වසංගතයක් වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සාව ගැන අවධානයෙන් පසුවෙන්න

දකුණු පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයක් වර්ධනය වන බවට දින කිහිපයක සිට තොරතුරු වාර්ථා වේ.දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසන ආකාරයට මෙය වසංගත තත්වයක් දක්වා වර්ධනය වියහැකි අවධානමක පසුවෙයි.

ළමුන් අතර වැඩි වශයෙන් මෙම රෝගී තත්වය පැතිරයාමේ අවධානමක් පවතින අතර පසුගිය දින කිහිපය තුළ කරාපිටිය රෝහලේ දරුවන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධියට මෙම වෛරසය හේතුකාරක වන්නේ දැයි සොයාබලමින් සිටින බවද විජේසූරිය මහතා පවසයි.
Continue reading “වසංගතයක් වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සාව ගැන අවධානයෙන් පසුවෙන්න”

කතානායකවරයා රහස් පොලීසිය හමුවට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඔහුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඊයේ(18) විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

පෙර දැනුම් දී තිබූ පරිදි රහස් පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කතානාකවරයාගේ නිල නිවසේදී මෙම ප්‍රශ්න කිරීම ඊයේ සවස සිදු කර තිබේ. Continue reading “කතානායකවරයා රහස් පොලීසිය හමුවට”

AKON හොරෙන්ම ලංකාවට එයි

මොකක් හෝ විශේෂ කටයුත්තක් සඳහා ලොව ප්‍රසිද්ධ පොප් ගායක AKON ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට වාර්තා වන අතර ඔහු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ අපේ රටේ ප්‍රභල කෙනෙක් හම්බ වෙන්නලු.
Continue reading “AKON හොරෙන්ම ලංකාවට එයි”

ජාතික රණවිරු සැමරුම අද

තිස් වසරක් පුරා පැවැති කුරිරු යුද්ධය නිමා කර හෙට (19) දිනට වසර නවයක් සපිරීම නිමිත්තෙන් ජාතික රණවිරු අනුස්මරණ උත්සවයක් හෙට දින පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අසලදී පැවැත්වෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.
Continue reading “ජාතික රණවිරු සැමරුම අද”

මිලියන 6ක් හොර පාරෙන් දෙන්න ගිය සංචාරක රොඩ්‍රිගෝ..

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ රුපියල් මිලියන 6ක් සිය සොහොයුරාගේ සමාගමකට ගෙවීමට උත්සාහ කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යවරයාගේ උපදේශකයෙකු බව කියන ෆීලික්ස් රොඩ්‍රිගෝ නැමැත්තාට එරෙහිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් මෙම විමර්ශනය ඇරඹී ඇත්තේ මෙම පුද්ගලයා පිළිබඳ සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ හිටපු සභාපති උදය නානායක්කාර මහතා විසින් රජයේ ප්‍රධානීන්ට පැමිණිලි කිරීමෙන් පසුව බව ද දැනගන්නට තිබේ. Continue reading “මිලියන 6ක් හොර පාරෙන් දෙන්න ගිය සංචාරක රොඩ්‍රිගෝ..”

සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශකවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (16) පත්කර තිබේ.

ජාත්‍යන්තර කටයුතු හා සබඳතා පිළිබඳ තිස් වසරකට වැඩි පලපුරුද්දක් සහිත වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඉකුත් වසර දෙකේදී ( 2016 – 2018 දක්වා) රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති වරයා වශයෙන් කටයුතු කළේය.
Continue reading “සමන් වීරසිංහට ජනාධිපති උපදේශක තනතුරක් !”