හේමාල්ට කැමැත්තක් තිබ්බේ නෑ කිව්වොත් බොරුවක් – එයාගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා.

 

ප්‍රියන්ත අයියාගෙත් ලිස්ට් එකේ මුලින්ම හිටියේ මම

නිරූපණ ශිල්පිනිය ‘දේදුනු ආකාසේ’ එක්ක රංගන ශිල්පිනියක් වෙලානේ?ඔව්. ‘දේදුනු ආකාසේ’ කියන්නේ මගේ ප්‍රථම චිත්‍රපටය. ප්‍රියන්ත කොළඹගේ වැනි දැවැන්තයෙක් යටතේ වැඩ කරන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. ලංකාවේ ගොඩක් අයට මේ වගේ අවස්ථා ලැබෙනවා අඩුයි. ඉතින් මටයි චුලක්ෂිටයි මේ ලැබිච්ච අවස්ථාව ගැන ඇත්තටම ගොඩක් සතුටු වෙනවා.

ටීනාට මේ අවස්ථාව ලැබුණේ තව බොහෝ දෙනෙක් පරද්දලා නේද?

ප්‍රියන්ත අයියා ඔඩිෂන් එක තිබ්බ වෙලාවේ ලිස්ට් එකේ මුලින්ම හිටියේ මම. අපිටත් ඉස්සෙල්ලා ක්ෂේත්‍රයට ආපු මොඩ්ල්ස්ලා, නිළියෝ ඒ ඔඩිෂන් එකට ආවා. මාව තේරෙයිද නැද්ද කියලා දෙගිඩියාවකින් මාත් හිටියේ. ගොඩක් දෙනෙක් අතරින් තමයි මාවයි චුලක්ෂිවයි මේ චිත්‍රපටයට තෝරගත්තේ. මගේ පළමුවැනි චිත්‍රපටයෙන් මට ලැබුණේ ලොකුම අවස්ථාවක්.

ටීනා කියන්නේ රංගනයට එන්න ලොකු කැමැත්තකින් හිටපු කෙනෙක් වගේ?

ඔව්. මම රංගනයට එන්න කැමැත්තෙන් හිටියා. මට ඩ්‍රාමාවලටත් ආරාධනා ලැබුණා. හැබැයි මම ඒවට සම්බන්ධ වුණේ නැහැ. මම ෆිල්ම්වලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් හිටියේ. මොකද චිත්‍රපටවල හැමදාම පේන්නේ නෑ. ඉඳලා හිටලා තමයි තමන් ආදරය කරන චරිත පේන්න ඉන්නේ. චිත්‍රපටවලට සම්බන්ධ වෙන එක මගේ චරිතයටත් හොඳයි කියලා හිතුවා.

පළමුවැනි චිත්‍රපටයෙදිම ටීනාට හේමාල් එක්ක රඟපාන්න ලැබෙනවා. ඒකත් ටීනාගේ හිතේ තිබ්බ හීනයක්ද?

හරියට බැලුවොත් හැම පැත්තෙන්ම දක්ෂ ලෙස රඟපාන්න පුළුවන් නළුවෙක්ට දැන් ඉන්නේ හේමාල්නේ. එයා එක්ක රඟපාන්න කැමැත්තක් තිබ්බේ නෑ කිව්වොත් බොරුවක්. පළමුවැනි චිත්‍රපටයෙම එයත් එක්ක රඟපාන්න ලැබීම වාසනාවක්. එයාගෙන් ලොකු සහයෝගයක් අපිට ලැබුණා.

චිත්‍රපටයෙදි ටීනාගේ රංගන හැකියාවටත් වඩා නර්තන හැකියාව කැපිලා පේනවනේ. ටීනා නර්තනයට හපනියක් වගේ?

මට උපතින්ම නර්තන හැකියාව තිබ්බා. මම පාසලේදිත් නර්තනය කළා. නර්තනය මට දෙයියෝ දුන්නු හැකියාවක්. ඒ හැකියාව මට වාසනාවක්. ඒ වගේ හැකියා හැමෝටම හම්බවෙන්නේ නැහැ. ඒ නිසා මම ඒ හැකියාවෙන් කැපිලා පේනවා. මට දෙයක් ඉගැන්නුවොත් මට ඒක ඉක්මනින් අල්ල ගන්නත් පුළුවන්.

චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනියන් දෙන්නෙක් ඉන්නවා. චිත්‍රපටයෙහි කැපිලා පේන්න චුලක්ෂියි ටීනයි අතර තරගයක් තිබ්බද?

මමයි චුලක්ෂියි හොඳ යාළුවෝ. අපි දෙන්නට තිබ්බ චරිත දෙක දෙවිදියක්. චුලක්ෂි එයාගේ චරිතයෙදි සාර්ථක වුණා. අනෙක් නිළියන් එක්ක බලද්දි එයා හොඳ තැනක ඉන්නවා. අපේ ලංකාවේ සම්මාන ගත්ත අලුත් රංගන ශිල්පිනියන්ටත් වඩා චුලක්ෂි දක්ෂයි. චුලක්ෂිට මට තරම් නර්තනය බැහැ. මම නර්තනයෙදි එයාට වඩා ඉදිරියෙන් ඉන්නවා. හැබැයි අපි අතර තරගයක් තිබ්බේ නැහැ.

ඔබ එක් දර්ශනයකදි හේමාල් සමඟ තොල් සිප ගැනීමක් කරනවා. සමහරු එවැනි දර්ශන ප්‍රතික්ෂේප කරද්දි ඔබට එය ප්‍රතික්ෂේප කරන්න කාරණයක් තිබෙන්න නැතිව ඇති?

ඒ දුන්න ලිප් කිස් එක ගොඩක් ලොකු ලිප් කිස් එකක් නෙමෙයි. බොලිවුඩ්, හොලිවුඩ් චිත්‍රපටවල ඒ වගේ දර්ශන ඕන තරම් තියෙනවා. ලංකාවේ කමර්ෂල් චිත්‍රපටවලත් එවැනි දර්ශන තියෙන්න ඕන. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම ඒ දර්ශනය ප්‍රතික්ෂේප කළේ නෑ. ඩිරෙක්ටර්ට අවශ්‍ය දේ මම කළා.

ටීනාගේ රංගන හැකියාව දකින්නත් කලින් රංගනයට තවත් අවස්ථා ලැබුණලු නේද?

ඔව්. මට තව ෆිල්ම් දෙක තුනකට කතා කළා. දැනට ෆිල්ම් දෙකක් භාරගෙන තියෙනවා.

ඒ කියන්නේ රංගනයෙන් දුරක් යන්නද ලෑස්ති වෙන්නේ?

චිත්‍රපට කර්මාන්තය හොඳයි. මම හිතනවා මට ගොඩක් දුර යන්න පුළුවන් වෙයි කියලා. මගේ පෙනුමේ අඩුවකුත් නැහැ. මට වෙනස් ෆීචර්ස් තියෙනවා. මට හොඳට ඩාන්ස් කරන්නත් පුළුවන්. මට ඕන චැලේන්ජ් එකක් භාරගෙන කරන්න පුළුවන්.

රංගන ක්ෂේත්‍රයේ පවතින්න පෙනුමයි නැටිල්ලයි තිබ්බම ඇතිද?

ලස්සන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මිනිස්සු අතරට ගෙනියන්න ලස්සන කෙනෙක් තෝරගන්නේ. ඉන්දියාවේ නම් ඇඟේ හැඬ, ලස්සන මේ හැම දේම තියෙන රංගන ශිල්පිනියන් ඉන්නවා. හැබැයි ලංකාවේ එහෙම අය දකින්නේ නෑ. මමයි චුලක්ෂියි මොඩ්ල්ස්ලා වෙලා ඉඳලා තමයි රංගනයට ආවේ. ඒ නිසා අපේ හදන්න දෙයක් නැහැ.

ඒ කියන්නේ ටීනායි චුලක්ෂියි ආවේ හරි පාරේ කියන එකද?

ඔව්. මමයි චුලක්ෂියි හරි විදියට මේ ක්ෂේත්‍රයට ආවේ. අපිට වරැද්දක් කියන්න බෑ. ඇඳුම් අඳින්න ඕනේ කොහොමද, මූණේ මොන පැත්තද කැමරාවට ලස්සන, ශරීරයේ හැඩය පවත්වාගන්නේ කොහොමද කියලා අපි දන්නවා. අපි මීට කලින් රඟපාලා නැති වුණත් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂවරයා අලුත් දෙන්නෙක් චිත්‍රපටයට දාන්න අභියෝගයක් ගත්තා. ගොඩක් ඩිරෙක්ටර්ස්ලා මොඩ්ල්ස්ලට තැන දෙනවා අඩුයි. චිත්‍රපට බලන අයත් නිතර දකින නිළියන් දකින්න කැමැති නැහැ. ඉතින් අලුත් වුණත් අපි චිත්‍රපටයට අපේ දායකත්වය දුන්නා.

ටීනා වාණිජ චිත්‍රපටවල විතරද රඟපාන්නේ?

මම වාණිජ චිත්‍රපටවල රඟපාන්න කැමැතියි. කොමඩි චිත්‍රපටවලට නම් මම ඒ තරම් ආස නැහැ. මම ලේසියෙන් දෙයක් භාරගන්නේ නෑ. රඟපාන නළුවා කවුද, ඩිරෙක්ටර් කවුද කියන හැම දේම බලලා තමයි මම දෙයක් භාරගන්නේ.

කලාත්මක නිර්මාණයකට ඔබේ නිරුවත අවශ්‍ය වුණොත් ඔබ ඒ කැප කිරීම කරනවද?

මම නිරුවත් වෙන්නේ නැහැ. සාමාන්‍ය දුරට දේවල් කරන්න පුළුවන්. නිරුවත් දර්ශන ලංකාවේ කරන්න බෑ. කරන්න පුළුවන් තරමේ දේවල් වුණත් රඟපාන නළුවා, නිර්මාණය, චරිතය මේ හැම දේම හිතලා කරන්නේ.

ටීනාට දැන් විශේෂ කෙනකුත් ඉන්නවනේ. ඒ කෙනා ටීනාගේ රංගනයට තහංචි දාන්නේ නැද්ද?

එයා යාළුවෙන්නත් කලින් ඉඳන් මම ක්ෂේත්‍රයේ ඉන්නේ. එයා මට සීමා මායිම් දාන්නේ නෑ. හැබැයි වැඩක් භාරගනිද්දි මම එයාට කියනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Continue reading “හේමාල්ට කැමැත්තක් තිබ්බේ නෑ කිව්වොත් බොරුවක් – එයාගෙන් ලොකු සහයෝගයක් මට ලැබුණා.”

කමල් ගුණරත්නගේ ‘මිනීමරු’ කතාවෙන් ඒකාබද්ධයත් අවුලක.

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘වියත් මග‘ නමැති සංවිධානයේ ප්‍රධානියකු වන විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් කල බරපතල ප්‍රකාශය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ ද විරෝධය එල්ල වී ඇත.

නව ව්‍යවස්ථාව විසින් රට බෙදන බවත් ඊට සහාය දක්වන්නන් දේශද්‍රෝහීන් බවත් ඒ දේශද්‍රෝහීන්ට මරණය ලබා දිය යුතු බවටත් කමල් ගුණරත්න මහතා කළ ප්‍රකාශයට ඒකාබද්ධය නියෝජනය කරන සමාජවාදී ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්‌කාර මහතා ප්‍රසිද්ධියේම විරෝධය පළකර ඇතයි පැවසේ. Continue reading “කමල් ගුණරත්නගේ ‘මිනීමරු’ කතාවෙන් ඒකාබද්ධයත් අවුලක.”

නව නාවික හමුදාපති ධූරය රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පත් කර ඇතැයි වාර්ථා වේ.

ඒ නාවික හමුදාපති ට්‍රිවස් සින්නයියා මහතා ගේ විශ්‍රාම යාමත් සමගිනි.ට්‍රිවස් සින්නයියා මහතා ගේ පත්වීම මෙන්ම විශ්‍රාම යෑමද රට තුල මහත් කතා බහට ලක් විය. Continue reading “නව නාවික හමුදාපති ධූරය රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහට”

ලංකා ක්‍රිකට් පිල අන්ත පරාජයට ලක්වෙද්දි සාජා හිදි කාන්තා දඩයමක යෙදුණු ක්‍රිකට් ලොක්කා කවුද?

පාකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය අතරතුර ශ්‍රි  ලංකා ක්‍රිකට් ආයතන නිලධාරියෙක් තමන්ට අයුතු යෝජනාවක් කළ බවට එම තරගාවලියේ සංවිධාන කටයුතු සිදුකරන ආයතනයක නිලධාරිනියක් චෝදනා කරනවා.ඇය තම ට්විටර් ගිණුම ඔස්සේ මේ බව අනාවරණ කර තිබෙන්නේ අදාළ නිලධාරියා විසින් තමන් වෙත එවූ බව පැවසෙන දුරකථන සංවාද පණිවිඩද ඉදිරිපත් කරමිනුයි. Continue reading “ලංකා ක්‍රිකට් පිල අන්ත පරාජයට ලක්වෙද්දි සාජා හිදි කාන්තා දඩයමක යෙදුණු ක්‍රිකට් ලොක්කා කවුද?”

මෙවර අයවැයේදී මංගල කරන්න යන ‘වැඩේ’ මෙන්න.

මෙවර අයවැය තුලින් විදිමත් ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බවත්, එහිදී සමස්ත ශ්‍රී ලාංකීයින් සඳහා වූ සමාජ ආරක්ෂණ වළල්ලක් (social safety net) ක්‍රියාවට නැංවීමට මුලික අවධානය යොමුව ඇති බවත් මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ ඉහල නිලධාරියකු පැවසිය.

ඉදිරි අයවැය සම්බන්ධයෙන් කල විමසීමකදී එම නිලධාරියා එබව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ව්‍යවසායකයින්ගේ පාරාදීසයක් කිරීමට අදාළ දිරිගැන්වීම රජය මෙවර අයවැයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව පැවසු එම නිලධාරියා, එහිදී රජය ව්‍යවසායකයින් වෙනුවෙන් ඉඩම්, මුල්‍ය අනුග්‍රහය, දැනුමලබාදෙමින් ව්‍යවසායකයින් අඛණ්ඩව රැකබලා ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද කියා සිටියේය.

පරිසර හිතකාමී ව්‍යපෘති :

පෞද්ගලික අංශය විසින් විදුලිය, ජල සංරක්ෂණය, කෘෂිකාර්මික ආදී ක්ෂේත්‍රයන් හි සිදුකරන පරිසර හිතකාමී ආයෝජන සඳහා ද මෙවර අයවැයෙන් විශාල දිරිගැන්වීමක් යෝජනා කිරීමට රජය බලාපොරොත්තු වේ.

ආයෝජන දිරිගැන්වීම සඳහා විනිවිද භාවය තහවුරු කිරීමට අදාළ යෝජනා කිහිපයක් ද මෙවර අයවැයේදී ඉදිරිපත් කිරීමට නියමිත අතර, නව බදු පනත එහි පළමු පියවර වේ.

නාස්තිය හා දුෂණය පාලනයට නව තාක්ෂණය :

නාස්තිය හා දුෂණය පාලනය කිරීම සඳහා නව තාක්ෂනය යොදා ගැනීමට බලාපොරොත්තුවන රජය ඒ සඳහා වූ ආයෝජනයන් දිරිගැන්වීමට ද බලාපොරොත්තු වේ.

ඒ අනුව ශ්‍රී ලංකා රේගුව, දේශීය අදායම් දෙපාර්තමේන්තුවේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ වංචා හා දුෂණ අවම කරලීම රජයේ අපේක්ෂාව වේ.

එසේම මෙවර අයවැයේදී කාන්තාවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටද මුදල් අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුව ඇති බව අප වෙත තොරතුරු ලබාදුන් නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

මාලක සිල්වා ඇප කොන්දේසි කඩ කර ඇද්දැයි සොයන්න නියෝග

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුතු වන මාලක සිල්වා අධිකරණ කොන්දේසි කඩ කර ඇද්දැයි යන්න සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ පිටිය මහතා ඊයේ (24) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියෝග කළේය.

බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනකුට පහර දී තුවාල සිදු කිරිමේ චෝදනාවක් සම්බන්ධ නඩුව ඊයේ (24) යළි කැඳවීමෙන් අනතුරුව ‍මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකාර මාලක සිල්වා මහතාට අධිකරණය මඟින් ඇප ලබා දීමේ දී ඔහුට සමාජ ශාලාවලට යෑම අධිකරණය මගින් වළකාලමින් ඇප කොන්දේසියක් නියම කර තිබු අතර එම ඇප කොන්දේසිය කඩ කර මාලක සිල්වා මහතා සමාජ ශාලා වෙත ගිය බවට අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ ශවේන්ද්‍ර රුදිගු මහතා අධිකරණයට දැක්වු කරුණු සලකා මහෙස්ත්‍රාත්වරයා මෙම නි‍යෝගය කළේය.

මෙහිදි මාලක සිල්වා මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ ජයන්ත විරසිංහ මහතා අගතියට පත් පාර්ශවය අධිකරණයට සැලකර තිබු කරුණු ප්‍රති‍ක්ෂේප කරනු ලැබිණ.

අදාල කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා මාලක සිල්වා මහතා අධිකරණ කොන්දේසි කඩකර ඇද්දැයි සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත නියම කළේය.

ඩිල්ෂාන් ඉල්ලනවා බබාව නාවන්න, ඇඟ සෝදන්න එහෙම. ඒත් මම දෙන්නේ නෑ – Manjula Thilini

තිලකරත්න ඩිල්ෂාන් කියන්නේ අපේ රටේ ක්‍රිකට් පිටියේ සුපිරි දස්කම් පෑ සුපිරි ක්‍රීඩකයෙක්.

 පසුගිය දවසක උපන්දිනයට ලැබුණු අපූරු තෑග්ගක් ගැන ඩිල්ෂාන් කියලා තිබුණා.

ඒ ඩිල්ෂාන්ගේ කැඳැල්ලට ආපු අමුත්තා ගැන.

කොහොම වුණත් කවුරුත් ආදරය කරන ඩිල්ෂාන්ගේ ආදරණීය බිරිඳ මංජුලා ඔවුන්ගේ අලුත්ම විස්තර ගැන මාධ්‍යයට මේ විදිහට කියලා තිබුණා.

දැන් දරුවෝ හතරදෙනෙක්ගේ අම්මා කෙනෙක්. කොහොමද දැනෙන හැඟිම….?

Continue reading “ඩිල්ෂාන් ඉල්ලනවා බබාව නාවන්න, ඇඟ සෝදන්න එහෙම. ඒත් මම දෙන්නේ නෑ – Manjula Thilini”

වාරියපොලින් අතුරුදන්ව කොළඹ කොටුවෙන් හමු වූ පිරිමි දරුවා පොලිසියට ඇවිත් කියපු කතාව

මීට දින 7 කට පෙර අතුරුදන් වූ වාරියපොල – පාදෙණිය ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි පිරිමි දරුවා කොළඹ – කොටුව ගුණසිංහපුර බස්නැවතුම් පොළේ සිටියදී පසුගියදා (21) හමුවී තිබුණා.

ඒ, වේල්ලවීථිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකු හටයි. 

පසුගිය සෙනසුරාදා සිට මෙලෙස අතුරුදන්ව තිබුණේ අතුල සේනාරත්න නම් පාදෙණිය ශ්‍රී සුනන්ද මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙක්.  Continue reading “වාරියපොලින් අතුරුදන්ව කොළඹ කොටුවෙන් හමු වූ පිරිමි දරුවා පොලිසියට ඇවිත් කියපු කතාව”

රනිල් සමඟ 20ක් බැඳුම්කර කොමිසමට කැඳවයි

මහ බැංකු බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය මේ වන විට අවසන් කර තිබුණද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු විසි දෙනකුගෙන් තහවුරු කරගත යුතු කරුණු කොමිසම හමුවේ අනාවරණය වී ඇති බැවින් ඔවුන්ද කැඳවා අවශ්‍ය කරුණු තහවුරු කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කරයි. Continue reading “රනිල් සමඟ 20ක් බැඳුම්කර කොමිසමට කැඳවයි”

මහින්දගෙන් නිත්‍ය මඩ කොම්පැනිය ජවිපෙට මාට්ටු

විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන ප‍්‍රචාරක කටයුතු කරන පිරිස විසින් විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කරගෙන මඩ අවලාද නැඟීමේ නිත්‍ය ඒකකයක් පිහිටුවා ඇති බව ජවිප හිතවාදී වෙබ්අඩවියක් වන Lankatruth පවසයි.

Continue reading “මහින්දගෙන් නිත්‍ය මඩ කොම්පැනිය ජවිපෙට මාට්ටු”