ඔබේ ස්‌වාමි පුරුෂයාට හොඳම මිතුරියක්‌ සිටී නම්? මොනව වෙයිද ?

විවාහ වී වසර විසි එකක්‌ වන බිරිඳක්‌ ඇගේ අත්දැකීම් මෙලෙස පළ කරයි. ගැහැණුන් හා පිරිමින් හොඳම යහළුවන් ලෙස පමණක්‌ ඇසුරු කළ හැකිද? සහතිකෙන්ම, කිසිම ගැහැණියක්‌ තම ස්‌වාමියාට හොඳම යෙහෙළියක්‌ සිටිනවාට කැමති නැත. එවැනි මිතුරියක්‌ ඇසුරු කිරීම පසු කලෙක මිතුරිය බිරිඳ වී බිරිඳ තනිකඩ වීමෙන් කෙලවර විය හැකිය. නමුත් මයික්‌ ගේල් (Mike Gayle), ඔහුගේ බිරිඳ ක්‌ලෙයා (Claire) සහ දාහත්වැනි වියේ පටන් මයික්‌ගේ ලඟම හිතවතිය ජැකී (Jackie) එය සැබෑවක්‌ නොවන බව පවසයි. මේ තුන්කොන් සහ – සම්බන්ධතාවයේ කතාව ඔවුන්ගේ වචන වලින්ම ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණි. මයික්‌ ගේල් හතලිස්‌ හත් වියෑති වන අතර ක්‌ලෙයා හතලිස්‌ පස්‌ හැවිරිදිය. ඔවුන් විවාහ වී මේවන විට විසි එක්‌ වසරක්‌ ගෙවී අවසන්ය. ඔවුන් බර්මිංහැම් (Birmingham) වල දිවි ගෙවන අතර පහළොස්‌ හැවිරිදි දුවක්‌ හා එකොලොස්‌ හැවිරිදි දුවක්‌ද සිටිති. මයික්‌ගේ බිරිඳ ක්‌ලෙයා මෙසේ පවන්නීය.
Continue reading “ඔබේ ස්‌වාමි පුරුෂයාට හොඳම මිතුරියක්‌ සිටී නම්? මොනව වෙයිද ?”

Hello world!

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!

රෝගයක්‌ නොමැති බව වාර්තා වුවත් ඔබ තවමත් කොන්දේ වේදනාවෙන්ද?

මෙවැනි රෝගීන්ට බන්ධනී ශක්‌තිමත් කිරීමේ ප්‍රතිකාර සිදුකිරීමෙන් මෙම රෝගය අතුරු ආබාධයකින් තොරව සිංහල වෛද්‍ය ක්‍රමය තුළින් නිට්‌ඨාවට සුවකර ගත හැකි වන්නේය

කෙනෙක්‌ කාලයක්‌ තිස්‌සේ කොන්දේ වේදනාවක්‌ පිළිබඳ නිතර නිතර පැමිණිලි කරන විට සාමාන්‍ය සිරිත වන්නේ වේදනා නාශක ගැනීමය. ඉන් ඔබ්බට මෙම වේදනාව පිළිබඳ තවදුරටත් පවසන විට බොහෝ වෛද්‍යවරු ඞ කිරණ වාර්තාවක්‌ ලබා ගැනීමට උපදෙස්‌ ලබාදෙනු ඇත. නමුත් ඞ කිරණ වාර්තාවකින් ගත හැකි දත්ත ප්‍රමාණය ඉතාම අල්පය. එහිදී විශේෂයෙන්ම කශේරුකාහි සිදුවන වෙනස්‌ වීම පමණක්‌ සටහන් වන අතර අන්තර් කශේරුකා මඩලෙහි සිදුවන වෙනස්‌වීම් නිර්ණයකර ගත හැකි වන්නේ අනුමානයෙනි.
Continue reading “රෝගයක්‌ නොමැති බව වාර්තා වුවත් ඔබ තවමත් කොන්දේ වේදනාවෙන්ද?”

විජිතපුර පුරාවස්‌තු විනාශයට ඉඩදුන් නිලධාරීන්ට නීතිය තදින් – ඇමැති විජයදාස කියයි

“ඉපලෝගම ප්‍රාදේශීsය ලේකම්වරියත්, ග්‍රාම නිලධාරියාත්. නිවාස අධිකාරියේ නිලධාරීනුත් කිසිම සොයා බැලීමකින් තොරව බැලුම්ගල ඉඩම, නිවාස සැදීමට ලබාදී තිබෙනවා. ඒ අනුව තරාතිරම නොබලා පුqරාවිද්‍යා පනත අනුව සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා පසුගිය 18 දා පොලිසියට උපදෙස්‌ ලබා දුන්නේය.

විජිතපුර. පූගොල්ලාගම, බැලුම්ගල අවට පුරාවස්‌තු ඩෝසර් කර ඇති අයුරු නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව විජයදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

පුරාවිද්‍යාත්මක උරුමයන් එක්‌ ජන කොටසකට, ආගමකට, ජාතියකට අයිති නැහැ. මේ පුරාවස්‌තු සියලුම දෙනාටම පොදු අයිතියි. පුරාවස්‌තු විනාශ කරන අයට, අනුබල දෙන අයට කිසිම අනුකම්පාවක්‌ දක්‌වන්නේ නැහැ. ඒ අයට තරාතිරම නොබලා දඬුවම් ලබා දෙනවා. අවසර නැති ප්‍රදේශයට ඇතුල්වෙලා පුරා වස්‌තු විනාශ කර තිබෙනවා. ස්‌වාධීන පරීක්‍ෂණයක්‌ කරන්න පොලිසියට දැනුම් දුන්නා. අදාළ නිලධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශයට දැන්වූවා.
Continue reading “විජිතපුර පුරාවස්‌තු විනාශයට ඉඩදුන් නිලධාරීන්ට නීතිය තදින් – ඇමැති විජයදාස කියයි”

මහින්ද – ගෝඨා රට විපතට ඇද දමනවා – මංගලගෙන් චෝදනාවක්‌

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට යළිත් ‘විපත් මගට’ ඇද දැමීමේ මහත් උත්සාහයක නිරත වී සිටින්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.

වසර දහයකට ආසන්න කාලයක්‌ තිස්‌සේ ඥාති – ගජ – මිතුරු ආර්ථීක ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරමින් මුළු රටම විනාශ මුඛයට ඇද දැමුවා. රාජපක්‌ෂ යුගයේදී මුළු රට තුළම සුදු වෑන් සංස්‌කෘතියක්‌ බිහි කරමින් ඇති කළ මහා භීෂණයෙන් ජාත්‍යන්තර වශයෙන් ද රට හුදෙකලා වුණා. හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා රට නැවත වාරයක්‌ ‘විපත් මගට’ ඇද දැමීමේ මහත් උත්සහයක නිරත වන බව පෙනේ.
Continue reading “මහින්ද – ගෝඨා රට විපතට ඇද දමනවා – මංගලගෙන් චෝදනාවක්‌”

දරුවන්ගේ කකුල් බකල් වීම

මෙවැනි තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් සඳහා පාපන්දුවකට පයින් ගැසීමට සැලැස්‌වීමද සුදුසු ප්‍රතිකර්මයක්‌ වේ
ට්‍රයිසිකල් පැදවීමට යොමුකිරීම, තරප්පු නැගීම ආදියද මෙහිදී සිදුකළ හැකි තවත් ව්‍යායාම කිහිපයක
දරුවා රාත්‍රියේ නිදාගත් අවස්‌ථාවේ පතුරු තබා බැඳීම සිදුකළ හැකි අතර මෙය පැය 5ක්‌ 6ක්‌ පමණ යෙදීම කළ යුතුය. එහිදී තදින් බැඳීම නොකළ යුතුය

කුඩා දරුවන්ට ඇතිවන විකෘතිතා අතර බහුල ලෙස දැකිය හැකි රෝගී තත්ත්වයක්‌ වශයෙන් කකුල් බකල් වීම හැඳින්විය හැකිය. වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝගී තත්ත්වය, ජිනු වේරම් (genu varum) ලෙස හැඳින්වේ. කුඩා දරුවන්ට ඇතිවිය හැකි මෙම රෝග තත්ත්වය පිළිබඳව මෙන්ම ඒ සඳහා සිදුකළ හැකි භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත් වීම වැදගත්ය.
Continue reading “දරුවන්ගේ කකුල් බකල් වීම”

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

යුද, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටුකරන ලද සුවිශේෂී වූ විශිෂ්ට සේවයට උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂි ප්‍රදානයක් වන අතර එය හුදෙක් යුද හමුදාවේ ලූතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරින් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන වසර 25 ක අඛණ්ඩ සේවා කාලයක් සහ විශිෂ්ට සේවා ඉතිහාසයක් ඇති නිලධාරින් වෙත පමණක් ප්‍රදානය කරනු ලබන පදක්කමකි. ‍ෙ
ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව දිවිපිදූ රණවිිරුවන්ට ගෞරව පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පසු පදක්කම් ප්‍රදානය ආරම්භ කරන ලදී. Continue reading “විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්”

හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ මිලියන 64ක අල්ලස් නඩුවේ සාක්ෂි කැඳවයි

2015 අප්‍රේල් සහ ජූනි මාස අතර කාලය තුළ මොරටුව උයන පාරේ අංක 66/12 පදිංචි ජෙහාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයකුට මීතොටමුල්ල පාරේ අංක 251/9 දරන ස්ථානයේ පිහිටි අක්කර දෙකක ඉඩමක් බහාලුම් පර්යන්තයක් සහ ගබඩා සංකීර්ණයක් ඉදිකිරීම සඳහා කුලී පදනම මත බස්නාහිර පළාත් සභාවට ලබාදීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කර ගොඩකිරීම සඳහා මිලියන හැට හතරක මුදලක් ඉල්ලා මිලියන පහළොවක මුදලක් ලබාගත් බවට හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් ස්ටෙලා රණතුංග යන අයට එරෙහිව පවතින චෝදනාවට අදාලව විත්තිකරුවන් පසුගියදා(17) කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය ඉදිරියේ පෙනී සිටියහ.
Continue reading “හිටපු ඇමති ප්‍රසන්න රණතුංගගේ මිලියන 64ක අල්ලස් නඩුවේ සාක්ෂි කැඳවයි”

දුමින්ද සිල්වාගේ අභියාචනය කැඳවයි

භාරත ලක්ෂ්මන් හේමචන්ද්‍ර මහතාගේ ඝාතන සිද්ධිය සම්බන්ධව මරණ දණ්ඩනය හිමිවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුලු විත්තිකරුවන් හතර දෙනෙක් විසින් ඉදිරිපත් කර ඇති අභියාචනය අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවන ලදී.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අභියාචනය විභාගයට ගැනුණි.
Continue reading “දුමින්ද සිල්වාගේ අභියාචනය කැඳවයි”

කාරක සභා කිහිපයක තනතුරු නැවත පිහිටුවයි

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ධූරයට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නැවතත් පත්කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ 17 වැනිදා පැවති පක්ෂ නායක රැස්වීමේ දීය.
Continue reading “කාරක සභා කිහිපයක තනතුරු නැවත පිහිටුවයි”