කතානායකවරයා රහස් පොලීසිය හමුවට

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් ඔහුට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඊයේ(18) විශේෂ ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.

පෙර දැනුම් දී තිබූ පරිදි රහස් පොලීසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් කතානාකවරයාගේ නිල නිවසේදී මෙම ප්‍රශ්න කිරීම ඊයේ සවස සිදු කර තිබේ.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමට ලක්වූයේ 2008 වසරේදී ය. ඒ ඔහු “ද නේෂන්” පුවත්පතේ සේවය කරමින් සිටියදීය.

පැහැරගැනීමට ලක්වූ අවස්ථාවේ එම සිද්ධිය මුලින්ම එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී ඇත්තේ කරූ ජයසූරිය මහතා විසිනි. ඒ වන විට කරූ ජයසූරිය මහතා රාජ්‍ය පරිපාලන ඇමතිවරයා ලෙස එවකට රජයේ කටයුතු කරමින් සිටියේය.

කතාකනායක වරයාගෙන් ප්‍රශ්න කළේ පැහැරගැනීමේ සිද්ධිය ඔහුට දැන ගන්නට ලැබුනේ කෙසේද යන්න සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධව තොරතුරු හෙලිකර ගැනීමටබව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *