2018 ඔබට කොහොමද?

ලෝක සම්මත ප්‍රධානම ව්‍යවහාරික වර්ෂ ක්‍රමය වන ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුව 2017 දෙසැම්බර් මස 31 දා රාත්‍රී 12.00ට හෙවත් 2018 ජනවාරි මස 01 දින පැය 00.00ට නව වර්ෂය ආරම්භ වේ. මෙරටට සාපේක්ෂව සලකන කල නැගෙනහිර ක්ෂිතිජයෙන් කන්‍යා ලග්නය මේ අවස්ථාවෙහි උදාව ඇත. මෙදින දුරුතු මස පුර තුදුස්වක තිථීය පවතී. නැකත මුවසිරස වේ. කන්‍යා ලග්නය වී ලග්නාධිපති බුධට විරුද්ධකම් දක්වන අට වැන්නාධිපති හා අටෙන් අට අධිපති කුජ හිමි රතු ග්‍රහයාට හිමි නක්ෂත්‍රයකින් වර්ෂය උදා වේ. රක්ත, ලෝහිත, අංගාරක, සෞම, මංගල ආදී නම්වලින් හඳුන්වන අඟහරුට අයිති නැකතක් උදාවෙමින් තිබිය දී තත්කාලයෙහි ග්‍රහයන් සිටිනුයේ ශුභා’ශුභ මිශ්‍ර තත්ත්වයෙනි. රවි 4 ද කුජ දෙවැන්නේ ද සෙනසුරු සමග සංයෝග වූ රවි පාතාල භවනය වන 4 වැන්නෙහි ලැගුම් ගෙන සිටින අවස්ථාවක බ්‍රහස්පති යහපත්ව සිටින බව කිව යුතුය. යුරේනස් අටේ ද, කුජ දෙවැන්නේ සිටීම අහිතකරයි.

චන්ද්‍රයා 6 වැන්නේ සිටීම මධ්‍යස්ථ පලදායකය. මෙවැනි වාතාවරණයක් යටතේ 2018 නව වසර හැල හැප්පිලි, ගැටුම්, ප්‍රශ්න, තර්ජන, ගර්ජන අති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වන සාමය සන්සුන් බව බොහෝ දුරට අසම්පූර්ණ වූ වසරක් යැයි කිව හැක. අනේ‍යා්න්‍ය විරුද්ධකරුවන් වන ශනි, රවි එකට එක්වී 4 වැන්නේ සිටී. එය මහජනතාව නියෝජනය කරන භාවය වීම නිසා යම් යම් සමාජමය විපර්යාසයන් ද පාලක පාලිත දෙපක්ෂයෙහි අර්බුදකාරී තත්ත්වයන් ද මතුවීමට හේතුවක් වේ.

අඳුරු ග්‍රහයා වන සෙනසුරු ආලෝකය නියෝජනය කරන රවි සමග එක්වී අඳුර නියෝජනය කරන හතරවැන්නේ සිටීම නිසා මෙරට විදුලිය සම්බන්ධ කටයුතු කෙරේ කිසියම් අහිතකර බලපෑමක් ඇති කරන්නේය. යුරේනස් තරුණ පෙළ නියෝජනය කරන රාශිය වෙමින් අටවැන්නේ වීම හා රවි ශනිට පස්වැන්නේ වීම මත යෞවන පක්ෂය වැඩි කලබලකාරී තත්ත්වයකින් ක්‍රියා කරනවා විය හැක.

බ්‍රහස්පති ධනස්ථානගතව සිටීම මෙරටෙහි ආර්ථිකමය ප්‍රබෝධයට යම් යම් යහපත් අවකාශයන් ඇති කරන්නකි. දේශපාලනමය අර්බුදයන් ගහන මෙම වසර විවිධ පක්ෂවල දෙදරීම් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබෙනු ඇත. සාමාන්‍යයෙන් විප්ලවකාරී ග්‍රහයකු වන කුජගේ රාශිය වෙමින් යුරේනස් අශුභම භාවය වූ අටේ සිටින නිසා වැඩවර්ජන, කලකෝලාහල, පෙළපාළි ආදියෙන් හිස් වසරක් නොවේ.

ඒ ඒ ලග්නවලට ඉදිරි 2018 වර්ෂය බලපාන ආකාරය පහත දැක්වේ.

මේෂ – පැතුම් ඉටුවන වසරක්
ලග්නාධිපති වූ කුජ භාග්‍ය ස්ථානාධිපති ගුරු සමග එකට එක්වී හත්වැන්නේ ගමන් කරමින් සිටියදී වසර ඇරඹේ. බ්‍රහස්පතිගේ ගමන ඔක්තෝබර් 11 දක්වා යහපති. තමාගේ අභිමතයෙන් බොහෝ සෙයින් සපුරාලන වසරක් විය හැක.

ආර්ථිකය– අය භාවාධිපති ශනි කර්මස්ථානාධිපති ද වෙමින් පුණ්‍යස්ථානයේ ගමන් කිරීම නිසා ආදායම් මාර්ග යහපත් විය හැක. ධන කාරක ගුරු ද ඊට උදව් කරයි. දහය අධිපති වශයෙන් කර්මස්ථානාධිපති නවවැන්නේ ගමන් කිරීම ක්‍ෂේත්‍ර සිංහාසන යෝගයයි. මේ නිසා තම වෘත්තීය කටයුතුවල ප්‍රගතියක්, ඉහළ යාමක් ඇති වේ. ආගම ධර්මය කෙරේ භක්තියෙන් යුක්ත වේ. උසස් දෑ සඳහා යොමු වනු ඇත.

යුග දිවිය– අහිතකර බවක් කිව නොහැක. භාග්‍යස්ථානාධිපති ගුරු හත්වැන්නේ ගමන් කිරීම නිසාය. විවාහ අපේක්ෂකයන්ට මංගල යෝජනා ඉදිරිපත් වේ. පුත්‍ර කාරක බ්‍රහස්පති යහපත් නිසා තම දූ දරුවන්ට හිතකර ප්‍රතිඵල ගෙන දෙන්නේය. අධ්‍යාපනය- අධ්‍යාපනයේ යෙදෙන අයට මෙම වසර ශුභදායකයි. විභාගාදියෙන් උසස් ලෙස සමත් වේ. විදෙස් ශිෂ්‍යත්ව ලැබිය හැක.

සෞඛ්‍යය– රාහු කේතු 4, 10 ස්ථානවල ගමන් කිරීම යුරේනස් ලග්නයෙහිම වීම නිසා වැටීම්, තැළීම් වැනි පීඩා, හෘදයට සම්බන්ධ ආබාධකාරී ගති, දණහිස් ආබාධවලින් ප්‍රවේශම් වන්න. කොලෙස්ටේ‍රා්ල් වැනි ආබාධ ඉස්මතු විය හැක.
ශුභ දිනය- බ්‍රහස්පතින්දා, වර්ණය- රතු, අංකය- 09

වෘෂභ – සිත් තැවුල් ඇති කරයි
ලග්නාධිපති සිකුරු වක්‍රව අටවැන්නේ ගමන් කරමින් සිටිය දී වසර ඇරඹේ. මේ අතර සෙනසුරු අටවැන්නේ ගමන් කිරීම ඒරාෂ්ටක දෝෂයක් යැයි කිව යුතුව ඇත. ගැටලු, බාධා, ප්‍රශ්න සහිතව කටයුතු සිදුවනු ඇත. විශේෂයෙන්ම ගුරු, කුජ හයවැන්නේ ගමන් කිරීම ආදී කරුණු මත ද සලකන කල සිත් තැවුල්වලට භාජනය වන අවස්ථා උද්ගත කරයි. දොළහ අධිපති කුජ හා අට අධිපති ගුරු 6 වැන්නේ ගමන් කිරීම එක් අතකින් විමල හා සරල යෝගයයි. මේ නිසා ප්‍රශ්න මධ්‍යයේ නමුදු හිටි හැටියේ වරප්‍රසාද ද ලැබිය හැක.

ආර්ථිකය– අයස්ථානාධිපති ගුරු හයවැන්නේ ගමන් කිරීමත්, 10 අධිපති ශනි අටේ ගමන් කිරීමත් නිසා ආර්ථික සහ වෘත්තීය අංශයෙන් සුවිශේෂම ප්‍රතිඵල ලැබිම අසීරු විය හැක. ගැටලු, බාධා මධ්‍යයේ වෘත්තීය කටයුතු කරන්නට සිදු වේ. ධනය ද එසේය.

යුග දිවිය– ගෙදරදොර කටයුතු සම්බන්ධයෙන් සලකන කල මධ්‍යස්ථ පලදායක බවක් ඇති කරයි. රාහු, කේතු කිසියම් ප්‍රමාණයක් ශුභදායක ලෙස ගමන් කිරීම නිසා යුග දිවියෙහි ප්‍රමාණවත් බවක් ඇති කරයි. දූ දරුවන්ට සම්බන්ධයෙන් අයහපත් බවක් කිව නොහැක. මංගල යෝග පවතී.

අධ්‍යාපනය– අධ්‍යාපනයේ යෙදෙන අයට මෙම වර්ෂය මධ්‍යස්ථ පලදායකයි.
සෞඛ්‍යය- ලෙඩ රෝග සම්බන්ධයෙන් සැලකීමේ දී වාතාබාධ, නහරගත පීඩා මෙන්ම මූත්‍රා සම්බන්ධ පීඩාකාරී ගතිවලට ඉඩකඩ පවතින බව කිව යුතුයි.

ශුභ දිනය- අඟහරුවාදා, වර්ණය- නිල්, අංකය- 06

කටක – ව්‍යාපාරවලින් ලාභ
ලග්නාධිපති බුධ හය වැන්නේ ගමන් කරමින් සිටිය දී වසර ආරම්භ වන අතර බ්‍රහස්පති 5 වැන්නෙහි ත්‍රිකෝණගතව සිටීමත් යෝග කාරක සිකුරු යහපත් ගමනක යෙදීමත් මත ශුභදායක ප්‍රතිඵල ලබා ගැනීමේ අවකාශයක් පවතී. කේන්ද්‍රස්ථාන දෙකක් අධිපති ගුරු ත්‍රිකෝණගත වීම යහපත් කරුණක් ලෙස පිළිගැනේ. මෙය තමාගේ අරමුණු අපේක්ෂා ඉෂ්ට සිද්ධ කරන, ජීවිතයේ පරමාර්ථයන් මල්පල ගන්වන කාලයකි.

ආර්ථිකය– කර්මස්ථානාධිපති ගුරු ධනකාරක ද වෙමින් පස්වැන්නේ සිට ලග්නයට දෘෂ්ටි හෙළීම යම් යම් ආකාරයෙන් ආර්ථිකමය ප්‍රවර්ධනයක් ඇති කිරීමටත් වෘත්තීය කටයුතුවල පවතින දක්ෂතාව නිසා තමාගේ රැකියා කටයුතුවල ප්‍රගතියක් ඇතිවීමටත් හේතු වේ. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ලාභ ප්‍රයෝජන වැඩිවීමටත් ඉන් ලැබෙන ආදායම සාර්ථක වීමටත් මෙය හේතුවක් වේ.

යුග දිවිය– සෙනසුරු හත්වැන්නේ ගමන් කළත් එය අශුභ යැයි ප්‍රකාශ කළ නොහැක. ලග්නාධිපතිගේ මිත්‍රයකු වන සෙනසුරු නවය අධිපති වශයෙන් දිග්බලව හත්වැන්නේ ගමන් කිරීමෙන් යහපතක් සැලසෙනු ඇත. යම් යම් අඩුපාඩු හා ගැටලු ඇතත් ඒවාට මුහුණ දෙමින් අඹුදරු ජීවිතය සුරක්ෂිත කර ගැනීමේ බලයක් මේ නිසා ඇති කරයි.

අධ්‍යාපනය– ගුරු 5 වැන්නේ ගමන් කිරීමෙන් කටයුතුවල සාර්ථකත්වයට මග පාදන්නක් වන අතර විභාගාදියෙන් ඉහළ මට්ටමේ සාමාර්ථයක් ලැබිමට හේතු වේ.

සෞඛ්‍යය– සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සැලකීමේ දී එතරම්ම ඉහළ මට්ටමේ යහපත් බවක් කිව නොහැක. රාහු කේතු දෙදෙනා දෙක, අට ආදී ස්ථානවල ගමන් කිරීම තුළ ‍ලේ දූෂ්‍යාබාධ, ශරීරයට වෛරස් ඇතුළුවීම, රුධිර සංසරණයෙහි පීඩා ගෙනදීමට හේතුවක් වේ.

ශුභ දිනය- බදාදා, වර්ණය- කොළ, අංකය- 05

මිථුන – ආයෝජනයන්ගෙන් සාර්ථක ප්‍රතිඵල
කටක ලග්නය වෙමින් භාග්‍යස්ථානාධිපති බ්‍රහස්පති 4 වැන්නේ ගමන් කිරීමත්, සෙනසුරු උපචය ස්ථානයක් වෙමින් හයවැන්නේ ගමන් කිරීමත් ශුභදායක කාරණයක් වේ. ලග්නාධිපතිගේ මිත්‍රයා හා භාග්‍යස්ථානාධිපති වෙමින් බ්‍රහස්පති සුඛස්ථානය හෙවත් 4 වැන්නේ ගමන් කිරීම නිසා තම අරමුණු අපේක්ෂා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉෂ්ට සිද්ධ වනු ඇත. මේ අතර 8 අධිපිත ශනි උපචය භාවගතව සරල නමැති විපරීත යෝගය ද උදා කිරීම නිසා අනපේක්ෂිත ආකාරයේ ලාභ ප්‍රයෝජන, හදිසි වාසනා ආදියට ද අවකාශ යෙදෙනු ඇත. සතුරු මර්දනය හා කැපවී ක්‍රියා කරන කටයුතුවලින් ප්‍රතිඵල උරුම කරයි.

ආර්ථිකය– ධනකාරක බ්‍රහස්පති කේන්ද්‍රගතවීම කර්මස්ථානාධිපතියා වන කුජ වර්ෂය ආරම්භයේදීම ධර්මකර්මාධිපති යෝග බලයෙන් යුක්ත වීම නිසා ආර්ථික හා වෘත්තීය කටයුතුවල සාර්ථකත්වයට ඉඩකඩ සැලසේ.
ආයෝජනයන්ගෙන් වැඩි ලාභ ප්‍රයෝජනයක් උරුම කරනු ඇත. වෘත්තීය ක්‍ෂේත්‍රයෙහි උසස්වීම් හා රැකියා කටයුතුවල ප්‍රගතියට මෙය බලපායි.

යුග දිවිය– රාහු සහ කේතු 7 වැන්නේ ගමන් කිරීම මෙන්ම ග්‍රහ ගමනෙහි පවතින යම් යම් බලපෑම් මත යුග සැපත සම්බන්ධයෙන් එතරම් හිතකර බවක් කිව නොහැක. විවාහ ස්ථානය පීඩාකාරී නිසා සිත් තැවුල් මෙන්ම යුග සැපතෙහි බැඳීම තුනී කරයි. විවාහ අපේක්ෂකයන්ට මංගල යෝජනා ස්ථිර කර ගැනීමේ අවකාශය තරමක් අඩුවේ.

අධ්‍යාපනය– ආයාසයෙන් සහ උත්සාහයෙන් ප්‍රතිඵල ලබාගැනීමේ හැකියාවක් තිබේ. කෙසේ නමුත් රාහු ලග්නයේම හෙවත් හිස මත ගමන් කිරීමේ අඩුපාඩුව නිසා අධ්‍යාපනයට බාධාකාරී බලපෑම් තිබිය හැක. උනන්දුවෙන් ප්‍රතිඵල ලැබිය හැක.

සෞඛ්‍යය– වැටීම්, තැළීම්, අනතුරු පීඩා ගැන සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම පෙණහලු ආශ්‍රිත පීඩා, බඩවැල්වල රෝග, උදරාශ්‍රිත පීඩා ඇති කළ හැක.

ශුභ දිනය- බ්‍රහස්පතින්දා, වර්ණය- ක්‍රීම්, අංකය- 02

සිංහ – මනස නොසන්සුන්
සිංහ ලග්නය වෙමින් ලග්නාධිපති රවි පස්වැන්නේ ගමන් කරමින් සිටිය දී වසර ආරම්භ වන අතර සෙනසුරු පස්වැන්නේම ගමන් කිරීමත් රාහු 12 හා ගුරු 3 වැන්නේ ගමන් කිරීම මත යම් යම් ආකාරයේ ජීවිතයෙහි සැලසුම් සහගත බව නිසි අරමුණක් මත ක්‍රියා කිරීමේ හැකියාව බාධාකාරී තත්ත්වයට පත් කරනු ඇත. නිරන්තරයෙන්ම සිතෙහි පවතින කිසියම් පීඩනකාරී ගතියක් හා අනපේක්ෂිත බවක් තිබිය හැක. බ්‍රහස්පති තුන්වැන්නේ ගමන් කිරීම නිසා උත්සාහයේ තරමට ප්‍රතිඵල ලබාගැනීමේ ඉඩකඩ අවම කරයි.

ආර්ථිකය– වෘත්තීයමය කටයුතුවල දී ඇපකැප වී ක්‍රියා කිරීමේ අවකාශය අඩුබව පෙනේ. මේ නිසා රැකීරක්ෂා කටයුතුවල දී සුවිශේෂතම සාර්ථකත්වයක් පැවසීම අසීරුය. දැඩි උනන්දුවෙන් සහ උත්සාහයෙන් ක්‍රියා කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට උනන්දු විය යුතුයි.

යුග දිවිය– යුග දිවිය තුළ මධ්‍යස්ථ පලදායක බවක් පවතී. 7 වැන්න බොහෝ සෙයින් පීඩාකාරී තත්ත්වයෙන් තොරයි. එනිසා යුග සැපතෙහි ප්‍රමාණවත් යහපතක් කිව හැක. විවාහ මංගල යෝජනා සම්බන්ධයෙන් අපේක්ෂා සහගතව සිටින්නන්ට ඒ සම්බන්ධ බලා‍පොරොත්තු ආයාසයෙන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට ඉඩකඩ යෙදේ. දූ දරුවන් සම්බන්ධයෙන් වඩත් වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

අධ්‍යාපනය– සෙනසුරු විද්‍යාස්ථානයක් වශයෙන් සලකන 5 වැන්නේ ගමන් කිරීම නිසා අධ්‍යාපන කටයුතු සඳහා වැඩි කැපවීමක් හා උනන්දුවක් දැක්විය යුතු බව කිව යුතුයි. එසේ කටයුතු කිරීමෙන් ආයාසයෙන් යහපත් ප්‍රතිඵල උරුම කර ගැනීමේ අවකාශය පවතී.

සෞඛ්‍යය– ග්‍රහ ගමනෙහි යම් යම් අඩුපාඩුකම් හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය ඉහළ මට්ටමින් නොපවතී. උදරගත පීඩා, ආහාර දිරවීමේ අක්‍රමිකතා, ගැස්ට්‍රයිටිස් වැනි පීඩා සඳහා ඉඩකඩ පවතිනු ඇත.

ශුභ දිනය- බ්‍රහස්පතින්දා, වර්ණය- රෝස, අංකය- 01

කන්‍යා – ජීවිතය සුබ මගට හැරෙන වසරක්
ලග්නාධිපති වන බුද කේන්ද්‍රයෙහි තුන්වැන්නේ ගමන් කරන අතර බ්‍රහස්පති දෙවැන්නේ ගමන් කිරීම වඩාත් යහපත් කරුණකි. බ්‍රහස්පති දෙවැන්නේ ගමන් කිරීම ඉතාමත් සුවිශේෂ කාරණයක් වශයෙන් පිළිගනී. ජීවිතයෙහි අරමුණු අපේක්ෂා ඉෂ්ට සිද්ධවීම හා යහපතට මාර්ග පෑදෙන වසරක් වේ. සෙනසුරු හතරේ ගමන් කිරීම ශනි කන්ඨක දෝෂය ලෙස හැඳින්වේ. මේ නිසා සිතෙහි ලබන සතුට සන්තෝෂය සහ තෘප්තියේ ප්‍රමාණය අඩුවිය හැක.

ආර්ථිකය– ධනස්ථානගතව බ්‍රහස්පති ගමන් කරමින් කර්මස්ථානය ද දකින නිසා ආර්ථික හා වෘත්තීය කටයුතුවල කිසියම් ප්‍රගතියක් ලැබිය හැක. තමාගේ රැකීරක්ෂා තනතුරු සහ ආර්ථිකයෙහි යම්කිසි සාර්ථකත්වයක් ලබයි.

දේශපාලනයෙහි නියුක්ත වන කන්‍යා ලග්න හිමියෝ වෙනදාට වඩා ප්‍රගතියක් ලබයි. රාහු අයස්ථානගතව සිටීම අනපේක්ෂිත ධන ලාභ ඇති කරන කාලයකි. හදිසි වාසනා, ලොතරැයි දිනුම් ආදියට ද අවකාශය ඇත.

යුග දිවිය– ගෙදරදොර ජීවිතයෙහි යම් යම් ප්‍රශ්නයන් සහිතව නමුදු යුග සැපතෙහි සාර්ථකත්වය උරුම වේ. දූ දරුවන් සම්බන්ධයෙන් යහත් වාතාවරණයක් ඇති කරයි. විවාහ අපේක්ෂක තරුණ තරුණියන්ට මංගල යෝජනා ඉදිරිපත් වී ඒවා ඉෂ්ට සිද්ධ වීමේ යහපත් වාතාවරණයක් ඇති වේ. සමස්තයක් වශයෙන් විවාහයේ ශුභසාධන අංශයට යහපත් ඉඩක් පවතී.

අධ්‍යාපනය– ඉගෙනීමේ කටයුතුවල සැලකිය යුතු ප්‍රගතියක් ලැබිය හැක. විභාග සාමාර්ථාදිය සම්බන්ධයෙන් හිතකර වාතාවරණයක් පෙන්වයි. වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධ භාවය දෙවැන්නයි. බ්‍රහස්පති දෙවැන්නේ ගමන් කරමින් දහය දැකීම නිසා යම් යම් වෘත්තීය පාඨමාලාවන්ට සම්බන්ධ අධ්‍යාපනයෙන් ඉහළම ප්‍රතිඵල ලබයි.

සෞඛ්‍යය– බොහෝ සෙයින් හිතකර සෞඛ්‍ය තත්ත්වයක් නව වසර තුළ පවතී. තදබල රෝග පීඩාවන්ට පත් නොවේ. කෙසේ නමුත් උදරගත පීඩා මෙන්ම පපුව, පෙණහැල්ල ආශ්‍රිත වාතාබාධ මුල් වූ පීඩා ගෙනදීමට අවස්ථාවක් ඇත.
ශුභ දිනය- බදාදා, වර්ණය- නිල්, අංකය- 05

තුලා – කායික-මානසික ගැටලු
ලග්නාධිපති සිකුරු තුන්වැන්නේ යෝග කාරක ශනි සමගම ගමන් කරමින් සිටිය දී වර්ෂය ආරම්භ වේ. බ්‍රහස්පති ලග්නයේම ගමන් කරයි. සෙනසුරුගේ ගමන යහපත් නමුදු බ්‍රහස්පති ලග්නයේ ගමන් කිරීම අහිතකරයි. සතුරු රාශිගතව හය අධිපති ද වශයෙන් ගුරු ලග්නයේ ගමන් කිරීම නිරන්තරයෙන් සැකය, ස්ථාවරත්වය අඩුබව, මානසික වශයෙන් පවතින සහනශීලී බව දුර්වල වීම යන අවිනිශ්චිත වාතාවරණයක් පවතී. එහෙත් සෙනසුරු යෝගකාරකයා වී වික්‍රමස්ථානගතවීම නිසාත් තුන්වැන්න සෙනසුරුට යහපත් නිසාත් ගැටලු, ප්‍රශ්න, අසහන මධ්‍යයේ නමුදු තම අරමුණු ඉෂ්ට සිද්ධ වේ. ඒ සෙනසුරුගේ යහපත් බලය නිසාය. ‍පොදුවේ ශුභා’ශුභ මිශ්‍ර බවක් ඇත.

ආර්ථිකය– බොහෝ සෙයින් තම පරිශ්‍රමය හා කැපවීම මත වෘත්තීය හා ආර්ථිකමය අභිලාෂයන් ආයාසයෙන් ඉෂ්ට කරගත හැක. ලෙහෙසියෙන් පහසුවෙන් ප්‍රතිඵල නොලැබි තදබල ප්‍රශ්න මධ්‍යයේ මෙම සාර්ථක ප්‍රතිඵල ලබයි.

යුග දිවිය– මධ්‍යස්ථ පලදායක තත්ත්වයක් පවතී. දූ දරුවන් සම්බන්ධයෙන් හිතකරයි. පවුල් ජීවිතයේ ද කිසියම් යහපත් වාතාරණයක් ගොඩනැගේ. 5 අධිපති ශනි ඉන් එකොළොස්වැන්නේ ගමන් කිරීම නිසා දූ දරුවන්ගේ අධ්‍යාපන සාර්ථකත්වය, වෘත්තීය ලාභ පෙන්වයි.

අධ්‍යාපනය– අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් අහිතකර බවක් නැත. විභාගාදියෙන් සාර්ථක පල ලබයි.
සෞඛ්‍යය- දණහිස් සම්බන්ධ ආබාධ, පපුවේ සෙම් ගති, ඇදුම වැනි රෝග ඇතිකිරීමේ අවකාශ ඇත. විශේෂයෙන්ම කොඳු නාරටිය සම්බන්ධ පීඩා ගැන සැලකිලිමත් වන්න.

ශුභ දිනය- බදාදා, වර්ණය- නිල්, අංකය- 06

වෘශ්චික – ශුභා’ශුභ මිශ්‍රයි
ලග්නාධිපති කුජ 12 වැන්නේ ගමන් කරයි. සෙනසුරු දෙවැන්නේය. රාහු කේතු ආදීන් නවය හා 03 ස්ථානවල පිහිටා ඇත. මෙම තත්ත්වයන්ට සාපේක්ෂව සලකන කල පෙරදී තිබූ දුෂ්කරතා බාධා ගැටලුකාරී තත්ත්වයන් අනුක්‍රමයෙන් පහවී යන නමුදු බාධාකාරි වටපිටාවන් තුළම ජීවත් වන්නට සිදු වේ. නිරන්තරයෙන් ඔළුවට වද දෙන කාරණා පැමිණීමට එක්තරා හේතුවක් වනුයේ ලග්නය කුජ ශනි දෙදෙනාගෙන් පාප කර්තරී වීමයි. ඔළුවට දැනෙන කිසියම් පීඩනකාරී බවක් තමාට වද දෙනු ඇත.

ආර්ථිකය– රැකියා හා ආර්ථික අංශයන්ගේ ශුභා’ශුභ මිශ්‍ර බවක් දක්නට ඇත. ආයාසයෙන් හා පරිශ්‍රමයෙන් වෘත්තීය කටයුතුවල යහපත් බව සාදාගත යුතුව ඇත. ඔබට ආර්ථික වශයෙන් වැඩි සාර්ථකත්වයක් සඳහා පසුබිම සැකසෙනුයේ 2018.10.11 දින සිටයි.

යුග දිවිය- විවාහ ජීවිතයෙහි දැඩි ගැටලුකාරී තත්ත්වයන් ඇති නොකරයි. දරුවන් සම්බන්ධයෙන් සැලකීමේ දී යහපත් වාතාවරණයක් ප්‍රමාණවත් මට්ටමකින් ඇති කරයි.

අධ්‍යාපනය– කලක් තිස්සේ සෙනසුරු ලග්නයේ ගමන් කරමින් අයහපත් බලයක් උදා කළත් එම තත්ත්වයෙන් මිදී සෙනසුරු යහපත් රාශියක ගමන් කිරීම ශුභදායකයි. එක්තරා මට්ටමකින් විද්‍යාස්ථානයක් වශයෙන් සලකන 4 අධිපති ශනි ගුරුගේ රාශියේ ගමන් කිරීම නිසා ධාරණ ශක්තිය මතක ශක්තිය වර්ධනය වේ. විභාග ප්‍රතිඵල යහපත් වේ.

සෞඛ්‍යය– සෞඛ්‍ය තත්ත්වය තුළ ශුභා’ශුභ මිශ්‍ර තත්ත්වයක් පවතී. උගුර, බෙල්ල සම්බන්ධ ආබාධ, ආහාර ජීර්ණ පද්ධතියේ පීඩා හා උණ සෙංගමාලය වැනි අමාරු සඳහා කිසියම් ඉඩක් ඇති කරයි. ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.

ශුභ දිනය- අඟහරුවාදා, වර්ණය- රතු, අංකය- 09

ධනු – ගැටලු මැද යහපත
ලග්නාධිපතිම වන බ්‍රහස්පති අයස්ථානගතව ගමන් කරද්දී සෙනසුරු ධන භාවාධිපති වශයෙන් ලග්නයේ ගමන් කරයි. සෙනසුරු ලග්නයේ ගමන් කරන නිසා බොහෝ ‍ජ්‍යොතිෂඥයන් ධනු ලග්නයට ඒරාෂ්ටක අපල ඇතැයි පවසන්නේ අනවබෝධයෙනි. උත්තර කාලාමෘතය මතය පරිදි ධනුවට සෙනසුරු යහපත්ය. ලග්නයේ ගමන් කරන නිසා යම් යම් ගැටලු, ප්‍රශ්න ඇති වුවත් ධන භාවාධිපති වශයෙන් මිත්‍රශීලී සෙනසුරු ලග්නයේ ගමන් කිරීම අර්බුදකාරී නොවේ. සුළු සුළු බාධා ප්‍රශ්න ඇති වුවත් යහපතක් සලසයි.

ආර්ථිකය– ලග්නාධිපතිම ලාභ ස්ථානයේ ධන කාරක ලෙස ගමන් කිරීමෙන් ආර්ථිකමය ප්‍රයෝජන ලබනු ඇත. මේ අතර බ්‍රහස්පති කර්මස්ථානයෙන් හෙවත් රැකියා භාවයෙන් දෙවැන්නේ ගමන් කිරීම වෘත්තීය අංශයට යහපත්ය. රැකීරක්ෂා කටයුතුවල දී අභිවෘද්ධියක් සාර්ථකත්වයක් ලබයි. තම සේවාවන් ගැන ඉහළ පෙළේ නිලධාරීන් ඇගැයීමක් කරනු ඇත.

යුග දිවිය– බ්‍රහස්පති ත්‍රිකෝණ දෘෂ්ටියෙන් යුක්තව හත්වැන්න දැකීම යහපත්ය. තවත් අතකින් කුටුම්බස්ථානාධිපතියා ගුරුගේ රාශියේ සිටීම යහපත්ය. මෙම සියලු කරුණු මත යුග සැපතෙහි සාර්ථත්වයක්, අභිවෘද්ධියක් ඇති කරයි. දූ දරුවන්ට ද යහපත් බව පෙනේ.

අධ්‍යාපනය– උසස් අධ්‍යාපනයට කාරක ප්‍රඥාව නිවේදනය කරන ගුරු ලාභස්ථානයේ වීමම අධ්‍යාපනයට හිතකර කරුණකි. අධ්‍යාපනයේ ප්‍රතිඵල ශුභදායකය. ලකුණු මට්ටම යහපත් වේ.

සෞඛ්‍යය– රාහු, කේතුගේ ගමන ඔබට එතරම් යහපත් නැත. මූත්‍රා ආබාධ, දියවැඩියා වැනි රෝග, උගුර, බෙල්ල සම්බන්ධ පීඩා, රුධිර සංසරණයෙහි අඩුපාඩු ඇති කරයි. සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.

ශුභ දිනය- බ්‍රහස්පතින්දා, වර්ණය- රන්වන්, අංකය- 03

මකර – පෙරට වඩා යහපත්
ලග්නාධිපති සෙනසුරු 12 ගමන් කිරීම ඒරාෂ්ටකයක් යැයි අර්ථහීන භාවයෙන් යුක්තව යම් යම් ‍ජ්‍යොතිෂඥයෝ ප්‍රකාශ කරනු ඇත. මතෛක් කල් සතුරු රාශිගතව බාධකස්ථානයේ ගමන් කළ සෙනසුරු ගුරුගේ මූල ත්‍රිකෝණ රාශියට පැමිණ වර්ෂය මුළුල්‍ලේම ගමන් කරයි. එනිසා ඒරාෂ්ටක දෝෂ නැත. සඳු 12 නම් හෝ දෙවැන්නේ නම් හෝ ඒරාෂ්ටක දෝෂ දිය හැක. ඒ හැර අයහපත් නොවේ. පෙරට වඩා යහපත් කාලයකි. කේතු ලග්නයේ හා රාහු 7 ගමන් කිරීම මත උදාසීනතා හා උකටලී ස්වභාවයක් ඇති කළ හැකි වුවත් ඒවා මගහරිමින් ක්‍රියා කිරීමෙන් අභිමතාර්ථ සාධනයක් ඇති කරගත හැක. ගුප්ත ශාස්ත්‍රයෙහි යෙදෙන මකර ලග්න හිමියන්ට ඉතා යහපත්ය.

ආර්ථිකය– කර්මස්ථානාධිති හා ධනස්ථානාධිපති යන දෙදෙනාගේ ගෝචරය මත සැලකීමේ දී රැකියා හා ධනය සම්බන්ධයෙන් අහිතකර බවක් කිව නොහැක. විශේෂයෙන්ම කැපවී උත්සාහවන්තව ක්‍රියා කිරීමත්, රැකියා කටයුතුවල අභිවෘද්ධියත් සලසා ගත හැක්කේය.

යුග දිවිය– කේතු හා රාහු ලග්නයේ සහ හත්වැන්නේ ගමන් කිරීම එතරම්ම ශුභදායක නැත. විවාහයේ දී සතුට සන්තෝෂය ගිලිහී යයි. යම් යම් වාද විවාද මත ගැටුම් කිසියම් ප්‍රමාණයක් හිමිවිය හැක. භාවාර්ථ රත්නාකරය පරිදි කේතු රාහුගේ ගමන මූල ත්‍රිකෝණ බලයෙන් යුක්ත යැයි පැවසේ. ඒ නිසා කිසියම් සහනශීලී, සතුටුදායක බවක් ද සහිතව ප්‍රශ්න ඇති කරයි. දරුවන් සම්බන්ධයෙන් සැලකීමේ දී අහිතකර බවක් කිව නොහැක.

අධ්‍යාපනය– කේතු ශනි ආදීන්ගේ ග්‍රහ ගමන දැනුම බුද්ධිය වර්ධනය කරන යහපත් වටපිටාවක් නිර්මාණය කරන්නකි. විභාගාදියෙන් සැලකිය යුතු සාමාර්ථයක් ලද හැක. විශේෂයෙන්ම තමා අනුයුක්ත වන විෂයයෙන් පුළුල් දැනුමක් ලබයි.
සෞඛ්‍යය- ලෙඩ රෝග සම්බන්ධයෙන් සැලකීමේ දී බඩවැල්වල රෝග, අර්ශස් වැනි පීඩා, පෙණහලු ආබාධ, හෘදයගතව ඇති කරන යම් යම් ආබාධකාරී තත්ත්වයන් ඇති කළ හැකි හෙයින් සෞඛ්‍යය ගැන විමසිලිමත් වන්න.

ශුභ දිනය– සෙනසුරාදා, වර්ණය- නිල්, අංකය- 06

කුම්භ – සෑම අතින්ම සුබයි
ජීවිතයෙහි සමෘද්ධිය, අභිවෘද්ධිය හා ප්‍රබෝධය මැනවින් සාක්ෂාත් කරන වසරකි. පැවැති අරිටු අඳුරු දොස් දුරහැර ජීවිතයෙහි අමුතුම ආකාරයේ සැනසිලි සුවදායක තත්ත්වයක් උරුම කරන්නේය. ගුරු ශනි ආදී ප්‍රධාන පෙළේ ග්‍රහයන් මෙසේ යහපත් ලෙසම ගමන් කරද්දී රාහු ද උපචය භාවගතව හය වැන්නේ මූල ත්‍රිකෝණ බලයෙන්ම සිටීම නිසා සතුරු බලවේග, විරුද්ධවාදීකම් හා නොයෙකුත් උපපීඩක කර්ම දෝෂයන් අහෝසි වේ. නෂ්ටප්‍රාප්ත වනු ඇත.

ආර්ථිකය– ධනය හා රැකියාව සම්බන්ධයෙන් සැලකීමේ දී ඔබට මෙම වසර එම අංශ දෙකෙන්ම යහපතක් සනසයි. ධන-අය දෙකට අධිපති ගුරු භාග්‍යස්ථානයේ සිටිද්දී ලග්නාධිපති ද අයස්ථානයේය. ඉතාමත් ඉහළ මට්ටමේ ධන මාර්ග ඇති වේ. ආදායම් මාර්ග ‍පෝෂණය වේ.

යුග සැපත– පවුල් ජීවිතය තුළ අහිතකර බවක් නැත. බ්‍රහස්පති මංගල භාවය ඉතාමත් යහපත් දෘෂ්ටියෙන් දැකීම නිසා විවාහයෙහි සතුට සැපත ඇති කරයි. අර්බුදකාරී තත්ත්වයන් ප්‍රහීන වේ. සමගියෙන් සමාදානයෙන් යුගදිවිය ගත කළ හැක. දරුවන් සම්බන්ධයෙන් ද හිතකර වාතාවරණයක් පවතී.

අධ්‍යාපනය– ඉගෙනීමේ කටයුතු සඳහා යහපත් යැයි නිසැකයෙන්ම කිව හැක. මනා ධාරණ ශක්තියක් ද නිසඟ කුසලතාවන් ද අවදිවීමක් ද ප්‍රතිභාව උද්දීපනය ද ඇති කරන්නේය. දක්ෂතාවන්ට නිසි තැන ලැබේ. සම්මානනීය සාර්ථකත්වයක් තුළින් අධ්‍යාපනමය ප්‍රතිඵල ඉහළ මට්ටමකට පත් වේ.

සෞඛ්‍යය– ශරීර සෞඛ්‍යය අයහපත් නැත. ශනි, රාහු, ගුරු ආදී ප්‍රධාන පෙළේ ග්‍රහයෝ සියල්ලම ඉහළම මට්ටමින් යහපත් ස්ථානගත වෙති. රෝගාබාධ පීඩාවන් දූරීභූත වේ. ලෙඩ රෝග සමනය වේ.

ශුභ දිනය- සිකුරාදා, වර්ණය- නිල්, අංකය- 08

මීන – බුද්ධිමත් වීමෙන් ජය
ලග්නාධිපතියා වන බ්‍රහස්පති අටවැන්නේ වෙමින්ම සතුරු රාශිගතව ගමන් කරයි. කුජ ද වර්ෂ ආරම්භයේදීම අටේය. සෙනසුරු උපචය භාවගතව දහයේ ගමන් කිරීම අශුභ නොවේ. මෙම සියලු මත සැලකීමේ දී යම් යම් අතෘප්තිකර තත්ත්වයන් මධ්‍යයේ අසතුට, අසහනයන් සහිතව ජීවිතය ගත කිරීමට සිදු වේ. තමාට අසන්නට, දකින්නට, විඳින්නට ලැබෙන කරුණු කටුකය. අමිහිරිය. ජීවිතයෙහි තදබල කම්පන සහගත ගතියක් ඇතිවන බව කිව යුතුයි.

ආර්ථිකය– රැකියා සහ ආර්ථිකමය පසුබිමට අදාළව සලකන කල ශුභා’ශුභ මිශ්‍රය. ධන කාරක ගුරු අටවැන්නේ ගමන් කිරීම 10 අධිපති අටේ ගමන් කිරීම අයහපත් කාරණා වේ. සෙනසුරු කර්මස්ථානගතවීමෙන් ගැටලු, ප්‍රශ්න මධ්‍යයේ රැකියා කටයුතු කරන්නට සිදුවන බවට සාක්ෂියකි.

යුග දිවිය– විවාහ ජීවිතය අයහපත් යැයි කිව නොහැක. දෙවැන්න, අටවැන්න, නවවැන්න පීඩාකාරීත්වයෙන් තොර නිසා යුග සැපත සමබර වේ. කෙසේ නමුත් බාහිර වශයෙන් බලපාන යම් යම් කරුණු නිසා යුගදිවියේ තෘප්තියට වුවද අවහිරතා ඇති කරයි. දූ දරුවන් සම්බන්ධයෙන් ශුභා’ශුභ මිශ්‍රය. අධ්‍යාපනය- ගුරු අටවැන්නේ ගමන් කිරීමත් රාහු පස්වැන්න වන අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සම්බන්ධභාවයේම ගමන් කිරීම නිසා ඉගෙනීමේ කටයුතුවලට බෙහෙවින් කැපවීමට සිදු වේ. උසස් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා දැඩි වෙහෙසක් ගත යුතුයි.

සෞඛ්‍යය– බොහෝ සෙයින් අඩුපාඩු සහිත සෞඛ්‍ය තත්ත්වයක් ඇති කරයි. සංකීර්ණ රෝගාබාධයන්ට ඉඩ පවතී. සෞඛ්‍යය ගැන හැම මොහොතේම කල්පනාකාරී වන්න.

ශුභ දිනය- බ්‍රහස්පතින්දා, වර්ණය- රන්වන්, අංකය- 03

ජී.ඇම්. ගුණපාල

දෙසැම්බර් 17 සිට 24 දක්වා සතියේ පලාපල

මේෂ – කල්පනාකාරී වන්න
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී විශේෂයෙන්ම උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් යම් යම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නැත. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය කළ හැක. කෙසේද වුවත් තම තත්ත්වයේ උසස්වීමක්ද පෙන්වයි. ගෙදරදොර කටයුතු සාමාන්‍යයි. සමගිය, සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු ගැන තරමක් කල්පනාකාරී වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. ආගමික සහ සමාජීය අංශයට යොමුවීම තුළ සහනයක්ද, සැනසීමක්ද ලැබිය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි.
ජය වර්ණය – රතු
ජය අංකය – 09

වෘෂභ – සතුරු කරදර බාධා ඇති වේ  
වැදගත් කරුණු කිහිපයකට යොමුවන සතියකි. තම තත්ත්වය උසස් කරගැනීම උදෙසා නොයෙකුත් කරුණු දේවල් කෙරෙහි සිත යොමුකරවා ක්‍රියා කරයි. සමහරක් කටයුතු මතුවට ප්‍රයෝජනවත් විය හැක. වෘත්තීය සහ රැකියා කටයුතුවලදී විටින් වට සතුරු කරදර බාධා ඉස්මතු කළ හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායකයි. ආදායම් ලැබුණත් වියදම් පක්ෂයද ඉහළ යනු ඇත. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුබයි. ගෙදරදොර කටයුතු, යුගදිවිය සම්බන්ධ කටයුතු සාමාන්‍යයි. කෙසේ වුවත් වචන පාවිච්චියේදී කල්පනාකාරී විය යුතුයි. ලද පමණින් සතුටුවිය හැකි කාලයකි. ආගමික සහ සමාජීය කටයුතුවලදී සහනයක්ද, සැනසීමක්ද ලබනු ඇත. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය – නිල්
ජය අංකය – 06

මිථුන – මිශ්‍රපලයි  
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී විටින් විට සුළු සුළු බාධා අවහිරතා ඉස්මතු වුවද ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. උසස් අයගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථකයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායකයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට වඩාත් සුබදායකයි. වාසි සහගත තත්ත්වයක් උදා කරගනී. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. ඔවුන්ගේ කිසියම් දියුණුවක් ලබාගනී. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. සමාජීය සහ ආගමික අංශයට නැඹුරු වීම තුළ සාර්ථක ප්‍රතිඵලයක්ද ලබාගනී.
ජය වර්ණය – කොළ
ජය අංකය – 05

කටක – බාධා පවතී  
වෘත්තීය සහ රැකීරක්ෂා ක්ෂේත්‍රයේදී උසස් අය හෝ තම ස්වාමියා සමග අවුල් සහගත තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායක බවක් පෙන්නුවද මුදල් ඉතිරිකර ගැනීම ඉතාමත් අපහසුයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. ගෙරදදොර කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතු යහපත්ය. අලුත් විෂයන් කිහිපයකට කටයුතු සකස් වේ. ආගමික සහ සමාජීය කටයුතුවලටද හිත ඇදී යයි. ඒ තුළ සහනයක්ද, සැනසීමක්ද ලබයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න. වැටීම්ත, තැළීම්, තුවාල පීඩාදියට ඉඩ පවතී.
ජය වර්ණය – ක්‍රීම් පාට
ජය අංකය – 02

සිංහ – ආදායම් වර්ධනය වේ  
වැඩිදියුණුවට කටයුතු සැලසේ. මිල මුදල් තත්ත්වය උසස් වේ. ආදායම් මාර්ග වැඩිවේ. අලුත් ඇඳුම් පැලඳුම් යනාදිය මිලදී ගැනීමට හිත යොදවයි. කරගෙන යන වැඩකටයුතුද අමුතුවෙන් ආරම්භ කරන කටයුතුද යහපත් වනු ඇත. තම තත්ත්වය ස්ථිර වීමට හෝ තත්ත්වයෙන් උසස්වීමට ඉඩ පවතී. උසස් අයගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු යහපත්වේ. පවු‍ලේ කටයුතු යහපත් වන අතර පවු‍ලේ කෙනකුට දරුලාභවලට ඉඩ පවතී. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් යහපත්ය. හිතවතුන් හතවතියන් අතර සම්බන්ධතා වර්ධනය වේ. ඥාති මිත්‍රාදීන් තමා සොයාගෙන පැමිණේ. උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබෙන සතියකි.
ජය වර්ණය – රතු
ජය අංකය – 01

කන්‍යා – බලා‍පොරොත්තු ඉටු වේ  
ප්‍රසිද්ධියක් ඇතිවීමෙන් ජීවිතයෙහි අමුතු උදාවක් ඇතිවේ. කලක සිට මහන්සියෙන් කරගෙන ආ කටයුතුවල ඵල ප්‍රයෝජන ලැබිමට ඉඩ සැලසෙන සතියකි. අලුත් හිත මිතුරන් රාශියක් හඳුනා ගැනීමට අවස්ථාව සැලසේ. නොයෙක් තරාතිරම්වල මිනුස්න්ගේ ආශ්‍රය ඇතිවේ. ගමන් බිමන්වලදී අලුත් මිත්‍රයන් රාශියක් හඳුනාගෙන කටයුතු කරයි. ආගමික සහ වෘත්තීය අංශයට අදාළව බොහෝ දේවල් සිද්ධ කරගනී. මිත්‍ර ආශ්‍රය නිසාම සමාජයේ උසස් තත්ත්වයක් ලැබේ. ආදායම් ලැබිම අතින් යහපත්ය. විවිධ දේවලට යොමුවීම තුළ ආදායම් මාර්ගයන් වර්ධනය කරගනී. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමය වර්ධනය වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ.
ජය වර්ණය – කොළ
ජය අංකය – 05

තුලා – වැඩිදියුණුවට කටයුතු සැලසේ
මිල මුදල් තත්ත්වයේ කිසියම් අභිවෘද්ධියක් වර්ධනයක් ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභදායක තත්ත්වයක් උදාවේ. හිතවතුන් සමග දුරබැහැර ගමන් යෑමට අවස්ථාව සැලසේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසියන්ද පහසුවෙන්ද සිදුවේ. උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබෙන කාලයකි. මහන්සි වී කළ වැඩකින් ලාභ ප්‍රයෝජන ප්‍රශංසා ලැබෙයි. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තළ සාර්ථක ප්‍රතිඵල ලබයි. දුරබැහැර ගමන් කිහිපයක්ම යෙදේ. ආගමික සහ සමාජීය උත්සවවලට සහභාගි වේ. ඒ තුළ සහනයක්ද සැනසීමක්ද ලබයි.
ජය වර්ණය – නිල්
ජය අංකය – 06

වෘශ්චික – සමපලයි
හිත මිත්‍රයන් රාශියක් සමග කටයුතු කිරීමට ඉඩ ලැබෙනු ඇත. නමුත් සැවොම හිතවත් යැයි සිතා කටයුතු කිරීමෙන් වළකින්න. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී රැවටීම්, වංචාවලට ඉඩ මතුකළ හැකි නිසා මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ඉතාමත් කල්පනාකාරීව ක්‍රියා කළ යුතුයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට විශේෂයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවල කිසියම් දියුණුවක් ලබාගනී. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. විටින් විට සමගියට, සාමයට බාධා එල්ල විය හැකි බැවිනි. දරුවන්ගේ වැඩකටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.
ජය වර්ණය – රෝස
ජය අංකය – 09

ධනු – උත්සාහයේ තරමට ප්‍රතිඵල 
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් සුබදායකයි. දියුණුවට කටයුතු සලසා ගනී. උත්සාහයන්ගේ තරමට සාර්ථක ප්‍රතිඵල ලබයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට සුබදායකයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී සාර්ථක ප්‍රතිඵල ලබයි. තමාගේ දියුණුවට අවශ්‍ය කටයුතු සකස් වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු යහපත් වේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. සමාජීය කටයුතුවලට සිත ඇදී යයි. ඒ තුළින් සහනයක්ද සැනසීමක්ද ලබාගනී. හිතවතුන් හිතවතියන් සමග ගමන් බිමන් යෑමට අවස්ථාව සැලසේ.
ජය වර්ණය – රන්වන්
ජය අංකය – 03

මකර – දියුණුවක් ලබයි 
සමාජයෙහි තමාට හොඳ තැනක් සැලකිල්ලක් ලැබෙනවා ඇත. අන්‍යයන්ගේ සහයෝගය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක වේ. රැකීරක්ෂාවලින්ද වෙළෙඳ ව්‍යාපාරවලින්ද ලාභ ලැබෙන කාලයකි. විවිධ ක්ෂේත්‍රයන් තුළ කටයුතු කිරීම නිසා වාසි සහගත තත්ත්වයක් උදාකරයි. ගෙදරදොර කටයුතු යහපත් වේ. සමගිය, සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතුවල කිසියම් දියුණුවක් ඇති කරනු ඇත. හිතවතුන් සමග විනෝද ගමන් යෑමට අවස්ථාව සැලසේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික සහ සමාජීය කටයුතුවලට සිත ඇදී යයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. හෘදගත පීඩා, උෂ්ණාධික රෝග බලපායි.
ජය වර්ණය – නිල්
ජය අංකය – 08

කුම්භ – මිශ්‍රපලයි  
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී යම් යම් බාධා අවහිරතා ඉස්මතු කළ හැකි නිසා ඉතාමත් බුද්ධිමත්වද කල්පනාකාරීවද ක්‍රියා කරන්න. ඒ තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. මිල මුදල් ලැබිම අතින් මධ්‍යස්ථයි. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. ගෙදරදොර කටයුතු සාමාන්‍යයි. විටෙක සමගියට, සාමයට බාධා ඇතිකළ හැක. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. දියුණුවක් ලැබේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව ලැබේ. මිත්‍රයන් සමග ප්‍රීතියෙන් කටයුතු කරයි. ආගමික සහ සමාජීය කටයුතුවලට සිත ඇදී යයි.
ජය වර්ණය – නිල්
ජය අංකය – 06

මීන – බාධා සහිතයි  
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී තරමක් කල්පනාකාරී වන්න. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. තමාගේ උත්සාහය තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක්ද උදාකරයි. ආදායම් ලැබිම අතින් සුබදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය කරයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී කල්පනාකාරී වන්න. ගෙදරදොර කටයුතුවලදී ඉවසීමෙන්ද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ඉස්මතු කළ හැක. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට බාධා අවහිරතා එල්ල විය හැක. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. සංකීර්ණ රෝගාබාදියට ඉඩ මතු කළ හැකි බැවිනි.

ජය වර්ණය – රන්වන්
ජය අංකය – 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී 
ජී.ඇම්. ගුණපාල

2017 දෙසැම්බර් 10 සිට 16 දක්වා සතියේ පලාපල

මේෂ – ලාභ අඩුවේ

නිශ්චල සහ චංචල දේපළ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණපෑමට සිදුවේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක්කල්පනාකාරී නොවුවහොත් වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අඩුවිය හැක. වෘත්තිය සහ රැකියා ක්ෂේත්‍රයේදී යම් යම් බාධා ප්‍රමාදතා ඇතිකළ හැක. උසස් නිලධාරීන් සමග කටයුතු කිරීමේදී සැලකිලිමත්වන්න. වෙළෙඳ ව්‍යාපාරවලින් අලාභහානි වීමේ  ඉඩක් පවතී. ගෙදර දොර කටයුතුවලදී යුක්තිය අයුක්තිය විසඳීමට නොහැකිවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත්වන්න. මව්පිය වැඩිහිටියන් සමග කටයුතුවලදී ප්‍රවේසම් වන්න. පවු‍ලේ  වැඩිහිටි අයකුට අපල සහිතයි. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුයි. වැඩට තිබුණ දක්ෂකම නැතිවේ.

ජය වර්ණය : රතු ජය අංකය:09

වෘෂභ  – ගමන් අධිකයි

වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතු කරගෙනයාමේදී රාජකාරී කටයුතු උදෙසා ගමන් බිමන් අධිකයි. සමහරවිට වෙහෙස ඇති සතුටක් නැති ගමන්යාමට සිදුවේ. ස්ථානගත වෙනස්කම් යනාදියට ඉඩ පවතී. ආදායම් පිළිබඳව අවාසි සහගත තත්ත්වයක් උදාකරයි. දේපළවලින් ලැබෙන ආදායම්වල අඩුවීමක් පෙන්වයි. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි.  ගෙදර දොර කටයුතු යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී විමසිලිමත් විය යුතුයි.

දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානයෙන් පසුවන්න. හවුල් කටයුතු කරගෙන යාමේදී වඩාත් ප්‍රවේශම් වන්න. පවු‍ලේ සමීපතම වැඩිහිටි ඥාතීන්ට අපල පීඩා සහිතයි. ආගමික සහ සාමාජීය කටයුතුවලට හිත යොමුවන අතරම ඒ තුළින් සාර්ථක ප්‍රතිඵල උදා කරගත හැක. සහනයක් ඇතිවේ.

ජය වර්ණය: නිල් ජය අංකය: 06

මිථුන – මව් පිය උපකාරය ලැබේ

කෘෂිකාර්මික අංශවල යෙදී සිටින අයට වාසි ගෙනදේ. ලාභ ප්‍රයෝජන අත්වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදුණ අයට  යහපත්ය. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ ආධාරය සහ  උපකාරය ලැබිම තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලබයි. කෙසේ වුවත්  මිල මුදල් ලැබුණ ද විටෙක වියදම් ශීර්ෂය ඉහළ යාමේ ඉඩක්ද පවතී.

මිල මුදල් ඉතිරි කර ගැනීම තරමක් අසීරුය. ගෙදර දොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී සැලකිලිමත් වන්න.

ඔබගේ කටයුතු උදෙසා මව්පිය උපකාරය. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නියුක්ත අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. අලුත් විෂයන්  ඉගෙනීමට අවස්ථාව සලසා ගනී.

ජය වර්ණය කොළ , ජය අංකය:05

කටක – මිශ්‍රපලයි

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුකරගෙන යාමේදී කාර්ය බහුලත්වය නිසා අතපසුවීම්වලට ඉඩ පවතින බැවින් ඉතාමත් බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා ව්‍යාකූලතාවලට ඉඩ  මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය ක්ෂෙත්‍රයන්හිදී යම්යම් අවහිරතා ඉස්මතුවේ. ආදායම් මාර්ග හැකි‍ලේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේශම් විය යුතුයි. ගෙදර දොර කටයුතු යහපත් වේ. සමගිය සාමයට තද ලෙස බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත්වන්න. අධ්‍යාපන අංශවල නියුක්ත අයට ගුණදායකයි.  ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලලබා ගනී.  තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුයි. පපුව පෙනහැල්ල ආශ්‍රිත රෝගාදියට ඉඩ පවතී.

ජය අංකය:02, ජය වර්ණය: ක්‍රීම් පාට

සිංහ – දියුණුව සහ ලාභ ප්‍රයෝජන

මිල මුදල් ලැබිම අතින් ගුණදායකයි. සාමාන්‍යයෙන් ගුණදායකයි. තම කටයුතු කරගෙනයාමේදී දියුණුවත් ලාභ ප්‍රයෝජනයත් ඇතිවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ගුණදායකවේ. වාසිදායක තත්ත්වයක් උදාවේ. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ ආදායම් තත්ත්වයද වෘත්තිය තත්ත්වයද දියුණුවේ. ගෙදර දොර කටයුතු යහපත්ය. සමගිය සාමය සුරක්ෂිත වේ. නිතර සිනාමුසු මුහුණින් යුක්තව ගෙවී යයි.

කෙසේ වුවත් පස්කම් සැප සඳහා වියදම් කරන්නට සිදුවේ. දරුවන්ගේ  කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ගුණදායක වේ. ඉගෙනීමේ කටයුතුවල  යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ජය අංකය: 01, ජය වර්ණය:රතුපාට

කන්‍යා – බලා‍පොරොත්තු ඉටුවේ

ආර්ථික සහ මූල්‍යමය වශයෙන් බලා‍පොරොත්තු ඉටුවේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ගුණදායකයි. ලාභ ප්‍රයෝජන අත්වේ. විවිධ අංශවලට යොමුවීම තුළ ආර්ථික ලාභ ගෙනදේ. ආදායම් මාර්ගයන් පුළුල් වේ.  වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතු යහපත්වේ. දියුණුවක් අභිවෘද්ධියත් ක්‍රමයෙන් යහපත්වේ. විවිධ අංශවලට යොමුවීම තුළ ආර්ථික ලාභ ගෙනදේ. ආදායම් මාර්ගයන් පුළුල්වේ. වෘත්තිය සහ රැකීරක්ෂා  කටයුතු යහපත්වේ. දියුණුවත් අභිවෘද්ධියත් ක්‍රමයෙන් යහපත්ය. අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසියෙන්ද පහසුවෙන්ද ඉටුකරගනී. ගෙදරදොරකටයුතු  යුග දිවිය සම්බන්ධ කටයුතු යහපත්ය.  දරුවන්ගේ කටයුතුවල දියුණුවක් ලබයි. ආගමික සහ සාමාජීය කටයුතුවල හිත යොමුවේ. ඒ තුළ සහනයක් ද  සැනසීමක්ද ලබයි. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් වන්න. පසුව පෙණහැල්ල ආශ්‍රිත පීඩා, රුධිර පීඩනය යනාදියෙන්ද ප්‍රවේශම් විය යුතුයි.

ජය අංකය : 05, ජය වර්ණය : කොළපාට

තුලා – මිශ්‍රපලයි
තම කටයුතු කරගෙනයාමේදී යම් යම් පැටලිලි ස්වභාවයක් පෙන්වයි. යම් යම් කරුණුවලදී අපවාද චෝදනාවලට ලක්විය හැකි නිසා බුද්ධිමත්ව ද  ක්‍රියාකරන්න. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී විවිධ බාධා අවහිරතා මතුවේ කෙසේ වුවත් අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමිතියකට සාර්ථක කරගනී. මිල මුදල් ලැබිම අතින් ගුණදායකයි. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ලබයි. විදේශීය සම්බන්ධතා මත කරන කටයුතු  සාර්ථක වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන අංශයේ  නියුක්ත අයට අලුත් විෂයන් හැදෑරීමට අවස්ථාව සැලසේ. ආගමික සහ සාමාජීය කටයුතුවල නියුක්තවේ. ඒ තුළ සහනයක් ලබයි.
ජය වර්ණය: නිල්, ජය අංකය: 6

වෘශ්චික – බාධා ඇත

වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගනෙ යාමේදී විටින් විට බාධා අවහිරතා ගැටලුකාරී තත්ත්වයන්  ඉස්මතු විය හැකි නිසා බුද්ධිමත්වද විමසිලිමත්වද කියා කළ යුතුය. නොඑසේ නම් ආකූලතා හා ව්‍යාකූලතා ඇතිකළ හැක. ආර්ථික වශයෙන් ගුණදායකවේ. විවිධ ක්ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් වාසි පුළුල් කරගත හැක. ගෙදරදොර කටයුතුවලදී තරමක් ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුය. නොඑසේ නම් සමගියට සාමයට බාධා එල්ල විය හැක. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ.  අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ආගමික සහ සමාජීය අංශයට යොමුවීම තුළ සහනයක්ද සැනසීමක් ද  ලබයි.

ජය වර්ණය: රතු, ජය අංකය: 9

ධනු – සමපලයි
මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. විටෙක අනපේක්ෂිත සිද්ධීන් ඉස්මතුවීම තුළ මුදල් වියදම් අධික විය හැකිය.  මිල මුදල් ඉතිරිකර ගැනීම අසීරුවේ. වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී තරමක් කල්පනාකාරී වන්න. උසස් අය සමග කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේශම් වන්න. සතුරු කරදර බාධා විටින් විට ඉස්මතු වීම තුළ බාධා ඇතිවේ. ගෙදර දොර කටයුතු මේ බව යුගදිවිය සම්බන්ධයෙන් කල්පනාකාරී වන්න.

අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත්  විෂයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍ය ගැන ප්‍රවේශම් විය යුතුයි. සංකීර්ණ රෝගාදියට ඉඩ මතු කළ හැකි බැවිනි.

ජය වර්ණය: රන්වන්, ජය අංකය: 03

මකර – ලාභ සහිතයි

සිතට කයට සැනසිලිදායකයි.  ආර්ථික වශයෙන් ශුභයි. ධන ලාභ වේ. උසස් අයගෙන් උපකාර ද සැලකිල්ලද ලාභ ප්‍රයෝජන ද ලැබෙන සතියකි. විවිධ ක්ෂෙත්‍රයන්ට එළඹීම තුළ ආර්ථික වාසි ලබයි. තම තත්ත්්වය තිබුණාට වඩා උසස්වේ. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට විශේෂ  දියුණුවක් ලැබේ. තමා කරගෙන යන කටයුතුවල කිසියම් සාර්ථක ප්‍රතිඵල ලබයි. දෙරදොර කටයුතුවලදී තරමක්දුරට  කල්පනාකාරී වන්න. නොඑසේ නම් සමගියට සාමයට බාධා එල්ල වියහැක. දරුවන්ගේ කටයුතු යහපත්ය. අධ්‍යාපන අංශවල නියුක්ත අයට ස්වකීය උත්සහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. ආගමික සහ  සමාජීය අංශවලට යොමුවීම තුළ සහනයක්ද සැනසීමක්ද ලබයි.

ජය වර්ණය: නිල්, ජය අංකය: 06

කුම්භ – බාධා මැද දියුණුව

මිල මුද්ල සම්බන්ධ කටයුතුවලදී ඉතාම  කල්පනාකාරී වන්න. මුදල් ආයෝජනයේදී වඩාත් කල්පනාකාරී විය යුත්තේය. අන්‍යයන්ගේ ආධාරයෙන් ජීවිකාව කරගෙන යාමට සිදුවිය හැක. වටිනා දේවල් මිලදී ගැනීම අසීරුවේ. වෘත්තිය සහ  රැකීරක්ෂා කටයුතුවලදී යම්යම් බාධා එල්ල විය හැක.

එම නිසා කල්පනාකරී වන්න. ගෙදරදොර කටයුතු යහපත්ය.
සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සාර්ථක වේ.

අධ්‍යාපන අංශවල නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. ආගමික අංශයට සමාජීය අංශවලට නියුක්තවීම් තුළ සහනයක් ලැබිය හැක. කෙටි ගමන්බිමන් කිහිපයක්ම යෙදේ. ඒවායින් එතරම් වාසියක් සහනයක් ලැබිය නොහැක.

ජය වර්ණය: නිල්
ජය අංකය : 08

මීන – සමපලයි

වෘත්තිය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා අවහිරතා ඉස්මතුවනු ඇත. කෙසේ වුවත් උසස් නිලධාරීන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක කරගත හැක. ආර්ථික වශයෙන් මූල්‍යමය වශයෙන් අයහපත් නැත. තමාගේ වියදමට සරිලන අන්දමට හෝ ආදායමක් ලබයි.

ගෙදර දොර කටයුතු යුග දිවිය සම්බන්ධ කටයුතුවලදී තරමක් ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි.  දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත් ධනයත්, ශ්‍රමයත් වැයවේ.

අධ්‍යාපන කටයුතුවල නියුතු අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක. ආගමික සහ සාමාජීය අංශවලට නැඹුරුවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.

