කිට්ටුවෙන් සිටියානම් ඇය මට ගහන්නත් තිබුණා

මියන්මාරයේ නිලනොලත් නායිකාව වන අවුන් සාං සුචි සදාචාරාත්මක ගුණයෙන් පිරිහුණ නායිකාවක් යයි ඇයගේ දිගුකාලීන මිතුරකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු වන බිල් රිචඩ්සන් පවසයි.

රෝහින්ග්‍යා අර්බුදය සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා අවුන් සාං සුචි විසින් පත් කරන ලද ජාත්‍යන්තර කමිටුව තුළ නියෝජනය වූ බිල් රිචඩ්සන් ඉහත කී ප්‍රකාශය කරමින් එම පදවියෙන් ද ඉවත්වී ඇත.

අවුන් සාං සුචි විසින් පත් කරන ලද ජාත්‍යන්තර කමිටුව “සුදු හුණු ගෑමක්” ලෙස විග්‍රහ කරන බිල් රිචඩ්සන් සිය දිගුකාලීන මිතුරියගේ නායකත්ව ගුණය ප්‍රශ්න කරයි.

ඊට ප්‍රතිචාරය පළ කරන මියන්මාරය ඉහත කී පෞද්ගලික ප්‍රහාරය එල්ල කරනු ලැබීම සම්බන්ධයෙන් “බිල් රිචඩ්සන් ඔහු විසින් ඔහුම අධීක්ෂණයට ලක් කර ගත යුතුව ඇතැයි” කියා සිටියේය.

බෞද්ධ රාජයයක් වන මියන්මාරයේ යුද හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාර හමුවේ 650,000 කට අධික රෝහින්ග්‍යාවරුන් පසුගිය වසරේ අසල්වැසි බංග්ලාදේශයට පළාගොස් එහි අනාථ කඳවුරුවල වෙසෙති.

එම රෝහින්ග්‍යාවරුන්ගෙන් වැඩිදෙනා මුස්ලිම්වරු වෙති.

වසර දෙකක කාලයක් ඇතුළත එම රෝහින්ග්‍යා අනාථයන් ආපසු මියන්මාරයට යැවීම බංග්ලාදේශ් ආණ්ඩුවේ සැලැස්ම වෙයි.

(BBC)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *