කුසල් හිතාමතාම ෆිට්නස් ටෙස්ට් එක ෆේල් උනා ද ?සත්‍යය හෙළි වෙයි

පාකිස්තානයේ පැවැත්වීමට නියමිත අවසන් T20 තරගය හේතුවෙන් මේ වන විට ශ‍්‍රි ලංකාවේ ක‍්‍රිකට් සම්බන්ධයෙන් අර්බුදකාරී තත්වයක් හටගෙන තිබේ.

මේ වන විට එක්දින සංචාරයේ නිරතව සිටින ක‍්‍රිඩකයින් විශාල ප‍්‍රමාණයක් එම තරගය ප‍්‍රතික්ෂේප කිරීම නිසා ක‍්‍රිකට් ආයතනය පවසා සිටියේ විස්සයි විස්ස තරග සදහා ආදේශ කණ්ඩායමක් පිටත් කර හරින බව ය
.
එම කණ්ඩායමේ නායකත්වය කුසල් පෙරේරාට හිමිවීමට නියමිතව තිබු නමුත් ඔහු ඊයේ පැවැති යෝග්‍යතා පරික්ෂණයෙන් අසමත් වු නිසා කුසල් හට ද එම තරගයේ සහභාගිත්වය අවිනිශ්චිතව තිබුණි.

එහෙත් සමාජ ජාලා වෙඩ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණේ කුසල් එම යෝග්‍යතා පරීක්ෂණය හිතාමාතාම අසමත් වී ඇති බව ය.

සිය කණ්ඩායමේ සගයන්ට සහයෝගය දැක්වීම සදහා කුසල් හිතාමතාම එම පරීක්ෂණය අසමත් වී ඇති බවත් ඒ හේතුවෙන් කුසල් ක‍්‍රිකට් බලධාරීන්ගේ දැඩි බලපෑමට ලක් ඇති බවත් එම වෙඩ් අඩවි වැඩිදුරටත් දක්වයි.

මේ අතර ලංකාදීප පුවත්පත උපුටා දක්වන්නේ පාකිස්තානු ටෙස්ට් තරගාවලියට සහභාගී වු යොවුන් ක‍්‍රීඩකයකු ද මෙම විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කිරීමේ සූදානමක් ඇතිබවත් පාකිස්තානු තරගයට සහභාගී වන්නේ නම් පමණක් සංචිතයට ඇතුලත් කරන බව බළධාරීන් දැනුම් දී ඇති බවත්ය.

ඒ හේතුවෙන් එම යොවුන් ක‍්‍රිඩකයා දැඩි අපහසුතාවයක ලක්වී ඇති බවට වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *