උපන් මාසය අනුව ඔබගේ ස්වභාවය හා සෞඛ්‍ය තත්වය මෙන්න

ඔව්,මේක සම්පූර්ණ ඇත්ත. මිනිස්සු හිතුවෙ යම් කෙනෙක් උපන් මාසය තාරකා විද්‍යාත්මක දෙයක් විතරයි කියලා. නමුත් විද්‍යාඥයින් විසින් මෑතකදී කළ පර්යේෂණයකින් එය ඇත්තක් බව ඔප්පු කළා. අපේ ශාරීරික සෞඛ්‍ය තත්වය හා චරිතය අපගේ උපත් මාසය සමඟ හොඳින් සම්බන්ධ වෙන බවට එම පර්යේෂණ හරහා ඔප්පු වුණා. කෙනෙකු උපදින මාසය ඔහුගේ ශරීරයේ ඩොපීනයින් මට්ටමට බලපෑම් කරන අතරම හොඳ මනෝභාවයන් හා නරක මනෝභාවයන් ක්‍රියාත්මක වීමට උපාකාරී වන සෙරෝටෙනින් සහ හෝමෝන ක්‍රියාකාරිත්වයේ බලපෑම ද උපත් මාසය මත රදා පවතිනවා. දැන් කාලය නාස්ති නොකර අපි අනුපිළිවෙලට එක් එක් මාසයක් ගෙන එය පුද්ගලයා කෙරෙහි බලපාන ආකාරය විමසා බලමු.

1. ජනවාරි
ජනවාරි මාසය තුල උපදින අය තුල කිසියම් මානසික පීඩාකාරී තත්වයක් මෙන්ම සිය මනෝභාවයන් යටපත් කරන ගති ස්වභාවයක් දැක ගන්න පුළුවන් වෙනවා. තම උපන්දිනය ජනවාරි මාසය තුල සමරන පුද්ගලයින් බොහෝවිට අමාශගත රෝගවලින් පීඩාවට පත් වෙනවා. ඊට අමතරව තුනටිය වේදනාව (පිරිමි අය), හෘදයාබාධ, ඉරුවාරදය, ආර්තවහරණය පිළිබද ප්‍රශ්න (කාන්තාවන්) ආදී සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට ද මෙම මස තුල උපදින අයට සිදු වෙනවා. සැප්තැම්බර් මස සමග සංසන්දනය කර බැලීමේ දී ජනවාරි මස උපදින පිරිමි පුද්ගලයින් තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගී තත්වයන්ට ද ගොදුරු වීමේ හැකියාව තුන් ගුණයකින් අඩු තත්වයක් පෙන්නුම් කරනවා.
2. පෙබරවාරි
පෙබරවාරි මස තුල උපදින අයට තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගී තත්වයන්ට, ඔස්ටියෝ ආතරයිටිස්, හෘද රෝග (පිරිමි අයට), ටර්මස්බෝස් (කාන්තාවන්ට) වැනි රෝගකාරකයන්ට මුහුණ පෑමට සිදු වෙනවා.

3. මාර්තු
මාර්තු මස තුල උපදින පුද්ගලයින් හදවත් රෝගවලින් පීඩාවට පත් වෙනවා. අස්ථි සම්බන්ධ ගැටළු, ඇදුම, මලබද්ධය ආදී රෝගී තත්වයන් ද දැක ගත හැකියි. මාර්තු මස තුල උපදින පුද්ගලයින් සෑම විටම සතුටු සිතින් සිටින සුභවාදීන් පිරිසක් වෙනවා.

4. අප්‍රේල්
අප්‍රේල් මස තුල උපත ලබන පිරිමි පුද්ගලයින් ඔස්ටියෝපොරෝසිස්, තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත ගැටලු සහ ඇදුම වැනි රෝගී තත්වයන්ගෙන් පීඩාවට පත් වෙනවා. මෙම මස තුල උපදින ගැහැණු අය බ්රොන්කයිටිස්, පිළිකා සහ ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගයන්ට ගොදුරු වෙනවා.

5. මැයි
මැයි මස තුල උපත ලබන පිරිමි පුද්ගලයින් ඇදුම, මානසික අවපීඩන තත්වයන් සහ දියවැඩියාවට ගොදුරු වෙන්න පුළුවන්. කාන්තාවන් ඔස්ටියෝපොරෝසිස්, මලබද්ධය හා නිදන්ගත අසාත්මිකතාවයන්ට ගොදුරු වෙන්න පුළුවන්. දෙසැම්බර් මස උපන් අය වගේම මැයි මස උපත ලබන පිරිමි පුද්ගලයින් ද මානසික අවපීඩනයන්ට ගොදුරු වීමේ හැකියාව පවතිනවා.

6. ජූනි
මෙම මස තුල උපදින අය සියලුදේම ධනාත්මකව සිතීමට පුරුදු වූ පිරිසක් වෙනවා. ඔවුන් සුබවාදී ආකල්ප දරනවාට වඩා වැඩියෙන් යථාර්ථවාදී ආකල්ප දැරීමට උත්සාහ කරනවා. සමහර දුර්ලබ අවස්ථාවලදී සුළි සුළගකට හසුවනවාක් මෙන් මොවුන් මානසික ආබාධයන්ට ගොදුරු වෙන්නත් පුළුවන්. බයිපෝල අක්‍රමතාවය, උමතු රෝගය වැනි මානසික අවපීඩනයන්ට ජූනි මස උපදින අය ගොදුරු වෙන්න පුළුවන්. නමුත් මෙම මස උපදින අය මානසික අවපීඩන තත්වයන්ට හා වේදනාවන්ට මුහුණ දීමේ තත්වයන්ට ගොදුරු වීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතිනවා.

7. ජූලි
මොවුන් තුල ඇසේ සුද, කකුල්වල මාංශ පේශි වේදනාව, වමනය කිරීමට නැඹුරුව ආදී තත්වයන් දැක ගත හැකියි. මෙම මස උපදින අයගේ චරිත ස්වභාවය පිලිබද විමසා බැලීමේ දී ඔවුන් තුළ තමන් ගැන ආඩම්බරයක් මෙන්ම තමා පිලිබදව ඉතා ඉහලින් සිතිමින් කටයුතු කිරීමත් දැකිය හැකි වෙනවා.

8. අගෝස්තු
මෙම මස තුල උපන් අය මෙහි දැක්වෙන රෝගවලට ගොදුරු වේ. පිරිමි අය ඔස්ටිව්පොරෝසිස්, ඇදුම, තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝග. ගැහැණු අය රූමැටික්, ආතරයිටිස්, ටර්මස්බෝස් වැනි රෝගකාරකයන්ට ගොදුරු වෙනවා.

9. සැප්තැම්බර්
මොවුන් ඉක්මනින් කලබල විය හැකි පිරිසකි. නමුත් ඔවුන් මානසික අවපීඩනයකට ලක් නොවී සිටිනවා. සැප්තැම්බර් මාසයේදී උපත ලැබූ සියල්ලෝම ඔස්ටියෝපොරෝසිස් සහ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගවලින් පීඩා විඳිනවා. පිරිමි අය ඇදුම රෝගයෙනුත් ගැහැණු අය පිළිකා රෝගයෙනුත් පීඩා විදිනවා. වාසනාවට සැප්තැම්බර් මාසයේ උපන් සෑම කෙනෙකුම නිදන් ගත රෝග වැළදීමේ අඩු අවදානමක සිටිනවා.

10. ඔක්තෝම්බර්
ඔක්තෝම්බර් මස උපත ලබන පිරිමි අය තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගවලින් සහ ඉරුවාරදයෙන් පීඩා විදිනවා. කාන්තාවන් රක්තහීනතාවයෙන් සහ ඉහළ කොලෙස්ටරෝල් මට්ටම හේතුවෙන් පීඩාවට පත් වෙනවා. පිරිමි සහ කාන්තාවන් යන දෙපාර්ශවයටම ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළදීමේ හැකියාව පවතිනවා.

11. නොවැම්බර්
මෙම මස තුල උපත ලබන පිරිමි අය නිදන්ගත සමේ රෝගවලින් සහ හෘද රෝග හෝ තයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත රෝගවලට ගොදුරු වෙනවා. නොවැම්බර් මස උපත ලබන කාන්තාවන් තුල හෘදයාබාධ, මලබද්ධය, නහර ඉදිමීම වැනි රෝගී තත්වයන් දැකිය හැකි වෙනවා. විශේෂයෙන්ම මෙම මස තුල උපත ලබන කාන්තාවන්ට ආර්තවහරණය පිලිබද ගැටලුවලට මුහුණ දීමට සිදු වන්නේ නැහැ.

12. දෙසැම්බර්
අවුරුද්දේ අවසාන මාසයේ උපත ලබන පිරිමි අයට ඇසේ සුද, මානසික අවපීඩන තත්වයන් සහ හදවත් ආශ්‍රිත රෝග තත්වයන් ඇති වෙන්න පුළුවන්. කාන්තාවන්ට ඇදුම, ටර්මස්බෝස්, බ්රොන්කයිටිස් වැනි රෝගයන් ද වැලදේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *