වසංගතයක් වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සාව ගැන අවධානයෙන් පසුවෙන්න

දකුණු පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයක් වර්ධනය වන බවට දින කිහිපයක සිට තොරතුරු වාර්ථා වේ.දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන ආකාරයට මෙය වසංගත තත්වයක් දක්වා වර්ධනය වියහැකි අවධානමක පසුවෙයි.

ළමුන් අතර වැඩි වශයෙන් මෙම රෝගී තත්වය පැතිරයාමේ අවධානමක් පවතින අතර පසුගිය දින කිහිපය තුළ කරාපිටිය රෝහලේ දරුවන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධියට මෙම වෛරසය හේතුකාරක වන්නේ දැයි සොයාබලමින් සිටින බවද විජේසූරිය මහතා පවසයි.
Continue reading “වසංගතයක් වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සාව ගැන අවධානයෙන් පසුවෙන්න”

කතානායකවරයා රහස් පොලීසිය හමුවට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඔහුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඊයේ(18) විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

පෙර දැනුම් දී තිබූ පරිදි රහස් පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කතානාකවරයාගේ නිල නිවසේදී මෙම ප්‍රශ්න කිරීම ඊයේ සවස සිදු කර තිබේ. Continue reading “කතානායකවරයා රහස් පොලීසිය හමුවට”

AKON හොරෙන්ම ලංකාවට එයි

මොකක් හෝ විශේෂ කටයුත්තක් සඳහා ලොව ප්‍රසිද්ධ පොප් ගායක AKON ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වන අතර ඔහු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ ප්‍රභල කෙනෙක් හම්බ වෙන්නලු.
Continue reading “AKON හොරෙන්ම ලංකාවට එයි”

ජාතික රණවිරු සැමරුම අද

තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය නිමා කර හෙට (19) දිනට වසර නවයක් සපිරීම නිමිත්තෙන් ජාතික රණවිරු අනුස්මරණ උත්සවයක් හෙට දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.
Continue reading “ජාතික රණවිරු සැමරුම අද”

මිලියන 6ක් හොර පාරෙන් දෙන්න ගිය සංචාරක රොඩ්‍රිගෝ..

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 6ක් සිය සොහොයුරාගේ සමාගමකට ගෙවීමට උත්සාහ කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යවරයාගේ උපදේශකයෙකු බව කියන ෆීලික්ස් රොඩ්‍රිගෝ නැමැත්තාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මෙම විමර්ශනය ඇරඹී ඇත්තේ මෙම පුද්ගලයා පිළිබඳ සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ හිටපු සභාපති උදය නානායක්කාර මහතා විසින් රජයේ ප්‍රධානීන්ට පැමිණිලි කිරීමෙන් පසුව බව ද දැනගන්නට තිබේ. Continue reading “මිලියන 6ක් හොර පාරෙන් දෙන්න ගිය සංචාරක රොඩ්‍රිගෝ..”

සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ.

ජාත්‍යන්තර කටයුතු හා සබඳතා පිළිබඳ තිස් වසරකට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඉකුත් වසර දෙකේදී ( 2016 – 2018 දක්වා) රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වරයා වශයෙන් කටයුතු කළේය.
Continue reading “සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !”

අපි සැම එකතු වී ගුරුතුමෙක් ගේ ජීවිතයක් බේරා ගනිමු

රෙෂාන් ජයසූරිය යනු කොළඹ විශ්වවිද්‍යාලයේ B.Sc ගණිත විශේෂ උපාධිධාරි ගුරුවරයකි.
ඔහු මේ දිනවල දරුණු ලෙස හදවත දුර්වල වීමෙන් බොහෝසේ රෝගී තත්ත්වයට පත් වී ඇත.
ඔහුට හදවත් රෝගයට අමතරව තවත් සැත්කම් දෙකක් කල යුතුව ඇත.. නමුත් ඔහුගේ හදවතේ ඇති දුර්වලතාවය නිසා ඔහුට සැත්කම් කිරීමේ දැඩි අවදානමක් ඇත.මේ නිසා ලංකාවේ ඇති පහසුකම් අනුව ඔහුව සුවකල නොහැකි තත්ත්වයකට පත් වී ඇත….
නමුත් ඇමෙරිකාවේ සොයාගත් හදවත් රෝගීන් කිසිම සැත්කමක් නැතිව යන්ත්‍රයක් මාර්ගයෙන් සුව කිරීමේ ක්‍රමයක් වන EECP ක්‍රමය මගින් ඔහුව සුව කල හැක…
මේ ක්‍රමය ලංකාවේ නැතත් ඉන්දියාවේ ඇත.
ඔහුව මෙම ක්‍රමය මගින් සුව කිරීමට සහ ඔහුගේ කොන්දේ සහ බඩෙහි කිරීමට ඇති සැත්කම් දෙකම කිරීමට ඔහුට රුපියල් ලක්ෂ 10ක් වත් සොයා ගත යුතුව ඇත… Continue reading “අපි සැම එකතු වී ගුරුතුමෙක් ගේ ජීවිතයක් බේරා ගනිමු”

ලංකාවේ bitcoin තහනම්ද? Virtual Currencies මිථ්‍යාවට පිළිතුරක්.

පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව අතථ්‍ය මුදල් හෙවත් Virtual Currencies අවදානම් බව‍ට සිදුකර ඇති අනතුරු ඇඟවීම පිළිබඳව පැතිර යන ප්‍රකාශ මෙන්ම පුවත් වාර්තා පිළිබඳ අවධානය යොමු කිරීමේදී ඒ තුළ යම් යම් මිථ්‍යාවන් ගැබ්ව ඇති බව පෙනෙයි.

අතථ්‍ය මුදල් (Virtual Currencies) යනු මොනවා ද?

අතථ්‍ය මුදල් හෙවත් Virtual Currencies සම්පුර්ණයෙන් ම අන්තර්ජාලය මාධ්‍ය කරගෙන ගනුදෙනු කළ හැකි මුදල් විශේෂයකි. ලොව කිසිදු රටක් මෙම මුදල් ඒකක පිළිගත් මුදල් ඒකකයන් ලෙස පිළිගෙන නැති නිසාම මෙම මුදල්වලට අන්තර්ජාලයෙන් පිටත සංසරණය වීමේ හැකියාවක් නැත.

ජනප්‍රිය අතථ්‍ය මුදල් (Virtual Currencies) ඒකක

ජනප්‍රියම සහ ප්‍රධාන වශයෙන් භාවිතා වන අතථ්‍ය මුදල් ඒකකයන් වන්නේ බිට්කොයින් (Bitcoin), ලයිට්කොයින් (Litecoin), රිප්ල් (Ripple) සහ එතීරියම් (Ethereum) ය. Continue reading “ලංකාවේ bitcoin තහනම්ද? Virtual Currencies මිථ්‍යාවට පිළිතුරක්.”

කංසා නිදහස් නැත්තෙ ඇයි?

කංසා නීතිගත කිරීම ගැන මට තියෙන්නෙ පුරවැසියෙක් හැටියට මගේ නිදහස, අයිතිය සහ ගෞරවය සම්බන්ධ අදහසක්. මම කැමැත්තෙන් පරිභෝජනය කරන මොනම භාන්ඩයක් හෝ සේවාවක් සමාජයට හානිදායක නොවේ නම් ඒක තහනම් කරන්න, පරිභෝජනය සීමා කරන්න ජනතා කැමැත්තෙන් පත්වුණු රජයකට සදාචාර සම්පන්න අවසරයක් නෑ කියලයි මගේ පිළිගැනීම. පුරවැසියෙක් විදිහට මගේ කැමැත්තට එරෙහිවීම, ඒ වෙනුවෙන් දඬුවම් පැමිණවීම, එය වරදක් කරගනිමින් පීඩා පැමිණවීම කියන්නෙ වැඩිහිටියෙක් ලෙස මගේ ගෞරවය, නිදහස අයිතිය කියන කාරණා ගැන ප්‍රශ්න ඇති කරන තත්වයක්. රජයක් කියන්නෙ මට ජීවත්විය යුතු ආකාරය කියල දෙන්න ආපු ආයතනයක් නෙමෙයි. ආණ්ඩුවකින් හෝ පොලිසියකින් මගේ විනය හදන්න ඕන කියල මං විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා කංසා හෝ වෙනත් ඕනෑම මත්ද්‍රව්‍යයක් විසින් සමාජයේ අනෙකාට හිරිහැරයක්, පීඩාවක් ඇති කරනවා කියල ප්‍රමාණවත් සාක්ෂි නැතුව එය පාවිච්චිය වරදක් කිරීම රජයක් විසින් කරන බලහත්කාරකමක්. පුරවැසියෙක් හැටියට මට කරන අවමානයක්.

මම ඒ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරනවා වෙන්න පුළුවන්. ඒත් මට හෝ වෙනත් කිසිම කෙනෙකුට එය පාවිච්චි කිරීමට කෙනෙකුට ඇති අයිතිය උදුරාගන්න බෑ. සියලූ මත්ද්‍රව්‍යයන් කියන්නෙ මනසේ විවිධ තලයන්වල සැරිසැරීමට තියෙන ප්‍රවේශපත්‍ර. රොකට්ටුව, ගුවන් යානය, සබ්මැරීනය වගේම මනස ඇතුළෙ එහේ මෙහේ යාත්‍රා කරන්න තියෙන මාර්ග. ඒ ගැන පැනවෙන හැම තහංචියක්ම විවිධ රටවල දේශයන්වල සැරිසැරීමට අපිට ඇති අයිතිය පැහැර ගැනීමක් හා සමානයි.
Continue reading “කංසා නිදහස් නැත්තෙ ඇයි?”

මිරිස්සේ සිද්ධියට ඇමති සාගල මැදිහත්වේ

මිරිස්ස ප්‍රදේශයේ සියලුම හෝටල් සංචාරක සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කළ යුතු බවත්, මත්පැන් සහ ශබ්ද විකාශන බලපත්‍ර නීති 100% ක්‍රියාත්මක කළ යුතු බවට අමාත්‍ය සාගල රත්නායක මහතා නියෝග කොට ඇත.

ඒ පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී විදේශකයින් පිරිසකට එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධවූවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම පිලිබඳ ඊයේ (19) මාතර, කඹුරුගමුවේදී පැවති සාකච්ජාවකට එක්වෙමින්. Continue reading “මිරිස්සේ සිද්ධියට ඇමති සාගල මැදිහත්වේ”