දලයි ලාමාගෙන් අයිෆෝන් ‘ඇප්’ එකක්

අනුගාමිකයන්ට තම සංචාර මෙන්ම ඉගැන්වීම් හා යාවත්කාලීනවිම සඳහා ජංගම දුරකථන යෙදවුමක් (App) දලයි ලාමා හිමියන් හඳුන්වා දුන්හ.

ටිබෙට් දේශයෙන් පිටුවහල් කරනලද 82 හැවිරිදි අධ්‍යාත්මික නායකයා සතුව මිලියන 16 ඉක්මවූ ට්විටර් අනුගාමිකයෝ සිටිති.
Continue reading “දලයි ලාමාගෙන් අයිෆෝන් ‘ඇප්’ එකක්”

වෙට්ටු දමා සටන් අරඹති

පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු දියත් කොට ඡන්ද සටන ඇරඹීම ඉදිරි සතියේදී සිදුකරනු ඇතැයි ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක ප්‍රධානීහු  පැවසූහ. ඊට සමාන්තරව දේශපාලන පෙරැළි හා වෙනස්කම් ගණනාවක් සිදුවෙතැයිද දැනගන්නට තිබේ. Continue reading “වෙට්ටු දමා සටන් අරඹති”

ක්‍රිකට් දිනන්න නායකයාට වගේම අැමතිටත් වාසනාව තියෙන්න ඕන – ගංඟා මෑනියෝ

අනාවැකි කියන ගංඟා සුදර්ශනී සමඟ කතාබහක්

මේ දවස්වල ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ කතාබහට ලක්වන චරිතයක් වී ඇත්තේ ගංඟා සුදර්ශනීයි. ඇය කියූ බවට පැවසෙන අනාවැකි විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළද ප්‍රචාරය වෙයි. ඇත්තටම ඇය කවුද? ඇය ඇත්තටම ගංඟා මෑණියෝ වශයෙන් හඳුන්වන කෙනාමද? ක්‍රීඩාවේ අනාගතය කොහොමද යන්න පිළිබඳව ඈ සමඟ සිදුකළ සාකච්ඡාවකි මෙය.

ඔබගේ සම්පූර්ණ නම?

අගම්පොඩි ගංඟා සුදර්ශනී ද සොයිසා.

ගම කොහේද?

අකුරල ග්‍රාමයේ

පවුලේ විස්තර?

මගේ තාත්තා ආයුර්වේද වෛද්‍යවරයෙක්. සහෝදරයන් සතරදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් ඉන්න පවුලක හයවැනියා විදිහට උපත ලබපු කෙනෙක්. මම දරුවන් හතර දෙනකුගේ අම්මා කෙනෙක්.

පාසල් ගියේ?

මම අකුරල පාසලේ අධ්‍යාපනය හැදෑරුවා.

ඔබගේ රැකියාව මොකක්ද?

මම රැකියාවක් වශයෙන් කිසිම දෙයක් කළේ නෑ. කුඩා කාලයේ ඉඳලම වෙනස් විදිහට හැදිච්චි කෙනෙක්. මට සවසට වැඳුම් පිඳුම් කරන්න ඕන. එය අපේ ගෙදර හැමෝම කරන දෙයක්. හැබැයි මගේ විශේෂත්වයක් තිබ්බා. මම පොඩි කාලයේ ඉඳලම සමහර අනාවැකි කියලා තිබ්බා.

කවුද එතකොට මේ ගංඟා මෑණියෝ?

ගංඟා මෑණියෝ කියන්නේ මම නෙමෙයි. ඔය මුහුණු පොතේ මම වගේ හදාගෙන ගංඟා මෑණියෝ කියලා පෙනී ඉන්නවා. ඒක තුළින් අසත්‍ය අනාවැකි කියනවා. ඒකට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මම මුහුණු පොතේ ඉන්නේ ගංඟා සුදර්ශනී සොයිසා කියන නමින්. මේ ගැන මම කොස්වත්ත පොලීසියට පැමිණිලි කළා. ඉදිරියේදී කවුද කියලා හෙළිවෙයි. මේ වෙනකොට මම දන්නවා කරන කෙනා.

ඔබ ජ්‍යොතිෂ්‍යවේදිනියක් ද? අනාවැකි කියන්නියක් ද?

මම ජ්‍යොතිෂය හදාරපු කෙනෙක් නෙමෙයි. මම ඒ ගැන දන්නේ නෑ. ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒක දන්නේ නැති දෙයක්. මම අනාවැකි පළකරන්නියක්.

මේ අනාවැකි කියන්නේ හැමෝම කියන විදිහේ දේව වරමකින්ද?

නැහැ. වරමකින් නෙවෙයි. මම කුඩා අවධියේ ඉඳන්ම යම් යම් දේවල් කියලා තියෙනවා. ඒ කියපු දේවල් සත්‍ය වෙලා තියෙනවා. ඒත් ඒ දවස්වල අපේ අම්මා තාත්තා ඒවා සමාජ ගතකළේ නැහැ. ඒත් පසුකාලීනව මම වෘත්තිමය වශයෙන් අනාවැකි කියන්නියක් වුණා.

ඔබ අනාවැකි කියන්න අරගෙන කොච්චර කල් ද?

අවුරුදු 35කට එහා දිවයනවා. දැන් මගේ වයස 55ක්.

ඔබ කිව්ව අනාවැකි වැරදිලා නැද්ද?

එතෙක් මෙතෙක් කිව්ව කිසිදෙයක් වැරදිලා නෑ.

ඔබ කිව්ව ලොකුම අනාවැකිය මොකක්ද?

කුඩා අවදියේදී මම කියලා තියෙනවා ඔය සප්ත කන්‍යා ගුවන් අනතුර. කොහේදෝ රටක ඉඳලා එන අහස් යාත්‍රාවක් මහා කන්දක හැපිලා ඒ ඔක්කොම මැරෙනවා කියලා. ඒ වගේම මගේ සහෝදරයන්ට පවසලා තියෙනවා මේ මහා මුහුද විශාල වෙලා ගොඩ ගලලා ගොඩාක් දෙනෙක් මියයනවා කියලා.

ඔබට සමාජය ඇතුළේ විශාල කතා බහක් ඇති වෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ සිදුකරන අනාවැකිත් එක්ක. මොකක් ද මේ සම්බන්ධය?

එකපාරට නෙමෙයි. 2011 ඉඳලම කිව්වා. මගේ වෙබ් අඩවිය බැලුවොත් ඕන කෙනෙකුට දකින්න පුළුවන්. මම එදා ඉඳලා කිව්වා ලංකාවේ ක්‍රීඩාව බලාපොරොත්තු නැති විදිහට පහතට වැටෙනවා. ඒ වගේම ක්‍රීඩකයන් අතර ප්‍රශ්න ඇති වෙනවා. ක්‍රීඩාව අපහාසයට ලක්වෙනවා. ක්‍රීඩකයන්ට නින්දාවන් විඳින්න වෙනවා කියලා. මට 2011 ඉඳලම කිව්වා මෑතක ඉඳලා තමයි ඒත් අවධානය යොමු වුණේ.

එදා ඔබ කාටද කිව්වේ මේ අනතුරු?

මම මේක කිව්වා ජයන්ත ධර්මදාස මහත්තයට. මට පස්සේ කතා කරන්නම් කිව්වා. ඊට පස්සේ සංජීව රණතුංග කියලා කෙනෙක්ට කතා කරලා මම කිව්වා.

මොනවද කිව්වේ?

මම කිව්වා අපේ රට ක්‍රිකට්වලින් ඉහළට යන නිසා වෙනත් රටවලින් යම් යම් කොඩිවින වගේ දේවල් සිදුකරලා තියෙනවා කියලා අපේ ක්‍රීඩකයන්ට. ඒක මගේ විශ්ව ශක්තියට පේන බව තමයි මම ඒ කාලේ ඉඳලම කියන්න උත්සාහ කළේ. ඒත් ඒ ගැන අවධානය යොමු කළේ නෑ.

ඔබ කියන්නේ ක්‍රීඩකයන්ට අයහපතක් සිද්ධවෙන්න කියලා මොනවාහරි දෙයක් කරලා කියලද?

ඔව්. අනිවාර් යෙන්ම. හිටපු දක්ෂ ක්‍රීඩකයන් එකපාර පැකිළුණේ මේ දේවල් නිසා. එහෙම නැතුව ඒ අයගේ දක්ෂකම් අඩුවීමක් නෙමෙයි. පුහුණුවේ අඩුවීමකුත් නෙවෙයි. නොසැලිකිලිමත් බවකුත් නෙමෙයි. අර කරපු දේවල් නිසයි එහෙම වුණේ. අදටත් ඒ දේ එහෙමයි.

ඒ කියන්නේ මේක කාලාන්තරයක් තිස්සේ වෙච්ච දෙයක් ද?

2011 ඉඳලම පෙනුණා ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අපලයි. පහතට හෙළනවා කියලා. තව කාරණයකුත් තියෙනවා. රටට වාසනාව ගේන්න නායකයන්ගේ වාසනාවත් බලපානවා. හිතන්න ක්‍රීඩා ඇමැතිගේ අපල තියෙනවා නම් ක්‍රීඩකයන්ගේ අපල තියෙනවා නම් ඒ දේවලුත් ක්‍රීඩාවට බලපානවා.

මේ මෑතක ඉඳලා ක්‍රීඩා බලධාරීන් ඔබත් එක්ක සම්බන්ධ වෙන්නේ මේක දැනගෙන ද?

ඔව් ඒක නෑ කියන්න බෑ. මම බොරු කියන කෙනෙක් නෙමෙයි. එහෙම සහසම්බන්ධයක් ඇති වුණා. ඒක කියන්න පුළුවන්.

ඔවුන් සම්බන්ධ වුණේ මොකටද?

මම ඒ අයට කිව්වා, මේ ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ප්‍රශ්නවලට උදව් කරන්න පුළුවන් කියලා. අවම කරන්න හරි පුළුවන් කිව්වා. දිනන්න බැරි නම් සම තත්ත්වයට හරි ගේන්න පුළුවන් කිව්වා.

මේ ගැන දැනුම් දුන්න අය නම් වශයෙන් කියන්න?

මම කලින් හිටිය ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කිව්වා. හැබැයි මම කියන දේ ගැන පොඩි හරි අවධානයක් යොමු කළේ වර්තමාන ක්‍රීඩා ඇමති දයාසිරි ඇමැතිතුමා විතරයි.

දයාසිරි අමාත්‍යවරයා ඔබව හම්බවෙන්න ආවාද?

ඔව් ඉතින් ආවා. මගේ පැලවත්තේ නිවසට.

ඔබ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල හම්බවුණාද?

නෑ… නෑ… හම්බවුණේ නෑ… එක්තරා ආගමික උත්සවයකදී හම්බවුණා. ඊට පස්සේ හම්බවුණේ නෑ.

ඇත්තද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරා පත්කර ගන්නේ ඔබගේ උපදෙස් මත කියන්නේ?

නෑ… ඒක බොරු කතාවක්.

ක්‍රීඩා ඇමැතිවරයා කිව්වා මේ ක්‍රීඩකයන්ගේ බඩ වැඩියි. ෆිට්නස් අඩුයි කියලා ඔබ කියන්නේ ඒවා නෙමෙයි මේ කඩා වැටීමට ප්‍රශ්න?

නෑ… ඒවා නෙමෙයි. මට මෑතකදී දැක්කා අනුර කුමාර දිසානායක මහත්තය කියලා තිබ්බා මේ හැමෝම ගංඟා මෑණියෝ ළඟට යනවා. ඊට පස්සෙයි ක්‍රීඩකයෝ පුහුණුකරු වෙත යන්නේ කියලා. මම කියනවා මෙච්චර කල් පුහුණුකරුවෝ පුහුණු කළා නේද? එහෙමනම් දිනන්න එපැයි. මගේ ආශිර්වාදය ගත්තේ පාකිස්ථාන මැච් එකට කලින්.

ඔබව හම්බෙන්න ආපු ක්‍රිකට් ක්‍රීඩකයෝ කවුද?

බෑ එහෙම කියන්න බෑ.

වර්තමාන ක්‍රීඩකයෝ විතරද එන්නේ?

අනේ අම්මේ ඉස්සර හිටිය ක්‍රීඩකයෝ තමයි වැඩියෙන්ම ආවේ.

ඔබට හිතෙන්නේ නැද්ද අවිනිශ්චිත ක්‍රීඩාවක් ගැන අනාවැකි කියන්න ගිහින් සමාජයෙන් ගැරහුම් ලබන්නට වෙයි කියලා?

නෑ… ඉතින් හිතන්න දෙයක් නෑ. දැනටම පේනවනේ ගොඩාක් අය අපේ ක්‍රීඩකයන්ට ඊර්ෂ්‍යයි. දරාගන්න බෑ. ඒ නිසා මට චෝදනා කරනවා. කරන්න දෙයක් නෑ මට පේනදේ මම කියන්නේ. බුදුහාමුදුරුවන්ට, ජේසුස් වහන්සේටත් අපහාස කළානේ. ඒ නිසා මම සැලෙන්නේ නෑ.

ඔබ යෝජනා කළාද දිනේෂ් චන්දිමාල් නායකයා හැටියට ටීම් එකට පත්කරන්න?

අනිවාර්යයෙන්ම කරොත් හොඳයි කියලා මට පෙන්නුම් කරනවා.

දිනේෂ්ට වාසනාව තියෙනවාද?

නෑ මෙහෙමයි. ක්‍රීඩකයෙන් තමන් කරන ක්‍රීඩාවට ආදරේ කරන්න ඕන. වෘත්තියට නෙමෙයි රටට ආදරේ කරන්න ඕන. ඒ නිසා මට හම්බවුණ ක්‍රීඩකයන් එක්ක බලද්දී දිනේෂ් චන්දිමාල් ඒකට සුදුසුයි. මගේ පුතාගේ යාළුවෙක්. තමන්ගේ වාසියට නෙමෙයි ඔහු ක්‍රීඩා කරන්නේ.

කවදා ගොඩ යයිද මේ ක්‍රිකට්?

කවදා ගොඩයයිද කියලා බලන් ඉන්න බෑනේ. අපි කොහොම හරි ගොඩවෙන්න ඕන. හැබැයි දැන් නම් ගොඩඑන්න ඕන කාලය හරි.

ඒ කියන්නේ ඔබ මොනවා හරි දෙයක් කළාද?

නෑ… නෑ… මට කරපු දෙයක් නෙමෙයි. හොඳ පුහුණුකරුවෙක් ආවා. ඔහුට වාසනා ගුණය තියෙනවා. ඔතන නුසුදුසු කීපදෙනෙක් ඉන්නවා ඒ අය ඉදිරියේදී යයි. ඒ අයගේ නම් කියන්න බෑ.

ඔය නුසුදුසු අය ක්‍රීඩකයෝ ද? බලධාරින් ද?

දෙගොල්ලොම ඉන්නවා.

පසුගිය කාලයේ වැඩිම චෝදනාව එල්ල වුණේ ක්‍රිකට් පාලක මණ්ඩලයට. එතන නුසුදුසු අය ඉන්නවා කියලා පෙන්නේ නැද්ද?

අනිවාර් යෙන්ම මම කියන්නේ ඔය මණ්ඩලවලින් අයින් කරලා ක්‍රීඩකයන් තේරීම ක්‍රිකට් නායකයාට ලබාදෙන්න ඕන.

දැන් ඔය කරලා තියෙනවා කියන බන්ධනවලින් ක්‍රීඩකයෝ බේරගන්න මොනවාද කරන්න ඕන?

මේ මිත්‍යාවක් නෙමෙයි. බන්ධන තියෙනවා බුදුන්ගේ කාලයේ ඉඳලා. ඉන්දියාව වගේ රටවල්වල විශාල වශයෙන් තියෙනවා. කෝලිලා ක්‍රීඩා කරන්න කලින් ආශිර්වාද කරනවා පූජකවරු ගෙන්නවලා.

ක්‍රිකට් අතඇරලා දේශපාලනයට ආවොත් කොහොමද දේශපාලනඥයන් අතර සම්බන්ධය?

මෙහෙමයි හරි දෙයක් කරනකොට කටින් කට යනවා. මම ලංකාවේ විතරක් නෙමෙයි දෙස් විදෙස්වල පවා ජනප්‍රිය කෙනෙක්. ඒ නිසා දේශපාලනඥයෝ එනවා. පක්ෂ විපක්ෂයෙන් තොරව එනවා.

රාජ්‍ය නායකයොත් සම්බන්ධ වුණාද?

බොහෝ නායකයන්ට ආශිර්වාද කරලා තියෙනවා.

මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?

එතුමා බොහෝම හිතවත්. මට ගොඩාක් හිතවත් වුණේ පරාජයෙන් පස්සේ. හැබැයි ඒ පරාජයත් 2013දී මම කිව්වා.

ඔබ මීට කලින් දැක්ක ද වර්තමාන ජනාධිපති ජනාධිපතිවරයෙක් වෙනවා කියලා?

අනිවාර් යෙන්ම මම කිව්වා. මතකද පිළියන්දල පැත්තේ බෝම්බයක් තියලා එතුමා බේරුණා. ඒ වෙලාවේදි මම කිව්වා එතුමා කවදා හරි නායකයා වෙනවා කියලා.

මෛත්‍රීපාල මහත්තයට දැනුම් දුන්නාද?

නෑ… නෑ… මම පස්සෙන් යන කෙනෙක් නෙමෙයි.

වර්තමාන ජනාධිපතිව හම්බවුණේ නැද්ද?

එතුමාව හම්බවෙන්න මම ගිහින් තියෙනවා එක දවසක්.

ඔබට හිතන හැටියට මේ ආණ්ඩුවේ අනාගතය කොහොමද?

ඒකට දැන් උත්තර දෙන්න බෑ.

රටට මොන වගේද?

දැන් තියෙන්නේ අර්බුදකාරී තත්ත්වයක් ඉදිරියේදී මට කියන්න බැරි තරම් දේවල් සිද්ධ වෙනවා. මම මේ අවස්ථාවේදී දෙයක් කියන්න නරකයි.

2018 වසරේදී යම් දේශපාලන පෙරළියක් වෙනවලු. ඇත්තද ඒක?

ඔව් පෙරළිකාර තත්ත්වයක් වෙන්න පුළුවන්.

ඔය දේශපාලන අනාවැකි කියන්න ගිහින් ගොඩාක් දෙනෙක් නම් කැත කරගත්තා. ඔබට හිතෙන්නේ නැද්ද එහෙම වෙයි කියලා?

අනාවැකි වාසියට කියන අය වැඩියි. සමහර අය තවත් කෙනෙක්ට වාසි වෙන්න කියනවා. තවත් අය මුදලට කියනවා.

2020 කවුද මේ අය අතරින් නායකයා වෙන්නේ?

2020 දී මේ ඔක්කොම ගැන ජනතාව කලකිරෙනවා. ඔය ඉන්නම කෙනෙක් බලාපොරොත්තු නැති ආකාරයෙන් ඉස්මතු වෙනවා.

ගයාන් ගාල්ලගේ

2005දී LTTEය රනිල් දාන්න ආපු ඩීල්එක – විජයකලා LTTEයේ රහස්‌ හෙළිකරයි

ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරිය විජයකලා මහේෂ්වරන් මෙම මස 22 දා යාපනයේදී ආන්දොaලනාත්මක ප්‍රකාශයක්‌ කළේය. දෙමළ ජනතාව 2005 නොවැම්බර් මස එවකට එක්‌සත් ජාතික පක්‍ෂ නායක ජනාධිපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ පරාජය නොකළේ නම් දෙමළ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඔවුන්හට අහිමි නොවන බවය. එලෙසම එම තීරණය හේතුවෙන් 2009 දී දමිළ වැසියන් 200,000 මුල්ලිවයික්‌කාල් භූමියේදී අහිමි වූ බවය. යාපනයේ පළාත් පාලන ආයතනවල නාමයෝජනා භාරදීමෙන් පසුව කළ මෙම ප්‍රකාශයට යාපනයේ පළවන කලේයිකතීර් Kalaikkathir පුවත්පතේ පළමුවැනි පිටුවේ මෙම මස 23 දා පළවිය. දමිළ මන්ත්‍රීවරයකු හෝ මන්ත්‍රීවරියක කිසිදු දිනක තම ජනතාව වික්‍රමසිංහ පරාජය කළ හේතුවෙන් තම නායකයා තමන්හට අහිමිවූ බව ප්‍රකාශ කර නැත. එලෙසම මුල්ලිවයික්‌කාල් සටනේදී 200,000 ක්‌ දමිළයන් මියගිය බව පවසා නැත. Continue reading “2005දී LTTEය රනිල් දාන්න ආපු ඩීල්එක – විජයකලා LTTEයේ රහස්‌ හෙළිකරයි”

පාතාලයේ කොස්ගොඩ සූජීගේ විවාහයට අත්සන්කල ඇමති හෙලිවේ

පාතල නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සූජී නමැත්තාගේ විවාහයට රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ එහි සාක්ෂිකරුවෙකු වශයෙන් අත්සන් තබා ඇතැයි වාර්තා වනවා.

කොස්ගොඩ සුජී නොහොත් ජගමුණි සුජීව ද සොයිසා නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හෙවත් ඉන්ටපෝල් විසින් ඔහු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
Continue reading “පාතාලයේ කොස්ගොඩ සූජීගේ විවාහයට අත්සන්කල ඇමති හෙලිවේ”

නව නිර්මාණ සඳහා රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ පුංචි නිර්මාණකරුවා

“සහසක් නිමැවුම්” 2017 හා “ශ්‍රී ලංකා ඉන්ජිනේරු නව නිපැයුම්” 2017 සමස්ත ලංකා තරගාවලියේ දෙවැනි විශිෂ්ට නිර්මාණය සඳහා රජත සම්මාන දෙකකින් පිදුම් ලබා විදුහලට ගෞරවයක් හා අභිමානයක් ගෙන දුන් ඒ පුංචි නිර්මාණකරුවා අපට හමුවූයේ නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේදීය.

ඒ කුණු සහ වැලි වෙන් කරන කුණු අදිනය (Ralish and Sand Separable Dustpan) නම් පරිසර හිතකාමී නිර්මාණය කළ මයුරපාදයේ 8 ජී ශේ‍ර්ණියේ ශිල්ප හදාරන 13 හැවිරිදි එච්. ඒ. චාලිත්‍ය නිම්න ගගන හෙට්ටිආරච්චි සිසුවාය.

ගගන හෙට්ටිආරච්චි නම් විශිෂ්ට නිර්මාණකරුවා 2015දී ආරම්භ කළ මයුරපාද විදුහලේ “නව නිපැයුම්” සංගමයේ උදේ‍යා්ගිමත් ආරම්භක සාමාජිකයෙකි.
Continue reading “නව නිර්මාණ සඳහා රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ පුංචි නිර්මාණකරුවා”

මාලිංග ක්‍රිකට් දිවියට සමුදෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද නිවේදනය කළා. ඒ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුවයි.
Continue reading “මාලිංග ක්‍රිකට් දිවියට සමුදෙයි”

වෛද්‍ය සභාව සයිටම් සිසුන් පිළිගන්න තීරණය කළා – ලක්ෂ්මන් කිරිඇල්ල

සති 5ක සායනික පුහුණුව සහිත සයිටම් සිසුන් පිළිගැනීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකඟ වූ බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද කොළඹ පැවති උත්සවයකදී ය. Continue reading “වෛද්‍ය සභාව සයිටම් සිසුන් පිළිගන්න තීරණය කළා – ලක්ෂ්මන් කිරිඇල්ල”

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්

පහරකෑමට ලක් වූ කුරුවිට බන්ධනාගාරයේ රැඳවියා වැලිකඩ හෝ මැගසින් බන්ධනාගාරයට මාරු කිරීමට පුනරුත්තාපන, හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.
පහරකෑමට ලක් වූ ජීවානන්ද රාජපක්ෂ නැමති රැඳවියා මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.

ඔහු සඳහන් කළේ, බන්ධානාගාරයේ තව ත් රැඳවියකු සමග ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් තමන්ට පහරදුන් බවයි. Continue reading “කුරුවිට බන්ධනාගාරයේ රැඳවියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්”

ආණ්ඩුව හදන්න කැපවුණත් මටත් කැපිලි ආවා

වත්මන් ආණ්ඩුව නිර්මාණය කිරීමට කැපකිරීම් කල ද විවිධ අසාධාරණකම්වලට මුහුණදීමට තමාට සිදුවූ බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට වැඩි බලයක් ලබාගැනීමෙන් මෙම තත්ත්වය වෙනස් කරගැනීමට බලාපොරොත්තු වන බවයි. Continue reading “ආණ්ඩුව හදන්න කැපවුණත් මටත් කැපිලි ආවා”