ක්‍රිකට් දිනන්න නායකයාට වගේම අැමතිටත් වාසනාව තියෙන්න ඕන – ගංඟා මෑනියෝ

අනාවැකි කියන ගංඟා සුදර්ශනී සමඟ කතාබහක්

මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ කතාබහට ලක්වන චරිතයක් වී ඇත්තේ ගංඟා සුදර්ශනීයි. ඇය කියූ බවට පැවසෙන අනාවැකි විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරය වෙයි. ඇත්තටම ඇය කවුද? ඇය ඇත්තටම ගංඟා මෑණියෝ වශයෙන් හඳුන්වන කෙනාමද? ක්‍රීඩාවේ අනාගතය කොහොමද යන්න පිළිබඳව ඈ සමඟ සිදුකළ සාකච්ඡාවකි මෙය.

ඔබගේ සම්පූර්ණ නම?

අගම්පොඩි ගංඟා සුදර්ශනී ද සොයිසා.

ගම කොහේද?

අකුරල ග්‍රාමයේ

පවුලේ විස්තර?

මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. සහෝදරයන් සතරදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් ඉන්න පවුලක හයවැනියා විදිහට උපත ලබපු කෙනෙක්. මම දරුවන් හතර දෙනකුගේ අම්මා කෙනෙක්.

පාසල් ගියේ?

මම අකුරල පාසලේ අධ්‍යාපනය හැදෑරුවා.

ඔබගේ රැකියාව මොකක්ද?

මම රැකියාවක් වශයෙන් කිසිම දෙයක් කළේ නෑ. කුඩා කාලයේ ඉඳලම වෙනස් විදිහට හැදිච්චි කෙනෙක්. මට සවසට වැඳුම් පිඳුම් කරන්න ඕන. එය අපේ ගෙදර හැමෝම කරන දෙයක්. හැබැයි මගේ විශේෂත්වයක් තිබ්බා. මම පොඩි කාලයේ ඉඳලම සමහර අනාවැකි කියලා තිබ්බා.

කවුද එතකොට මේ ගංඟා මෑණියෝ?

ගංඟා මෑණියෝ කියන්නේ මම නෙමෙයි. ඔය මුහුණු පොතේ මම වගේ හදාගෙන ගංඟා මෑණියෝ කියලා පෙනී ඉන්නවා. ඒක තුළින් අසත්‍ය අනාවැකි කියනවා. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මම මුහුණු පොතේ ඉන්නේ ගංඟා සුදර්ශනී සොයිසා කියන නමින්. මේ ගැන මම කොස්වත්ත පොලීසියට පැමිණිලි කළා. ඉදිරියේදී කවුද කියලා හෙළිවෙයි. මේ වෙනකොට මම දන්නවා කරන කෙනා.

ඔබ ජ්‍යොතිෂ්‍යවේදිනියක් ද? අනාවැකි කියන්නියක් ද?

මම ජ්‍යොතිෂය හදාරපු කෙනෙක් නෙමෙයි. මම ඒ ගැන දන්නේ නෑ. ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒක දන්නේ නැති දෙයක්. මම අනාවැකි පළකරන්නියක්.

මේ අනාවැකි කියන්නේ හැමෝම කියන විදිහේ දේව වරමකින්ද?

නැහැ. වරමකින් නෙවෙයි. මම කුඩා අවධියේ ඉඳන්ම යම් යම් දේවල් කියලා තියෙනවා. ඒ කියපු දේවල් සත්‍ය වෙලා තියෙනවා. ඒත් ඒ දවස්වල අපේ අම්මා තාත්තා ඒවා සමාජ ගතකළේ නැහැ. ඒත් පසුකාලීනව මම වෘත්තිමය වශයෙන් අනාවැකි කියන්නියක් වුණා.

ඔබ අනාවැකි කියන්න අරගෙන කොච්චර කල් ද?

අවුරුදු 35කට එහා දිවයනවා. දැන් මගේ වයස 55ක්.

ඔබ කිව්ව අනාවැකි වැරදිලා නැද්ද?

එතෙක් මෙතෙක් කිව්ව කිසිදෙයක් වැරදිලා නෑ.

ඔබ කිව්ව ලොකුම අනාවැකිය මොකක්ද?

කුඩා අවදියේදී මම කියලා තියෙනවා ඔය සප්ත කන්‍යා ගුවන් අනතුර. කොහේදෝ රටක ඉඳලා එන අහස් යාත්‍රාවක් මහා කන්දක හැපිලා ඒ ඔක්කොම මැරෙනවා කියලා. ඒ වගේම මගේ සහෝදරයන්ට පවසලා තියෙනවා මේ මහා මුහුද විශාල වෙලා ගොඩ ගලලා ගොඩාක් දෙනෙක් මියයනවා කියලා.

ඔබට සමාජය ඇතුළේ විශාල කතා බහක් ඇති වෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ සිදුකරන අනාවැකිත් එක්ක. මොකක් ද මේ සම්බන්ධය?

එකපාරට නෙමෙයි. 2011 ඉඳලම කිව්වා. මගේ වෙබ් අඩවිය බැලුවොත් ඕන කෙනෙකුට දකින්න පුළුවන්. මම එදා ඉඳලා කිව්වා ලංකාවේ ක්‍රීඩාව බලාපොරොත්තු නැති විදිහට පහතට වැටෙනවා. ඒ වගේම ක්‍රීඩකයන් අතර ප්‍රශ්න ඇති වෙනවා. ක්‍රීඩාව අපහාසයට ලක්වෙනවා. ක්‍රීඩකයන්ට නින්දාවන් විඳින්න වෙනවා කියලා. මට 2011 ඉඳලම කිව්වා මෑතක ඉඳලා තමයි ඒත් අවධානය යොමු වුණේ.

එදා ඔබ කාටද කිව්වේ මේ අනතුරු?

මම මේක කිව්වා ජයන්ත ධර්මදාස මහත්තයට. මට පස්සේ කතා කරන්නම් කිව්වා. ඊට පස්සේ සංජීව රණතුංග කියලා කෙනෙක්ට කතා කරලා මම කිව්වා.

මොනවද කිව්වේ?

මම කිව්වා අපේ රට ක්‍රිකට්වලින් ඉහළට යන නිසා වෙනත් රටවලින් යම් යම් කොඩිවින වගේ දේවල් සිදුකරලා තියෙනවා කියලා අපේ ක්‍රීඩකයන්ට. ඒක මගේ විශ්ව ශක්තියට පේන බව තමයි මම ඒ කාලේ ඉඳලම කියන්න උත්සාහ කළේ. ඒත් ඒ ගැන අවධානය යොමු කළේ නෑ.

ඔබ කියන්නේ ක්‍රීඩකයන්ට අයහපතක් සිද්ධවෙන්න කියලා මොනවාහරි දෙයක් කරලා කියලද?

ඔව්. අනිවාර් යෙන්ම. හිටපු දක්ෂ ක්‍රීඩකයන් එකපාර පැකිළුණේ මේ දේවල් නිසා. එහෙම නැතුව ඒ අයගේ දක්ෂකම් අඩුවීමක් නෙමෙයි. පුහුණුවේ අඩුවීමකුත් නෙවෙයි. නොසැලිකිලිමත් බවකුත් නෙමෙයි. අර කරපු දේවල් නිසයි එහෙම වුණේ. අදටත් ඒ දේ එහෙමයි.

ඒ කියන්නේ මේක කාලාන්තරයක් තිස්සේ වෙච්ච දෙයක් ද?

2011 ඉඳලම පෙනුණා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අපලයි. පහතට හෙළනවා කියලා. තව කාරණයකුත් තියෙනවා. රටට වාසනාව ගේන්න නායකයන්ගේ වාසනාවත් බලපානවා. හිතන්න ක්‍රීඩා ඇමැතිගේ අපල තියෙනවා නම් ක්‍රීඩකයන්ගේ අපල තියෙනවා නම් ඒ දේවලුත් ක්‍රීඩාවට බලපානවා.

මේ මෑතක ඉඳලා ක්‍රීඩා බලධාරීන් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ මේක දැනගෙන ද?

ඔව් ඒක නෑ කියන්න බෑ. මම බොරු කියන කෙනෙක් නෙමෙයි. එහෙම සහසම්බන්ධයක් ඇති වුණා. ඒක කියන්න පුළුවන්.

ඔවුන් සම්බන්ධ වුණේ මොකටද?

මම ඒ අයට කිව්වා, මේ ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ප්‍රශ්නවලට උදව් කරන්න පුළුවන් කියලා. අවම කරන්න හරි පුළුවන් කිව්වා. දිනන්න බැරි නම් සම තත්ත්වයට හරි ගේන්න පුළුවන් කිව්වා.

මේ ගැන දැනුම් දුන්න අය නම් වශයෙන් කියන්න?

මම කලින් හිටිය ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කිව්වා. හැබැයි මම කියන දේ ගැන පොඩි හරි අවධානයක් යොමු කළේ වර්තමාන ක්‍රීඩා ඇමති දයාසිරි ඇමැතිතුමා විතරයි.

දයාසිරි අමාත්‍යවරයා ඔබව හම්බවෙන්න ආවාද?

ඔව් ඉතින් ආවා. මගේ පැලවත්තේ නිවසට.

ඔබ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල හම්බවුණාද?

නෑ… නෑ… හම්බවුණේ නෑ… එක්තරා ආගමික උත්සවයකදී හම්බවුණා. ඊට පස්සේ හම්බවුණේ නෑ.

ඇත්තද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා පත්කර ගන්නේ ඔබගේ උපදෙස් මත කියන්නේ?

නෑ… ඒක බොරු කතාවක්.

ක්‍රීඩා ඇමැතිවරයා කිව්වා මේ ක්‍රීඩකයන්ගේ බඩ වැඩියි. ෆිට්නස් අඩුයි කියලා ඔබ කියන්නේ ඒවා නෙමෙයි මේ කඩා වැටීමට ප්‍රශ්න?

නෑ… ඒවා නෙමෙයි. මට මෑතකදී දැක්කා අනුර කුමාර දිසානායක මහත්තය කියලා තිබ්බා මේ හැමෝම ගංඟා මෑණියෝ ළඟට යනවා. ඊට පස්සෙයි ක්‍රීඩකයෝ පුහුණුකරු වෙත යන්නේ කියලා. මම කියනවා මෙච්චර කල් පුහුණුකරුවෝ පුහුණු කළා නේද? එහෙමනම් දිනන්න එපැයි. මගේ ආශිර්වාදය ගත්තේ පාකිස්ථාන මැච් එකට කලින්.

ඔබව හම්බෙන්න ආපු ක්‍රිකට් ක්‍රීඩකයෝ කවුද?

බෑ එහෙම කියන්න බෑ.

වර්තමාන ක්‍රීඩකයෝ විතරද එන්නේ?

අනේ අම්මේ ඉස්සර හිටිය ක්‍රීඩකයෝ තමයි වැඩියෙන්ම ආවේ.

ඔබට හිතෙන්නේ නැද්ද අවිනිශ්චිත ක්‍රීඩාවක් ගැන අනාවැකි කියන්න ගිහින් සමාජයෙන් ගැරහුම් ලබන්නට වෙයි කියලා?

නෑ… ඉතින් හිතන්න දෙයක් නෑ. දැනටම පේනවනේ ගොඩාක් අය අපේ ක්‍රීඩකයන්ට ඊර්ෂ්‍යයි. දරාගන්න බෑ. ඒ නිසා මට චෝදනා කරනවා. කරන්න දෙයක් නෑ මට පේනදේ මම කියන්නේ. බුදුහාමුදුරුවන්ට, ජේසුස් වහන්සේටත් අපහාස කළානේ. ඒ නිසා මම සැලෙන්නේ නෑ.

ඔබ යෝජනා කළාද දිනේෂ් චන්දිමාල් නායකයා හැටියට ටීම් එකට පත්කරන්න?

අනිවාර්යයෙන්ම කරොත් හොඳයි කියලා මට පෙන්නුම් කරනවා.

දිනේෂ්ට වාසනාව තියෙනවාද?

නෑ මෙහෙමයි. ක්‍රීඩකයෙන් තමන් කරන ක්‍රීඩාවට ආදරේ කරන්න ඕන. වෘත්තියට නෙමෙයි රටට ආදරේ කරන්න ඕන. ඒ නිසා මට හම්බවුණ ක්‍රීඩකයන් එක්ක බලද්දී දිනේෂ් චන්දිමාල් ඒකට සුදුසුයි. මගේ පුතාගේ යාළුවෙක්. තමන්ගේ වාසියට නෙමෙයි ඔහු ක්‍රීඩා කරන්නේ.

කවදා ගොඩ යයිද මේ ක්‍රිකට්?

කවදා ගොඩයයිද කියලා බලන් ඉන්න බෑනේ. අපි කොහොම හරි ගොඩවෙන්න ඕන. හැබැයි දැන් නම් ගොඩඑන්න ඕන කාලය හරි.

ඒ කියන්නේ ඔබ මොනවා හරි දෙයක් කළාද?

නෑ… නෑ… මට කරපු දෙයක් නෙමෙයි. හොඳ පුහුණුකරුවෙක් ආවා. ඔහුට වාසනා ගුණය තියෙනවා. ඔතන නුසුදුසු කීපදෙනෙක් ඉන්නවා ඒ අය ඉදිරියේදී යයි. ඒ අයගේ නම් කියන්න බෑ.

ඔය නුසුදුසු අය ක්‍රීඩකයෝ ද? බලධාරින් ද?

දෙගොල්ලොම ඉන්නවා.

පසුගිය කාලයේ වැඩිම චෝදනාව එල්ල වුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයට. එතන නුසුදුසු අය ඉන්නවා කියලා පෙන්නේ නැද්ද?

අනිවාර් යෙන්ම මම කියන්නේ ඔය මණ්ඩලවලින් අයින් කරලා ක්‍රීඩකයන් තේරීම ක්‍රිකට් නායකයාට ලබාදෙන්න ඕන.

