කිට්ටුවෙන් සිටියානම් ඇය මට ගහන්නත් තිබුණා

මියන්මාරයේ නිලනොලත් නායිකාව වන අවුන් සාං සුචි සදාචාරාත්මක ගුණයෙන් පිරිහුණ නායිකාවක් යයි ඇයගේ දිගුකාලීන මිතුරකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන බිල් රිචඩ්සන් පවසයි.

රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා අවුන් සාං සුචි විසින් පත් කරන ලද ජාත්‍යන්තර කමිටුව තුළ නියෝජනය වූ බිල් රිචඩ්සන් ඉහත කී ප්‍රකාශය කරමින් එම පදවියෙන් ද ඉවත්වී ඇත.
Continue reading “කිට්ටුවෙන් සිටියානම් ඇය මට ගහන්නත් තිබුණා”

හැරී – මෙගාන් රාජකීය විවාහයට ට්‍රම්ප්ට ඇරයුමක් නැද්ද?

මැයි 19දා පැවැත්වීමට නියමිත හැරී කුමරුගේ සහ හොලිවුඩ් නිළි මෙගාන් මර්කෙල් අතර විවාහයට තමාට ඇරැයුම් කර ඇති බවක් දැනගන්නට ලැබී නැතැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනි සාකච්ඡාවකදී කියා ඇත.
Continue reading “හැරී – මෙගාන් රාජකීය විවාහයට ට්‍රම්ප්ට ඇරයුමක් නැද්ද?”

එළැඹෙන මාසයේ සිට පෞද්ගලික රෝහල් නියාමනයට පියවර

එළැඹෙන පෙබරවාරි 04 දා වන විට පෞද්ගලික රෝහල් නියාමනය කරමින් පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට පුර්ණ සහනයක් ලබාදීමට කටයුතු කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රුපියල් මිලියන 3400 ක් වැය කරමින් බේරුවල මුලික රෝහලේ ඉදිකිරීමට යෝජිත නව මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත.
Continue reading “එළැඹෙන මාසයේ සිට පෞද්ගලික රෝහල් නියාමනයට පියවර”

හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී

දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන ගොස් රඳවා තබා තර්ජනය කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුව ජුනි මස 07 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා නියෝග කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රිවරිය ඇතුළු විත්තිකරුවන් 08 දෙනා අධිකරණයේ පෙනී සිටියහ.

මෙම නඩුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හැර සෙසු විත්තිකරුවන් 07 දෙනා මීට පෙර අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබූ අතර ඉන් 05 දෙනකු වන්දි හා දඩ මුදල් ගෙවා අවසන් කර ඇති බවත් සෙසු විත්තිකරුවන් දෙදෙනාට වන්දි මුදල් ගෙවීම සඳහා කල් ලබා දෙන ලෙසත් විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. Continue reading “හිරුණිකාට එරෙහි නඩුව ජුනි 7 දා විභාගයට ගනී”

ජනපති මෛත්‍රිගේ උදව්වෙන් 2020 දක්වා ආණ්ඩුව ගෙනියනවා

වත්මන් ජාතික ආණ්ඩුව 2020 වසර දක්වා බලයේ පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පොළොන්නරුව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත් කිරීම සඳහා ක්‍රියාකළ දේශපාලන පක්‍ෂ බොහෝමයක්ම එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි. Continue reading “ජනපති මෛත්‍රිගේ උදව්වෙන් 2020 දක්වා ආණ්ඩුව ගෙනියනවා”

රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සැපයුම් හා සේවා වශයෙන් රාජකාරී කළ රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු මහතා සිය 32 වසරක නාවික සේවය නිමා කරමින් අද දින (30) විශ්‍රාම යන ලදී. එතුමාගේ 55 වන උපන් දිනය ද අද දිනට යෙදී ඇති අතර, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ප්‍රමුඛ නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් විසින් එතුමා හට උපන් දින සුභපැතුම් එක් කිරීමට ද කටයුතු කළහ. Continue reading “රියර් අද්මිරාල් නිහාල් ප්‍රනාන්දු නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි”

දෝෂයක් හේතුවෙන් අයිෆෝන්, අයිපෑඩ් සහ මැක් පරිගණකවලට බලපෑම්

පරිගණක චිප්වල (Chips) මතුව ඇති ප්‍රධාන දෝෂ දෙකක් අයි ෆෝන් (iPhones), අයි පෑඩ් (iPads) සහ මැක් (Mac) පරිගණක කෙරෙහි බලපෑම් එල්ල කර ඇතැයි ඇපල් සමාගම පවසයි.

