භූගෝල පොතේ පාඩුව කෝටි 15ක්.

හත ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත් සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීම නිසා රජයට රුපියල් මිලියන 155ක පාඩුවක් සිදුවී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.

අධ්‍යාපන අමාත්‍යංශය මෙම පෙළපොත සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇත්තේ නිසි තාක්ෂණික අධ්‍යයනයකින් තොරව බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
Continue reading “භූගෝල පොතේ පාඩුව කෝටි 15ක්.”

ඩොලර් මිලියන 23.57ක මහ කන්නයේ යූරියා ටෙන්ඩරය JAT ට

2017/2018 මහ කන්නය සඳහා රජයේ පොහොර සමාගම් මඟින් බෙදාහැරීම පිණිස අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 72,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය, ඒ සඳහා සාර්ථක ලංසුව ඉදිරිපත් කරනු ලැබ ඇති JAT Holding (Pvt) Ltd. වෙත මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 327.40ක් බැගින් ඇමරිකානු ඩොලර් මිලියන 23.57ක මුදලකට පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. Continue reading “ඩොලර් මිලියන 23.57ක මහ කන්නයේ යූරියා ටෙන්ඩරය JAT ට”

බිරිඳගේ පොලු පහරින් කෝපයට පත් සැමියා ඇගේ බෙල්ලට ගැසූ පිහි පහර වැරදී බිරියගේ ඇඟිල්ලක්‌ වෙන්වෙයි

සිය බිරිඳ එල්ල කළ පොලු පහරක්‌ නිසා කෝපයට පත් සැමියකු ඇගේ ගෙල කැපීමට එල්ල කළ පිහි පහරක්‌ වැළැක්‌වීමට ගිය අවස්‌ථාවේ බෙල්ල වෙනුවට වම් අතේ මාපටැඟිල්ල වෙන්වී ඇතැයි කියන සිද්ධියක්‌ අරණායක පොලිසියට වාර්තා වී ඇත.

අස්‌මඩල වත්තේගෙදර ප්‍රදේශයේ 29 වනදා පෙරවරුවේ සිදුවී ඇති මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලත් කේ. ආර්. ධම්මිකා කුමාරි නමැති 35 හැවිරිදි තිදරු මවක මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කරන ලදුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යවා තිබේ. Continue reading “බිරිඳගේ පොලු පහරින් කෝපයට පත් සැමියා ඇගේ බෙල්ලට ගැසූ පිහි පහර වැරදී බිරියගේ ඇඟිල්ලක්‌ වෙන්වෙයි”

දේශපාලකයන්ගේ රෙදි ගැලවූ දුරකථන දත්ත වාර්තාව ගැන විස්තරේ මෙන්න

ආණ්ඩු පක්ෂ විපක්ෂ භේදයක් නැතිව බොහෝ දේශපාලනඥයන්ගේ රෙදි ගැලවීමට හේතු වූ බැඳුම්කර විමර්ශන කොමිසම නිසා තවත් සුවිශේෂ කරුණු රැසක් එළියට ආවේය.

ඒ කූප්‍රකට බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සුනිල් හඳුන්නෙත්තිගේ ප්‍රධානත්වයෙන් රැස්වූ 8 වැනි කෝප් කමිටුව පරීක්ෂණ පවත්වද්දී එහි සාමාජික මන්ත්‍රීවරුන් 28 දෙනාගෙන් පස් දෙනකු පර්පචුවල් ටේ‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සබඳතා පැවැත්වූ බව තහවුරුවීමය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප ‍පොලිස් පරීක්ෂක යසන්ත යෙහාන් ජයසිංහ බැඳුම්කර කොමිසම හමුවේ ඉකුත් 16දා හෙළිකළ පරීක්ෂණ වාර්තාව අනුව ඒ කරුණු තහවුරු විය.
Continue reading “දේශපාලකයන්ගේ රෙදි ගැලවූ දුරකථන දත්ත වාර්තාව ගැන විස්තරේ මෙන්න”

මම ක්ෂේත්‍රයට ආවේ අම්මා නිසා මෙච්චරකල් රැඳිලා හිටියේ අම්මා නිසා නෙමෙයි

රුවැත්තියන් අතරේ ඇයව අපිට මුණ ගැසුණේ ගොඩක් කාලෙකින්. මවගේ මඟ පෙන්වීමෙන් රංගනයට පිවිස සිනමාව,පුංචි තිරය එකසේ දිනාගත් මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පබෝධා සංදීපනී. මේ දිනවල ඇගේ අලුත්ම තොරතුරු මොනවද කියලා දැනගන්න ඇයව එකතු කර ගත්තා අපේ තුන් වැනි පිටුවට.

කොහොමද අලුත් තොරතුරු

හොදින් ඉන්නවා.

පොඩ්ඩාගේ වැඩත් එක්ක පබෝධාට රංගන කටයුතු වෙනුවෙන් වෙන් කරන්න කාලයක් තියෙනවද?

බබා දැන් මොන්ටිසෝරි යනවා. එයාගේ වැඩත් කරගෙන මගේ වැඩත් කරගෙන යනවා. බබා ගේ වැඩවලට තමා වැඩිපුරම කාලය යන්නේ. කොහොමත් මට මාසෙකට දවස් 6 ක් 7 ක් වගේ තමා ෂූටින් වැටෙන්නේ. Continue reading “මම ක්ෂේත්‍රයට ආවේ අම්මා නිසා මෙච්චරකල් රැඳිලා හිටියේ අම්මා නිසා නෙමෙයි”

තරුණියන් ඇන්දූ රුවන්වැලි සෑ පුදබිමේ දරුවන් පතා භාවනා කරන තරුණියන්ට දරුඵල ලබාදෙන අමුතු විදියේ කපුමහත්තයෙක්

අනුරාධපුර රුවන්වැලි මහ සෑ පුදබිම අප කාගේත් වන්දනාවට ලක්වන උතුම් පුදබිමක්. බොහෝ බෞද්ධයින් තමන්ගේ ඉල්ලීම් ඉටුකරගන්නට රුවන්වැලි සෑ සමිඳුන්ට විවිධ පුද පූජාද පවත්වනවා. එලෙස රුවන්වැලි සෑ පුදබිබේ දරුවන් ප්‍රාර්ථනා කරමින් භාවනාවේ යෙදුනු විවාහක තරුණියන්ට දරුඵල ලබා දෙන බව පවසා අමුතු විදියේ ප්‍රතිකාරයක් කල නොච්චියාගම ප්‍රදේශයේ කපුමහතෙකු ගැන තොරතුරු නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.

මහා බලසම්පන්න දේවාලයක් තිඛෙන බව පවසමින් විවාහක තරුණ කාන්තාවන් රවටා ‍නොචියාගම ‍පොලිස් වසමේ සිටින කාමාතුර කපුවෙකුගේ කාමාශාව සංසිඳුවා ගැනීමට රැගෙනයන සංවිධානාත්මක කාන්තාවන් පිරිසක් සිටින බව පසුගියදා අනාවරණය වී තිබුණා.

ඒ අනුව ඉතාමත් බලගතුයැයි කියන මෙම කපුවා සිටින දේවාලයට රුවන්වැලි සෑ සමිඳුන් අභියස දරුඵල පතා භාවනා කරන තරුණියන් සංවිධානාත්මක පිරිසක් විසින් රැගෙන ගොස් තිඛෙනවා.ඒ දරුඵල ලබාදෙන බවට පොරොන්දු වෙමින්. ඉන් අනතුරුවයි මෙම රැගෙන යන පිරිස විසින් මෙම තරුණියන් කපුවාගේ කාමාශාව සංසිඳුවා ගැනීම සඳහා ලබාදෙන්නේ.

මීට දින කිහිපයකට පෙරද දරුඵල අපේක්ෂාවෙන් සිටින තරුණියක් එම සිද්ධියට මුහුණ පා තිඛෙනවා. එසේම මෙම දේවාලය පවත්වාගෙන යන මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ක්‍රියාව සිදුකරගෙන ගොස් ඇති බවද වාර්තා වෙනවා.

මෙහි ආසන්නම සිදුවීම පසුගියදා වාර්තාවුනා. ඒ දරුවෙකු අපේක්ෂාවෙන් සිටි තරුණියක් තවත් කාන්තාවක් විසින් මෙම දේවාලය පිළිබඳව බවසා ඇයව එම දේවාලයට රැගෙන ගොස් තිඛෙනවා. එහිදී මෙම දේවාලයේ සිටින වංචනික කපුවා විසින් ඇයට සුළු වේලාවක් භාවනා කරන ලෙස පවසා තිඛෙනවා.

ඇය භාවනා කරන අතරතුරේ මෙම වංචනික කපුවා විසින් මෙම තරුණියගේ තෙල් වැනි යමක් ආලේප කර තිඛෙනවා. සුළු මොහොතකට පසු ඇයව සිහිසුන් වී තිඛෙනවා. ඉන් අනතුරුව මෙම කපුවෙක්යැයි කියාගන්නා කාමාතුරයා විසින් ඇයව තමන්ගේ ගොදුරක් බවට පත්කරගෙන සිටිනවා.

මෙලෙස මෙම කාමාතුර කපුවාගේ ගොදුරට ලක්වන තරුණියන් ලජ්ජාව නිසා මේ පිළිබඳව කිසිවෙකුට නොකියන නිසා මොහු බොහෝ කාලයක් තිස්සේ මෙම ක්‍රියාව ජයටම කරගෙන ගොස් තිබුනා. කෙසේ වෙතත් මෙවැනි වංචනික මිනිසුන් නිසා ඉතා කල්පනාකාරීව සහ විමසිලිවත්ව වත්මන් සමාජයතුල ජීවත් වීයයුතු වෙනවා.

නොවැම්බර් 05 සිට 11 දක්වා සතියේ පලාපල

මේෂ – සමපලයි
තමාගේ කටයුතු සාර්ථක කර ගත හැක්කේ උත්සාහය සහ කැපවීම තුළින්ය. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී යම් යම් බාධා අවහිරතා දක්ෂතාවන් ඉස්මතු වුවද, ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරයි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක වනු ඇත. විවිධ අංශයන්ට යොමුවීම තුළ ආර්ථික වාසි ගෙන දේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතුද වැඩි අහිතකර තත්ත්වයන් උදා නොකරනු ඇති අතර සමගිය සාමයට බාධා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් තරමක් සැලකිලිමත් විය යුතුය. අධ්‍යාපන අංශයේ නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ.
ජය වර්ණය : රතු, ජය අංකය : 09

වෘෂභ – බාධා සහිතයි
අනාගතය ගැන සිතා කටයුතුවල යෙදිය යුතුයි. බලා‍පොරොත්තු කිහිපයක් වෙනස් වී යයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී බාධා අවහිරතා මධ්‍යයේ තමාගේ කටයුතු කළ යුතුයි. නොඑසේ නම් ආකූලතා, ව්‍යාකූලතා ඉස්මතු කළ හැකි බැවිනි. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායකයි. ආදායම් ලැබුණද වියදම් පක්ෂය ඉහළ යයි. මුදල් ඉතිරිකර ගැනීම ඉතා අසීරුයි. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු වලදීද සුළු සුළු බාධා අවහිරතාවන්ට ඉඩනැත්තේ ද නොවේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයටත් ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරයි. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය : නිල්, ජය අංකය : 06

මිථුන – ශුභදායකයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී සුළු සුළු බාධා අවහිරතා නැත්තේද නොවේ. එහෙත් ස්වකීය උත්සාහය, කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යහපත්ය. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ලාභ ප්‍රයෝජන අත්පත් කරගත හැක. වාසි ගෙන දේ. ගෙදර දොර කටයුතු යහපත් වේ. සමගිය සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක්ද යොමු කළ යුතුයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. සමාජයීය සහ ආගමික අංශයේ වැඩකටයුතුවලට වැඩි නැඹුරුවක් ගෙන දේ. ඒ තුළ සහනයක්ද, සැනසීමක්ද ලබනු ඇත. ගමන් බිමන් අධික වේ.
ජය වර්ණය : කොළ, ජය අංකය : 05

කටක – බාධා සහිතයි
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් ශුභදායක බවක් පෙන්නුවද, විටින් විට වියදම් පක්ෂය ඉහළ යාම තුළ ණයතුරුස් වීමේ ඉඩක්ද පවතී. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී වුවත් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු විය හැකි නිසා කල්පනාකාරීවද, බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි. ගෙදරදොර කටයුතුවලදීද, යුගදිවිය සම්බන්ධ කටයුතුවලදී ද ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන අංශයන්හි නියුක්ත අයට අලුත් විෂයයන් ඉගෙනීමට ඉඩ ලැබේ. උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැක.
ජය වර්ණය : ක්‍රීම් පාට, ජය අංකය : 02

සිංහ – ලාභ ලබයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී උසස් නිලධාරින්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු ලෙහෙසෙියෙන්ද, පහසුවෙන්ද ඉටුකරගත හැක. ආර්ථික වශයෙන් ශුභදායක තත්ත්වයක් පෙන්විය. විශේෂයෙන් ගෙවල් පිළිබඳ ලාභ, ගේදොර බඩුමුට්ටු ආදිය පිළිබඳ ලාභ ලැබේ. අලංකාර වස්ත්‍ර ලැබේ. හිතවතුන්ගෙන්ද හිතවතියන්ගෙන්ද ලාභ ප්‍රයෝජන ලැබිමට පුළුවන. ස්වකීය උත්සාහයට තුළ ආදායම් මාර්ග වැඩිකර ගනී. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. හොඳ හිතවත්කම් පවත්වන්නට පුළුවන්. සමාජයෙහි කිසියම් ස්ථානයකට පත්වී තම තත්ත්වය දියුණු කරගත හැක. සමාජයට ප්‍රිය වේ. ගමන් බිමන් අධික වන අතර ඒවා නිෂ්ඵල ගමන් නොවේ.
ජය වර්ණය : රතුපාට, ජය අංකය : 01

කන්‍යා – අන්‍යයන්ගේ ආධාර ලැබේ
ආදායම් මාර්ග වැඩිකර ගැනීමට ලැබෙන කාලයකි. විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වැඩිකර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභදායකයි. තරුණ තරුණියන් අතර ප්‍රේම සම්බන්ධතා වර්ධනය වේ. ස්ත්‍රී පුරුෂයන් අතර හොඳ හිත පවත්වන්නට ඉඩ ලැබේ. සමාජයෙහි ප්‍රසිද්ධිය සමාජයට ප්‍රියවීම ඇති කරයි. තම තත්ත්වයෙහි කිසියම් දියුණුවක් ලබයි. වැඩිදියුණුවට අවශ්‍ය කටයුතු සැලසේ. බලා‍පොරොත්තු රහිත මාර්ග තුළින් ආදායම් ලබා ගනී. සමාජයෙහි වැදගත් අය සමග කටයුතු කිරීමට ඉඩ සැලසේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි තරමක් අවධානය යොමු කළ යුතුයි. ආගමික අංශයට යොමුවීම තුළ සහනයක්ද, සැනසීමක්ද උදාකරගනු ඇත.
ජය වර්ණය : කොළ, ජය අංකය : 05

