජාප සමඟ ශ්‍රිලනිප ජාතික ආණ්ඩුව පවත්වාගෙන යෑමට විරුද්ධ වූ කොටස් ඔහුන් විසින්ම පාලනය කර ගෙන ඇති අතර කිහිප දෙනෙකු හැරුණු කොට අනිකුත් සියලු දෙනාම සුපුරුදු පරිදි අමාත්‍ය ධූරයන් හි ඇති සුඛෝපභෝගි පහසුකම් භුක්ති විදිමින් ඉදිරි වසර 2 ක් එසේ යෑමට තීරණය කර ඇති බැව් ප්‍රධාන පක්ෂ දෙකටම සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. Continue reading “එජාපය සමග ආණ්ඩු කරන හා විපක්‍ෂයට යන ශ‍්‍රීලනිප ඇමති ලයිස්තුව මෙන්න”

තනි එජාප ආණ්ඩුවක් – දයාසිරි, කරු ඩීල් එකක?

තනි එජාප ආණ්ඩුවක්

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් තනි UNP ආණ්ඩුවක් හදන ලෙස අගමැතිවරයා වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ඊයේ සවස ජනාධිපතිවරයා හා පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, එක්සත් ජාතික පක්ෂ ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා හා එකග වුවද පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හා අගමැතිවරයාට සමීපතමයින්ගේ දැඩි බලපෑම හමුවේ අගමැතිවරයා දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් එම නිසාම තනි ආණ්ඩුවක් ගොඩනැගීමේ යෝජනාව පිළිබදව සලකා බැලීමට අගමැතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. මෙය 11 වනදා ජනාධිපතිවරයා හා ඇති වූ එකගතාවය බිදදැමීමක් බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

දයාසිරි, කරු ඩීල් එකක?

දයාසිරි ජයසේකර ඇමතිවරයා අද උදෑසන ඔහුගේ මාධ්‍ය ආයතනයක හිමිකරු මිත්‍රයෙකු සමග බැසිල් රජපක්ෂ හමුවී එක්වීමට කමැත්ත පළ කර ඇතත් බැසිල් රාජපක්ෂගෙන් ලැබුණු අසුභදායී ප්‍රතිචාරය හමුවේ අධෛර්යමත්වී පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය යටතේ සියලු පක්ෂ එකතු කරගෙන අන්තර් භාරකාර ආණ්ඩුවක් ගොඩනගමු යැයි ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ. එම යෝජනාවද ජනාධිපතිවරයා සලකාබලමින් සිටින බව වාර්තා වේ. ඒ පිළිබදව කරු ජයසූරිය මහතාගේ ප්‍රතිචාරය පිළිබද තොරතුරු විමසීමට උත්සාහ කළද ඔහුගේ කාර්යාලයේ කිසිවෙකුත් ඒ සදහා ප්‍රතිචාර නොදැක්වීය.

එසේම දයාසිරි ජයසේකර ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ වී මැති ඇමතිවරුන් සමග මේ පිළිබදව විවෘතව සාකච්ඡා කරන බව එම පක්ෂයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඉදිරි පැය 24 තුළ විශේෂ සිදුවීම් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිදුවන බවට පෙර නිමිති පහලවෙමින් තිබේ.

ආණ්ඩු පරාජයේ වගකීම ජීවන වියදම් කමිටුවේ ප්‍රධානියා මලික් මතට

පළාත් පාලන මැතිවරණයේදී හවුල් ආණ්ඩුවේ පක්ෂ දෙකම ජනතාව ප්‍රතික්ෂේප කිරීමට මූලිකවම බලපෑ හේතුව වන්නේ ජීවන වියදම ඉහලයාම පාලනය නොකිරීම බවට මේවන විට එජාප හා ශ්‍රීලනිප අමාත්‍යවරුන් බහුතරයකගේ මතයවී ඇතැයි වාර්තා වේ.


ඒ තත්ත්වයට ජීවන වියදම් කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අමාත්‍ය මලික් සමරවීර මහතා වගකිවයුතු බවට ද ඔවුන්ගෙන් චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, මේවන විට වැඩිවූ ජීවන වියදම සම්බන්ධයෙන් සොයා බලා හැකි උපරිම සහන ජනතාවට මුදා හැරීමට නව මුණුවරකින් කටයුතු කළ යුතු බවට එජාප නායකත්වයට යෝජනා කිරීමට පසුපෙළ මන්ත්‍රීවරුන් සූදානම් වන බවද පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සමරවීර මහතා සැබෑ දත්ත කැබිනට්ටුවට මෙන්ම පක්ෂ නායකත්වයටද ලබාදී නැති බවටද මේවන විට එජාල පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ලවී තිබේ.

 

ගෝඨා මවුබිමට

විදේශගතව සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන මවුබිමට පැමිණියා, ඒ ඔහු පෞද්ගලික අවශ්‍යතාවයක් සදහා සිදු කළ ඇමෙරිකානු සංචාරය නිමා කරමින්.

පළාත් පාලන මැතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂ සහය දුන් පොදුජන පෙරමුණ බහුතර පළාත් පාලන ආයතන ගණනක බලය තහවුරු කර ගනිමින් ජයග්‍රහනය කළ අතර සැම දෙනාගේම අවදානය යොමුව තිබෙන්නේ 2020 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කෙරෙහියි.

Continue reading “ගෝඨා මවුබිමට”

ජනපති හෙට ජාතිය අමතයි – රනිල් බහුතරය පෙන්නා ලග ලගම දේශපාලන පෙරලියක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට (13) දිනයේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එහිදී යහපාලන සම්මුති ආණ්ඩුවේ ඉදිරි කටයුතු මෙන්ම වත්මන් කැබිනට් මණ්ඩලය සම්බන්ධවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානය සම්බන්ධවත් තීරණාත්මක කරුණු කිහිපයක් පිළිබඳ ජනාධිපතිවරයාගේ මතය හෙළිකිරීමට සුදානමක් ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.


ජනාධිපති උපදේශකයින්ගේ තීරණය

මේ අතර 2015 ජනවාරි 08 ජනවරම තුළ ලබාදුන් මුලික පොරොන්දු කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඉදිරි වසර දෙකක කාලය කටයුතු කළ යුතු බවට ජනාධිපති උපදේශකයින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.

එහිදී ආණ්ඩුව තුළ ජනාධිපතිවරයා ස්වාධීනව කටයුතු කළ යුතු බවත් ජනවාරි 08 පොරොන්දු අනුව දුෂිතයන්ට දඬුවම් කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස්කරදීම ඇතුළුව දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් මැදිහත්විය යුතු බවට ජනාධිපති උපදේශකයින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවද වාර්තා වෙයි.

එසේම වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතාව තුළ තිබෙන බරපතලම කළකිරීම වන්නේ දුෂිතයන් අල්ලන බවට වූ පොරොන්දුව වසර තුනක් යනතුරු ඉටුනොකිරීම බවත් ඒ හේතුවෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ පැහැදිළි සංවාදයක් සිදුකර දුෂිතයන්ට එරෙහිව කටයුතු කිරීම අධෛර්යමත් කරන පාර්ශව එම කටයුතු වලින් ඈත් කළයුතු බවද ඔවුන් දැනුම්දී ඇත.

සාගල සහ මලික්ගේ තනතුරු වෙනසක්

තවද අමාත්‍ය මලික් සමරවීරගේ ප්‍රධානත්වයෙන් තිබෙන ජීවන වියදම් කමිටුව වෙනත් අමාත්‍යවරයෙකු වෙත හෝ ජනාධිපතිවරයා යටතට ගැනීමත් නීතිය සහ සාමය අමාත්‍යධූරය දරන සාගල රත්නායක වෙත වෙනත් අමාත්‍යාංශයක් ලබාදිය යුතු බවටද උපදේශකයින් ජනාධිපතිවරයා දැනුවත් කර ඇත. එසේම ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව අපහසුතාවට පත්කරණ අමාත්‍යවරුන්ගේ ලැයිස්තුවක්ද මේ වන විට ජනාධිපතිවරයා වෙත ලබාදීමට ජනාධිපති උපදේශකයින් කටයුතු කර ඇති අතර එම එක් එක් අමාත්‍යවරුන්ට අදාළ නිර්දේශද එම වාර්තාවේ අඩංගු බව දැනගන්නට ඇත.

වැඩ නොකරන අයට යන්න කියන්න

තවද පසුගිය වසර තුනක කාලය තුළ සියළු අමාත්‍යංශ වල කාර්යසාධන වාර්තාවක් කැඳවා ඇති බවත් කාර්ය සාධනය දුර්වල අමාත්‍යංශ සම්බන්ධ විෂය මාරු කිරීම් සහ අමාත්‍යධුර අහිමිකිරීම ඇතුළුව රැඩිකල් තීරණ රැසක් යෝජිත කැබිනට් සංශෝධනයේදී සිදුකිරීමටද උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව තවදුරටත් රාජපක්ෂ රෙජීමය නඩත්තු කරමින් ආණ්ඩුව දුෂ්කරතාවට පත්කරණ අමාත්‍යවරුන්ට සිය ධූර වලින් ඉවත්ව එම පාර්ශවයට එක්වෙන ලෙස හෝ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට නිර්දේශ කළ යුතු බවටද ජනාධිපති උපදේශකයින් ජනාධිපතිවරයා දැනුවත් කොට ඇති බව වාර්තා වෙයි.

සිවිල් සංවිධාන වෙතින් පණිවිඩයක්

මේ අතර 2015 ජනවාරි 08 ජනවරම වෙනුවෙන් ජනාධිපතිවරයාට සහය දැක්වූ සිවිල් සංවිධාන ඇතුළු සමාජ ක්‍රියාකාරීන් ජනාධිපතිවරයා වෙත යෝජනා මාලාවක් යොමුකර ඇති බවද වාර්තා වෙයි.

එහිදී ඔවුන් දැඩිව අවධාරණය කර ඇත්තේ ජනාධිපතිවරයා තම පක්ෂය තුළ සිටින රාජපක්ෂ හිතවාදීන් වෙතින් ප්‍රවේශම් විය යුතු බවත් ජනවාරි 08 ජනවරම අනුව ඉදිරියේදී කටයුතු කිරීමට ජනාධිපතිවරයා සුදානම් නම් අඛණ්ඩව තම සහය ජනාධිපතිවරයාට ලබාදෙන බවය.

රනිල් බහුතරය පෙන්නන්න යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමෙන්තුවේ තමාට වැඩි බහුතරයක් ඇති බව පෙන්වීමට සියල්ල සූදානම්කරමින් සිටින බව අගමැති කාර්යාල ප්‍රකාශකයකු කියා සිටියේය.

ඒ මහතා අද (12) පස්වරුවේදී මේ සම්බන්ධයෙන් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පැවසේ.

ඇමැතිධුර 30ක් එක්ක වැඩේ කරන්න

එසේම කිසිවෙකුත් බලෙන් ආණ්ඩුවේ තබාගන්නට කටයුතු නොකළ යුතු බවත් ඉදිරි වසර දෙකක කාලය තුළ අමාත්‍යවරුන් 30කින් යුතුව සක්‍රීය කැබිනට් මණ්ඩලයක් හරහා යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහොත් 2020 දී විශිෂ්ට ජනවරමක් ලැබීම දුෂ්කර නොවන බවද ඔවුන් ජනාධිපතිවරයාව දැනුවත් කොට ඇති බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සංධානය

මේවන විට එජාපයට මන්ත්‍රී ආසන 106ක් තිබේ. ඒ අතර දෙමළ ජාතික සංධානය එජාපයට සහය දැක්වීමට ද එකඟතාවය පලකර ඇති බව පැවසේ.

කෙසේවුවද, දෙමළ ජාතික සංධානය එජාපය හා ආණ්ඩු කිරීමට සම්බන්ධ නොවන බවද වාර්තා වේ.

එජාපය සතු පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන අතර අතුරලියේ රතන හිමියෝද සිටිති.

UNPය රවිත් එලෙවුවා – මෛත්‍රීත් මැච්එකක් ගහනවා මෙහෙම ගියොත් අපි පරදිනවා – ඩලස් මහින්දට කියයි

එකසත් ජාතික පක්ෂයේ මහ ලේකම් කභිර් හසීම් මහතා දුෂණ චෝදනා එල්ල වූ රවී කරුණානායක මහතා නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය සමඟ ඩලස් අලහප්පෙරුම මහතා මහින්ද රාජපක්ෂ මහතා හමුවේ ප්‍රකාශයක් කර තිබේ.

ඉදිරියේදී දේශපාලන වේදිකාව තුල අපි ඉතාමත් පහත තැනකට වැටීමට ඉඩ තිබෙනවා. ප්‍රධාන හේතුව මෛත්‍රී රැගෙන යන හොරුන්ට දුශිතයින්ට විරුද්ධව එකතු කරන ජන රැල්ල. ඒක ජනතාව පිළිගන්නවා. ඒ සංකල්පයෙන් UNPයටත් හානි වන නිසා රවී ඉවත් කරලා UNPය පිරිසිදු ලේබල් එක ගහගන්න යන්නේ. එහෙම වුනොත් ලැජ්ජා වෙලා හිතපු UNP කාරයෝ හිත හදාගෙන ඇවිත් චන්දය දෙන්න පුළුවන්. ජේ වී පී සෙට් එකෙත් දුෂණ චෝදනා තියන අය ඇත්තේ නැහැ. මේ කට්ටිය දිගින් දිගටම අපිට හොරු දුශිතයෝ කියල ගහනවා. හේතුව අපි කවදාවත් හොරෙකුට දුශිතයෙකුට දඬුවමක් දීල නැහැ. එක අපිට නරකට හිටිනවා. රෝහිත, මහින්දානන්ද, ප්‍රසන්න රණතුංග ගැන කියන ප්‍රතිචාර එච්චර හොඳ නැහැ. Continue reading “UNPය රවිත් එලෙවුවා – මෛත්‍රීත් මැච්එකක් ගහනවා මෙහෙම ගියොත් අපි පරදිනවා – ඩලස් මහින්දට කියයි”

ඇමති ජෝන් පොලිසියේ වාහන හොරකමක – පොලිස්පති නිදි ද ?

පොලිස්පතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි….

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ භාවිතය උදෙසා ගෙන්වන ලද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට අයත් KS-1499 දරණ ටොයොටා ලැන්ඩ් කෘසර් ජීප් රථය මේ වන තුරුත් එම අමාත්‍යංශයේ හිටපු ඇමැති ජෝන් අමරතුංගගේ ලේකම්වරයකු භාවිත කරන බැව් පැවසේ.

ලාල් රත්නායක නම් අදාළ ලේකම්වරයා කලක් භාවිත කර මේ වනවිට විශ්‍රාමික පොලිස් පරික්ෂක වරයෙකු වන ප්‍රේමදාස නැමැත්තෙක් භාවිත කරන පව පැවසේ.

පොලිස් දෙපාර්තමේන්තුව මෙම රථය තමන්ට භාර දෙන ලෙස ඉල්ලා ඇතත්, එය පවරාදිම ප්‍රතික්ෂේප කරන බැව් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ වන විට එම ජීප් රථය ඇමැති ජෝන් අමරතුංගගේ සංචාරක අමාත්‍යංශයට අනියුක්ත කරගෙන ඇතැයි ද පැවසේ.

නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පොලිසිය හරහා මෙම ජිප් රිය තම අමාත්‍යංශයට ලබා දෙන ලෙස කෙරෙන ඉල්ලීම් නොසලකා හරිමින් ඇමැති ජෝන් අමරතුංග කටයුතු කරන බැව් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග හෙට දවස වෙනුවෙන්

දූෂණයට සහ දූෂිතයන්ට විරුද්ධව රටේ සහ ජනතාවගේ හෙට දවස වෙනුවෙන් තමා විසින් ක්‍රියාමාර්ග ගන්නා විට එවැනි පිරිස් එක් කඳවුරකට පැමිණ තමාට පහර දෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. පක්ෂ, පාට භේදයකින් තොරව දූෂිතයන් සන්ධාන ගතවන බව පෙන්වාදෙන ඒ මහතා තුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද කුමන තනතුරක සිටිය ද දූෂිතයන්ට, වංචනිකයන්ට එරෙහිව තමා ක්‍රියාමාර්ග ගන්නා බවද එවැනි අවස්ථාවල දී දූෂිත දේශපාලඥයන් කෙරෙහි නොව රටේ මහජනතාව කෙරෙහි තමා විශ්වාසය තබන බවද සහන් කරයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ ජනාධිපති නිල නිවෙසේ දී ඊයේ (31) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අඳහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මීට පෙර තමා සිටි ස්ථානයේ පැවැති අන්ත දූෂිත තත්ත්වය හේතුවෙන් එම ආණ්ඩුවෙන් එළියට පැමිණි බවත් නව ආණ්ඩුවක් පිහිටුවා ගත් පසුව එතැනද දූෂණය සිදුවනවා නම් ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගත නොහැකි බවත්ය. පසුගිය යුද ජයග්‍රහණයෙන් පසුව පැහැදිලි ලෙස නිදහස් හා සාධාරණ සමාජයක් රටේ ජනතාව විසින් අපේක්ෂා කළද යුද්ධයෙන් පසුව මිනිස් ඝාතන, මාධ්‍යවේදීන් පැහැර ගැනීම, මාධ්‍ය ආයතන ගිනිබත් කිරීම ආදී ක්‍රියාවන් ඉහළ ගොස් තිබෙන බවද පෙන්වා දුන්නේය. Continue reading “දූෂණයට එරෙහි ක්‍රියාමාර්ග හෙට දවස වෙනුවෙන්”