පරිගණක පද්ධති තුළට රහසින් ඇතුළු වී දත්ත සොරා ගැනීමට ඉඩ සැලසෙන ඉහත කී දෝෂවලට විසඳුම් සෙවීම සඳහා තාක්ෂණික සමාගම් කටයුතු කරමින් සිටින බව මේ සතියේ දී වාර්තා විය. Continue reading “දෝෂයක් හේතුවෙන් අයිෆෝන්, අයිපෑඩ් සහ මැක් පරිගණකවලට බලපෑම්”

නව නිර්මාණ සඳහා රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ පුංචි නිර්මාණකරුවා

“සහසක් නිමැවුම්” 2017 හා “ශ්‍රී ලංකා ඉන්ජිනේරු නව නිපැයුම්” 2017 සමස්ත ලංකා තරගාවලියේ දෙවැනි විශිෂ්ට නිර්මාණය සඳහා රජත සම්මාන දෙකකින් පිදුම් ලබා විදුහලට ගෞරවයක් හා අභිමානයක් ගෙන දුන් ඒ පුංචි නිර්මාණකරුවා අපට හමුවූයේ නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේදීය.

ඒ කුණු සහ වැලි වෙන් කරන කුණු අදිනය (Ralish and Sand Separable Dustpan) නම් පරිසර හිතකාමී නිර්මාණය කළ මයුරපාදයේ 8 ජී ශේ‍ර්ණියේ ශිල්ප හදාරන 13 හැවිරිදි එච්. ඒ. චාලිත්‍ය නිම්න ගගන හෙට්ටිආරච්චි සිසුවාය. Continue reading “නව නිර්මාණ සඳහා රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ පුංචි නිර්මාණකරුවා”

නාවල්අඩි මුහුදෙන් මතු වුණේ විසකුරු සර්පයෝද? විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙන්න

සාමාන්‍යයෙන් සර්පයෙක් දැක්කම බයවෙන්නේ උෟ දැක්ක කෙනා විතරයි. නමුත් පහුගිය දවසක මකඩළපුව මුහුදේ මතු වූ සර්පයන් ගැන අහලා රටෙන් බාගයකට වඩා වැඩි කොටසක් කලබල වුණා. හේතුව සුනාමි බිය. 2004 වර්ෂයේ ආ සුනාමියට පෙරත් මඩකළපුව මුහුදෙන් මේ විදියටම සර්පයෝ මතු වුණා කියලා ඇතැමුන් කියන කතාව නිසයි ඒ භීතිය ඇති වුණේ.

මෙවර සිද්ධිය වාර්තා වුණේ මඩකළපුව නාවල්අඩියෙන්. නාවල්අඩි ධීවර රැකියාවේ යෙදුණු සියලුම ධීවරයන්ගේ දැල්වල එම සර්පයන් පැටලී තිබූ බවයි පැවැසුණේ. මුහුදු සර්පයන් (Sea Snakes) ලෙස මෙම ජීවීන් හැඳින්වුවත් මේ මුහුදු සර්පයන් නොව ගංගා, ඇළ ‍ෙදාළ හා කළපු ආශි්‍රතව වෙසෙන ආදා (Anguilla) මත්ස්‍ය විශේෂයක් ලෙස නාරා ආයතනය පෙන්වා දෙනවා. මෙම ජීවීන් පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණයක් සිදු කිරීමට ධීවර අමාත්‍යවරයා විසින් නාරා ආයතනයට උපදෙස් දෙනු ලැබූයේ ජනතාවගේ සැකය දුරලන්නයි. Continue reading “නාවල්අඩි මුහුදෙන් මතු වුණේ විසකුරු සර්පයෝද? විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙන්න”

ලොකු හාමුදුරුවන්ගේ පිය සෙනෙහස දෝරෙ ගලයි

සමහර වචනවලට, අදහස්වලට ඇස්වල කඳුලු හොලවන්නත් හිත සොලවන්නත් පුළුවන්.

ඒ තරමටම සමහර වචන අදහස් හදවතට දැනෙනවා.

ඒ විදිහට ඡායාරූප පෙලකට ලියවුණු ලස්සන අදහසක් අපිට හමුවුණා.

පුංචි හිමිනමකට ඇතිවුණු අසනීප තත්ත්වයකට ලොකු හාමුදුරුවෝ එක්ක බෙහෙත් ගන්න යන අයුරු දැක්වෙන ඡායාරූප පෙලකට ලොකු හාමුදුරුවන්ගේ පිය සෙනෙහස නමින් මෙම ලස්සන වචන ටික ලියවී තිබුණේ මෙලෙසින්.

ලොකු හාමුදුරුවන්ගේ පිය සෙනෙහස

සෙල්ලම් පිටිය අමතක කර දුව පැනපු
අම්මත් නොමැත නිතරම මගෙ මුව සිඹපු
අවසර අරන් පියතුමගෙන් මම රැකපු
පොරවමි කසාවත සසරේ පිං කරපු

ඇගපත වෙවුලලා ගත් විට සහලේ උණ
පොඩි සිත වේදනාවන් වැඩි වී දවන
ලොකු හිමි හනික පොඩි මම තුරුලට රැගෙන
දුවගෙන ගියා විලසින් මගෙ දුක නිවන

අම්මා ළග නැතත් පුද දුන් මිහිරි සෙනේ
ඔබගේ තුරුලෙ සිටිනා විට හොදට දැනේ
අම්මගේ සොදුරු රුව ඔබගෙන් ⁣මෙමට පෙනේ
ඔබ පිය කෙනෙකි මට ලොකු හාමුදුරුවනේ

සංකල්පනාව – රිදියගම ගුණසිරි හිමි.