තුලා – මිශ්‍රඵලදායකයි
තමා සමග කටයුතු කරන අය නිසා කරදර, සිත්තැවුල් ඇතිකරයි. තමාගේ කටයුතුවලට බාධා අවහිරතා ගැටලු ආදිය ඉස්මතු විය හැකි නිසා කල්පනාකාරී වන්න. වෘත්තීය සහ රැකීරක්ෂා අංශයේ දී අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ඔබ බලා‍පොරොත්තුවන තරමට නොලැබිමේ ඉඩක් පවතී. පවු‍ලේ වැඩිහිටි සමීපතම ඥාතීන්ට අපල පීඩා, උවදුරු මතු කළ හැක. සිතෙහි සැනසීම තරමක් අඩුවන නිසා සිත් පීඩා, සිත් තැවුල් යනාදියට ඉඩ පවතී. ආර්ථික සහ මූල්‍යමය වශයෙන් එතරම්ම අශුභදායක නොවේ. තම වියදමට සරිලන ආදායම් ලැබේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට මාර්ගය සැලසේ. තමාගේ ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් විය යුතුයි. ගමන් බිමන් අධිකයි.
ජය වර්ණය : නිල්, ජය අංකය : 06

වෘශ්චික – ආදායම් ලැබේ
විවිධ ක්‍ෂේත්‍රයන්ට යොමුවීම තුළ ආදායම් මාර්ග වර්ධනය කර ගනී. වෙළෙඳ ව්‍යාපාරවල යෙදී සිටින අයට ශුභයි. ආදායම් පුළුල් වේ. මිල මුදල් ලාභ සහිතයි. අමුතු දේ නිපදවීම්වලින්ද, ශාස්ත්‍රීය කටයුතුවලින්ද තෑගි ලැබිමෙන්ද ධනය උපයා ගැනීමට අවස්ථාව උදාවේ. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතුවලදී අන්‍යයන්ගේ ආධාරය, උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු සාර්ථක කර ගනී. බලා‍පොරොත්තු කීපයක් ඉෂ්ට සිද්ධ වේ. ගෙදරදොර කටයුතු යහපත්ය. සමගිය, සාමයට එතරම් බාධා අවහිරතා එල්ල නොවේ. දරුවන්ගේ කටයුතු උදෙසා කාලයත්, ධනයත්, ශ්‍රමයත් වැයවේ. ආගමික අංශයට නැඹුරුවීම තුළ සහනයක්ද, සැනසීමක්ද උදාකරයි. කෙටි ගමන් බිමන් කිහිපයක්ම යෙදේ. ඒවා නිශ්ඵල ගමන් නොවේ.
ජය වර්ණය : රතු, ජය අංකය : 09

ධනු – මිශ්‍රඵලයි
ආදායම් ලැබුණද ඔබට වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරු වේ. මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී තරමක් කල්පනාකාරී විය යුතුයි. ආදායම් ලැබුණද අනපේක්ෂිත සිද්ධීන් තුළ වියදම් පක්ෂය ඉහළ යයි. ආගමික සහ සමාජයීය තත්ත්වය කිසියම සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගනු ඇත. වෘත්තීය සහ රැකීරක්ෂා අංශවලදී සුළු වශයෙන් හෝ අන්‍යයන්ගේ සහයෝගය ලැබිම තුළ කිසියම් මට්ටමක සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැකි බවද පෙනී යයි. ගෙදර දොර කටයුතු යහපත්ය. සමගිය, සාමය සුරක්ෂිත වේ. දරුවන්ගේ කටයුතු කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය සහ කැපවීම තුළ සාර්ථක ප්‍රතිඵල ලැබිය හැක.
ජය වර්ණය : රන්වන්, ජය අංකය : 03

මකර – තත්ත්වය උසස් වේ
ඥාති මිත්‍රාදීන් තමා සොයාගෙන පැමිණේ. ඔවුන්ගෙන් කිසියම් මට්ටමක ආධාර උපකාරය ලබයි. ආදායම් ලැබුණද නුවමනා දෙයට වියදම් කරයි. විටෙක අදාළ නොවන වියදම් කිහිපයක් මතු කළ හැක. කෙසේද වුවත් ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගනී. වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යාමේදී අන්‍යයන්ගේ ආධාරය උපකාරය ලැබිම තුළ තමාගේ කටයුතු එක්තරා මට්ටමකට සාර්ථකවේ. ගෙදරදොර කටයුතු මෙන්ම යුගදිවිය සම්බන්ධ කටයුතු එක්තරා ප්‍රමාණයකට සාර්ථක වේ.
දරුවන්ගේ කටයුතු සාමාන්‍ය අන්දමට සිද්ධ වේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රවල යෙදී සිටින අයට ස්වකීය උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල උදාකරගත හැක. තම ශරීර සෞඛ්‍යය ගැන ප්‍රවේශම් වන්න.
ජය වර්ණය : නිල්,  ජය අංකය : 06

කුම්භ – මිශ්‍රඵලයි
යම් යම් බාධා අවහිරතා ඉස්මතු වීම තුළ තමාගේ කටයුතුවල කිසියම් ප්‍රමාදයක්ද, ගැටලුකාරී තත්ත්වයක්ද උදාකරනු ඇත. එම නිසා වෘත්තීය සහ රැකීරක්ෂා ක්‍ෂේත්‍රයේ දී යම් යම් අතපසුවීම් සහ පසුබෑම්වලට ඉඩ නැත්තේද නොවේ. එනිසා උත්සාහයෙන්ද, කැපවීමෙන්ද ක්‍රියා කිරීම තුළ කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් ලැබිය හැක. මිල මුදල් ලැබිම අතින් අයහපත් නොවේ.
විවිධ අංශතුළට යොමු වීම මගින් සාර්ථක ආදායම් මාර්ග උදාකරනු ඇත. ගෙදරදොර කටයුතු සාමාන්‍ය අන්දමට සිදු වේ. දරුවන්ගේ කටයුතු යහපත්ය. සමාජයීය සහ ආගමික ආංශවලට යොමුවී ක්‍රියා කිරීම තුළ සහනයක්ද, සැනසීමක්ද ලබයි.
ජය වර්ණය : නිල්, ජය අංකය : 08

මීන – ශුභාශුභයි
වෘත්තීය සහ රැකීරක්ෂා කටයුතු කරගෙන යෑමේදී උස් නිලධාරින් සමග කටයුතු කිරීමේදී වඩාත් කල්පනාකාරී විය යුතුයි. නොඑසේ නම් ආකුලතා, ව්‍යාකූලතා ඉස්මතු කරනු ඇත. ආදායම් ලැබිම අතින් කිසියම් සාර්ථක ප්‍රතිඵලයක් උදාකරගත හැකි වුවත් වියදම් පක්ෂය පාලනය කර ගැනීම තරමක් අසීරුවන නිසා මිල මුදල් සම්බන්ධ කටයුතුවලදී බුද්ධිමත් වන්න. ගෙදරදොර කටයුතුවලදී ඉවසීමෙන්ද බුද්ධිමත්වද ක්‍රියා කළ යුතුයි.   දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් කාලයත්, ධනයත් ශ්‍රමයත් වැය වේ. අධ්‍යාපන අංශවල යෙදී සිටින අයට අලුත් විෂයයන් ඉගෙනීමට අවස්ථාව සැලසේ. උත්සාහය තුළ සාර්ථක ප්‍රතිඵල ලබයි. තරුණ තරුණියන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට බාධා මතු කළ හැක.
ජය වර්ණය : රන්වන්, ජය අංකය : 03

ප්‍රවීණ ‍ජ්‍යොතිෂවේදී 
ජී.ඇම්. ගුණපාල

පින්බර ඉල් පොහොය දිනය අදයි

ප්‍රථම ධර්ම දූත පිරිස ගමන් ආරම්භ කිරීම
තුන්බෑ ජටිලයන් දමනය කිරීම.
මෛත්‍රීය බෝසතුන් නියත විවරණ ලැබීම.
සැරියුත් හිමියන් පිරිනිවන් පෑම.
කඨින චීවර මාසයේ අවසන් දිනයයි.

