රුසියානු ජනාධිපති පුටින්ට සුරූපිනියකගෙන් අභියෝගයක්

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අභියෝගයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.

ඒ එළැඹෙන ජනාධිපතිවරණයට තරග කිරීමට විපක්ෂයෙන් සුරූපිනියක් ඉදිරිපත්වීම හේතුවෙනි.

35 හැවිරිදි සේනියා සොබ්චැක් නමැති ඇයට 2018 වසරේ පැවැත්වෙන ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් කළ අයැදුම්පතට ක්‍රෙම්ලීනයේ පූර්ව අනුමැතිය හිමි ව තිබේ.

රුසියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායමවන ප්‍රගතිශීලී පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිත සේනියා සොබ්චැක් මාධ්‍යවේදිනියකි.

ඇය රූපවාහිනී නිවේදිකාවක් ද මෙන් ම නිළියක් ද වේ. සෝනියා මේ වනවිට දින 20ක සිරදඬුවමක් ද ලබන බව වාර්තා වේ.

ඒ රුසියානු ජනාධිපති පුටින්ගේ අකටයුතුකම් විවේචනය කරමින් විපක්ෂයේ ක්‍රියාකාරීන් සමග එක්ව සංවිධානය කළ විරෝධතාවන්වලට චෝදනා ලබමින් ය.

සේනියා සොබ්චැක් පිටර්බර්ග් නුවර පුරපති ලෙස කටයුතු කළ අභාවප්‍රාප්ත අනටෝලි සොබ්චැක්ගේ දියණියයි.

අනටෝලි සොබ්චැක් 1990 දශකයේ රුසියානු කේ.ජී.බී රහස් ඔත්තු සේවයේ දක්ෂ නිලධාරියෙකුට සිය පරිපාලනයේ රැකියාවක් ලබා දී තිබේ.

ඒ ව්ලැදිමීර් පුටින් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ව්ලැදිමීර් පුටින් ගුරුහරුකම් ලබා දී තිබෙන්නේ අනටෝලි සොබ්චැක් විසින් ය.

සේනියා සොබ්චැක් මේ වනවිට රුසියාවේ ජනප්‍රිය චරිතයක් වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *