ලෝකය දුර්ලභ ඩයිනෝසර් පා සලකුණු ස්කොට්ලන්තයෙන් හමුවේ (ඡ‍ායාරූප)

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.

එඩිම්බරෝ සරසවියේ සහ චීන විද්‍යාත්මක ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගන්නා ලද මෙම තොරතුරු ස්කොට්ලන්ත භූ විද්‍යා ජර්නලයේ නවතම වාර්තාවක එළිදක්වා ඇත.

ස්කේයි දූපතේ තිබී මීට අවුරුදු මිලියන 170කට එපිට යුගයට අයත් යැයි සැලකෙන ඩයිනෝසර් පා සළකුණු 50 ක් පමණ සොයා ගත් බව ඔවුහු පවසති.

දූපතේ බ්‍රදර්ස් පොයින්ට් ලෙස හැදින්වෙන ස්ථානයේ කලපුවක තිබී මෙම පා සළකුණු සොයාගෙන ඇති අතර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා ඩයිනෝසරයින් දෙදෙනකු විසින් තැබූ සළකුණු බවයි.

ඩයිනෝසරයින් සහයෝගයෙන් වාසය කළ ආකාරය සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් මවාගැනීමට මෙම සොයාගැනීම උපකාර වන බවද ඔවුහු තවදුරටත් පවසති.

එක් පා සළකුණක් කාර් රෝදයක් තරම් විශාල වන අතර මෙම සතුන් ටොන් 10ක් පමණ බරින් හා මීටර් 15ක් පමණ දිගින් යුතු වන්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙම මාංෂභක්ෂක සතුන් දඩයම් නොකරන වේලාවන් හිදී කලපුව අසලට පැමිණ නිදහසේ කාලය ගත කරන්නට ඇති බව පැවසේ.

පර්යේෂණ වාර්තාවේ සමකතෘ ස්ටීව් බෘසෙට් පවසන්නේ 2016 වර්ෂයේදී දූපතේ චාරිකා කළ පාසල් සිසුවකු විසින් මෙම පා සළකුණු මුල්වරට සොයාගත් බවයි.

සීඑන්එන් ඇසුරිණි

 

CRYSBRO Corn Fed Golden Yellow Chicken ලාංකීය වෙලදපොලට

ආහාර මිලදී ගැනීමේදී එහි ගුණාත්මක බව සහ පැහැය පිලිබඳව පාරිභෝගිකයින් වෙසෙසින්ම සැලකිලිමත් වේ. රන් පැහැයෙන් යුත් කහ මදය සහිත බිත්තර සඳහා ලොව පුරාම ඉහළ පාරිභෝගික ඉල්ලූමක් ඇතිවාක් මෙන්ම කහ පැහැයෙන් යුත් කුකුළු මස් වඩාත් පෝෂණ ගුණයෙන් සහ නැවුම් බවෙන් අනූන බව පෝෂණවේදීන්ගේ අදහස වී ඇත.

එහෙත් ශ්‍රී ලංකාව තුළ අලෙවි වන සහ පාරිභෝගිකයින් අතර ප්‍රචලිතව පවතින කුකුළු මස් රෝස පැහැයෙන් හෝ මලානික පැහැයකින් යුතු වෙයි. මීට හේතුවී ඇත්තේ මෙම බ්‍රොයිලර් කුකුළන්ට ලබා දෙන සහල් හෝ තිරිගු පිටි මූලික කර ගත් ආහාර නිසාය. එහෙත් වෙළෙඳපොළේ ඇති කහ පැහයෙන් යුතු කුකුළු මස් අවපැහැ ගැන්වී ඇති හෝ නැවුම් බවින් තොර කුකුළු මස් ලෙස පාරිභෝගිකයින් අතර වැරදි වැටහීමක් පවතී. කුකුළු මස් පැහැයක් ගැනීම කෙරෙහි මූලික වශයෙන්ම බලපාන්නේ කුකුළන්ට ලබා දෙන බඩ ඉරිගු ආහාරය අනුවයි. බඩ ඉරිගු විටමින් වලින් පරීපූර්ණ ස්වභාවික ආහාරයක් වන අතර පෝෂණ ගුණය අතින් සහල් සහ තිරිගු පිටි වලට වඩා වැඩි පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් පරිපූර්ණය. Continue reading “CRYSBRO Corn Fed Golden Yellow Chicken ලාංකීය වෙලදපොලට”