තාරුණ්‍යයට නව මාවතක් – යොවුන් පුරය මෙවර කුරණෑගලදී – පුරපති ලෙස නිල් බලකායේ රුවන් සුදේශ්

ජාතිත තරුණ සේවාව සභාව මගින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාවට නැන්වෙන ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් ට නායකත්ව පුහුණුව, කණ්ඩායම් ක්‍රියාකාරකම්, නිපුනත්වය, විශ්වසනීයත්ව ය ලබා දෙන විශාලතම කඳවුරු අද්දැකීම වූ යොවුන් පුරය මෙවරද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ජාතිත තරුණ සේවා සභාව පවසයි.

මෙවර නැවුම් අත්දැකීම් කිහිපයක් ද මේ සදහා එක්කිරීමට අද (03) ජාතිත තරුණ සේවා සභා පරික්ෂයේදී පැවති තරුණ නායක හමුවේදී යෝජනා වූ බවද පැවසේ . මෙවර යොවුන් පුරයේ පුරපති ලෙස රුවන් සුදේශ් නැමති තරුණ නායකයා ජාතිත තරුණ සේවා සභාවේ සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ විසින් නිර්දේශකොට ඇත. නමුත් සම්ප්‍රධාය වනුයේ යොවුන් පුර නගර සභිකයන්ගේ ජන්දයෙන් මෙම පුරපති පත්කල යුතුව තිබීමයි.

මොහු පසුගිය රජය සමයේ මහිංද රාජපක්ෂ මහකා ජයග්‍රහනය කිරීමට මෙන්ම පැවති පලාත්පාලන මැතිවරනයේදී ජාතික පොදුජන පෙරමුණෙහි ජයග්‍රහනය උදෙසා නිල් බලකාය නැමති සංවිධානයේ තාරුණ්‍යයේ බලය පෙන්වු පුද්ගලයෙකු වශයෙන් හැදින්වේ. තවද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ මහතාගේ පෞද්ගලික කාර්යමණ්ඩයේ තාරුණ්‍ය බාර නිලදාරියෙකු වශයෙන් වර්ථමානයේද ක්‍රියා කරන ඉහල දස්කමි ඇති තරුණ නායකයෙකි.

නමුත් එජාප තරුණ තරුණියන්  පවසන පරිදි එජාප තරුණයින්ට  කිසිදු වරප්‍රසාදයක් නොදෙමින් සමන්, ප්‍රභාත් ලියනගේ , නීල් , රෙජී , ප්‍රියන්ත වසන්ත ,දසුන් යන නිල් බලකායේ තරුණයින් වන ජාතිත තරුණ සේවා සභාවේ සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ගජ මිතුරන් විසින් එජාප තරුණයින් පක්ෂයට අහිමි කිරීමේ මෙහෙයුමක ක්‍රියාත්මක වන බවයි.

කෙසේ නමුත් සභාපති එරන්ද වැලිඅංගේහට වර්ථමාන ආණ්ඩුවේ සහ මහින්ද පාර්ෂවයේ සම්බන්ද තා තිබෙන මෙයි මෙය එතරම් ගැටලුවක් නොවන බවට ජාතිත තරුණ සේවාව සභා ආරංචිමාර්ග පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *