මුලින්ම මම කරන්නේ විශ්වාස කරලා අමාරුවේ වැටුන තැන හදා ගන්න එක

මේනකා මධුවන්ති කියන චරිතය ගැන පසුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුණේ හයිවේ එකේ ඩාන්ස් කරන ගමන් වාහනයක් එළවපු සිද්ධියේ වීඩියෝව නිසා.
නර්තන ශිල්පිනියක් විදිහට කලාවට සම්බන්ධ වෙලා දැන් නිළියක් විදිහට කටයුතු කරන ඇය ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා.

වැඩිපුරම කැමති මේනකාව කවුරු විදියට හදුන්වනවටද?
මාව මිනිස්සු අදුර ගත්තේ නර්තන ශිල්පිනියක් විදියට. ඉතින් මම ඒකට කැමතියි.

ඒ කියන්නේ මිනිස්සු පසුව ඔබව විවිධ විදියට අඳුර ගත්තා කියන එක ද?
ඔව්. මුලින්ම නර්තන ශිල්පිනියක්, ඊට පස්සේ නිවේදිකාවක් ඊටත් පස්සේ සිනමා, ටෙලිනාට්‍ය නිලියක්. ඕන නම් ව්‍යාපාරිකාවක් කියලා කියන්නත් පුළුවන්.

කාන්තාවන් තමන්ගෙ පෙනුමට ගොඩාක් කැමතියි. ඒත් ඔබ සමහර වෙලාවට ඒ ගැන දුක් වෙනවලු නේ. ඇයි ඒ?
සමහර හරිම ලස්සන නිර්මාණ මට නොලැබෙන්නේ මගේ පෙනුමේ තියන බටහිර බව නිසා බව දැනගන්න කොට අයියෝ කියලා හිතෙනවා. ගැමි චරිතවලට මගෙ පෙනුම ප්‍රශ්නයක්ලු.

වේදිකාවේ දකින්න ලැබෙන්නේ කවද්ද?
ඉතා ඉක්මනින්ම. පහුගිය කාලෙ දි නම් කතා කරපු ගොඩක් නිර්මානවලට තියන කාරයබහුලත්වය නිසාම යන්න බැරි වුනා. දැන් මම ටිකක් ෆ්‍රී. ඒ නිසා හොඳ නිර්මාණයකට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඇයි වැඩිය සම්මාන උළෙලවල්වල පේන්න නැත්තේ.
එහෙම විශේෂයෙන්ම කියලා කියන්න හේතුවක් නම් නෑ .

ඔබට සම්මන නොලැබෙන නිසා ඒවට යන්නේ නැද්ද?
අපොයි කව්ද ඒ මඩ ගැහුවේ. එහෙම එකක් නෑ. මම රයිගම් සම්මාන උළෙල තුළදීත් හොඳම නිලියට යෝජනා වුනා. සම්මානයක් ගන්න නම් ලංකාවේ හොඳම ඒවයේ රඟපාන්නම ඕන නෑ.

ඒ කියන්නේ සම්මාන උළෙලවල් ගැන ඔබට විවේචන තියනවා.
අනිවාර්යයෙන්ම ඔව්.

ප්‍රවීනයන්ගෙන් තරුණ පරපුරට ලැබෙන සහයෝගය කොහොම ද?
හැමෝම නෙවෙයි ටික දෙනෙක් ඉන්නවා අපි කාල ඇඳලා ඉන්නවටත් ඉරිසියා කරන අය. පුද්ගලිකව මට නම් ප්‍රවීණයන්ගෙන් කැපිලි ඕන තරම් වෙලා තියනවා.

ඒ කිව්වෙ?
මොකක් හරි ප්‍රශ්නයක් උනාම ඒ අය හැසිරෙන්නේ කවදාවත් තමන්ට එහෙම දෙයක් නොවුන ගානට. මට සමහර අවස්ථාවවල දී එහෙම ප්‍රශ්න මත වැඩවලින් අයින් වෙන්න වෙලත් තියනවා.

අතීතයට ගිහිල්ලා කොතන හරි වැරදුන තැනක් හදාගන්න දුන්නොත් ?
ම්ම්ම්. හරි මම එහෙම අවස්ථාවක් හම්බ උනොත් කරන්නේ මුලින්ම මම මිනිස්සුන්ව විශ්වාස කරලා අමාරුවේ වැටුන තැන හදා ගන්නවා.

අනාගතේ ගැන මොකද හිතන්නේ.
අනාගතයේ දවසක දක්ෂතා නිවැරදිව අගයන සම්මාන උළෙලක දී සම්මානයක් ගන්න ආසයි. මම හිතනවා “අනෝරා” ඒකට පාර කපයි කියලා.

මෙගා නාට්‍ය තහනම් කරනවට කැමතිද?
ඇත්තම කතාව කිව්වොත් නාට්‍ය මෙගාද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. කතාව මෙලෝ රහක් තියනවද නැද්ද කියන එක. මෙගාවලත් ලස්සන කතා තියන ඒවා අපි බලලා තියනවනේ. නිකමට හිතන්න ඉන්දියාවේ නිෂ්පාදනය කරපු ජෝදා අක්බර්, කොටස් 500 විතර තියනවා. සමහර විට ඊටත් වැඩි ඇති. ඒත් කොච්චර වියදම් කරලා තියනවද එක කොටසකට. නිර්මාණය උස්ස් නිමාවකින් තියනවා නම් මෙගාද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.

බයිසිකලෙන් ගමන් යන කොඳු ඇට හයිය නෙදර්ලන්ත අගමැති

වෛද්‍යවරුන් හඳුනා නොගත්තත් මෙය විශේෂයෙන් මෙරට දේශපාලකයින් සම්බන්ධයෙන් මෙරට ජනතාව පට බඳිනු ලැබූ අමුතු ආකාරයේ රෝගී තත්ත්වයකි.

රථවාහන පිරිවරා ගත් මැති ඇමතිවරුන්ගේ මහමග දසුන් අදට වඩා පසුගිය සමයේ මෙරට මහා මාර්ගවල සුලභ දසුනක් විය.

අහිංසක ජනතාවගේ ඡන්දයෙන් බලය ගෙන මහමග පයින් යන ජනතාවගේ ගමන ද නවතා ජනතාව මග දෙපසට කර අපේ රටේ දේශපාලනඥයින් ගිය ගමන්වල හදිසිය ජීවිතයත් මරණයත් අතර සටනක් නිරත රෝගියෙකු රැගත් ගිලන් රථයක වේගයටත් වඩා අධික විය. Continue reading “බයිසිකලෙන් ගමන් යන කොඳු ඇට හයිය නෙදර්ලන්ත අගමැති”

අම්මට ඕනේ වුණේ මාව නීතිඥවරියක් කරන්න මේ ක්ෂේත්‍රයේ අභියෝග නෑ -කාවින්ද්‍යා දුල්ෂාණි

කාවින්ද්‍යා කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියක්. කොන් කළ දෝණි හා පැහැසරා කියන ටෙලි සිත්තම් තුළින් මේ දිනවල ඇය ඔබ අපට මුණ ගැහෙනවා. රංගන ජීවිතෙත් පෞද්ගලික ජීවිතෙත් තොරතුරු ටිකක් කතා කරන්න ඇය අප හා එක්වුණා.

කොහොමද ඔබ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?
අයිටීඑන් මගින් පවත්වනු ලැබූ 2015 අවුරුදු කුමාරි තරගය හරහායි මම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. එහි අවසන් දොළොස් දෙනාව ශාන්ත සොයිසා මහතා විසින් ඔහුගේ නාට්‍යයකට තෝරාගැනීමක් කරනවා. ඒ අනුව අයිටීඑන්හි විකාශය වුණු ‘මේඝා’ නිර්මාණයට සම්බන්ධ වෙන්න හැකියාව මට ලැබෙනවා. Continue reading “අම්මට ඕනේ වුණේ මාව නීතිඥවරියක් කරන්න මේ ක්ෂේත්‍රයේ අභියෝග නෑ -කාවින්ද්‍යා දුල්ෂාණි”

අඹ ගෙඩි තුනකට හිරේ ගිය මව දැක ජනපති DIGට දෙහි කපයි. පොලිස් ස්ථානධිපතිටත් දඩුවමක්

පසුගිය 09 වැනිදා උදෑසන අසල්වැසි නිවසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් මා කඩා ගැනීම සදහා පැමිණි මවක් එම ගෙදර නිවැසියන්ගේ පැමිණිල්ලක් අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරනු ලැබුවා. Continue reading “අඹ ගෙඩි තුනකට හිරේ ගිය මව දැක ජනපති DIGට දෙහි කපයි. පොලිස් ස්ථානධිපතිටත් දඩුවමක්”

ගංගා මෑණියන්ගේ සුරය දමාගෙන චන්දිමාල් ඊයේ තරගයට පැමිණි හැටි

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අබුඩාබීහිදී අද (18 වැනිදා) පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 22ක් අවසානයේ එක් කඩුල්ලකට ලකුණු 92 ක් ලබාගත්තේය. උපුල් තරංග ලකුණු 55 ක් සහ දිනිෂ් චන්දිමාල් ලකුණු 15 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳි සිටිති. Continue reading “ගංගා මෑණියන්ගේ සුරය දමාගෙන චන්දිමාල් ඊයේ තරගයට පැමිණි හැටි”

රථ වාහන පොලිසියට හිතුමතේට දඩ ගහන්න බැ – පොලිසියට තිබෙන ඔබ නොදත් නීති මෙන්න

“රථ වාහන පොලිසිය පිලිබඳ ඔබ දැන ගතයුතුම නීතිරීති මෙන්න” …රථ වාහන පොලිසියට හිතුමතේට දඩ ගහන්න බැ පොලිසියටත් නීතිරීති කියලා දෙයක් තියෙනවා..ඔබට බෙහෙවින් වැදගත් වේවි.
1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.
3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි. Continue reading “රථ වාහන පොලිසියට හිතුමතේට දඩ ගහන්න බැ – පොලිසියට තිබෙන ඔබ නොදත් නීති මෙන්න”

අතුරුන් වූ තරුණියන් තිදෙනා හමුවීමත් සමග සියල්ල හෙළි වෙයි

අතුරුදන් ව සිටි කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ එක්දරු මව සහ සෙසු දැරියන් දෙදෙනා ඊයේ (18) පොලීසියට බාර වීමෙන් අනතුරු ව ඔවුන් මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා රඳවා සිටි බවට මෙතෙක් සිදු කළ පරික්ෂණවල දී හෙළි වී ඇත.
අතුරුදන්ව සිටි දැරිය මෙහෙකාර සේවයේ යෙදවීම සඳහා රැගෙනගිය පුද්ගලයා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue reading “අතුරුන් වූ තරුණියන් තිදෙනා හමුවීමත් සමග සියල්ල හෙළි වෙයි”

ලංකාවම කාපු කූඹීයෝ ටෙලිය ගැන බුකියෙ තිබූ සැර කතාවක්

ශ්‍රී ලාංකීය සිනමාව හා රුපවාහිනි කලාව ගැන කතා කිරීමට අලුත් යමක් නොමැත්තේ එවා නරක්වූ දුර්ගන්ධය වහනය කරන්නාවූ කලාවක් නිසාය. රූපවාහිනී නාලිකා ඉන්දියානු මෙගා නාටක හා කොරියන් කතා පෙන්නීම නොකළ යුතුයි කිම අසාදාරණ වන්නේ ඒ නිසාය.

පෙන්වන ඉන්දියානු නාටක හා කොරියන් නාටක වලට ඇදෙන්නේ සිනී බෝල කතා වලට ප්‍රිය කරනා පිරිසකි.එයින් බහුතරය ගෘහණියන්ය.මේ නිසාම ශ්‍රී ලාංකීය තරුණ පරම්පරාව tv series වලට පුරුදුව ඇත. Prison brake,Game of thrones,How I met your mother,Supernatural,Narcos,The Big Bang Theory ,Vampire Diaries,House of cards බලන්නේ පොෂ් වීමට නොව ගඳ ගහන නිර්මාණ නැරඹිය නොහැකි නිසාත්,රසවත් නොවන නිසාය. Continue reading “ලංකාවම කාපු කූඹීයෝ ටෙලිය ගැන බුකියෙ තිබූ සැර කතාවක්”

මංගල උත්සවයකට සහභාගී වීමට යෑයි පවසා 15 වියෑති දැරියක්‌ සමාජ ශාලාවක නැටවූ සැක පිරිස්‌ අත්අඩංගුවට

වයඹ පළාතේ ප්‍රදේශයක 15 හැවිරිදි දැරියක්‌ කොළඹ ප්‍රදේශයේ සමාජ ශාලාවකට රැගෙන විත් එහි නර්තනයේ යෙදවීම සම්බන්ධයෙන් අදාළ පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශන කටයුතු ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ බලතලවලට අනුව යමින් නියාමනය කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

පවුලේ හිතවතියක්‌ විසින් මෙම දැරිය මංගල උත්සවයකට සහභාගී වීමට යෑයි පවසා 2017/09/16 වැනිදා කොළඹ ප්‍රදේශයට රැගෙන විත් තිබේ. දැරිය නැවත නිවසට නොපැමිණීම පිළිබඳව ඇගේ මව විසින් 2017/09/19 වැනිදා පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව පොලිසිය විමර්ශන කටයුතු අරඹා දැරිය කොළඹ ප්‍රදේශයේ සමාජ ශාලාවක සිටියදී පොලිසිය භාරයට ගෙන තිබිණි. Continue reading “මංගල උත්සවයකට සහභාගී වීමට යෑයි පවසා 15 වියෑති දැරියක්‌ සමාජ ශාලාවක නැටවූ සැක පිරිස්‌ අත්අඩංගුවට”

අහක යන අඹ ගෙඩියක් කැඩූ වරදට වයසක මවක් වතුර උගුරක්වත් නොදී පැය 24 ක් පොලිස් කූඩුවේ සිර කරලා

තනිවම නිවසක ජීවත්වන තමන් අඹ මාලුවක් කෑම සඳහා අසල නිවසක පාරට බර වූ අත්තකින් අඹ ගෙඩි තුනක් කඩාගත් වරදටතමන් පොලීසියට කැඳවා පැමිණිල්ල විභාග කිරීමෙන් අනතුරුව බීමට වතුර පොදක් හෝ නොදීපැය 24 ක් පොලීසියේ සිර කර තැබූ බවට අනුරාධපුර පදිංචි වයෝවෘද්ධ කාන්තාවක් චෝදනා කරයි.

64 හැවිරිදි ඒ.ලලිතා නමැති එම කාන්තාව තමන්ට මුහුණදීමට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින්,

“පසුගිය 09 වැනිදා උදෑසන අසල්වැසි නිවසක අඹ ගසක පාරට නැමී තිබුණු අඹ වල්ලක ගෙඩි තුනක් මා කඩා ගත්තා අඹ මාලුවක් කන්න හිතාගෙන. එම අවස්ථාවේදී එම නිවසේ බල්ලන් බුරන ශබ්දය ඇසී එළියට පැමිණි එම ගෙදර නෝනා හා මහත්තයා පොල්ලක් අරගෙන මට ගහන්න පැන්නුවා. ඔවුන් මා පදිංචිව සිටින නිවසේ මිදුලටම දිව ආවා.ඉන්පසුව ඔවුන් අනුරාධපුර පොලීසියට පැමිණිලි කර තිබෙනවා. Continue reading “අහක යන අඹ ගෙඩියක් කැඩූ වරදට වයසක මවක් වතුර උගුරක්වත් නොදී පැය 24 ක් පොලිස් කූඩුවේ සිර කරලා”