තනි එජාප ආණ්ඩුවක් – දයාසිරි, කරු ඩීල් එකක?

තනි එජාප ආණ්ඩුවක්

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් තනි UNP ආණ්ඩුවක් හදන ලෙස අගමැතිවරයා වෙත දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ඊයේ සවස ජනාධිපතිවරයා හා පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, එක්සත් ජාතික පක්ෂ ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා හා එකග වුවද පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හා අගමැතිවරයාට සමීපතමයින්ගේ දැඩි බලපෑම හමුවේ අගමැතිවරයා දැඩි පීඩනයකට ලක්ව ඇති බවත් එම නිසාම තනි ආණ්ඩුවක් ගොඩනැගීමේ යෝජනාව පිළිබදව සලකා බැලීමට අගමැතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ. මෙය 11 වනදා ජනාධිපතිවරයා හා ඇති වූ එකගතාවය බිදදැමීමක් බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

දයාසිරි, කරු ඩීල් එකක?

දයාසිරි ජයසේකර ඇමතිවරයා අද උදෑසන ඔහුගේ මාධ්‍ය ආයතනයක හිමිකරු මිත්‍රයෙකු සමග බැසිල් රජපක්ෂ හමුවී එක්වීමට කමැත්ත පළ කර ඇතත් බැසිල් රාජපක්ෂගෙන් ලැබුණු අසුභදායී ප්‍රතිචාරය හමුවේ අධෛර්යමත්වී පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය යටතේ සියලු පක්ෂ එකතු කරගෙන අන්තර් භාරකාර ආණ්ඩුවක් ගොඩනගමු යැයි ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ. එම යෝජනාවද ජනාධිපතිවරයා සලකාබලමින් සිටින බව වාර්තා වේ. ඒ පිළිබදව කරු ජයසූරිය මහතාගේ ප්‍රතිචාරය පිළිබද තොරතුරු විමසීමට උත්සාහ කළද ඔහුගේ කාර්යාලයේ කිසිවෙකුත් ඒ සදහා ප්‍රතිචාර නොදැක්වීය.

එසේම දයාසිරි ජයසේකර ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ වී මැති ඇමතිවරුන් සමග මේ පිළිබදව විවෘතව සාකච්ඡා කරන බව එම පක්ෂයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

ඉදිරි පැය 24 තුළ විශේෂ සිදුවීම් ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිදුවන බවට පෙර නිමිති පහලවෙමින් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *