කුරුවිට බන්ධනාගාරයේ රැඳවියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්

පහරකෑමට ලක් වූ කුරුවිට බන්ධනාගාරයේ රැඳවියා වැලිකඩ හෝ මැගසින් බන්ධනාගාරයට මාරු කිරීමට පුනරුත්තාපන, හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කර තිබේ.
පහරකෑමට ලක් වූ ජීවානන්ද රාජපක්ෂ නැමති රැඳවියා මේ වනවිට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.

ඔහු සඳහන් කළේ, බන්ධානාගාරයේ තව ත් රැඳවියකු සමග ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් තමන්ට පහරදුන් බවයි.

ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, අත්බෝම්බයක් ළඟ තබා ගැනීම, අයුතු ලෙස පුද්ගලයෙකු නිවසේ සිර කරගෙන සිටීම හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරීයට බාධා කිරීමේ චෝදනාවලට ය.

පුනුරුත්තාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පැවසුවේ, පහරකෑමට ලක් වූ බව කියන රැඳවියාගේ සොහොයුරියක් පැමිණ අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ විෂයභාර අමාත්‍ය, ඩී. එම්. ස්වාමිනාදන් මහතා දැනුවත් කළ බවයි.

ඒ අනුව සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බව අමාත්‍යංශය සඳහන් කර ඇත.

අමාත්‍යංශය සඳහන් කළේ, එම පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *