ඔස්ට්ට්‍රේලියාව අමෙරිකාවෙන් ඈත් විය යුතුයි

ඔස්ට්ට්‍රේලියානු රජය අමෙරිකාවෙන් ඈත්ව සිටිය යුතු බවට උතුරු කොරියානු නායකයා පවසයි.
උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් විසින් ඔස්ට්‍රේලියාව වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම්දී අති බව වාර්තා වෙයි.

Continue reading “ඔස්ට්ට්‍රේලියාව අමෙරිකාවෙන් ඈත් විය යුතුයි”

කැටලෝනියා අර්බුදයට මැදිහත් නොවන බව යුරෝපා කවුන්සලය කියයි

ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශය සම්බන්ධ අර්බුදයේදී කිසිදු මැදිහත්විමක් සිදු නොකරන බව යුරෝපා කවුන්සිලය පවසයි.
යුරෝපා කොමිසමේ සභාපති ජින් ක්ලෝඩ් සමඟ පැවැති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුරෝපා කවුන්සිලයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් මේ බව ප්‍රකාශ කර තිබේ.

Continue reading “කැටලෝනියා අර්බුදයට මැදිහත් නොවන බව යුරෝපා කවුන්සලය කියයි”

ඊජිප්තු ආරක්ෂක අංශ සාමාජිකයින් 50ක් මරුට

අන්තවාදී කැරලිකාර කණ්ඩායම් එල්ල කළ ප්‍රහාරයකින් ඊජිප්තු ආරක්ෂක අංශ සාමාජිකයින් 50 දෙනෙකු පමණ මියගොස් තිබේ.
කයිරෝ නුවර නිරත දිග ප්‍රදේශයේ දී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue reading “ඊජිප්තු ආරක්ෂක අංශ සාමාජිකයින් 50ක් මරුට”

ගල් අගුරු පතලක් කඩා වැටෙයි – සිරුරු 7ක් හමුවෙයි

පකිස්ථානයේ ක්වෙටා ප්‍රදේශයේ ගල් අගුරු පතලක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් හත් දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
එම පතලේ සේවය කළ තවත් කම්කරුවන් දෙදෙනෙකු සොයා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Continue reading “ගල් අගුරු පතලක් කඩා වැටෙයි – සිරුරු 7ක් හමුවෙයි”

ඒවායේ ප්‍රතිපල සහ විපාක ඒ අයටම විඳින්න වෙනවා බූමරංගය වගේ එයාටම ආපහු වදිනවා – Victor Rathnayake

ඔහු ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නිම් වළලු පුළුල් කළ යුග පුරුෂයෙකි.ඔහු බුදුගුණ, මවුගුණ, දේශානුරාගය, ප්‍රේමය, විරහව වැනි විෂයයන් ඔස්සේ අපේ රටේ ගීත ක්ෂේත්‍රයට දායාද කර ඇති ගීත විශාල සංඛ්‍යාව අති විශාලය. 1973 ජූලි 20 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේදී ‘ස‘ ප්‍රසංගය පවත්වමින් ප්‍රථම සජීව ඒකපුද්ගල ප්‍රසංගයක් පැවැත්වූ ලාංකේය ගායකයා ලෙස ඉතිහාසයට එක්විය.1966 සංගීත ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු , මාතර ආච්චි චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට පිවිසියේය.සිරිබෝ අයියා, පොඩි මල්ලි, සරුංගල්, හුලවාලි සහ අතුරු මිතුරු ඔහුගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවුණු නිර්මාණයන්ය. Continue reading “ඒවායේ ප්‍රතිපල සහ විපාක ඒ අයටම විඳින්න වෙනවා බූමරංගය වගේ එයාටම ආපහු වදිනවා – Victor Rathnayake”

මුලින්ම මම කරන්නේ විශ්වාස කරලා අමාරුවේ වැටුන තැන හදා ගන්න එක

මේනකා මධුවන්ති කියන චරිතය ගැන පසුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුණේ හයිවේ එකේ ඩාන්ස් කරන ගමන් වාහනයක් එළවපු සිද්ධියේ වීඩියෝව නිසා.
නර්තන ශිල්පිනියක් විදිහට කලාවට සම්බන්ධ වෙලා දැන් නිළියක් විදිහට කටයුතු කරන ඇය ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා.

වැඩිපුරම කැමති මේනකාව කවුරු විදියට හදුන්වනවටද?
මාව මිනිස්සු අදුර ගත්තේ නර්තන ශිල්පිනියක් විදියට. ඉතින් මම ඒකට කැමතියි.

ඒ කියන්නේ මිනිස්සු පසුව ඔබව විවිධ විදියට අඳුර ගත්තා කියන එක ද?
ඔව්. මුලින්ම නර්තන ශිල්පිනියක්, ඊට පස්සේ නිවේදිකාවක් ඊටත් පස්සේ සිනමා, ටෙලිනාට්‍ය නිලියක්. ඕන නම් ව්‍යාපාරිකාවක් කියලා කියන්නත් පුළුවන්.

කාන්තාවන් තමන්ගෙ පෙනුමට ගොඩාක් කැමතියි. ඒත් ඔබ සමහර වෙලාවට ඒ ගැන දුක් වෙනවලු නේ. ඇයි ඒ?
සමහර හරිම ලස්සන නිර්මාණ මට නොලැබෙන්නේ මගේ පෙනුමේ තියන බටහිර බව නිසා බව දැනගන්න කොට අයියෝ කියලා හිතෙනවා. ගැමි චරිතවලට මගෙ පෙනුම ප්‍රශ්නයක්ලු.

වේදිකාවේ දකින්න ලැබෙන්නේ කවද්ද?
ඉතා ඉක්මනින්ම. පහුගිය කාලෙ දි නම් කතා කරපු ගොඩක් නිර්මානවලට තියන කාරයබහුලත්වය නිසාම යන්න බැරි වුනා. දැන් මම ටිකක් ෆ්‍රී. ඒ නිසා හොඳ නිර්මාණයකට එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඇයි වැඩිය සම්මාන උළෙලවල්වල පේන්න නැත්තේ.
එහෙම විශේෂයෙන්ම කියලා කියන්න හේතුවක් නම් නෑ .

ඔබට සම්මන නොලැබෙන නිසා ඒවට යන්නේ නැද්ද?
අපොයි කව්ද ඒ මඩ ගැහුවේ. එහෙම එකක් නෑ. මම රයිගම් සම්මාන උළෙල තුළදීත් හොඳම නිලියට යෝජනා වුනා. සම්මානයක් ගන්න නම් ලංකාවේ හොඳම ඒවයේ රඟපාන්නම ඕන නෑ.

ඒ කියන්නේ සම්මාන උළෙලවල් ගැන ඔබට විවේචන තියනවා.
අනිවාර්යයෙන්ම ඔව්.

ප්‍රවීනයන්ගෙන් තරුණ පරපුරට ලැබෙන සහයෝගය කොහොම ද?
හැමෝම නෙවෙයි ටික දෙනෙක් ඉන්නවා අපි කාල ඇඳලා ඉන්නවටත් ඉරිසියා කරන අය. පුද්ගලිකව මට නම් ප්‍රවීණයන්ගෙන් කැපිලි ඕන තරම් වෙලා තියනවා.

ඒ කිව්වෙ?
මොකක් හරි ප්‍රශ්නයක් උනාම ඒ අය හැසිරෙන්නේ කවදාවත් තමන්ට එහෙම දෙයක් නොවුන ගානට. මට සමහර අවස්ථාවවල දී එහෙම ප්‍රශ්න මත වැඩවලින් අයින් වෙන්න වෙලත් තියනවා.

අතීතයට ගිහිල්ලා කොතන හරි වැරදුන තැනක් හදාගන්න දුන්නොත් ?
ම්ම්ම්. හරි මම එහෙම අවස්ථාවක් හම්බ උනොත් කරන්නේ මුලින්ම මම මිනිස්සුන්ව විශ්වාස කරලා අමාරුවේ වැටුන තැන හදා ගන්නවා.

අනාගතේ ගැන මොකද හිතන්නේ.
අනාගතයේ දවසක දක්ෂතා නිවැරදිව අගයන සම්මාන උළෙලක දී සම්මානයක් ගන්න ආසයි. මම හිතනවා “අනෝරා” ඒකට පාර කපයි කියලා.

