ගල් අගුරු පතලක් කඩා වැටෙයි – සිරුරු 7ක් හමුවෙයි

පකිස්ථානයේ ක්වෙටා ප්‍රදේශයේ ගල් අගුරු පතලක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයින් හත් දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.
එම පතලේ සේවය කළ තවත් කම්කරුවන් දෙදෙනෙකු සොයා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අදාළ කම්කරුවන් පැය 24ක පමණ කාලයක් කඩා වැටුණු පතලේ සිරවී සිට ඇති බව වාර්තා වෙයි.
පකිස්ථානයේ ගල් අගුරු පතල් බිම්වල මෙවැනි අනතුරු බහුලව වාර්තා වන අතර ඒවායේ යටිතල පහසුකම් ද ඉතා දුර්වල මට්ටමක පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *