දකුණේ පාසල් පාතාලය ගැන ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් ප්‍රබල හෙළිදරව්වක්

මාතර, අකුරැස්‌ස සහ තිබ්බොටුවාව ප්‍රදේශයේ සමහර පාසල්වල සිසුන් පාතාල සාමාජිකයන් ලෙසින් හැසිරෙන බවට ප්‍රබල චෝදනාවක්‌ එල්ල වී තිබේ. මෙලෙස චෝදනා එල්ල කරනුයේ මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ය. එම මන්ත්‍රීවරයා දකුණු පළාත තුළ ක්‍රියාත්මක වන පාසල් පාතාලය පිළිබඳ විස්‌තර කළේ මෙලෙසින්ය.
“ඇත්තටම කියන්න කනගාටුයි මට පාසල් පාතාලය ගැන දැනගන්න ලැබුණේ දැනට දින කිහිපයකට ඉහතදී. මුලින්ම මම මේක විශ්වාස කළෙත් නැහැ. පස්‌සෙ හොයලා බලද්දී තමයි දැන ගත්තේ ඇත්තටම සමහර පාසල් තුළ පාතාලය ක්‍රියාත්මක වෙනවා කියලා…” Continue reading “දකුණේ පාසල් පාතාලය ගැන ආණ්ඩුවේ මන්ත්‍රීගෙන් ප්‍රබල හෙළිදරව්වක්”

උල්කාෂ්මයක කොටසක් දික්වැල්ලෙන් හමු වෙයි

දකුණේ ප්‍රදේශ ගණනාවකට විශාල ශබ්දයක් නංවමින් පුපුරාගිය උල්කාශ්මියේ කොටසක් පිළිබඳව දික්වැල්ල පොලිස්වසමෙන් වාර්තාවෙයි.  

එම උල්කාශ්මයේ කොටසක් වලස්ගල ප්‍රදේශයේ නිවසක වහලය මත ඇතැයි යන තොරතුරු මත ආගන්තුක පාෂාණ කොටසක් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට ආතර් සි. ක්ලාක් මධ්‍යස්ථානයේ නියෝජිතයන් පිරිසක් මේ වනවිට එම ප්‍රදේශයට ලඟාවෙමින් සිටින බවද වාර්තාවේ. Continue reading “උල්කාෂ්මයක කොටසක් දික්වැල්ලෙන් හමු වෙයි”

යාපනයේ නාගදීප විහාරයේ සහ දඹකොළ පටුන කසාවතින් බැබලෙන කඨින පිංකම්

යාපනයේ ජනතාව නිතර දකින දමිළ හින්දු චාරිත්‍ර ආගමික වතාවත් වලට වෙනස් අත්දැකීමක් එක් කරමින් නාගදීප විහාරයේ සහ දඹකොල පටුන විහාරස්ථානයන්හි වාර්ෂික කඨින චීවර මහා පිංකම අලංකාර පෙරහැරකින් නාවික හමුදාවේ අනුග්‍රහයෙන් පැවත්වුණි.
උතුරු නාවික විධාන භාර රියර් අද්මිරාල් ජයන්ත සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හා මගපෙන්වීම් යටතේ එහි නිලධාරීන්ගේ දායකත්වයෙන් බැතිමතුන් විශාල පිරිසකගේද සහභාගීත්වයෙන් වාර්ෂික කඨින මහා පිංකම් පැවත්වුණි.

Continue reading “යාපනයේ නාගදීප විහාරයේ සහ දඹකොළ පටුන කසාවතින් බැබලෙන කඨින පිංකම්”

අතුරුන් වූ තරුණියන් තිදෙනා හමුවීමත් සමග සියල්ල හෙළි වෙයි

අතුරුදන් ව සිටි කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ එක්දරු මව සහ සෙසු දැරියන් දෙදෙනා ඊයේ (18) පොලීසියට බාර වීමෙන් අනතුරු ව ඔවුන් මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා රඳවා සිටි බවට මෙතෙක් සිදු කළ පරික්ෂණවල දී හෙළි වී ඇත.
අතුරුදන්ව සිටි දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා රැගෙනගිය පුද්ගලයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue reading “අතුරුන් වූ තරුණියන් තිදෙනා හමුවීමත් සමග සියල්ල හෙළි වෙයි”

අධික ශබ්දයකින් දකුණ කැළඹූ හේතුව මෙයද? මාතර අහසේ දීප්තිමත් ආකාශ වස්තුවක් කුමත්ද?

ඊයේ (18) රාත්‍රියේ ශ්‍රී ලංකාවේ දකුණුදිග ප්‍රදේශයට ඇසුණු විශාල ශබ්දයක් පිළිබඳ මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

කෙසේ වෙතත් ශබ්දය ඇති වී ඇත්තේ උල්කාශ්මියක් හේතුවෙන් බවට මේ වනවිට මත පළ වෙමින් පවතී. අදාළ ශබ්දය පිළිබඳ විද්යාඥයන් මෙන්ම ආරක්ෂක අංශද විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර මාතර ප්‍රදේශ රැසක ජනතාව පවසන්නේ ඊයේ (18) රාත්‍රී අහසේ දීප්තිමත් ආකාශ වස්තුවක් බටහිර දෙස සිට නැගෙනහිර දෙසට මහා හඩක් සමග ගමන් කළ බවයි.

Continue reading “අධික ශබ්දයකින් දකුණ කැළඹූ හේතුව මෙයද? මාතර අහසේ දීප්තිමත් ආකාශ වස්තුවක් කුමත්ද?”

පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති – ඇඳිරිනීතිය පනවයි

ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී  කාලයේ  කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.

⁣මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ . හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

ඇති වී තිබෙන තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සඳහා විශේෂ කාර්ය බලකාය සහ විශේෂ රාජකාරී යටතේ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කර ඇතැයි ලංකාදීපය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කීවේය.

අවශ්‍ය වුවහොත් සාධාරණ බලය ක්‍රියාත්මක කරන්නැයි ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා උපදෙස් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

අනවශ්‍ය ලෙස කලබල ඇති නොකරන්නැයි අසත්‍ය ප්‍රචාරවල හසු නොවන්නැයි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ද දැඩි නීතිමය පියවර ගන්නා බව ද ගුණසේකර මහතා තවදුරටත් කීවේය.

බ්‍රහස්පතින්දා (16) රාත්‍රී ඇතිවූ ගැටුමකින් පසු ප්‍රධාන මාර්ගයේ පොලිස් ආරක්ෂාව යොදවා තිබුණ ද  කඩු හා පොලු මුගුරු රැගත් පිරිස් අතුරුමාර්ග ඔස්සේ ගමන් කරමින් නිවාස රැසකට පහරදුන් බව ද ගැමියෝ කියති.

පොලිසිය පවසන්නේ තවදුරටත් ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කරමින් පවතින බවයි. මින් සුළු වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බල ඇණි ගිංතොට ප්‍රදේශයට කැඳවූ බව ද දැනගන්නට ඇත.

තම බාල දියණිය ගැබිනියක කළ සැකකාර පියා රිමාන්ඩ්

තම බාල දියණිය බලහත්කාරයෙන් දූෂණය කොට ගැබිනියක බවට පත්කළේ යෑයි යන චෝදනාව යටතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 16 දා වව්නියාව දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කරන ලද වව්නියාව, නොච්චිකුලම ප්‍රදේශයේ තිදරු පියකු නොවැම්බර් මස 31 වැනිදා තෙක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කොට තිබේ. Continue reading “තම බාල දියණිය ගැබිනියක කළ සැකකාර පියා රිමාන්ඩ්”

ගලේවෙල ගුරුවරුන්ට පාටි දාන්න ළමයිගෙන් 2000 අරන්

ගලේවෙල කලාපයේ පාසල්වලට ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලැබීමත් සමඟම ඇතැම් ප්‍රාථමික පාසල්වල විවිධ උත්සව සඳහා යැයි කියමින් සිසුන්ගෙන් මුදල් එකතු කිරීමට පටන් ගෙන ඇති බව පාසල් ආරංචිමාර්ග පවසයි.

ඇතැම් විදුහල්පතිවරුන් මව්පියන් ඉදිරියට දමා මෙම ක්‍රියාවලියේ යෙදෙන බව පවසයි. ගුරුවරුන් සඳහා සාද පවත්වා ඔවුන්ට තෑගිබෝග ලබාදීම හා සමූහ ඡායාරූප ලබාදීමටත් යැයි පවසමින් ශිෂ්‍යත්ව සමත් සිසුන්ගෙන් මෙම මුදල් එකතු කරන බව වාර්තාවේ.ගලේවෙල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ප්‍රාථමික පාසලක එක් සිසුවෙකුගෙන් රුපියල් 2,000 බැගින් මේ සඳහා අයකර පසුගිය 11 වැනිදා මෙවැනි සාදයක් පැවැත්වූ බව වාර්තාවේ. මෙම මුදල් එකතු කිරීම පසුපස විවිධ අක්‍රමිකතා සිදුවෙන බව මවිපියෝ චෝදනා කරති. ඇතැම් මවුපියෝ එ් සඳහා අකමැත්තෙන් හෝ ණය තුරුසුවී මුදල් ලබා දී ඇත්තේ තම දරුවන්ට අනාගතයේදී කෙනෙහෙලිකම් සිදු වේ යැයි උපකල්පනය කිරිම නිසා බව මේ පිළිබඳව අදහස් දැක්වූ මව්පියෝ කිහිපදෙනෙක් පැවසූහ. Continue reading “ගලේවෙල ගුරුවරුන්ට පාටි දාන්න ළමයිගෙන් 2000 අරන්”

ප්ලේන් එකේ සිගරට් බීලා මහින්ද පැය හයක් අත්අඩංගුවේ

මේ දිනවල රුසියාවේ පැවැත්වෙන අන්තර්ජාතික තරුණ සමුලුවට සහභාගී වීමට ගිය ශ්‍රී ලංකා නියෝජිත පිරිසෙන් එක් අයෙකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබදව වාර්තා වේ.

කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් රුසියාව බලා යමින් සිටි ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සිටි ස්ව‍යං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති මහින්ද කහදගමගේ ගුවන් යානයේ දුම් පානය කරමින් සිටියදි ගුවන් යානා බලධාරීන්ට හසුව තිබේ. ඉන් පසුව ගුවන් යානය දෝහා ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නැවතු අවස්තාවේ මහින්ද කහදගමගේ ගුවන් යානයෙන් නෙරපා , ගුවන් තොටුපලේ පැය හයක කාළයක් රදවා ගැනීමට එරට බලධාරීන් ක්‍රියාකර තිබෙන බවද වාර්තා වේ. Continue reading “ප්ලේන් එකේ සිගරට් බීලා මහින්ද පැය හයක් අත්අඩංගුවේ”