ජය වර්ණය රන්වන්, ජය අංකය : 03

2017 දෙසැම්බර් 03 සිට 09 දක්වා සතියේ පලාපල

මේෂ – දුක් කරදර ඇති කළ හැක
තමාගේ වැඩකටයුතුවලට විරුද්ධවාදිකම් ඇති වේ. එම නිසා වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී ඉතාමත් කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. විටෙක ඥාති මිත්‍රාදින්ගෙන් ඈත් වීමට ඉඩ පවතී. තමාට නොගැළපෙන අය සමග කටයුතු කිරීමට යාමෙන් වළකින්න. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් අයහපත් නොවේ. ආදායම් ලැබිම යහපත් වුවද වියදම් පක්ෂයද ඉහළ යයි. ස්ථානගත වෙනස්කම්, පදිංචියේ වෙනස්කම් ඇති කරයි. ගෙදරදොර කටයුතුවලදී ඉවසීමෙන්ද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා ඉස්මතු කළ හැක. දරුවන්ගේ කටයුතු ගැන සැලකිලිමත් වන්න. ආගම ධර්මයට ලැදියාවක් වේ. Continue reading “2017 දෙසැම්බර් 03 සිට 09 දක්වා සතියේ පලාපල”

නොවැම්බර් 05 සිට 11 දක්වා සතියේ පලාපල

මේෂ – සමපලයි
තමාගේ කටයුතු සාර්ථක කර ගත හැක්කේ උත්සාහය සහ කැපවීම තුළින්ය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා අවහිරතා දක්ෂතාවන් ඉස්මතු වුවද, ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වනු ඇත. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුද වැඩි අහිතකර තත්ත්වයන් උදා නොකරනු ඇති අතර සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් සැලකිලිමත් විය යුතුය. අධ්‍යාපන අංශයේ නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.
ජය වර්ණය : රතු, ජය අංකය : 09

වෘෂභ – බාධා සහිතයි
අනාගතය ගැන සිතා කටයුතුවල යෙදිය යුතුයි. බලා‍පොරොත්තු කිහිපයක් වෙනස් වී යයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා මධ්‍යයේ තමාගේ කටයුතු කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. මුදල් ඉතිරිකර ගැනීම ඉතා අසීරුයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු වලදීද සුළු සුළු බාධා අවහිරතාවන්ට ඉඩනැත්තේ ද නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයටත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය : නිල්, ජය අංකය : 06

මිථුන – ශුභදායකයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සුළු සුළු බාධා අවහිරතා නැත්තේද නොවේ. එහෙත් ස්වකීය උත්සාහය, කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අත්පත් කරගත හැක. වාසි ගෙන දේ. ගෙදර දොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක්ද යොමු කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. සමාජයීය සහ ආගමික අංශයේ වැඩකටයුතුවලට වැඩි නැඹුරුවක් ගෙන දේ. ඒ තුළ සහනයක්ද, සැනසීමක්ද ලබනු ඇත. ගමන් බිමන් අධික වේ.
ජය වර්ණය : කොළ, ජය අංකය : 05

කටක – බාධා සහිතයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක බවක් පෙන්නුවද, විටින් විට වියදම් පක්ෂය ඉහළ යාම තුළ ණයතුරුස් වීමේ ඉඩක්ද පවතී. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී වුවත් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර කටයුතුවලදීද, යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශයන්හි නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක.
ජය වර්ණය : ක්‍රීම් පාට, ජය අංකය : 02

සිංහ – ලාභ ලබයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී උසස් නිලධාරින්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසෙියෙන්ද, පහසුවෙන්ද ඉටුකරගත හැක. ආර්ථික වශයෙන් ශුභදායක තත්ත්වයක් පෙන්විය. විශේෂයෙන් ගෙවල් පිළිබඳ ලාභ, ගේදොර බඩුමුට්ටු ආදිය පිළිබඳ ලාභ ලැබේ. අලංකාර වස්ත්‍ර ලැබේ. හිතවතුන්ගෙන්ද හිතවතියන්ගෙන්ද ලාභ ප්‍රයෝජන ලැබිමට පුළුවන. ස්වකීය උත්සාහයට තුළ ආදායම් මාර්ග වැඩිකර ගනී. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. හොඳ හිතවත්කම් පවත්වන්නට පුළුවන්. සමාජයෙහි කිසියම් ස්ථානයකට පත්වී තම තත්ත්වය දියුණු කරගත හැක. සමාජයට ප්‍රිය වේ. ගමන් බිමන් අධික වන අතර ඒවා නිෂ්ඵල ගමන් නොවේ.
ජය වර්ණය : රතුපාට, ජය අංකය : 01

කන්‍යා – අන්‍යයන්ගේ ආධාර ලැබේ
ආදායම් මාර්ග වැඩිකර ගැනීමට ලැබෙන කාලයකි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වැඩිකර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. ස්ත්‍රී පුරුෂයන් අතර හොඳ හිත පවත්වන්නට ඉඩ ලැබේ. සමාජයෙහි ප්‍රසිද්ධිය සමාජයට ප්‍රියවීම ඇති කරයි. තම තත්ත්වයෙහි කිසියම් දියුණුවක් ලබයි. වැඩිදියුණුවට අවශ්‍ය කටයුතු සැලසේ. බලා‍පොරොත්තු රහිත මාර්ග තුළින් ආදායම් ලබා ගනී. සමාජයෙහි වැදගත් අය සමග කටයුතු කිරීමට ඉඩ සැලසේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානය යොමු කළ යුතුයි. ආගමික අංශයට යොමුවීම තුළ සහනයක්ද, සැනසීමක්ද උදාකරගනු ඇත.
ජය වර්ණය : කොළ, ජය අංකය : 05

තුලා – මිශ්‍රඵලදායකයි
තමා සමග කටයුතු කරන අය නිසා කරදර, සිත්තැවුල් ඇතිකරයි. තමාගේ කටයුතුවලට බාධා අවහිරතා ගැටලු ආදිය ඉස්මතු විය හැකි නිසා කල්පනාකාරී වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා අංශයේ දී අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ඔබ බලා‍පොරොත්තුවන තරමට නොලැබිමේ ඉඩක් පවතී. පවු‍ලේ වැඩිහිටි සමීපතම ඥාතීන්ට අපල පීඩා, උවදුරු මතු කළ හැක. සිතෙහි සැනසීම තරමක් අඩුවන නිසා සිත් පීඩා, සිත් තැවුල් යනාදියට ඉඩ පවතී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම අශුභදායක නොවේ. තම වියදමට සරිලන ආදායම් ලැබේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට මාර්ගය සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. ගමන් බිමන් අධිකයි.
ජය වර්ණය : නිල්, ජය අංකය : 06

වෘශ්චික – ආදායම් ලැබේ
විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ආදායම් පුළුල් වේ. මිල මුදල් ලාභ සහිතයි. අමුතු දේ නිපදවීම්වලින්ද, ශාස්ත්‍රීය කටයුතුවලින්ද තෑගි ලැබිමෙන්ද ධනය උපයා ගැනීමට අවස්ථාව උදාවේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. බලා‍පොරොත්තු කීපයක් ඉෂ්ට සිද්ධ වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. ආගමික අංශයට නැඹුරුවීම තුළ සහනයක්ද, සැනසීමක්ද උදාකරයි. කෙටි ගමන් බිමන් කිහිපයක්ම යෙදේ. ඒවා නිශ්ඵල ගමන් නොවේ.
ජය වර්ණය : රතු, ජය අංකය : 09

ධනු – මිශ්‍රඵලයි
ආදායම් ලැබුණද ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. ආදායම් ලැබුණද අනපේක්ෂිත සිද්ධීන් තුළ වියදම් පක්ෂය ඉහළ යයි. ආගමික සහ සමාජයීය තත්ත්වය කිසියම සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා අංශවලදී සුළු වශයෙන් හෝ අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ කිසියම් මට්ටමක සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැකි බවද පෙනී යයි. ගෙදර දොර කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.
ජය වර්ණය : රන්වන්, ජය අංකය : 03

මකර – තත්ත්වය උසස් වේ
ඥාති මිත්‍රාදීන් තමා සොයාගෙන පැමිණේ. ඔවුන්ගෙන් කිසියම් මට්ටමක ආධාර උපකාරය ලබයි. ආදායම් ලැබුණද නුවමනා දෙයට වියදම් කරයි. විටෙක අදාළ නොවන වියදම් කිහිපයක් මතු කළ හැක. කෙසේද වුවත් ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථකවේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක වේ.
දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිද්ධ වේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උදාකරගත හැක. තම ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය : නිල්,  ජය අංකය : 06

කුම්භ – මිශ්‍රඵලයි
යම් යම් බාධා අවහිරතා ඉස්මතු වීම තුළ තමාගේ කටයුතුවල කිසියම් ප්‍රමාදයක්ද, ගැටලුකාරී තත්ත්වයක්ද උදාකරනු ඇත. එම නිසා වෘත්තීය සහ රැකීරක්ෂා ක්‍ෂේත්‍රයේ දී යම් යම් අතපසුවීම් සහ පසුබෑම්වලට ඉඩ නැත්තේද නොවේ. එනිසා උත්සාහයෙන්ද, කැපවීමෙන්ද ක්‍රියා කිරීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ.
විවිධ අංශතුළට යොමු වීම මගින් සාර්ථක ආදායම් මාර්ග උදාකරනු ඇත. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. සමාජයීය සහ ආගමික ආංශවලට යොමුවී ක්‍රියා කිරීම තුළ සහනයක්ද, සැනසීමක්ද ලබයි.
ජය වර්ණය : නිල්, ජය අංකය : 08

මීන – ශුභාශුභයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී උස් නිලධාරින් සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකුලතා, ව්‍යාකූලතා ඉස්මතු කරනු ඇත. ආදායම් ලැබිම අතින් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැකි වුවත් වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරුවන නිසා මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී බුද්ධිමත් වන්න. ගෙදරදොර කටයුතුවලදී ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි.   දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට බාධා මතු කළ හැක.
ජය වර්ණය : රන්වන්, ජය අංකය : 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී 
ජී.ඇම්. ගුණපාල