සෝමාලියාවේ බෝම්බ පිපිරීමෙන් මියගිය ගණන 230 දක්වා ඉහළ යයි

සෝමාලියාවේ සිදු වූ දැවැන්ත බෝම්බ පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 230 දක්වා ඉහළ ගොස් තිබේ.

පිපිරීමෙන් පුද්ගලයන් 100 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මොගඩිෂූ අගනුවර හෝටලයක් ඉදිරිපිට සිදු වූ මෙම බෝම්බ පිපිරීමේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නොමැත.

2007 වසරෙන් අනතුරු ව සෝමාලියාවේ සිදු වූ දරුණුතම බෝම්බ ප්‍රහාරය මෙය ලෙස සැලකෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *