විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

යුද, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටුකරන ලද සුවිශේෂී වූ විශිෂ්ට සේවයට උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂි ප්‍රදානයක් වන අතර එය හුදෙක් යුද හමුදාවේ ලූතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරින් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන වසර 25 ක අඛණ්ඩ සේවා කාලයක් සහ විශිෂ්ට සේවා ඉතිහාසයක් ඇති නිලධාරින් වෙත පමණක් ප්‍රදානය කරනු ලබන පදක්කමකි. ‍ෙ
ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව දිවිපිදූ රණවිිරුවන්ට ගෞරව පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පසු පදක්කම් ප්‍රදානය ආරම්භ කරන ලදී. Continue reading “විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්”

දුමින්ද සිල්වාගේ අභියාචනය කැඳවයි

භාරත ලක්ෂ්මන් හේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධව මරණ දණ්ඩනය හිමිවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුලු විත්තිකරුවන් හතර දෙනෙක් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවන ලදී.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අභියාචනය විභාගයට ගැනුණි.
Continue reading “දුමින්ද සිල්වාගේ අභියාචනය කැඳවයි”

කාරක සභා කිහිපයක තනතුරු නැවත පිහිටුවයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධූරයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නැවතත් පත්කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ 17 වැනිදා පැවති පක්ෂ නායක රැස්වීමේ දීය.
Continue reading “කාරක සභා කිහිපයක තනතුරු නැවත පිහිටුවයි”

වසංගතයක් වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සාව ගැන අවධානයෙන් පසුවෙන්න

දකුණු පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයක් වර්ධනය වන බවට දින කිහිපයක සිට තොරතුරු වාර්ථා වේ.දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන ආකාරයට මෙය වසංගත තත්වයක් දක්වා වර්ධනය වියහැකි අවධානමක පසුවෙයි.

ළමුන් අතර වැඩි වශයෙන් මෙම රෝගී තත්වය පැතිරයාමේ අවධානමක් පවතින අතර පසුගිය දින කිහිපය තුළ කරාපිටිය රෝහලේ දරුවන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධියට මෙම වෛරසය හේතුකාරක වන්නේ දැයි සොයාබලමින් සිටින බවද විජේසූරිය මහතා පවසයි.
Continue reading “වසංගතයක් වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සාව ගැන අවධානයෙන් පසුවෙන්න”

ජාතික රණවිරු සැමරුම අද

තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය නිමා කර හෙට (19) දිනට වසර නවයක් සපිරීම නිමිත්තෙන් ජාතික රණවිරු අනුස්මරණ උත්සවයක් හෙට දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.
Continue reading “ජාතික රණවිරු සැමරුම අද”

ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් අසල LTTE හිතවාදී අධාරකරුවන් පිරිසක් විරෝධතා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව විරෝධය දක්වමින් මෙලෙස විරෝධතාවයේ නිරතවි ඇති බව තවදුරටත් දැනගන්නට ලැබුණි.

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ (19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී ආරම්භ කෙරිණි.
Continue reading “ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් අසල LTTE හිතවාදී අධාරකරුවන් පිරිසක් විරෝධතා”

ICTA සභාපතිධූරය රොහාන් සමරජීව.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් ICTA ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.

එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ, මහාචාර්ය රොහාන් සමරජීව මහතායි .

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදනය හා සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ස්ථාපිත කර ඇත. Continue reading “ICTA සභාපතිධූරය රොහාන් සමරජීව.”

CRYSBRO Corn Fed Golden Yellow Chicken ලාංකීය වෙලදපොලට

ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහිත බිත්තර සඳහා ලොව පුරාම ඉහළ පාරිභෝගික ඉල්ලූමක් ඇතිවාක් මෙන්ම කහ පැහැයෙන් යුත් කුකුළු මස් වඩාත් පෝෂණ ගුණයෙන් සහ නැවුම් බවෙන් අනූන බව පෝෂණවේදීන්ගේ අදහස වී ඇත.

එහෙත් ශ්‍රී ලංකාව තුළ අලෙවි වන සහ පාරිභෝගිකයින් අතර ප්‍රචලිතව පවතින කුකුළු මස් රෝස පැහැයෙන් හෝ මලානික පැහැයකින් යුතු වෙයි. මීට හේතුවී ඇත්තේ මෙම බ්‍රොයිලර් කුකුළන්ට ලබා දෙන සහල් හෝ තිරිගු පිටි මූලික කර ගත් ආහාර නිසාය. එහෙත් වෙළෙඳපොළේ ඇති කහ පැහයෙන් යුතු කුකුළු මස් අවපැහැ ගැන්වී ඇති හෝ නැවුම් බවින් තොර කුකුළු මස් ලෙස පාරිභෝගිකයින් අතර වැරදි වැටහීමක් පවතී. කුකුළු මස් පැහැයක් ගැනීම කෙරෙහි මූලික වශයෙන්ම බලපාන්නේ කුකුළන්ට ලබා දෙන බඩ ඉරිගු ආහාරය අනුවයි. බඩ ඉරිගු විටමින් වලින් පරීපූර්ණ ස්වභාවික ආහාරයක් වන අතර පෝෂණ ගුණය අතින් සහල් සහ තිරිගු පිටි වලට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පරිපූර්ණය. Continue reading “CRYSBRO Corn Fed Golden Yellow Chicken ලාංකීය වෙලදපොලට”

බංග්ලාදේශ ක‍්‍රිඩකයන් පේ‍්‍රමදාස ක‍්‍රිඩාගාරය කුඩු පට්ටම් කරමින් කුජීත ලෙස හැසිරෙයි – වීඩියෝ

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරඟයක් වූ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාගනයේ ඊයේ (16) පැවැත්වුනා.

මෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කරමින් සකීබ් අල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ ඇතැම් ක්‍රීඩකයන් හැසිරුනේ ඉතාමත් පිළිකුල් අන්දමින්. Continue reading “බංග්ලාදේශ ක‍්‍රිඩකයන් පේ‍්‍රමදාස ක‍්‍රිඩාගාරය කුඩු පට්ටම් කරමින් කුජීත ලෙස හැසිරෙයි – වීඩියෝ”

ප‍්‍රබල ඇමතියෙක් ගණිකා මඩමකදී පොලීසියට කොටුවෙයි – බීමත් ඇමති අතහැර රියදුරා ගෙනයයි

ආන්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් කොල්ලුපිටියේ පිහිටි තරු පන්තියේ තිබූ ගණිකා මඩමකදී පොලීසිය විසින් කොටු කරගෙන ඇති බව අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.
Continue reading “ප‍්‍රබල ඇමතියෙක් ගණිකා මඩමකදී පොලීසියට කොටුවෙයි – බීමත් ඇමති අතහැර රියදුරා ගෙනයයි”