දැන් ඔය කරලා තියෙනවා කියන බන්ධනවලින් ක්‍රීඩකයෝ බේරගන්න මොනවාද කරන්න ඕන?

මේ මිත්‍යාවක් නෙමෙයි. බන්ධන තියෙනවා බුදුන්ගේ කාලයේ ඉඳලා. ඉන්දියාව වගේ රටවල්වල විශාල වශයෙන් තියෙනවා. කෝලිලා ක්‍රීඩා කරන්න කලින් ආශිර්වාද කරනවා පූජකවරු ගෙන්නවලා.

ක්‍රිකට් අතඇරලා දේශපාලනයට ආවොත් කොහොමද දේශපාලනඥයන් අතර සම්බන්ධය?

මෙහෙමයි හරි දෙයක් කරනකොට කටින් කට යනවා. මම ලංකාවේ විතරක් නෙමෙයි දෙස් විදෙස්වල පවා ජනප්‍රිය කෙනෙක්. ඒ නිසා දේශපාලනඥයෝ එනවා. පක්ෂ විපක්ෂයෙන් තොරව එනවා.

රාජ්‍ය නායකයොත් සම්බන්ධ වුණාද?

බොහෝ නායකයන්ට ආශිර්වාද කරලා තියෙනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

එතුමා බොහෝම හිතවත්. මට ගොඩාක් හිතවත් වුණේ පරාජයෙන් පස්සේ. හැබැයි ඒ පරාජයත් 2013දී මම කිව්වා.

ඔබ මීට කලින් දැක්ක ද වර්තමාන ජනාධිපති ජනාධිපතිවරයෙක් වෙනවා කියලා?

අනිවාර් යෙන්ම මම කිව්වා. මතකද පිළියන්දල පැත්තේ බෝම්බයක් තියලා එතුමා බේරුණා. ඒ වෙලාවේදි මම කිව්වා එතුමා කවදා හරි නායකයා වෙනවා කියලා.

මෛත්‍රීපාල මහත්තයට දැනුම් දුන්නාද?

නෑ… නෑ… මම පස්සෙන් යන කෙනෙක් නෙමෙයි.

වර්තමාන ජනාධිපතිව හම්බවුණේ නැද්ද?

එතුමාව හම්බවෙන්න මම ගිහින් තියෙනවා එක දවසක්.

ඔබට හිතන හැටියට මේ ආණ්ඩුවේ අනාගතය කොහොමද?

ඒකට දැන් උත්තර දෙන්න බෑ.

රටට මොන වගේද?

දැන් තියෙන්නේ අර්බුදකාරී තත්ත්වයක් ඉදිරියේදී මට කියන්න බැරි තරම් දේවල් සිද්ධ වෙනවා. මම මේ අවස්ථාවේදී දෙයක් කියන්න නරකයි.

2018 වසරේදී යම් දේශපාලන පෙරළියක් වෙනවලු. ඇත්තද ඒක?

ඔව් පෙරළිකාර තත්ත්වයක් වෙන්න පුළුවන්.

ඔය දේශපාලන අනාවැකි කියන්න ගිහින් ගොඩාක් දෙනෙක් නම් කැත කරගත්තා. ඔබට හිතෙන්නේ නැද්ද එහෙම වෙයි කියලා?

අනාවැකි වාසියට කියන අය වැඩියි. සමහර අය තවත් කෙනෙක්ට වාසි වෙන්න කියනවා. තවත් අය මුදලට කියනවා.

2020 කවුද මේ අය අතරින් නායකයා වෙන්නේ?

2020 දී මේ ඔක්කොම ගැන ජනතාව කලකිරෙනවා. ඔය ඉන්නම කෙනෙක් බලාපොරොත්තු නැති ආකාරයෙන් ඉස්මතු වෙනවා.

ගයාන් ගාල්ලගේ

ජනප්‍රිය ගායිකා ජින්ජර් දෙනියායේදී‍ අනතුරකට ලක්වුණු හැටි මෙන්න

දෙනියාය සංගීත ප්‍රසංගයක ගීත ගායනා කිරීමට පැමිණෙමින් සිටි ගායිකා ජින්ජර්ගේ මෝටර් රථය ඊයේ අලුයම (29) දියදාව දිග බෝක්කුව අසල අඩි 60ක පමණ ප්‍රපාතයකට පෙරළීම හේතුවෙන් ජින්ජර් ඇතුළු එහි ගමන්ගත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

ජින්ජර් දෙනියාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත. Continue reading “ජනප්‍රිය ගායිකා ජින්ජර් දෙනියායේදී‍ අනතුරකට ලක්වුණු හැටි මෙන්න”

රුපියල් දෙදහසකින් ආරම්භකර වසර 9 යෙන් රුපියල් බිලියන 5ක ව්‍යාපාරයක් තැනූ සුපිරි ව්‍යවසායකයා

දුක දිනා ජීවිතය ජයගත් මිනිස්සු ගැන අපි නිතරම ඔබට කියන්නෙ ඔවුන්ගෙන් ඔබේ ජීවිත වලට ලොකු පාඩමක් ඉගනගන්න පුළුවන් නිසා. උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය තියෙනවනම් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා මුළු ලෝකයටම පෙන්නපු අපේ කාලයේ දක්ෂ ව්‍යාපාරිකයෙකු අපිට මුනගැහුනා. ඔහු ගැන අපි මේ සටහන තබන්නෙත් ඔහුගේ ජීවිතයෙන් බොහෝ දේවල් ඔබටත් ඉගනගන්න තියෙන නිසා.

මේ කියන්න යන දක්ෂ ව්‍යාපාරිකයා නමින් සම්පත් මායාකඩුව. සමහර විට නම කියන කොටම මේ කවුද කියලා ඔබ දන්නවත් ඇති. මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ආරම්භ වෙන්නෙ 2008 අවුරුද්දෙදි. Continue reading “රුපියල් දෙදහසකින් ආරම්භකර වසර 9 යෙන් රුපියල් බිලියන 5ක ව්‍යාපාරයක් තැනූ සුපිරි ව්‍යවසායකයා”

අරවින්දට සිල්වාට පසුසෙ ඊයේ ලංකාවට ගෙනාපු සුපිරි Ferrari කාර් එක මෙන්න

Ferrari කාර් එකක් ගන්න එක කාගේත් සිහිනයක්.

හැබැයි එක හැබෑ කරගන්න ගොඩක් ආමාරු හීනයක් කියලා දැන දැන තමයි ඒ හීනේ ඉන්නේ.

කෝටිපතියන්ට නම් එක ලොකු හීනයක් නෙමේ. Continue reading “අරවින්දට සිල්වාට පසුසෙ ඊයේ ලංකාවට ගෙනාපු සුපිරි Ferrari කාර් එක මෙන්න”

රන්ජන් අයියා සමඟ වැඩ කරන්න හරිම ලේසියි – රුවන්ගි රත්නායක

මේ දවස්වල එල්.එෆ්.ඩී මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වන රන්ජන් රාමනායකගේ ‘ඩොක්ටර් නවරියන්’ චිත්‍රපටයේ භාග්‍යා වෛද්‍යවරියගේ චරිතයට පණ පොවන්නේ නව පරපුරේ නිළියක වන රුවන්ගි රත්නායකයි. ටෙලි නාට්‍යය නිළියක ලෙස පුංචි තිරයේ ජනප්‍රිය වී සිටින රුවන්ගිගේ පළමු චිත්‍රපටය වන්නේ ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයයි. ‘ඩොක්ටර් නවරියන්’ රුවන්ගිගේ දෙවැනි චිත්‍රපටයයි. සිය නවතම චිත්‍රපටය පිළිබඳ හා සිය රංගන ගමන පිළිබඳ රුවන්ගි ‘සරසවිය’ සමඟ මෙසේ සඳහනක යෙදුණා ය.

මේ ඔබ රන්ජන් රාමනායක සමඟ රඟපෑ දෙවැනි චිත්‍රපටය නේද? Continue reading “රන්ජන් අයියා සමඟ වැඩ කරන්න හරිම ලේසියි – රුවන්ගි රත්නායක”

සිරිමා බෝ අභියස කපල් යන අමුතු උයන මෙන්න

පාක්‌ එක විවෘත කපල්වලට විතරයි… හෝටල් කාමරවල වෙන දේ එළිමහන් පඳුරුවල අගේට කෙරෙනවා… පෙම්වතුන්ගේ අනඟ රැඟුම් වීඩියෝ කරන්න පඳුරුවල රහස්‌ කැමරා…

ළමා ළපටිත් සමඟ ගොස්‌ විනෝද වීමට අපේ රටේ උද්‍යාන තිබේ. කොළඹ විහාරමහා දේවී උද්‍යානය, නුවර වේල්ස්‌ පාක්‌, නුවරඑළිය ගාඩ්න්, ගම්පොළ ගාඩ්න්, මාතලේ නගර උද්‍යානය මෙරට ප්‍රධාන උද්‍යානවලින් කිහිපයකි. ඊට අමතරව පේරාදෙණිය, හක්‌ගල සහ හම්බන්තොට උද්භිද උද්‍යාන ද පවුල් පිටින් ගොස්‌

විනෝද වීමට හැකි සුන්දර ස්‌ථානය. එමෙන්ම කිරිසප්පයාගේ සිට මහල්ලා දක්‌වා ඕනෑම වයස්‌ කාණ්‌ඩයක පුද්ගලයකුට මේ උද්‍යානවල දොරටු විවෘතය. එහෙත් අනුරාධපුර පූජා නගරයේ පිවිසුම් දොරටුව ආසන්නයේ මල්වතු ඔය අද්දර තිබෙන උද්‍යානය පෙර කී උද්‍යානවලට වඩා හාත්පසින් වෙනස්‌ය. හරිම අමුතුය. ඒ උද්‍යානයට ඇතුළුවීමට අවසර ඇත්තේ තරුණ, තරුණියන්ට පමණි. ජෝඩුවලට නම් වයස්‌ සීමාවක්‌ නැත. හැට පැන්න මහලු ජෝඩුවකට වුවද ඒ උද්‍යානයේ දොරටුව විවෘතය.

පසුගිය දිනක සිරිමා බෝධිය වඳින්න ගොස්‌ එන අතරමඟදී මේ අමුතු උද්‍යානයේ සිරි නරඹන්නට මට ද සිතිණි. මම උද්‍යානයේ විසල් දොරටුව අසලට ගියෙමි. දොරටුපල්ලාගේ විමසුම් ඇස මගේ දෙපතුළේ සිට හිස්‌මුදුනට යනතෙක්‌ දිව ගියේය.

දෙන්නෙක්‌ ඉන්නවද…? දොරටු පල්ලාගෙන් මට පැනයකි.

‘නෑ… මම විතරයි…’

‘එහෙම නම් බෑ. පාක්‌ එකට ඇතුළු වෙන්න දෙන්නෙක්‌ ඉන්න ඕනෑ…’ බකුසු මුහුණ තවමත් මා දෙසට තියුණු බැල්මකය.

පසුව මම ගමන් සගයා ද කැටුව ගොස්‌ උද්‍යානයට ඇතුළුවීමට දොරටු පල්ලාගෙන් අවසර පත්‍රයක්‌ ඉල්ලා සිටියෙමි.

‘ටිකට්‌ එකක්‌ දෙසිය පනහයි…’ නොරිස්‌සුම් ස්‌වරයෙන් ඔහු අපට වචනවලින් දමා ගැසූ ගානය.

ටිකට්‌පත් දෙකක්‌ මිලට ගෙන අපි විසල් දොරටුවෙන් පහළට පියගැට පෙළ බැස්‌සෙමු. පියගැට පෙළ අවසානය කොන්ක්‍රීට්‌ ගල් ඇල්ලූ මංතීරුව ලඳු කැලෑ දෙබෑ කරමින් ඈතට විහිදේ. අවට සොබාසිරිය විඳිමින් අපි සෙමෙන් ඉදිරියට පිය මැන්නෙමු.

මඟ දෙපස කැලෑ රොදවල් අතරින් මතු වන සියොතුන්ගේ ගී නාදය හදවත් ඒකාත්මික කරන සංගීතයක්‌ බඳුය. මල්වතුඔය දෙසින් හමන සිසිල් සුළඟ සියොළඟම කිතිකවමින් ගහකොළවල වැදී බිඳී යයි. ඉලුක්‌ පඳුරු, බට පඳුරු සහ විවිධාකාර ශාකවලින් පිරුණු උද්‍යානය ද හරිත පැහැයෙන් දිළිණි. එහෙත් මේ උද්‍යානයේ මල් පඳුරු ඇස නොගැටෙන තරම්ය. එමෙන්ම මඟ දෙපස ඇති ඒ කැලෑ පඳුරු හරි අපූරුවට කූඩාරම් සේ සකස්‌ කර, සෙවණ යට බංකු සකස්‌ කර ඇති අයුරු ද පෙනේ. කැලෑ රොදවල් අතරින් ඇස ගැටෙන ඒ එකදු බංකුවක්‌වත් හිස්‌ නැත. සියලු බංකු පෙම්වතුන්ගෙන් පිරී ගොස්‌ය. තව, තවත් අපි ඉදිරියට පියවර මැන්නෙමු.

අතරමඟ මුණගැසෙන බොහෝ දෙනා බෑග් මලු කරේ එල්ලාගත් තරුණ ජෝඩුය. විවිධ ටිකට්‌ පොත් අතින් ගත් තරුණයන් දෙතුන්දෙනෙක්‌ ඇස නොගැටෙන්න එළිපිට ගමන් කරන පිරිමි දෙදෙනෙක්‌ සිටියා නම් ඒ අප දෙදෙනා පමණි. කැලෑ පඳුරු අතර සැඟ වී පෙම්වතුන්ගේ අනඟ රැඟුම් නරඹමින් කාලකණ්‌ණි වින්දනයක්‌ ලබන පිරිමි බාග මේ උද්‍යානයේ ඕනෑතරම්ය. එහෙත් මේ මොහොත් එවැනි පිරිමි පරාණ අපගේ දෙනෙත්හි නොගැටිණි. ඇස ගැටෙන සෑම කැලෑ රොදකම ආදරයෙන් වෙලුණු පෙම්වතුන් පමණි. මේ නම් පෙම්වතුන්ගේ රාජධානියකි. මේ ප්‍රේම පාරාදීසයේ පෙම් සුව විඳින ප්‍රේමනීය දෙනෙත් සමඟ නිමේෂයකටවත් අපගේ දෙනෙත් නොගැටිණි. සොර සතුරෙක්‌ පැමිණ ඔවුන්ගේ බඩු භාණ්‌ඩ සොරාගෙන ගියද ඔවුන්ට නිච්චියක්‌ නැති ගානය. ඔවුහු එතරම්ම ප්‍රේමාලිංගනයෙන් උමතුවට පත්ව සිටිති. ඇඳුම්, පැළඳුම් පොත්පත් සියල්ල විසිරි තිබියදී ඔවුන්ගේ ශරීර කූඩු පමණක්‌ එක මිටට ප්‍රේමයෙන් බැඳී තිබිණි.

”අද සෙනසුරාදා නේ. ගොඩක්‌ම ඉන්නේ පන්ති එන ළමයි. දෙමවුපියෝ පොළොව තඩි ගහලා මේ ළමයින්ව ටියුෂන් එවනවා. ළමයි පඳුරු අස්‌සේ රිංගනවා…” අපගේ ගමන් සගයා පහත් ස්‌වරයෙන් සුසුමක්‌ පිට කළේය.

ඔහුගේ කතාව සැබෑය. පෙම්වතුන්ට තුරුලු වී සිටින මේ දැරිවියන්ගේ මවුවරු මේ විගඩම් දුටුවහොත් මාතෘත්වයේ සප්ත මහා ගංගා එක්‌ මුව දොරකින් මුහුදට ගලන්නාක්‌ සේ ළය පැළී යන වේදනාවෙන් ඉකිබිඳිණු නියතය. දිගු හීන කතාන්දර කෙටි අකුණු පහර මත මියෑදෙන බව පෙම්වතුන්ට තුරුලු වී සිටින විසේකාර ගැටිස්‌සියන්ට නොතේරේ. තේරුම් යන විට ඔවුන්ගේ වටිනා වස්‌තූන් නැති වී හමාරය.

”පේනව නේද… පඳුරක්‌ යටට ගියාට පස්‌සෙ ඉන්නේ කොහේද කියලා දන්නේ නෑ. පඳුරු අයින්වල වැටිලා තියෙන ඉටි බෑග්වලින් ඒ බව හොඳින් පැහැදිළි වෙනවා නේ… මේ පාක්‌ එක හවස පහ වෙනකම් ඕපන්. පාක්‌ එකේ ගෙට්‌ටුව වැහුවට පස්‌සෙත් ජෝඩු එහෙං මෙහෙං රිංගනවා. ඇඳිරි වැටෙනකොට රිංගන්නේ වැඩ ඇරිලා යන තාත්තලා, අම්මලා. සමහර අමාරුකාරයො ටවුන් එකේ ඩීල් වෙන උන් දක්‌කගෙන එනවා… ගමන් සගයාගේ මුවට අගුළු වැටිණි. ඔහුගේ දෙනෙත් කැලෑව පීරගෙන පඳුරකට වහං වෙච්ච බංකුව මතට දිව යන අයුරු මම දුටිමි.

”දැක්‌කද අතන ඉන්න කපල් එක. ගෑනි කලටියක්‌. කොල්ලට දහඅටකවත් පෙනුම නෑ. මුන් දෙන්න මෙතැනට ඇවිත් ඉන්නේ පෙම්බස්‌ දොඩන්න නෙමෙයි නේ. මේ විදිහේ කපල් ඕනතරම් මේ කැලේ පඳුරුවල ඇති. මෙතැන අඩු මුදලකින් වැඩි වැඩක්‌ කර ගන්න පුළුවන් තැනක්‌. සමහර කපල් කෙළින්ම එන්නේ රූම් එකකදි කරන වැඩේ කරගන්න. මෙතැනදී ආතල් එකක්‌ ගන්න අතර එහා පැත්තේ බංකුවේ කපල් එක කරන දේවලුත් බලන්න පුළුවන්. කොල්ලෙක්‌ කෙල්ලෙක්‌ව මේ වගේ තැනකට ගේන්නේ ලව් කරන්න නෙමෙයි, ලිංගික අවශ්‍යතා ඉටුකරගන්න. කෙල්ලෙකුට, කොල්ලෙකුට ගිහිල්ලා කතා කර, කර ඉන්න ඕන තරම් මේ ටවුමේ තැන් තියෙනවා. සම්පූර්ණයෙන්ම කොල්ලට වරද පටවන්නත් බෑ. එන කෙල්ලොත් දැනගන්න ඕනෑ. සමහර කොල්ලො අපිත් එක්‌ක කියනවා කෙල්ලො කතා කරන්නේම ….. පාක්‌ එකට යන්න කියලා. සෙනසුරාදා, ඉරිදා උදේ පාන්දරට පාක්‌ එකට රිංගුවට පස්‌සෙ යන්නේ ඇඳිරි වැටෙනකොට. කෑම, බීම අරගෙන එන්නේ. ඔය ගමේ, ගොඩේ කෙල්ලො මෙතැන ඇත්ත කතාව දන්නෙ නෑ. උන් හිතන්නේ පඳුරක්‌ ඇතුළට ගියාට පස්‌සේ ලෝකයෙන්ම වහං වුණා කියලා. කොල්ලට තුරුලු වෙලා ඇඟ රත්වෙනකොට කෙල්ල දන්නේම නැතිව ඇඳගෙන ඉන්න ඇඳුම් හැළෙනවා. ඒවා බලලා ආතල් ගන්න බැල්මට්‌ලා ගඟ අයින දිගේ මඩ කාගෙන පාක්‌ එකට බඩ ගානවා…”

”මෑතකදී මරු සිද්ධියක්‌ වුණා. මල්වතුඔය එහා ඉවුරේ ගම්මානයේ ගෙදරක වැඩකට මේසන් බාස්‌ කෙනෙක්‌ ඇවිත්. මිනිහා වැඩ කරලා දවාලට කාලා මුත්‍රා කරන්න කියලා ගඟ පහළට ගිහිල්ලා. පැයක්‌ විතර ගිහිල්ලත් මිනිහා ආවේ නැතිලු. මේ දවස්‌වල ඔයෙත් වතුර අඩුයි, කිඹුල්ලුත් වැඩිපුර ගැවසෙන නිසා ගෙදර මිනිස්‌සු කලබල වෙලා බාස්‌ව හොයන්න අරගෙන. බාස්‌ගේ ගෝලයයි, ගෙදර මිනිස්‌සුයි ගිනි පත්තුවෙලා බාස්‌ව හොයලා. ඒත් හොයාගන්න බැරි වෙලා. ඒ වෙනකොට ගමේ අහල, පහල ගෙවල්වල උදවියත් බාස්‌ව හොයන්න එකතු වෙලා. ගං ඉවුර පීර, පීර බාස්‌ව හොයන අතරේ කෙනෙක්‌ නිකමට වගේ ගස්‌ උඩ විපරම් කරලා. බැලින්නම් බාස්‌ උස ගහක අත්තක්‌ උඩට වෙලා පාක්‌ එකේ ඉන්න පෙම්වතුන්ගේ රැඟුම් බලමින් ස්‌වයං වින්දනයක යෙදෙනවා දැකලා. පස්‌සේ ගම්වැසියො එකතු වෙලා බාස්‌ට හොඳට ගහලා ගමෙනුත් එළවා දාලා. බාස්‌ට ගහපු අය අතරත් මල්වතුඔය තරණය කරලා පාක්‌ එකේ පඳුරු අස්‌සේ රිංගගෙන ආතල් ගන්න උන් ඉඳලා තියෙනවා. ඒත් බාස්‌ කරපු වරද ඉදිරියේ උන් සුදනෝ…”

”ටවුන් එකේ සමහර කොල්ලො තුන්හතර දෙනා එකතු වෙලා පාරෙන් පැනලා ඇවිත් කපල්වලට ටිකට්‌පොත් විකුණනවා. උන් එන්නේ ගංජා ගහලා, නැති නම් කුඩු ගහලා. අහිසංක කොල්ලන්ව, කෙල්ලන්ව බය කරලා ටිකට්‌ විකුණනවා. කොල්ලව බය කරලා කෙල්ලව අත, පත ගාන අවස්‌ථාත් තියෙනවා. ඒ වෙලාවට කොල්ලා අසරණයි. ඔය අතර ‘අපි පොලිසියෙන්… සීඅයිඩී එකෙන්…’ කියලා කපල්වලින් කප්පම් ගන්න පිරිසකුත් ඉන්නවා. මේ මෑතකදි කොල්ලො සෙට්‌ එකක්‌ ආතල් එකට පොලිසියෙන් කියලා ගිහිල්ලා අයිඩින්ටි කාඩ් එකතු කරලා ඒ විස්‌තර මත කෙල්ලටයි, කොල්ලටයි කියලා ලියුම් දෙකක්‌ ලියවගෙන දිනයක්‌ කියලා අම්මා, තාත්තා එක්‌ක පොලිසියට වරෙල්ලා නැති නම් මේ විස්‌තර මත නඩු දානවා කියලා බය කරලා තිබුණා. සමහර පොඩි කෙල්ලො ලියුම් ලියනකොට ඇඟිලි වේව්ලලා. ඒ කියපු දිනයට අම්මලා එක්‌ක පොලිසියට ඇවිත් තිබුණා කෙල්ලොත් ඉඳලා තිබුණා…”

”මෙතැන වෙන භයානකම සිද්ධිය තමයි, සමහර කොල්ලො සෙට්‌ මේ පඳුරු අස්‌සේ රහස්‌ කැමරා ගහලා තියෙනවා. තව සමහර කොල්ලො හැංගිලා ෙµdaන්වලින් වීඩියෝ කරනවා. එහෙම වීඩියෝ කරන සමහර උන් සීන් තුන, හතර එකතු කරලා සීඩී ගහලා විකුණනවා. නැති නම් නිල් වෙබ්සයිට්‌වලට විකුණනවා. මදාවි කාලකණ්‌ණි කොල්ලො පඳුරු අස්‌සේ හිටිය කෙල්ලව මීට්‌ වෙලා වීඩියෝ එක පෙන්නලා බය කරනවා. කෙල්ලට ගෙදරට කියන්නත් බෑ. කොල්ලට කිව්වත් වැඩක්‌ නෑ. අන්තිමේ කෙල්ල අර කොල්ලො කියන දේවල්වලට කැමැති වෙනවා. අර කොල්ලො වීඩියෝ එක පෙන්න, පෙන්න කෙල්ලව නටවනවා. ඒ කෙල්ල හරහා උන්ගේ ලිංගික අවශ්‍යතා ඉටු කරගන්නවා. එක දවසක්‌ නෙමෙයි සති ගණන්, මාස ගණන් කෙල්ලව තැන්, තැන්වලට ගෙනියනවා. ඊට පස්‌සේ සමහර කොල්ලො ඒ කෙල්ලව තව අයටත් විකුණනවා. කෙල්ලගේ ජීවිතේම ඉවරයි. පහුගිය කාලේ ඒ වගේ සිද්ධි කිහිපයක්‌ම ලීක්‌ වුණා. පොලිසියටත් ගියා. මාධ්‍යයෙත් පළ වුණා. අන්තිමේ ඒ කෙල්ලන්ගේ අධ්‍යාපනයත් ඉවරයි. යාළු කොල්ලත් නෑ. ගෑනියෙක්‌ වෙලා ගෙදරට කොටු වෙනවා. දෙමවුපියො ගමේ නෝන්ජල් කොල්ලෙක්‌ හොයලා බන්දලා දානවා. සමහර කෙල්ලො මොකක්‌හරි ජොබ් එකක්‌ හොයාගෙන යනවා. ඇති වෙන්න දේකුත් නෑ, නැති වෙන්න දේකුත් නෑ කියලා හිතලා හොඳට මඟුල් නටනවා. මේ උද්‍යානයට ඇවිල්ලා එහෙම වෙච්ච අසරණ කෙල්ලො ඕන තරම් මේ අනුරාධපුරේ ඉන්නවා. සමහර කොල්ලො කෙල්ලව හොඳට ආරක්‍ෂා කරනවා. ප්‍රශ්නයක්‌ ආවත් දාලා යන්නේ නෑ. ගොඩක්‌ම කොල්ලො එහෙම නෑ. ඕන වැඩ ටික කරගෙන සීරුවට මාරු වෙනවා. මේක මහා අසභ්‍ය උද්‍යානයක්‌. උද්‍යානය වටේට තියෙන්නෙ පන්සල් තුනක්‌. මේක ශාසනයටත් කරන අගෞරවයක්‌. අනිවාර්යයෙන්ම මේක නතර කරන්න ඕනෑ…” අපගේ ගමන් සගයා විස්‌තරාත්මකව කතාව පැහැදිළි කරමින් සිටියේය.

අනුරාධපුර මහ නගර සභාවට අයත් භූමි භාගයක කරගෙන යන අසභ්‍ය ගුබ්බෑයම ගැන තව බොහෝ දේ ඔහු අපට කියන්නට ලෑස්‌තිය. එහෙත් පෙම්වතුන්ගේ අනඟ රැඟුම් මැද කාලය ගත වනවා අපට නොතේරිණි. ඒ වන විටත් කිලෝ මීටර් එකහමාරකට වැඩි දුරක්‌ අපි ඇවිදගෙන ගොස්‌ සිටියෙමු. මල්වතු ඔයට මායිම් වූ බිම් තීරුව අක්‌කර පහකට වැඩිය. උද්‍යානයේ පිටුපස කෙළවරේ දොරටුවක්‌ තිබේ. එහෙත් දැන් එම දොරටුව විවෘත නොවේ. අපි ආපසු හැරුණෙමු. මළ හිරු බැස ගොස්‌ය. නවසඳ මෝදු වීමට හෝරාවකට අඩු කාලයකි. අපි ඒ උමතු ලෝකයෙන් සැබෑ ලෝකයට පැමිණියෙමු.

අනුරාධපුරය යනු බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ අති උතුම් සිරිමා බෝධීන් වහන්සේ වැඩ සිටින පූජා භූමිය පිහිටි නගරයකි. දෙස්‌, විදෙස්‌ බෞද්ධ, අබෞද්ධ බැතිමතුන් නිතර සංචාරය කරන නගරයකි. එමෙන්ම උතුරුමැද පළාතේ ප්‍රධාන නගරයයි. එහෙයින් අනුරාධපුරයට එන මිනිසුන්ට විනෝදවීමට සහ නිදහසේ කාලය ගත කිරීමට මල් සුවඳින් පිරුණු හරිත උද්‍යාන නිර්මාණය කිරීමේ වරදක්‌ නැත. අනුරාධපුර මුළු නගරයම හරිත උයනක්‌ ලෙස අලංකරණය විය යුතු බව සැබෑය. එහෙත් එම උද්‍යාන විනයානුකූලව නිර්මාණය විය යුතුය. දෙමවුපියන්ට තම දරුවන් සමඟ පැමිණ විනෝද විය හැකි පිරිසිදු ස්‌ථාන විය යුතුය. එසේ නොමැතිව කාම ගින්නෙන් දැවෙන පෙම්වතුන්ට සහ සලෙලුන්ට පහත් ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට ඇවැසි එළිමහන් රති පිටියක්‌ නොවිය යුතුය.

සිරිමා බෝධිය පෙනෙන දුරින්, ශුද්ධ භූමිය අපවිත්‍ර කරන අනුරාධපුර ‘එළිමහන් රති පිටිය’ ආරක්‍ෂාවට රටේ මුලසුන හොබවන ප්‍රබල දේශපාලනඥයන් සීරුවෙන් සිටින බව සැබෑය. එහෙත් මේ උද්‍යානය තුළ සිදු වන අවලම් වැඩ නතර විය යුතුය. මේ සම්බන්ධයෙන් ඊටත් වඩා ඉහළ බලධාරීන් ක්‍රියාත්මක වන තෙක්‌ අපි බලා සිටිමු.

තරංග රත්නවීර

පොලු පහරයි බිරිඳ ඉවරයි මීගමුවේ කපිතාන්ගේ නරුම වැඩ මෙන්න

පසුගියදා (19 දා) මීගමුව දුන්ගල්පිටිය වෙරළ ප්‍රදේශයේදී හමුවූ කාන්තා මළ සිරුරක්‌ පිළිබඳ තොරතුරු පැතිර යාමත් සමඟම යුහුසුළුව ක්‍රියාත්මක වූ පොලිසිය හෝරා කීපයක්‌ ඇතුළත එම කාන්තාව ඝාතනය කළ ඇගේ සැමියා වන හිටපු යුද හමුදා කපිතාන්වරයකු වූද, වර්තමානයේ ක¹න ප්‍රදේශයේ රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කළ තිස්‌ස හේරත් බණ්‌ඩාර නමැති සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

තිස්‌ස හේරත් බණ්‌ඩාර අධ්‍යාපනයේ ඉහළ දැනුම් සම්භාරයක්‌ හිමිකරගෙන කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වුවද ඔහුගේ යුග දිවිය සාමකාමීව සහජීවනයෙන් යුතුව පවත්වා ගෙන යැමට අසමත්වීම දෛවයේ සරදමකි. ඔහු මහනුවර විද්‍යාලයකින් අධ්‍යාපනය ලබා කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු ලෙස සමාජයට පැමිණ 1992 වර්ෂයේදී රජයේ ඉංග්‍රීසි ගුරු පත්වීමක්‌ ලබා තම රැකියාව ගුරු සේවාව ලෙස ආරම්භ කර ඇත. ගුරු වෘත්තියේ නියෑළෙමින් සිටින අතරතුර රට තුළ පැවැති යුද වාතාවරණය හේතුවෙන් සේවා අවශ්‍යතා මත ශ්‍රී ලංකා යුද හමුදාවේ 7 වන සන්නාහ සන්නද්ධ බළකායේ දෙවන ලුතිනන්වරයකු ලෙස එක්‌වී දියතලාව පුහුණු කඳවුරේදී යුද පුහුණුව ලබා පසුව දිවයිනේ ප්‍රදේශ ගණනාවක සේවය කළ රණවිරුවෙකි. යුද හමුදා සක්‍රීය ක්‍රියාන්විත රාජකාරියේදී සතුරු පාර්ශ්වයේ වෙඩි උණ්‌ඩයට පවා මුහුණ දුන් හේරත් බණ්‌ඩාර නාරාහේන්පිට යුද හමුදා පාසලේ ඉංග්‍රීසි ගුරු උපදේශකයකු ලෙස පත්වන්නේ තම නිලය කපිතාන් දක්‌වා උසස්‌ කරගෙනය. තම අනාගත සැලසුම සකස්‌ කරගනු පිණිස පුවත්පත් දැන්වීමකට අනුව සෞම්‍යා දිල්රක්‌ෂි සමඟ විවාහ වී ජාඇල ප්‍රදේශයට ස්‌ථිර පදිංචියට පැමිණෙන්නේ සෞම්‍යයාගේ ගම් පියස ජාඇල ප්‍රදේශය වූ බැවිණි. විවාහවී ටික කලක්‌ යනවිට දෙන්නා අතර ගැටුම් ඇති වන්නේ යුග දිවියේ නීරස පැත්තක්‌ ද දෙදෙනා අතර මතුවීම නිසාවෙනි. මෙම පවුල් ආරවුල අවස්‌ථා කීපයකදී පොලිස්‌ පොතේ ලියෑවෙන්නේ තම ගැටලුව තමන්ට බේරා ගැනීමට දෙපාර්ශ්වය අපොහොසත් වූ නිසා විය හැකිය. මෙම අරගල මධ්‍යයේ දයාබර පුතෙකු උපදින්නේ සෙනෙහවන්ත මවුපිය සම්බන්ධය වැඩිකිරීමට වුවද දෛවයේ සරදමක්‌ ලෙස මෙම ගැටුම නොනැවතී ඉදිරියට ගොස්‌ ඇත්තේ දරුවාට ද යම් පීඩනයක්‌ එල්ල කරමිනි. 16 හැවිරිදි පුතණුවන් හේරත් බණ්‌ඩාරට විශේෂ ලැදියාවක්‌ තිබූ බව ද පැවසේ. මෙම ආරවුල දිගින් දිගටම පවතින අතරතුර හේරත් බණ්‌ඩාරගේ තීරණය වුයේ යුද හමුදා සේවයෙන් නැවත ගෞරවණීය ගුරු සේවයට අනුයුක්‌තවී කටයුතු කිරීමටයි. ඒ අනුව නැවත මීගමුව අධ්‍යාපන කලාපයේ ජාඇල අධ්‍යාපන කොට්‌ඨාසයේ පිහිටි ක¹න රජයේ පාසලක ඉංගී්‍රසි විෂයභාර ගුරුවරයකු ලෙස 2013 දී නැවත සේවාව ආරම්භ කළේය.

ආරවුල් මැද යුගදිවිය ගෙවූ මෙම යුවළගේ අමිහිරි දිනය උදාවූයේ ඉකුත් 16 දාය. ගණේමුල්ල බොල්ලත මෝල හන්දිය ප්‍රදේශයේ තිබූ නිවසේ අලුත්වැඩියා කටයුත්තක්‌ සඳහා භාණ්‌ඩ රැගෙන ඒමට කැබ් රථයකින් පැමිණෙන හේරත් බණ්‌ඩාර නැවත පෙ.ව. 10.30 ට පමණ නිවසට පැමිණියේ නිවස අලුත්වැඩියා කිරීමේ අපේක්‌ෂාවෙනි. හේරත් බණ්‌ඩාර කටඋත්තර ලබාදී ඇති පරිදි එම අවස්‌ථාවේ නිවසේ සිටි පුද්ගලයකු ජංගම දුරකථයක්‌ හසුරවමින් සිට ඇත. ඔහු කවුරුන්දැයි හේරත් බණ්‌ඩාර විමසූ විට ඔහු නිවසින් පිටව ගොස්‌ ඇත්තේ නිහඬවයි. මේ සිද්ධිය හරහා හටගන්නා අඩදබරය නිසා සෞම්‍යා බණ්‌ඩාරට පහරදීමට පොල්ලක්‌ ගන්නා විට එම පොල්ල උදුරා ගන්නා බණ්‌ඩාර පෙරළා වැරෙන් එල්ල කළ පොලු පහර සෞම්‍යයාගේ හිසට වැදී ඇත්තේ සියල්ල හමාර කරමිනි. පසුව නිවසේ ඉහළ මහලට ගමන් කරන බණ්‌ඩාර නැවත පැය 1/2 කට පසු පහලට විත් විපරම් කිරීමේදී ලේ විලක්‌ මැද මියගොස්‌ සිටි සිය බිරිඳ දැක හේරත් බණ්‌ඩාර තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට මෘත දේහය ඉහළ මාලයට ගෙන ගොස්‌ එහි තිබූ ඇඳුම් පෙට්‌ටියකට දමා සඟවා තබයි. එදින පාසල නිමවී පැමිණෙන තම පුතා තම මව ගැන විමසූවිට බණ්‌ඩාර තම පුතාට පවසන්නේ මව මාමලාගේ ගෙදර ගිය බවය. දින දෙකක්‌ උඩු මහලේ තබා තිබූ දේහය බණ්‌ඩාර මුහුදු වෙරළට ගෙනගොස්‌ දැමීමට තීරණය කරයි. පසුව මහනුවර සිටි තම සහෝදරයකුව ද ගෙන්වා ගෙන 18 දා රාත්‍රී මළ සිරුර මීගමුව දුන්ගල්පිටිය මුහුදු තීරයට කැබ් රථයෙන් ගෙන ගොස්‌ දමා අතහැර නැවත පැමිණෙන්නේ අපරාධය සදහටම වැළලෙනු ඇතැයි සිතමිනි. 19 දා උදෑසන කැබ් රථයෙන් ජාඇලට පැමිණි බණ්‌ඩාර බස්‌ නැවතුම්පළෙන් තම සහෝදරයාව නැවත නුවරට පිටත්කර හරිනු ලබයි.

පසුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ මුහුදු වෙරළෙන් හමුවූ මෙම මළ සිරුර පිළිබඳ තොරතුරු පැතිර යැමත් සමඟ යුහුසුළුව බණ්‌ඩාරව සොයා පොලිසිය පැමිණෙන්නේ ලද තොරතුරු ඔස්‌සේය. පසුව අපරාධයේ සුලමුල පොලිසිය සොයා ගන්නේ ඔවුන්ගේ තීක්‍ෂණ බුද්ධිය නිසාය.

ඝාතනයට ලක්‌වූ සෞම්‍ය, දිල්රුක්‌ෂි හෙට්‌ටිආරච්චි (36) එක්‌දරු මවගේ සීල් තබනලද මෘත දේහය ජාඇල කපුවත්ත පොදු සුසාන භූමියේදී ක්‍රිස්‌තියානි ආගමික කටයුතු මධ්‍යයේ සවස භූමිදාන කරන ලදී.

රුක්‌මන් පින්තු

ඔබාමාගේ දියණිය ප්‍රසිද්ධියේ සිපගත් බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ තරුණයා

ඇමරිකානු හිටපු ජනපති බැරක් ඔබාමාගේ වැඩිමල් දියණිය වන මලියා ඇයගේ පළමු පෙම්වතා විදිහට බ්‍රිතාන්‍ය රජ පවුලටද සම්බන්ධකම් තිබෙන තරුණයෙකු සමඟින් සබඳතාවක් පටන් අරන්.

ඇමරිකාවේ හාවඩ් සරසවියේ අධ්‍යාපනය ලබමින් දැනට 19 වැනි වියේ පසුවන මලියාගේ පෙම්වතාද 19 හැවිරිදි වියේ පසුවනවා.

සරසවියේ පාපන්දු තරගාවලියක් පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ රෝරි විසින් රාගික ආකාරයෙන් මලියාව සිප ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් දැන් මුහුණුපොත පුරාම පැතිරෙමින් තිබෙනවා. Continue reading “ඔබාමාගේ දියණිය ප්‍රසිද්ධියේ සිපගත් බ්‍රිතාන්‍ය රජ පවුලට සම්බන්ධ තරුණයා”

ලෝකයේ ධනවත්ම තරුණ තරුණියෝ මෙන්න

ධනවතෙක්‌ වීම හැමෝගෙම සිහිනයක්‌. බිලියන 7.5 ක්‌ වන ලෝක ජනගහනයෙන් බිලියනපතියන් ගණයට වැටෙන්නේ 1815 දෙනෙක්‌ විතරයි. ලෝකයේ ම සුපිරි ධනවතුන් 1815 දෙනා වන මේ පිරිස සතු ධනය ලොව බොහෝ රටවල දල දේශීය ආදායමටත් වඩා වැඩියි.
මේ අය අතරින් සියයට විස්‌සක්‌ම තරුණ තරුණියන් වීම විශේෂත්වයක්‌.
Continue reading “ලෝකයේ ධනවත්ම තරුණ තරුණියෝ මෙන්න”