මෙගා නාට්‍ය තහනම් කරනවට කැමතිද?
ඇත්තම කතාව කිව්වොත් නාට්‍ය මෙගාද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. කතාව මෙලෝ රහක් තියනවද නැද්ද කියන එක. මෙගාවලත් ලස්සන කතා තියන ඒවා අපි බලලා තියනවනේ. නිකමට හිතන්න ඉන්දියාවේ නිෂ්පාදනය කරපු ජෝදා අක්බර්, කොටස් 500 විතර තියනවා. සමහර විට ඊටත් වැඩි ඇති. ඒත් කොච්චර වියදම් කරලා තියනවද එක කොටසකට. නිර්මාණය උස්ස් නිමාවකින් තියනවා නම් මෙගාද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.

බයිසිකලෙන් ගමන් යන කොඳු ඇට හයිය නෙදර්ලන්ත අගමැති

වෛද්‍යවරුන් හඳුනා නොගත්තත් මෙය විශේෂයෙන් මෙරට දේශපාලකයින් සම්බන්ධයෙන් මෙරට ජනතාව පට බඳිනු ලැබූ අමුතු ආකාරයේ රෝගී තත්ත්වයකි.

රථවාහන පිරිවරා ගත් මැති ඇමතිවරුන්ගේ මහමග දසුන් අදට වඩා පසුගිය සමයේ මෙරට මහා මාර්ගවල සුලභ දසුනක් විය.

අහිංසක ජනතාවගේ ඡන්දයෙන් බලය ගෙන මහමග පයින් යන ජනතාවගේ ගමන ද නවතා ජනතාව මග දෙපසට කර අපේ රටේ දේශපාලනඥයින් ගිය ගමන්වල හදිසිය ජීවිතයත් මරණයත් අතර සටනක් නිරත රෝගියෙකු රැගත් ගිලන් රථයක වේගයටත් වඩා අධික විය. Continue reading “බයිසිකලෙන් ගමන් යන කොඳු ඇට හයිය නෙදර්ලන්ත අගමැති”

කුසල් හිතාමතාම ෆිට්නස් ටෙස්ට් එක ෆේල් උනා ද ?සත්‍යය හෙළි වෙයි

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත අවසන් T20 තරගය හේතුවෙන් මේ වන විට ශ‍්‍රි ලංකාවේ ක‍්‍රිකට් සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් හටගෙන තිබේ.

මේ වන විට එක්දින සංචාරයේ නිරතව සිටින ක‍්‍රිඩකයින් විශාල ප‍්‍රමාණයක් එම තරගය ප‍්‍රතික්ෂේප කිරීම නිසා ක‍්‍රිකට් ආයතනය පවසා සිටියේ විස්සයි විස්ස තරග සදහා ආදේශ කණ්ඩායමක් පිටත් කර හරින බව ය
. Continue reading “කුසල් හිතාමතාම ෆිට්නස් ටෙස්ට් එක ෆේල් උනා ද ?සත්‍යය හෙළි වෙයි”

පුෂ්පකුමාර කඩුලු 06යි – ලංකාව නැවත සටනට ප්‍රවිශ්ට වෙයි

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සිව් දින තරඟයේ දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සත්කාරක කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 370ක් ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තවත් කඩුලු හතරක් ද අතැතිව ඇත.

දෙවන දිනය සඳහා තරඟය ආරම්භ වන විට තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් ලකුණු 14/2 ලෙස සිටි අතර මාලින්ද පුෂ්පකුමාරගේ පන්දු හමුවේ ගරා වැටුන කොදෙව් ඉනිම ලකුණු 137 කට සීමා වුනේ මාලින්ද පුෂ්පකුමාරගේ දක්ෂ පන්දු යැවීම හමුවේය. Continue reading “පුෂ්පකුමාර කඩුලු 06යි – ලංකාව නැවත සටනට ප්‍රවිශ්ට වෙයි”

ලහෝර් ප්‍රහාරයේ බස් ඩ්‍රයිවර් සංගා කී කතාව් සවේදීව කියු අයුරැ මෙන්න

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන විට ක්‍රීඩකයන්ගේ ජීවිතය ආරක්ෂා කරගනිමින් බස්රිය ධාවන කළ මුහම්ම්ද් ඛලිල් පිළිබඳව නොදන්නා කිසිවෙකු නොමැති තරම්ය.

ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් පාකිස්තානයේ තරග සංචාරයකට යෑමට සූදානම් වන අවස්ථාවේදී මුහම්මඩ් පිළිබඳවද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ. Continue reading “ලහෝර් ප්‍රහාරයේ බස් ඩ්‍රයිවර් සංගා කී කතාව් සවේදීව කියු අයුරැ මෙන්න”