ප‍්‍රබල ඇමතියෙක් ගණිකා මඩමකදී පොලීසියට කොටුවෙයි – බීමත් ඇමති අතහැර රියදුරා ගෙනයයි

ආන්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙක් කොල්ලුපිටියේ පිහිටි තරු පන්තියේ තිබූ ගණිකා මඩමකදී පොලීසිය විසින් කොටු කරගෙන ඇති බව අන්තර්ජාල පුවත් අඩවි වාර්තා කරයි.
Continue reading “ප‍්‍රබල ඇමතියෙක් ගණිකා මඩමකදී පොලීසියට කොටුවෙයි – බීමත් ඇමති අතහැර රියදුරා ගෙනයයි”

මාර්ක්, FB නිවුස් ෆීඩ් එක යළි වෙනස් කරයි

ෆේස්බුක් සමාගම විසින් සිය නිවුස් ෆීඩ් පිටුවේ වෙනස්කම් කිහිපයක් කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අනුව, ව්‍යාපාර, සන්නාම නාම හා මාධ්‍ය ආයතන විසින් එකතු කර ඇති සටහන් (post) වලට වඩා පවුලේ හා මිතුරන් අතර කතාබහක් ඇති කරන සටහන් වලට වැඩි ප්‍රමුඛත්වයක් ලබා දීමට එම සමාගම තීරණය කර ඇත.

මේ අනුව, එවැනි සංවිධාන හා සමාගම් හට සිය ෆේස්බුක් සටහන් වල ජනප්‍රියත්වයේ අඩුවක් දක්නට හැකි වනු ඇතැයි ද ෆේස්බුක් සමාගම සඳහන් කරයි. Continue reading “මාර්ක්, FB නිවුස් ෆීඩ් එක යළි වෙනස් කරයි”

‘වේදිකාවල කියන කතා ගන්න ගන්න එපා’- ජනපති, හකීම්ට කියලා.

‘මැතිවරණ වේදිකාවල කියන කතා එතරම් බැරෑරුම් ගණන් ගන්න එපා’ යයි ජනාධිපතිවරයා තමාට පැවසු බව නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ජනාධිපතිවරයා පසුගියදා අනුරාධපුරයේදී සිදුකල ‘පිප්පොකට් කතාවෙන්’ තමන්ට පවා අසාධාරණයක් සිදුව ඇතැයි පැවසු අවස්ථාවේදී ජනාධිපතිවරය ඉහත ප්‍රකාශය කලබව ඇමතිවරයා කියා සිටියි.
Continue reading “‘වේදිකාවල කියන කතා ගන්න ගන්න එපා’- ජනපති, හකීම්ට කියලා.”

ඩිජි­ටල් වෙන පුංචි ආණ්ඩු­ව

ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි.පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති ICTA ආයතනය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන e LOCAL GOVERNMENT වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කරනු ලබයි.
Continue reading “ඩිජි­ටල් වෙන පුංචි ආණ්ඩු­ව”

සැබෑ රණවිරු දඩයම වුණේ පැවැති ආණ්ඩුව සමයේදීයි

රණවිරු දඩයමක් ගැන අද රජයට චෝදනා කළද රණවිරු දඩයම සැබෑ ලෙසම සිදුකළේ පැවැති රජය හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමෙන් බවත් ජාත්‍යන්තරයෙන් නැඟුණු චෝදනාවලින් ත්‍රිවිධ හමුදා රණවිරුවන් බේරාගනිමින් ඔවුන්ගේ ගෞරවය සහ අභිමානය රැකගනිමින් යුතුකම් ඉටුකළේ වත්මන් රජය යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10) අනුරාධපුරයේදී පැවසීය. මුදල් පසුම්බිය සොරාගෙන දුවන ගමන් හොරා විසින්ම අන්න හොරෙක්, අන්න හොරෙක් යැයි කෑගසනවා මෙන්ම ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ දෙපිරිසක් විසින් එකිනෙකාට හොරා යැයි චෝදනා කරගත්ත ද සැබෑ සොරුන් කවුදැයි මේ රටේ ජනතාව දන්නා බවත් ජනාධිපතිතුමා පැවසීය.
Continue reading “සැබෑ රණවිරු දඩයම වුණේ පැවැති ආණ්ඩුව සමයේදීයි”

බැංකුවේ‍ උකස් අංශයේ සිටියදී හෂිනි රන් බඩුවලට ඉමිටේෂන් බඩු සේප්පුවේ – හෂිනි රත්නායක 17 දක්වා බන්ධනාගාරයට

තංගල්ල ප්‍රදේශයේ රාජ්‍ය බැංකුවක සේවය සිදුවූ රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් ප්‍රවීන ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන 31 වියැති හෂිණි අමේන්ද්‍ර රත්නායක මහත්මිය තංගල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව අප ඊයේ සදහන් කලා. ඒ තංගල්ල මහජන බැංකුවේ සේවය කරමින් සිටියදී සිදු කළ වංචාවක් සම්බන්ධයෙනි.

