විජිතපුර පුරාවස්‌තු විනාශයට ඉඩදුන් නිලධාරීන්ට නීතිය තදින් – ඇමැති විජයදාස කියයි

“ඉපලෝගම ප්‍රාදේශීsය ලේකම්වරියත්, ග්‍රාම නිලධාරියාත්. නිවාස අධිකාරියේ නිලධාරීනුත් කිසිම සොයා බැලීමකින් තොරව බැලුම්ගල ඉඩම, නිවාස සැදීමට ලබාදී තිබෙනවා. ඒ අනුව තරාතිරම නොබලා පුqරාවිද්‍යා පනත අනුව සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පසුගිය 18 දා පොලිසියට උපදෙස්‌ ලබා දුන්නේය.

විජිතපුර. පූගොල්ලාගම, බැලුම්ගල අවට පුරාවස්‌තු ඩෝසර් කර ඇති අයුරු නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

පුරාවිද්‍යාත්මක උරුමයන් එක්‌ ජන කොටසකට, ආගමකට, ජාතියකට අයිති නැහැ. මේ පුරාවස්‌තු සියලුම දෙනාටම පොදු අයිතියි. පුරාවස්‌තු විනාශ කරන අයට, අනුබල දෙන අයට කිසිම අනුකම්පාවක්‌ දක්‌වන්නේ නැහැ. ඒ අයට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙනවා. අවසර නැති ප්‍රදේශයට ඇතුල්වෙලා පුරා වස්‌තු විනාශ කර තිබෙනවා. ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ කරන්න පොලිසියට දැනුම් දුන්නා. අදාළ නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයට දැන්වූවා.
Continue reading “විජිතපුර පුරාවස්‌තු විනාශයට ඉඩදුන් නිලධාරීන්ට නීතිය තදින් – ඇමැති විජයදාස කියයි”

මහින්ද – ගෝඨා රට විපතට ඇද දමනවා – මංගලගෙන් චෝදනාවක්‌

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට යළිත් ‘විපත් මගට’ ඇද දැමීමේ මහත් උත්සාහයක නිරත වී සිටින්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.

වසර දහයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ඥාති – ගජ – මිතුරු ආර්ථීක ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශ මුඛයට ඇද දැමුවා. රාජපක්‌ෂ යුගයේදී මුළු රට තුළම සුදු වෑන් සංස්‌කෘතියක්‌ බිහි කරමින් ඇති කළ මහා භීෂණයෙන් ජාත්‍යන්තර වශයෙන් ද රට හුදෙකලා වුණා. හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා රට නැවත වාරයක්‌ ‘විපත් මගට’ ඇද දැමීමේ මහත් උත්සහයක නිරත වන බව පෙනේ.
Continue reading “මහින්ද – ගෝඨා රට විපතට ඇද දමනවා – මංගලගෙන් චෝදනාවක්‌”

හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ මිලියන 64ක අල්ලස් නඩුවේ සාක්ෂි කැඳවයි

2015 අප්‍රේල් සහ ජූනි මාස අතර කාලය තුළ මොරටුව උයන පාරේ අංක 66/12 පදිංචි ජෙහාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයකුට මීතොටමුල්ල පාරේ අංක 251/9 දරන ස්ථානයේ පිහිටි අක්කර දෙකක ඉඩමක් බහාලුම් පර්යන්තයක් සහ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා කුලී පදනම මත බස්නාහිර පළාත් සභාවට ලබාදීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කර ගොඩකිරීම සඳහා මිලියන හැට හතරක මුදලක් ඉල්ලා මිලියන පහළොවක මුදලක් ලබාගත් බවට හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් ස්ටෙලා රණතුංග යන අයට එරෙහිව පවතින චෝදනාවට අදාලව විත්තිකරුවන් පසුගියදා(17) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ පෙනී සිටියහ.
Continue reading “හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ මිලියන 64ක අල්ලස් නඩුවේ සාක්ෂි කැඳවයි”

කතානායකවරයා රහස් පොලීසිය හමුවට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඔහුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඊයේ(18) විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

පෙර දැනුම් දී තිබූ පරිදි රහස් පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කතානාකවරයාගේ නිල නිවසේදී මෙම ප්‍රශ්න කිරීම ඊයේ සවස සිදු කර තිබේ. Continue reading “කතානායකවරයා රහස් පොලීසිය හමුවට”

මිලියන 6ක් හොර පාරෙන් දෙන්න ගිය සංචාරක රොඩ්‍රිගෝ..

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 6ක් සිය සොහොයුරාගේ සමාගමකට ගෙවීමට උත්සාහ කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යවරයාගේ උපදේශකයෙකු බව කියන ෆීලික්ස් රොඩ්‍රිගෝ නැමැත්තාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මෙම විමර්ශනය ඇරඹී ඇත්තේ මෙම පුද්ගලයා පිළිබඳ සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ හිටපු සභාපති උදය නානායක්කාර මහතා විසින් රජයේ ප්‍රධානීන්ට පැමිණිලි කිරීමෙන් පසුව බව ද දැනගන්නට තිබේ. Continue reading “මිලියන 6ක් හොර පාරෙන් දෙන්න ගිය සංචාරක රොඩ්‍රිගෝ..”

සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ.

ජාත්‍යන්තර කටයුතු හා සබඳතා පිළිබඳ තිස් වසරකට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඉකුත් වසර දෙකේදී ( 2016 – 2018 දක්වා) රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වරයා වශයෙන් කටයුතු කළේය.
Continue reading “සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !”

මිරිස්සේ සිද්ධියට ඇමති සාගල මැදිහත්වේ

මිරිස්ස ප්‍රදේශයේ සියලුම හෝටල් සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතු බවත්, මත්පැන් සහ ශබ්ද විකාශන බලපත්‍ර නීති 100% ක්‍රියාත්මක කළ යුතු බවට අමාත්‍ය සාගල රත්නායක මහතා නියෝග කොට ඇත.

ඒ පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී විදේශකයින් පිරිසකට එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධවූවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ ඊයේ (19) මාතර, කඹුරුගමුවේදී පැවති සාකච්ජාවකට එක්වෙමින්. Continue reading “මිරිස්සේ සිද්ධියට ඇමති සාගල මැදිහත්වේ”

කාෂ්මීරයට දුන් පොරොන්දුව නාමල් ඉටුකරයි.

කාශ්මීරයේ කාන්තා රග්බි ක්‍රීඩාව නැංවීම සඳහා හිටපු රග්බි ක්‍රීඩකයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ.

කාශ්මීරයේ කාන්තා රග්බි කණ්ඩායමක් සිය ක්‍රිඩා කටයුතු සඳහා උපකාර ඉල්ලන බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග නාමල් රාජපක්ෂ මහතා ඒ සඳහා උපකාර කිරීමට ඉදිරිපත්විය.
Continue reading “කාෂ්මීරයට දුන් පොරොන්දුව නාමල් ඉටුකරයි.”

විජේදාස විදෙස් අමාත්‍යධුරය එපා කියලා

යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාලව අමාත්‍යවරුන් නම් කිරීමේදී එක්සත් ජාතික පක්ෂය වෙතින් යලිත් අමාත්‍යධුරයක් වෙනුවෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ වෙත යෝජනා වූ කැබිනට් අමාත්‍යධුරය ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත යෝජනා වී ඇත්තේ විදේශ අමාත්‍යංශය වන අතර ඔහු එකහෙළා එය ප්‍රතික්ෂේප කර ඇත.
Continue reading “විජේදාස විදෙස් අමාත්‍යධුරය එපා කියලා”

ඤාණසාර හිමි ජපාන ගියේ ජනාධිපති ධුත පිරිස සමගද?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ දිනවල නිරතව සිටින ජපාන නිල සංචාරයේ ධුත පිරිස අතරට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුලත්ව ඇතැයි පලවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ බව සදහන් කරමින නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.
Continue reading “ඤාණසාර හිමි ජපාන ගියේ ජනාධිපති ධුත පිරිස සමගද?”