ඓතිහාසික වාග් විද්‍යාවේ මූලධර්මයන්ට අනුව සිහිල් යන වචනයේ මුල් ‘ස’ කාරයත් පිහිල් යන වචනයේ මුල් ‘ල’ කාරයත් ලොප් වී නොහොත් භාවිතයේ උච්ඡාරණය සදහා හැලී ගොස් ඉහිල් වී පසු කාලයේදී හි කාරයද හැලී ගොස් ඉල් බවට පත්වූ බව සිතිය හැකි බව විද්වතුන්ගේ අදහසයි. උතුරු දඹදිව සරත් සමය අවසානයත් හේමන්තය ආරම්භයත් යන දෙකම සිදුවන වකවානුව බැවින් ඉතාම සෞම්‍ය දේශගුණයක් ඇති වකවානුවක් ලෙස හැදින්විය හැකිය.
ඉල් පොහොය ඉතාම වැදගත් වන්නේ ප්‍රථම ධර්මදූත කණ්ඩායම ධර්ම ප්‍රචාරන කටයුතු සදහා පිටත්ව යෑමයි.
ප්‍රථම රහත් සැට නම ඇමතූ බුදුපියාණන් වහන්සේ ර්‍ණචරත භික්ඛවේ චාරිකං, බහුජන හිතාය බහුජන සුඛාය…” ආදී වශයෙන් ර්‍ණ පින්වත් මහණෙනි බොහෝ දෙනාගේ හිතසුව පිණිස බොහෝ දෙනාට සැප පිණිස, පොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට වැඩ පිණිස, චාරිකාවේ හැසිරෙව්…” යනාදී වශයෙන් අනුදැන වදාල සේක. එතැන් පටන් ලොව්තුරු සදහම් ගග බොහෝ දන හිතසුව පිණිස ලෝ පුරා ගලා බසින්නට පටන් ගැනිනි. එවන් මහා සුවයක් සැදූ පින්බර දිනය ඉල් පෝ දිනය වන්නේය.

මිසදිටු උරුවෙල් කාශ්‍යප ශිෂ්‍යන් පන්සියයක් පිරිවරා උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ ආරාමයක් තනවාගෙන සිටියේය. ඔහුගේ මලනුවන් වන නදී කාශ්‍යප හා ගයා කාෂ්‍යපයන්ද පිලිවෙලින් තුන්සියයක් හා දෙසීයක් අනුගාමිකයන් සමග ජීවත් විය. උරුවෙල් කාශ්‍යපයන් සිතාගෙන සිටියේ තමන් රහතන් වහන්සේ නමක් ලෙසයි. කෙතරම් මිසදිටු සිත් ඇත්තේ වී නමුත් පෙර භවයන්හි සිදුකල මහ පින්කම් නිසා ලොව්තුරු සුව ලැබීමට තරම් වාසනාවක් ඇත්තකු බව ලොව්තුරා බුදුහිමියන් දුටු සේක. බුදුපියාණන් වහන්සේ නොයෙක් අයුරින් ප්‍රාතිහාර්යයන් පාමින් ක්‍රමයෙන් උරුවෙල් කාශ්‍යපයන්ට සත්‍යයේ මග විවර කල සේක. ඒමග යමින් ඔහුගේ අනුගාමිකයන්ද ලොව්තුරු මගට පිලිපන්නාහ. ඒබ ව ඇසූ නදී හා ගයා කාශ්‍යපයෝද සිය අනුගාමිකයන් සමග පැමිණ ලොව්තුරු දම් සුවෙන් සැනසුනාහුය. එවන් මහා පිරිසක් ලොව්තුරු දහමින් සැනසුන පින්බර ඉල්පෝ දිනය අදයි. Continue reading “පින්බර ඉල් පොහොය දිනය අදයි”