හෂිණි අමේන්ද්‍ර රත්නායක බැංකුවේ සේවය කළ කාලයේ උකස් බඩු බාර ගන්නා අංශයේ සේවය කරමින් සිට ඇති හෂිනි කුවේට්හි සේවය කරන බැංකු පාරිභෝගික කාන්තාවක බැංකුවට උකස් කළ රුපියල් 6,80,000ක් පමණ වටිනා රන් භාණ්ඩද තංගල්ලේ පදිංචි තවත් බැංකු පාරිභෝගික පුද්ගලයකුගේ රුපියල් ලක්ෂ 6ක් පමණ වටිනා රන් භාණ්ඩ ද සොරාගෙන ඇති බව පැමිණිල්ලෙන් දැක්වේ. බැංකු සේප්පුව පරීක්ෂා කිරීමේදී කුවේට් කාන්තාවගේ රන් භාණ්ඩ එහෙම පිටින්ම අස්ථාන ගත කර තිබෙන අතර තංගල්ල පුද්ගලයාගේරන් භාණ්ඩ වෙනුවට ඒහා සමාන ඉමිටේෂන් බඩු බැංකු සේප්පුවේ තැන්පත් කර ඇති බවද හෙළිව ඇත.
Continue reading “බැංකුවේ‍ උකස් අංශයේ සිටියදී හෂිනි රන් බඩුවලට ඉමිටේෂන් බඩු සේප්පුවේ – හෂිනි රත්නායක 17 දක්වා බන්ධනාගාරයට”

වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට

ප්‍රවීන ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිණි අමේන්ද්‍ර රත්නායක මහත්මිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා අද(09) උදෑසන තංගල්ල පොලිසියට පැමිණීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.
Continue reading “වික්ටර් රත්නායකගේ බිරිඳ අත්අඩංගුවට”

චීන අහස් ලබ්බ කඩා වැටෙයි

ඇත්ත පත්‍රය මේ රටේ පුවත්පත් කලාවේ අමුතු නිර්මාණ ඉදිරිපත් කළ පුරෝගාමී මාධ්‍යයකි. එහි කර්තෘ බී.ඒ. සිරිවර්ධන උපහාසය කැටිකොටගත් වෙඩි බඳු හෙඩිම් කලාවේ නිපුණයෙකි. 1979 ජූලි මාසයේ ඇත්තේ අමුතු හෙඩිමක් පලවිය. අහස් ලබ්බ කඩා වැටෙයි! යනුවෙනි. අමෙරිකානු නාසා ආයතනය 1973 දී උඩු ගුවනට යවා තිබූ ඔවුන්ගේ පළමු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන Sky lab යානය නැවත මහ පොළොව වෙත ඇතුළුවීම ඒ කාලයේ මාධ්‍යවලට ලොකු ආන්දෝලනාත්මක වාර්තාවක් සැපැයීය. කලින් කියා තිබූ වේලාවට වඩා පැය බාගයක් ප්‍රමාද වී ඇදවැටුණු අමෙරිකන් අහස් ලබ්බ කලින් කියා තිබූ ආකාරයට පැසිෆික් සාගරය වෙත ඇදවැටෙනු වෙනුවට ඕස්ට්‍රේලියාවේ නගර දෙකක් වන එස්පෙරාන්ස් සහ රොවිලිනා වෙත එහි ලොකු කොටස් කිහිපයක් ඇද වැටුණි. Continue reading “චීන අහස් ලබ්බ කඩා වැටෙයි”

රවි කරුණානායකගේ බ්ලූමැන්ඩල් පාතාලයෙන් කැබිනට් ඇමතිවරුන්ට මරණ තර්ජන

හිටපු ඇමති රවි කරුණානායක සමග හිතවත්කම් පවත්වන පාතාල මැරයන්ගෙන් තමනට ජීවත තර්ජන ඇති බවට ඇමති මනෝ ගනේෂන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇත. Continue reading “රවි කරුණානායකගේ බ්ලූමැන්ඩල් පාතාලයෙන් කැබිනට් ඇමතිවරුන්ට මරණ තර්ජන”