ලංකාවේ bitcoin තහනම්ද? Virtual Currencies මිථ්‍යාවට පිළිතුරක්.

පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව අතථ්‍ය මුදල් හෙවත් Virtual Currencies අවදානම් බව‍ට සිදුකර ඇති අනතුරු ඇඟවීම පිළිබඳව පැතිර යන ප්‍රකාශ මෙන්ම පුවත් වාර්තා පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒ තුළ යම් යම් මිථ්‍යාවන් ගැබ්ව ඇති බව පෙනෙයි.

අතථ්‍ය මුදල් (Virtual Currencies) යනු මොනවා ද?

අතථ්‍ය මුදල් හෙවත් Virtual Currencies සම්පුර්ණයෙන් ම අන්තර්ජාලය මාධ්‍ය කරගෙන ගනුදෙනු කළ හැකි මුදල් විශේෂයකි. ලොව කිසිදු රටක් මෙම මුදල් ඒකක පිළිගත් මුදල් ඒකකයන් ලෙස පිළිගෙන නැති නිසාම මෙම මුදල්වලට අන්තර්ජාලයෙන් පිටත සංසරණය වීමේ හැකියාවක් නැත.

ජනප්‍රිය අතථ්‍ය මුදල් (Virtual Currencies) ඒකක

ජනප්‍රියම සහ ප්‍රධාන වශයෙන් භාවිතා වන අතථ්‍ය මුදල් ඒකකයන් වන්නේ බිට්කොයින් (Bitcoin), ලයිට්කොයින් (Litecoin), රිප්ල් (Ripple) සහ එතීරියම් (Ethereum) ය. Continue reading “ලංකාවේ bitcoin තහනම්ද? Virtual Currencies මිථ්‍යාවට පිළිතුරක්.”

CRYSBRO Corn Fed Golden Yellow Chicken ලාංකීය වෙලදපොලට

ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහිත බිත්තර සඳහා ලොව පුරාම ඉහළ පාරිභෝගික ඉල්ලූමක් ඇතිවාක් මෙන්ම කහ පැහැයෙන් යුත් කුකුළු මස් වඩාත් පෝෂණ ගුණයෙන් සහ නැවුම් බවෙන් අනූන බව පෝෂණවේදීන්ගේ අදහස වී ඇත.

එහෙත් ශ්‍රී ලංකාව තුළ අලෙවි වන සහ පාරිභෝගිකයින් අතර ප්‍රචලිතව පවතින කුකුළු මස් රෝස පැහැයෙන් හෝ මලානික පැහැයකින් යුතු වෙයි. මීට හේතුවී ඇත්තේ මෙම බ්‍රොයිලර් කුකුළන්ට ලබා දෙන සහල් හෝ තිරිගු පිටි මූලික කර ගත් ආහාර නිසාය. එහෙත් වෙළෙඳපොළේ ඇති කහ පැහයෙන් යුතු කුකුළු මස් අවපැහැ ගැන්වී ඇති හෝ නැවුම් බවින් තොර කුකුළු මස් ලෙස පාරිභෝගිකයින් අතර වැරදි වැටහීමක් පවතී. කුකුළු මස් පැහැයක් ගැනීම කෙරෙහි මූලික වශයෙන්ම බලපාන්නේ කුකුළන්ට ලබා දෙන බඩ ඉරිගු ආහාරය අනුවයි. බඩ ඉරිගු විටමින් වලින් පරීපූර්ණ ස්වභාවික ආහාරයක් වන අතර පෝෂණ ගුණය අතින් සහල් සහ තිරිගු පිටි වලට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පරිපූර්ණය. Continue reading “CRYSBRO Corn Fed Golden Yellow Chicken ලාංකීය වෙලදපොලට”

මම රුපියල් දෙදහයි ලැප්ටොප් එකයි අරන් කොළඹ ආපු කෙනෙක් – Idea Group limited ප්‍රධාන විධායක නිලධාරී සම්පත් මායාකඩුව කියන කතාව

දකුණු ආසියාවේම විශාලම ASA Roofing කර්මාන්ත ශාලාව අපි සතුව තිබෙන්නෙ

සියඹලා කොළය හරිම පුංචියි.ඒ තරම් පුංචි සියඹලා කොළයක් මතට හිරු කිරණ පතිත වුණාට පස්සෙ ඒ තුළින් සිදුවන ක්‍රියාවලියට තමයි අපි ප්‍රභාසංස්ලේෂණය කියන්නෙ.ඒ ක්‍රියාවට සමාන ක්‍රියාවක් සිදු කරන යන්ත්‍රයක් මේ වන තෙක්ම දියුණු මිනිසාට හදන්න බැරි වෙලා තියෙනවා.එහෙම මෙවලමක් හැදුවත් ඒක පිහිටුවන්න ඉඩම් අක්කරයක භූමියක්වත් අවශ්‍ය වෙනවා.පොඩ්ඩක් හිතන්න විශ්ව බුද්ධියත් එක්ක සන්සන්දනය කරන විට දියුණුයි කියන මිනිස් බුද්ධිය විශ්ව බුද්ධියෙන් අංශු මාත්‍රයක් විතරයි.

ඔහු මේ විශ්වය දකින්නේ එලෙසය.නමුත් උත්සහය ඇත්තෙකුට විශ්වයේ ආශිර්වාදය එකතු කර ගැනීමෙන් අනතුරුව ලෝකයක් වුව ජයගත හැකි බව ඔහු පවසයි.ඔහු එවැන්නෙකි. Continue reading “මම රුපියල් දෙදහයි ලැප්ටොප් එකයි අරන් කොළඹ ආපු කෙනෙක් – Idea Group limited ප්‍රධාන විධායක නිලධාරී සම්පත් මායාකඩුව කියන කතාව”

රුපියල් දෙදහසකින් ආරම්භකර වසර 9 යෙන් රුපියල් බිලියන 5ක ව්‍යාපාරයක් තැනූ සුපිරි ව්‍යවසායකයා

දුක දිනා ජීවිතය ජයගත් මිනිස්සු ගැන අපි නිතරම ඔබට කියන්නෙ ඔවුන්ගෙන් ඔබේ ජීවිත වලට ලොකු පාඩමක් ඉගනගන්න පුළුවන් නිසා. උත්සාහය, කැපවීම, අධිෂ්ඨානය තියෙනවනම් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා මුළු ලෝකයටම පෙන්නපු අපේ කාලයේ දක්ෂ ව්‍යාපාරිකයෙකු අපිට මුනගැහුනා. ඔහු ගැන අපි මේ සටහන තබන්නෙත් ඔහුගේ ජීවිතයෙන් බොහෝ දේවල් ඔබටත් ඉගනගන්න තියෙන නිසා.

මේ කියන්න යන දක්ෂ ව්‍යාපාරිකයා නමින් සම්පත් මායාකඩුව. සමහර විට නම කියන කොටම මේ කවුද කියලා ඔබ දන්නවත් ඇති. මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය ආරම්භ වෙන්නෙ 2008 අවුරුද්දෙදි. Continue reading “රුපියල් දෙදහසකින් ආරම්භකර වසර 9 යෙන් රුපියල් බිලියන 5ක ව්‍යාපාරයක් තැනූ සුපිරි ව්‍යවසායකයා”

දශ ලක්ෂ දහසකට යූනියන් පෙදෙසේ ඉඩමක් විෂන් කෙයා මිලට ගනී.

කලම්බු සිටි හෝල්ඩිංග්ස් පීඑල්සී සතුව පැවති කොළඹ 02, යූනියන් පෙදෙසේ පර්චස් 66.81 ක ගොඩනැගිල්ලක් ද සහිත භූමි භාගය, විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් (පුද්) සමාගම විසින් මිල දී ගෙන තිබේ. රුපියල් බිලියනයක මිලකට මෙම ගනුදෙනුව සිදුව තිබේ. Continue reading “දශ ලක්ෂ දහසකට යූනියන් පෙදෙසේ ඉඩමක් විෂන් කෙයා මිලට ගනී.”

ඩොලර් මිලියන 23.57ක මහ කන්නයේ යූරියා ටෙන්ඩරය JAT ට

2017/2018 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම් මඟින් බෙදාහැරීම පිණිස අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 72,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, ඒ සඳහා සාර්ථක ලංසුව ඉදිරිපත් කරනු ලැබ ඇති JAT Holding (Pvt) Ltd. වෙත මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 327.40ක් බැගින් ඇමරිකානු ඩොලර් මිලියන 23.57ක මුදලකට පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. Continue reading “ඩොලර් මිලියන 23.57ක මහ කන්නයේ යූරියා ටෙන්ඩරය JAT ට”