රෝගයක්‌ නොමැති බව වාර්තා වුවත් ඔබ තවමත් කොන්දේ වේදනාවෙන්ද?

මෙවැනි රෝගීන්ට බන්ධනී ශක්‌තිමත් කිරීමේ ප්‍රතිකාර සිදුකිරීමෙන් මෙම රෝගය අතුරු ආබාධයකින් තොරව සිංහල වෛද්‍ය ක්‍රමය තුළින් නිට්‌ඨාවට සුවකර ගත හැකි වන්නේය

කෙනෙක්‌ කාලයක්‌ තිස්‌සේ කොන්දේ වේදනාවක්‌ පිළිබඳ නිතර නිතර පැමිණිලි කරන විට සාමාන්‍ය සිරිත වන්නේ වේදනා නාශක ගැනීමය. ඉන් ඔබ්බට මෙම වේදනාව පිළිබඳ තවදුරටත් පවසන විට බොහෝ වෛද්‍යවරු ඞ කිරණ වාර්තාවක්‌ ලබා ගැනීමට උපදෙස්‌ ලබාදෙනු ඇත. නමුත් ඞ කිරණ වාර්තාවකින් ගත හැකි දත්ත ප්‍රමාණය ඉතාම අල්පය. එහිදී විශේෂයෙන්ම කශේරුකාහි සිදුවන වෙනස්‌ වීම පමණක්‌ සටහන් වන අතර අන්තර් කශේරුකා මඩලෙහි සිදුවන වෙනස්‌වීම් නිර්ණයකර ගත හැකි වන්නේ අනුමානයෙනි.

එහෙයින් කොන්දේ වේදනාවක්‌ සඳහා ඞ කිරණ වාර්තාවක්‌ ලබා ගැනීම රෝගය නිර්ණයකිරීමට අවම, දත්ත ප්‍රමාණයක්‌ සපයන ඉතාමත් සරල මට්‌ටමේ උපකාරයක්‌ වනු ඇත.

මේ නිසා මෙයින් රෝග නිර්ණයක්‌ ගැනීමට නොහැකි වෛද්‍යවරුන් ඊළඟට පෙළඹෙනුයේ ඵRෂ පරීක්‍ෂණයක්‌ සිදුකිරීම සඳහායි. මෙය ලෝකයේ දියුණුම රෝගයන් පිළිබඳ දත්ත සපයන ක්‍රමයක්‌ ලෙස අද සමාජගත වී ඇත. එහෙත් අවාසනාවකට මෙම ඵRෂ දත්ත සටහන් මගින් කිසිදු රෝග තත්ත්වයක්‌ නොමැති යෑයි නිගමනය කර ඇති නමුදු කොන්දේ වේදනාව නිසා ඇවිද ගැනීමට හෝ නොහැකි රෝගීන් දුලබ නැත.

බොහෝ විට මෙවැනි රෝගීන්ට වෛද්‍යවරයා විසින් දෙනු ලබන නිගමනය වන්නේ කිසිදු රෝගයක්‌ නොමැති බවයි. නමුදු මෙම රෝගීන් මෙම කොන්දේ වේදනාව නිසා අනේක දුක්‌ විඳින්නෝය. වරින් වර වෛද්‍යවරයාට මෙම රෝගය පිළිබඳ දන්වා සිටින විට ප්‍රතිඵලය වන්නේ වේදනා නාශකවලට අමතරව ඔවුන්ට මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ ලබාදීමයි.

වේදනා නාශකවලින් සිදුවන අතුරු විපාකවලට අමතරව මෙම රෝගීන්ට මානසික ප්‍රතිකාර සඳහා භාවිත කරන අතුරු ආබාධ බහුල, ඖෂධවලින් සිදුවන අතුරු විපාකවලටද ගොදුරු වීමට සිදුවනු ඇත.

එනම් දියුණු යෑයි පවසන, ඉතාමත් මිල අධික යන්ත්‍ර සූත්‍ර මගින් රෝග නිර්ණය හරිහැටි කරගත නොහැකි යන්ත්‍ර සූත්‍ර මතම තමාගේ රෝග නිර්ණය සිදුකරන වෛද්‍යවරු නිසාවෙන් රෝගීන් එක්‌ රෝගයකින් පීඩා විඳීමට අමතරව තවත් තමාට නොමැති රෝගයකට ප්‍රතිකාර ගැනීමට සිදුවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්‌ වන්නේය. සිංහල වෛද්‍ය ක්‍රමයේදී මෙම තත්ත්වය හඳුන්වන්නේ චල කශේරුකා රෝගය ලෙසය. මෙහිදී සිදුවන්නේ යම් හෙයකින් කශේරුකා හා අන්තර් කශේරුකා මඩල නිශ්චිත ලෙස පවත්වා ගැනීම සඳහා දායක වන බන්ධනී, දුර්වල වීමයි. මෙහි ප්‍රතිඵලයක්‌ වශයෙන් කශේරුකා දෙකක්‌ අතර ඇති අන්තර් කශේරුකා ම`ඩල කශේරුකා මත ශරීරයේ බර යෙදෙන අවස්‌ථාවන්හිදී (එනම් හිටගෙන සිටීම හා වාඩි වී සිටීම) අන්තර් කශේරුකා ම`ඩල තල්ලු වී ගොස්‌ සුෂුම්නාවෙන් පැන නඟින ස්‌නායු තෙරපීම හෝ සුෂුම්නාවම තෙරපීම මෙහිදී සිදුවේ.

මෙහි විශේෂය වන්නේ රෝගියා හිටගෙන සිටින විට හෝ වාඩිවී සිටින විට මෙම වේදනාව සුළු වශයෙන් ඇතිවී මඳ වේලාවක්‌ යන විට එය දැඩි වේදනාවකට පරිවර්තනය වීමයි.

ඇතැම් විට එසේ එක්‌ ඉරියව්වක බොහෝ වේලා සිටි විට ඇවිදගැනීමට පවා නොහැකි මට්‌ටමට මෙම වේදනාව උග්‍රවිය හැක. හාන්සි වී සිටින අවස්‌ථාවේදී මෙවැනි රෝගීන්ට වේදනාවක්‌ නොදැනී යන්නේ අන්තර් කශේරුකා ම`ඩල මත බර යෙදීමක්‌ නොමැති නිසා අන්තර් කශේරුකා ම`ඩල තල්ලුවීමක්‌ එවිට සිදු නොවීම නිසාය. එයට හේතුව හාන්සි වී සිටින ඉරියව්වේ ස්‌නායු තෙරපීමක්‌ සිදු නොවීමය.

නමුදු මෙවැනි රෝගීන්ගේ ඵRෂ පරීක්‍ෂණය සිදුකරනු ලබන්නේ රෝගියා හාන්සි කරවාය. එනිසා මෙවැනි රෝගීන්ගේ හාන්සි වූ ඉරියව්වේදී ස්‌නායු තෙරපීමක්‌ නොවන නිසා ඵRෂ වාර්තාවල කිසිදු රෝග තත්ත්වයක්‌ දක්‌නට නොලැබෙන්නේය.

මෙම වාර්තා මතම රෝග නිගමනයන්ට එළැඹෙන වෛද්‍යවරුන්ට මෙම රෝග තත්ත්වය මඟහැරී යන්නේ මේ හේතුව නිසාවෙනි.

එනමුදු සිංහල වෛද්‍ය ක්‍රමයේදී පළපුරුදු සිංහල වෛද්‍යවරයාට මෙම චල කශේරුකා තත්ත්වය රෝගියාගේ කොඳුඇට පෙළ ස්‌පර්ශ කිරීමෙන් ක්‍ෂණිකව පහසුවෙන් හඳුනාගත හැකි රෝගී තත්ත්වයකි.

මෙවැනි රෝගීන්ට බන්ධනී ශක්‌තිමත් කිරීමේ ප්‍රතිකාර සිදුකිරීමෙන් මෙම රෝගය අතුරු ආබාධයකින් තොරව සිංහල වෛද්‍ය ක්‍රමය තුළින් නිට්‌ඨාවට සුවකර ගත හැකි වන්නේය.

ඔබත් කලක සිට මෙවැනි වේදනාවකින් පීඩා විඳින්නේ රෝගී තත්ත්වයක්‌ නොමැති බවට වාර්තා වූ පසුබිමක නම් ඔබේ වේදනාව පිළිබඳ තවදුරටත් නොමිලේ විස්‌තර දැන ගැනීමට 0711142000 දුරකථනයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *