ඩිජි­ටල් වෙන පුංචි ආණ්ඩු­ව

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන e LOCAL GOVERNMENT වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කරනු ලබයි.
Continue reading “ඩිජි­ටල් වෙන පුංචි ආණ්ඩු­ව”

සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට ටැබ් පරිගණක.

උසස් පෙළ හැදෑරීමට සුදානමින් සිටින සිසු සිසුවියන්ට සහ උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා මේ වසරේ සිට කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ වනවිට සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට පළමුව එය ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
Continue reading “සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට ටැබ් පරිගණක.”

රාජගිරිය ගුවන් පාලම 8 දා විවෘත කරයි.

රාජගිරිය මංසන්ධියේ ඉදිකෙරුණු ගුවන් පාලම මෙම 08 වනදා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පැවරෙන බව ජනපති මාධ්‍ය අංශය පවවසයි.

මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ මෙම වසර අවසානයේ වුවද මගී ජනතාවගේ පහසුව සඳහා එහි කටයුතු මාස 11කට පෙර නිම කිරීමට හැකිවූ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි..
Continue reading “රාජගිරිය ගුවන් පාලම 8 දා විවෘත කරයි.”

‘අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරිපිටදීම විනාශ කරනවා’ – සාගල

මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සියලුම මත්ද්‍රවය ජනතාව ඉදිරිපිටදී විනාශ කිරීම සඳහා අවශ්‍යයවන නීතිමය ප්‍රතිපාදන සකස්කිරීමට කටයුතු කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීය. Continue reading “‘අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජනතාව ඉදිරිපිටදීම විනාශ කරනවා’ – සාගල”

ලංකාවේ නාවික හමුදාවට ගන්න රුසියාවේ නිපදවන යුධ නැවේ කතාව මෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් අළුතින්ම නිපදවන රුසියාවේ cheetah 5.1 Class Frigate” නෞකාව 2020 වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවට හිමිවන බව වාර්තා වෙයි.

පසුගිය දිනවල බොහෝ දෙනෙක් කතා බහ කළ ලංකාවට මිලදී ගැනීමට යන රුසියානු නෞකාව ශ්‍රී ලංකාවේ නාවික හමුදාව තවත් ශක්තිමත් කරන 2011 පසු රුසියාවේ ලංකාවට හිමිවන 2වන නෞකාවයි. තවම නිෂ්පාදනය ආරම්භ කර නොමැති cheetah 5.1 Class Frigate” නෞකාව නිෂ්පාදනය පටන් ගත් දිනයේ සිට වසර දෙකහමාරකින් ලංකාවට ලබාදීමට නියමිතයි. Continue reading “ලංකාවේ නාවික හමුදාවට ගන්න රුසියාවේ නිපදවන යුධ නැවේ කතාව මෙන්න”

නාමල් සහ යෝෂිතට පහරදුන් ‘ගතා’ට මරණ තර්ජන – වීඩියෝ

පසුගිය 29 වෙනිදා පැවති රග්බි තරඟයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට හා යෝෂිත රාජපක්ෂ (යෝ) මහතාට පහරදීමට උත්සහ කල ‘ගතා’ ( Dhanushka Gertha Perera) නමැති තරුණයකුට මරණීය තර්ජන එල්ලවී ඇතැයි පැවසේ.

Continue reading “නාමල් සහ යෝෂිතට පහරදුන් ‘ගතා’ට මරණ තර්ජන – වීඩියෝ”

පාතාලයේ කොස්ගොඩ සූජීගේ විවාහයට අත්සන්කල ඇමති හෙලිවේ

පාතල නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සූජී නමැත්තාගේ විවාහයට රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් තබා ඇතැයි වාර්තා වනවා.

කොස්ගොඩ සුජී නොහොත් ජගමුණි සුජීව ද සොයිසා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටපෝල් විසින් ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
Continue reading “පාතාලයේ කොස්ගොඩ සූජීගේ විවාහයට අත්සන්කල ඇමති හෙලිවේ”

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්

පහරකෑමට ලක් වූ කුරුවිට බන්ධනාගාරයේ රැඳවියා වැලිකඩ හෝ මැගසින් බන්ධනාගාරයට මාරු කිරීමට පුනරුත්තාපන, හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.
පහරකෑමට ලක් වූ ජීවානන්ද රාජපක්ෂ නැමති රැඳවියා මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.

ඔහු සඳහන් කළේ, බන්ධානාගාරයේ තව ත් රැඳවියකු සමග ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් තමන්ට පහරදුන් බවයි. Continue reading “කුරුවිට බන්ධනාගාරයේ රැඳවියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්”

බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ජනවාරියේ විවෘත වෙනවා

කොට්ටාව, මාකුඹුර ප්‍රදේශයේ ඉදිකරනු ලබන බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය එළඹෙන ජනවාරි මාසයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි. Continue reading “බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ජනවාරියේ විවෘත වෙනවා”

පක්ෂග්‍රාහීව වැඩ කරන පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි

මැතිවරණ සමය තුළ පක්ෂග්‍රාහීව කටයුතු කරන පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් තම කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික පොලිස් කොමිසම පවසයි.

එළෙස ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළේය.

මැතිවරණ සමය තුළ ඇතැම් පොලිස් නිළධාරින් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට විවිධ පාර්ශව චෝදනා කරයි. Continue reading “පක්ෂග්‍රාහීව වැඩ කරන පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි”