මාලිංග ක්‍රිකට් දිවියට සමුදෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද නිවේදනය කළා. ඒ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් අනතුරුවයි.

කෙසේවෙතත් ලසිත් මාලිංග පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දියව සමඟ පැවැති 20යි 20 ජාත්‍යන්තර තරඟයෙන් පසු මේ දක්වාත් කිසිදු ජාත්‍යන්තර තරඟයකට ක්‍රීඩා කර නැහැ.

එළඹෙන බංග්ලාදේශ තරඟාවලිය සදහාද ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමට නම් කර නොමැති බවයි වාර්තා වන්නේ.34 හැවිරිදි ලසිත් මාලිංග මේ දක්වා එක්දින ජාත්යින්තර තරඟ 204කට ක්‍රීඩා කර ඇති අතර එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 301 ක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *