අගමැති හොරු රකිනවාට විශ්වාසභංගයක්‌ ගෙනාවොත් ජවිපෙ සහාය දෙනවා – අනුර කුමාර දිසානායක

වංචා දූෂණ සහ හොරු ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාට චෝදනා එල්ල කරමින් ඔහු අගමැතිධුරයේ නිසියාකාරව කටයුතු නොකිරීම පිළිබඳව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන එනවා නම් ජනතා විමුක්‌ති පෙරමුණ එයට සහාය දීමට සූදානම් යෑයි අනුර කුමාර දිසානායක මහතා ඊයේ (28දා) ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජවිපෙ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේද ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එන විශ්වාසභංගය යම්කිසි බලපොරයක වුවමනාව වෙනුවෙන් එසේත් නැතිනම් දේශපාලන ගේමක්‌ වෙනුවෙන් ගෙන එනවා නම්, විශ්වාසභංගය ගෙන එන මොහොතේ එහි තිබෙන දේශපාලන වුවමනාවන් පිළිබඳව සලකා බලා කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය ආරක්‍ෂා කිරීමවත් එය පවත්වාගෙන යාමවත් කිසිසේත්ම ජනතා විමුක්‌ති පෙරමුණට අදාළ කාරණයක්‌ නොවෙයි. විශ්වාසභංගය නිශ්චිත පරිදිම ඔහු වංචාවට හවුල් වූ බවටත් ඔහු වංචනිකයන් ආරක්‍ෂා කළ බවටත් වංචනිකයන්ට රැකවරණය ලබාදීම ආදී නිශ්චිත කරුණු වෙනුවෙන් ගෙන එන විශ්වාසභංගයකට ජනතා විමුක්‌ති පෙරමුණ සහයෝගය ලබා දෙනවා.

අග්‍රාමාත්‍යවරයා ලෙස මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ හවුල්කාරයෙක්‌ බවට පත්වී සිටීම, මහ බැංකු අධිපතිsවරයා පත්කිරීමට ප්‍රයත්න දැරීම, ඒ වගේම මහ බැංකු වංචා ආරක්‍ෂා කිරීමට උත්සාහ කිරීම, ඒ වගේම රාජපක්‍ෂ පවුලේ වංචා දූෂණ ආරක්‍ෂා කිරීමට ප්‍රයත්න දැරීම, සිරිලිය ගිණුමේ වංචා වෙනුවෙන් ශිරන්ති රාජපක්‍ෂ එµa.සී.අයි.ඩී.යට ගෙනයාමට ඉඩනොදීම, ඇතැම් අයගේ පාස්‌පෝට්‌ ප්‍රශ්නවලදී නීතිපති දෙපාර්තමේන්තුවට කතාකොට ඇතැම් අයට ඇප ලබාදෙන ලෙස ඉල්ලීම වැනි වංචනික කටයුතුවලට ආරක්‍ෂාව ලබාදීම ආදී කරුණු සහිතව විශ්වාසභංගය ගෙන එනවා නම් එයට සහාය ලබාදීමට අපි සූදානම්.

අජිත් අලහකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *