හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ මිලියන 64ක අල්ලස් නඩුවේ සාක්ෂි කැඳවයි

2015 අප්‍රේල් සහ ජූනි මාස අතර කාලය තුළ මොරටුව උයන පාරේ අංක 66/12 පදිංචි ජෙහාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයකුට මීතොටමුල්ල පාරේ අංක 251/9 දරන ස්ථානයේ පිහිටි අක්කර දෙකක ඉඩමක් බහාලුම් පර්යන්තයක් සහ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා කුලී පදනම මත බස්නාහිර පළාත් සභාවට ලබාදීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කර ගොඩකිරීම සඳහා මිලියන හැට හතරක මුදලක් ඉල්ලා මිලියන පහළොවක මුදලක් ලබාගත් බවට හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් ස්ටෙලා රණතුංග යන අයට එරෙහිව පවතින චෝදනාවට අදාලව විත්තිකරුවන් පසුගියදා(17) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ පෙනී සිටියහ.

බස්නාහිර පළාත් හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මුදල් ඉල්ලා තර්ජනාත්මකව බැන වැදුනු බවත් එය තම ටැබ් පරිඝණකයේ පටිගතකර සී.ඩී. පටවල පිටපත් පොලීසියට ලබා දුන් බවත් ව්‍යාපාරික ජෙහාඩ් මෙන්ඩිස් මහතා සාක්ෂි ලබා දෙමින් මහාධිකරණය හමුවේ පැවසීය.

අදාල සී.ඩී.පට අධිකරණ නියෝගමත කොළඹ විෂ්ව විද්‍යාලයේ පරිඝණක අංශයේ සහතිකයද සහිතව අධිකරණය හමුවේ ඊයේ ප්‍රතිවාදනය කළේය.

එසේම විත්තිකාර ඇමතිවරයා ඉල්ලා සිටි මුදල දින දමා චෙක් පත් මගින් ලබාදුන් බවත් මුදලට අදාලව පොරොන්දු නෝට්ටු පහක් ලබාදුන් බවද සාක්ෂි ලබාදෙමින් මෙන්ඩිස් මහතා පවසා ඇත.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා පෙනී සිටියේය.

සෙසු සී.ඩී.පට ප්‍රතිවාදනය කර සාක්ෂි විමසීම ජූනි 11 දිනට කල් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *