ක්‍රිකට් හදන්න හතුරුසිංහගෙන් තහනම් රැසක් ක්‍රීඩකයන්ට පනවපු අලුත්ම තහනම මෙන්න

ඒ අනුව ක්‍රීඩකයන් මාල පැළඳගෙන කී‍්‍රඩා කිරීම තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සූදානම් වේ.නව පුහුණුකරු චන්දික හතුරුසිංහද මේ පිළිබඳව අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.පුහුණුවීම් අතරතුර ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් ෆේස්බුක් යාම සහ ගීත ගායනා කිරීම තහනම් කිරීමට ද චන්දික හතුරුසිංහ ඉකුත්දා පියවර ගත්තේය.

විනයක් සහිත කී‍්‍රඩකයින් පිරිසක් බිහිකර ඒ හරහා යළි ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයග‍්‍රහී මාවතට රැගෙන ඒම මෙවන් තීරණ ගැනීමට හේතු වී තිබේ.කී‍්‍රඩකයින් වැඩි වශයෙන් ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් භාවිත කිරීමට යොමු වීම ඔවුන්ගේ පුහුණූවීම්වලටද බාධාවක් වී ඇති බව අනාවරණ වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *