AKON හොරෙන්ම ලංකාවට එයි

මොකක් හෝ විශේෂ කටයුත්තක් සඳහා ලොව ප්‍රසිද්ධ පොප් ගායක AKON ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වන අතර ඔහු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ ප්‍රභල කෙනෙක් හම්බ වෙන්නලු.
Continue reading “AKON හොරෙන්ම ලංකාවට එයි”

අපි සැම එකතු වී ගුරුතුමෙක් ගේ ජීවිතයක් බේරා ගනිමු

රෙෂාන් ජයසූරිය යනු කොළඹ විශ්වවිද්‍යාලයේ B.Sc ගණිත විශේෂ උපාධිධාරි ගුරුවරයකි.
ඔහු මේ දිනවල දරුණු ලෙස හදවත දුර්වල වීමෙන් බොහෝසේ රෝගී තත්ත්වයට පත් වී ඇත.
ඔහුට හදවත් රෝගයට අමතරව තවත් සැත්කම් දෙකක් කල යුතුව ඇත.. නමුත් ඔහුගේ හදවතේ ඇති දුර්වලතාවය නිසා ඔහුට සැත්කම් කිරීමේ දැඩි අවදානමක් ඇත.මේ නිසා ලංකාවේ ඇති පහසුකම් අනුව ඔහුව සුවකල නොහැකි තත්ත්වයකට පත් වී ඇත….
නමුත් ඇමෙරිකාවේ සොයාගත් හදවත් රෝගීන් කිසිම සැත්කමක් නැතිව යන්ත්‍රයක් මාර්ගයෙන් සුව කිරීමේ ක්‍රමයක් වන EECP ක්‍රමය මගින් ඔහුව සුව කල හැක…
මේ ක්‍රමය ලංකාවේ නැතත් ඉන්දියාවේ ඇත.
ඔහුව මෙම ක්‍රමය මගින් සුව කිරීමට සහ ඔහුගේ කොන්දේ සහ බඩෙහි කිරීමට ඇති සැත්කම් දෙකම කිරීමට ඔහුට රුපියල් ලක්ෂ 10ක් වත් සොයා ගත යුතුව ඇත… Continue reading “අපි සැම එකතු වී ගුරුතුමෙක් ගේ ජීවිතයක් බේරා ගනිමු”

දියේ ගිලී ටෙලි නාට්‍ය සහය නිළි තුෂානි ද සිල්වා ජීවිතක්ෂයට

කැලණි ගඟේ දිය නෑමට ගිය අවුරුදු 27ක එක් දරු මවක් එහි ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍යය සහය නිළියකි. Continue reading “දියේ ගිලී ටෙලි නාට්‍ය සහය නිළි තුෂානි ද සිල්වා ජීවිතක්ෂයට”

මාම කැච්චක් හෝදමායි – 2018 කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ

මේ අපුරු අවුරුදු උත්සවය පසුගිය 11 දින ආදිවාසී ජන ගම්මානයක් වන හේනනිගල දි උත්කර්ෂවත්ව පැවතියා. සුන්දර නිමැවුමක් සහිත මනරම් හරිත භූමියක පැවතිම නෙත පිනවන්න දසුනකි. හෙනානිගල සහා දඹානේ ආදිවාසී ජන කොටස් පමණක් සහභාගි විමත්, එහි පැවති ක්‍රිඩා ඔවුන්ට ආවේනික විම හෙළ සංස්කෘතික අනන්‍යතාවක් විය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ සංවිධාන ශක්ති ලබාදෙන විට “ වන අරණ “ සංවිධානය මෙහි මුලිකත්වය ගනු ලැබුවා. ශ්‍රි ලංකා යුධ හමුදාවේ යුධ හමුදාපති මහේෂ් සේනානායක, උරුවලිගේ වන්නිල ඇත්තෝ සමගින් හෙනානිගල නායක ප්‍රධාන අමුත්තන් ලෙසින් සහාභාගී විය.

” වන අරණ ” සංවිධානය මේම අවුරුදු උත්සවය හෙනානිගල සංවිධානය කිරිමේ මුලික අරමුණක් ලෙසින් සදහන් කලේ, හේනානිගල පුංචි බංඩාගේ ඔලිම්පික් සිහිනයට අවශ්‍ය ශක්ති ලබාදිමට බවයි. තුම්ප්‍රයාමය ක්‍රීඩා ඉසවුව නියෝජ්‍යනය කරමින් තරග වදින්නට පුංචි බංඩා මානසික ශක්ති ” වන අරණ” සංවිධානය සුදානම් වන විට, ශ්‍රී ලංකා යුධ හමුදාවේ ස්වේච්ඡා සේනාව යටතේ බදවා ගනිමින් අවශ්‍ය පුහුණු ලබාදිමට යුධ හමුදාපතිතුමා සුදානම් බව එහිදී ප්‍රකාශ කිරිම සුවිශේෂ කරුණක් විය.

 

ලෝකය දුර්ලභ ඩයිනෝසර් පා සලකුණු ස්කොට්ලන්තයෙන් හමුවේ (ඡ‍ායාරූප)

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.

එඩිම්බරෝ සරසවියේ සහ චීන විද්‍යාත්මක ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම තොරතුරු ස්කොට්ලන්ත භූ විද්‍යා ජර්නලයේ නවතම වාර්තාවක එළිදක්වා ඇත.

ස්කේයි දූපතේ තිබී මීට අවුරුදු මිලියන 170කට එපිට යුගයට අයත් යැයි සැලකෙන ඩයිනෝසර් පා සළකුණු 50 ක් පමණ සොයා ගත් බව ඔවුහු පවසති.

දූපතේ බ්‍රදර්ස් පොයින්ට් ලෙස හැදින්වෙන ස්ථානයේ කලපුවක තිබී මෙම පා සළකුණු සොයාගෙන ඇති අතර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා ඩයිනෝසරයින් දෙදෙනකු විසින් තැබූ සළකුණු බවයි.

ඩයිනෝසරයින් සහයෝගයෙන් වාසය කළ ආකාරය සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් මවාගැනීමට මෙම සොයාගැනීම උපකාර වන බවද ඔවුහු තවදුරටත් පවසති.

එක් පා සළකුණක් කාර් රෝදයක් තරම් විශාල වන අතර මෙම සතුන් ටොන් 10ක් පමණ බරින් හා මීටර් 15ක් පමණ දිගින් යුතු වන්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙම මාංෂභක්ෂක සතුන් දඩයම් නොකරන වේලාවන් හිදී කලපුව අසලට පැමිණ නිදහසේ කාලය ගත කරන්නට ඇති බව පැවසේ.

පර්යේෂණ වාර්තාවේ සමකතෘ ස්ටීව් බෘසෙට් පවසන්නේ 2016 වර්ෂයේදී දූපතේ චාරිකා කළ පාසල් සිසුවකු විසින් මෙම පා සළකුණු මුල්වරට සොයාගත් බවයි.

සීඑන්එන් ඇසුරිණි

 

ඇමරිකාවේ වෙඩි නොවදින ඇදුමක ප්‍රචාරක වීඩියෝවට සිටි සිත වසගවන ලාංකික නිරූපන ශිල්පිනිය

මොරිනා දසනායක (Morina Dasanayaka) ඇමරිකාවේ ජිවත් වෙන දක්‍ෂ නිරූපණ ශිල්පිනියක්. Continue reading “ඇමරිකාවේ වෙඩි නොවදින ඇදුමක ප්‍රචාරක වීඩියෝවට සිටි සිත වසගවන ලාංකික නිරූපන ශිල්පිනිය”

ලොකු හාමුදුරුවන්ගේ පිය සෙනෙහස දෝරෙ ගලයි

සමහර වචනවලට, අදහස්වලට ඇස්වල කඳුලු හොලවන්නත් හිත සොලවන්නත් පුළුවන්.

ඒ තරමටම සමහර වචන අදහස් හදවතට දැනෙනවා.

ඒ විදිහට ඡායාරූප පෙලකට ලියවුණු ලස්සන අදහසක් අපිට හමුවුණා.

පුංචි හිමිනමකට ඇතිවුණු අසනීප තත්ත්වයකට ලොකු හාමුදුරුවෝ එක්ක බෙහෙත් ගන්න යන අයුරු දැක්වෙන ඡායාරූප පෙලකට ලොකු හාමුදුරුවන්ගේ පිය සෙනෙහස නමින් මෙම ලස්සන වචන ටික ලියවී තිබුණේ මෙලෙසින්.

ලොකු හාමුදුරුවන්ගේ පිය සෙනෙහස

සෙල්ලම් පිටිය අමතක කර දුව පැනපු
අම්මත් නොමැත නිතරම මගෙ මුව සිඹපු
අවසර අරන් පියතුමගෙන් මම රැකපු
පොරවමි කසාවත සසරේ පිං කරපු

ඇගපත වෙවුලලා ගත් විට සහලේ උණ
පොඩි සිත වේදනාවන් වැඩි වී දවන
ලොකු හිමි හනික පොඩි මම තුරුලට රැගෙන
දුවගෙන ගියා විලසින් මගෙ දුක නිවන

අම්මා ළග නැතත් පුද දුන් මිහිරි සෙනේ
ඔබගේ තුරුලෙ සිටිනා විට හොදට දැනේ
අම්මගේ සොදුරු රුව ඔබගෙන් ⁣මෙමට පෙනේ
ඔබ පිය කෙනෙකි මට ලොකු හාමුදුරුවනේ

සංකල්පනාව – රිදියගම ගුණසිරි හිමි.

වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට

ප්‍රවීන ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිණි අමේන්ද්‍ර රත්නායක මහත්මිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(09) උදෑසන තංගල්ල පොලිසියට පැමිණීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.
Continue reading “වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට”

ජනප්‍රිය නිරුපිකා ධනුකි බණ්ඩාර පෙම්වතාගේ රහස හෙළි කරයි

හැඩකාර කෙලිලොල් රූපයකට උරුමකම් ඇති ඇය තම රුපය තරමටම නිරහංකාර ගති පැවතුම් ඇති සුකුමාර ලලනාවකි. නිරූපන ක්ෂේත්‍රයෙන් කලා ලෝකයට පිවිසෙන ඇය තම සහජ කුශලතාවයෙන් ගමන් මග සාර්ථක කර ගැනීමට සමත්ව තිබේ. නිරූපන ක්ෂේත්‍රයෙ තරු අතර සඳක් මෙන් ඇය ජනප්‍රිය වී තිබෙන්නේ ඇය උරුමකම් කියන මනස්කාන්ත රූ සපුවට වඩා ඇයගේ නිහතමනී හැසිරීම් සමුදාය විය හැක.

අප ඇයගේ තතු විමසීමට පෙර ඇය අපෙන් කොහොමද අයියා යනුවෙන් මුවා පුරා හසරැලි නගමින් විමසා සිටියේ ඇයගේ නිහතමානී ගුණයහපත්කම නිර්ව්‍යාජව මතුකරමිනි. ඇය නමින් ධනුකි බණ්ඩාරයි, මේ වන විට ඇය නිරූපන ක්ෂේත්‍රය අභිබවමින් ව්‍යාපාර ලෝකයටද පියවර ඔසවා තිබේ. මේ ධනුකි සමග කල සුහද කතා බහක සටහනකි.
Continue reading “ජනප්‍රිය නිරුපිකා ධනුකි බණ්ඩාර පෙම්වතාගේ රහස හෙළි කරයි”

නව වසරේ ආරම්භයත් සමඟ දඹුල්ල රෝහල සතුටු කළ අපූරු දරු උපත

2018 වසර ආරම්භයත් සමඟම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් වූ 27 හැවිරිදි මවක් තුන් නිවුන් දරු උපතක් සිදු කළ පුවතක් වාර්තා වුණා.

මෙසේ තුන් නිවුන් දරුවන් බිහි කොට ඇත්තේ දඹුල්ල පහල ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි ප්‍රියානි මලීකා ප්‍රනාන්දු වන එක්දරු මවක්.

මෙම තුන් නිවුන් දරු උපත සැලවීමත් සමඟ දඹුල්ල රෝහලේ මාතෘ හා ළමා වාට්ටුවේ සේවය කරන හෙද නිලධාරිනියන් දැඩි සතුටට පත්ව සිටින අයුරු එහි ගිය අප වාර්තාකරුට දැක ගැනීමට හැකියාව ලැබී තිඛෙනවා.

Continue reading “නව වසරේ ආරම්භයත් සමඟ දඹුල්ල රෝහල සතුටු කළ අපූරු දරු උපත”