පුෂ්පකුමාර කඩුලු 06යි – ලංකාව නැවත සටනට ප්‍රවිශ්ට වෙයි

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සිව් දින තරඟයේ දෙවන දිනය නිමා වන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සත්කාරක කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 370ක් ඉදිරියෙන් සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තවත් කඩුලු හතරක් ද අතැතිව ඇත.

දෙවන දිනය සඳහා තරඟය ආරම්භ වන විට තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් ලකුණු 14/2 ලෙස සිටි අතර මාලින්ද පුෂ්පකුමාරගේ පන්දු හමුවේ ගරා වැටුන කොදෙව් ඉනිම ලකුණු 137 කට සීමා වුනේ මාලින්ද පුෂ්පකුමාරගේ දක්ෂ පන්දු යැවීම හමුවේය.

මාලින්ද කොදෙව් කඩුලු 6ක් දවා ගත් අතර ෂෙහාන් ජයසුරිය කඩුලු දෙකක් සහ ඉතිරි කඩුලු දෙක අසිත ප්‍රනාන්දු සහ කසුන් රාජිත දවා ගැනීමට සමත් විය.එකඳු අර්ධ ශතකයක්වත් වාර්තා නොවූ කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් රකීම් කොරන්වෙල් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 157 ක වාසියක් සමඟ දෙවන ඉනිම ආරම්භ කල ශ්‍රී ලංකා A කණ්ඩායමේ මුල් කඩුලු 4ක් ලකුණු 38ක් වන විට දැවී ගියද දේශීය ක්‍රිකට් පිටියේ සිටින වඩාත් ස්ථාවරම මැදපෙළ පිතිකරුවා වන රොෂේන් සිල්වා සහ ෂෙහාන් ජයසුරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය ඉහල නංවමින් සිටියදී ෂෙහාන් ලකුණු 32 කට දුවද්දී දැවී යාමකට ලක් විය.පළමු ඉනිමේ ශාකයක් ලබා ගත් දසුන් ශානක දෙවන ඉනිමේද ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වූ අතර දෙවන දිනයට තරඟය නතර කරන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි රොෂේන් සිල්වා ලකුණු 85ක් සහ වනිඳු හසරංග ලකුණු 6ක් ලබා ගෙන සිටී.

අද තරඟයේ තෙවන දිනය වන අතර පළමු තරඟය ඉනිමකින් පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවන තරඟය ජය ගනිමින් තරඟාවලියට නැවත ප්‍රවිෂ්ට වීමට හොද අවස්ථාවක් මේ වන විට තරඟයේ උදා වී ඇත.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 294 (73.3) – දසුන් ශානක 102*,ධනංජය ද සිල්වා – 73, චරිත් අසලංක – 41, රොෂේන් සිල්වා – 30, කියොන් ජෝසප් – 3/32, ඩේමියන් ජෙකබ්ස් – 2/74, රකීම් කෝන්වෝල් – 2/85

කොදෙව් ‘ඒ’ පළමු ඉනිම – (සියල්ලන් දැවී) – 137 – රකීම් කෝන්වෝල් – 46, සුනිල් අම්බ්‍රිස් -29, ශෙල්ඩන් කොට්‍රේල් 18, මාලින්ද පුෂ්පකුමාර – 6/52, ෂෙහාන් ජයසුරිය – 2/8

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිම – 213/6 – රොෂේන් සිල්වා – 85*, දසුන් ශානක – 60, ෂෙහාන් ජයසුරිය – 32, රකීම් කෝන්වෝල් – 3/70

Leave a Reply

Your email address will not be published. Required fields are marked *